IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නුවර පාරට ආ විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විරෝධය පළ කරමින් කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහර හංදියේ අවහිර කළැයි ගැමියට මින් මදවේලාවකට කලින් ප්‍රහාරයක් එල්ල විය.

මාධ්‍යවේදින් දෙදෙනෙක් ද තුවාල ලදහ.

පාරෙන් ඉවත් වන ලෙස කළ ඉල්ලීම නොසළකා හැරීම නිසා යුද හමුදාවේ බව කිය පිරිකගෙන් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඊට සහභාගී වූවෝ කියති.

 යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේදී මේ ගැටළුව ගැන රැස්වීමක් පැවැත්වෙන බවයි.

එලෙස තිබියදී නුවර පාර හරස් කරමින් විරෝධය පෑම නීති විරෝධී බව ද ඒ මහතා පැවසීය.



අදහස් (0)

නුවර පාරට ආ විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

කුමාර Thursday, 01 August 2013 08:38 PM

ජල සාම්පල පරීක්ෂණයේ ප්‍රතිපල දැන්ම කියන්න පුලුවන් ඕනෑ නම් (නි)

:       0       0

අනුෂ්ක Thursday, 01 August 2013 08:54 PM

ඕනෑම දෙයකට මිනිස්සු කලබල වෙනවා. කිසිම ඉවසීමක් නැහැනේ. (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 01 August 2013 09:07 PM

බලන්නකෝ මේක අවසන් වෙන්නේ කොහොමද කියල, (දී)

:       0       0

ජෝශප් Thursday, 01 August 2013 05:13 PM

මේ පාර ඡන්දෙදිවත් මොවුන්ට පාඩමක් උගන්වමු. (නි)

:       0       0

සනත් Thursday, 01 August 2013 05:24 PM

සුළු පිරිසකගේ අවශ්‍යතාවක් උදෙසා පාරවල් අවුරා පොදු ජනතාවගේ සාමාන්‍ය කටයුතු වලට බාධා කිරීම නුසුදුසු වැඩකි. (නි)

:       0       0

දනුෂ්ක​ Thursday, 01 August 2013 05:24 PM

ගම්පහ පළමුවැනියාට වැඩි මනාපයකින් රජයට පත් කළ අපේ ඇමතිතුමා අද වෙනකන් කටක්වත් ඇරියෙ නැහැනේ. ඇයි ඒ? හොද වැඩේ මේ මිනිස්සුන්ට​ත්. (නි)

:       0       0

සරත් Thursday, 01 August 2013 05:25 PM

ඇත්තටම දුකයි. පොඩ්ඩක් බලන්නකෝ ඇමෙරිකාව වගේ රටවල් තමන්ගේ ජනතාවට කොයිතරම් දුරට ඇහුම්කන් දෙනවද කියලා. (නි)

:       0       0

තිලක් Thursday, 01 August 2013 05:25 PM

ආ... එහෙමද? අපි ඕවට උත්තර දෙන්නේ කතිරෙන් (නි)

:       0       0

සමන් Thursday, 01 August 2013 05:28 PM

ඕවා අපේ අය‍ට අමතකයි. සුරංගනා කතා කිවුව ගමන් ඔක්කොම ඉවරයි (නි)

:       0       0

සුමනා Thursday, 01 August 2013 05:29 PM

ඔක්කොම තමන්ගේ වාසියට. "දෙවියනි ඔබ කොහිද" (නි)

:       0       0

ලක්සිරි Thursday, 01 August 2013 05:32 PM

මොවුන් පාරට බැස්සේ රට අල්ලන්න නොවෙයි, බොන්නට වතුර ටිකක් ඉල්ලලා (නි)

:       0       0

රන්ජිත් Thursday, 01 August 2013 05:33 PM

පිරිබාහරන් කෑවෙත් වතුර වලින් තමා. (නි)

:       0       0

බිමල් Friday, 02 August 2013 01:11 AM

පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන්න වෙන්නේ අනික් විකල්ප වලින් විසදුමක් නැති නිසා.සරත්,ඔයාලගේ ලිදේ වතුර වලට මෙහෙම වුණොත් මොකද කරන්නේ කියන්න. ගම්පහ ජනතාවට ජය වේවා. (නි)

:       0       0

දනුෂ්ක​ Thursday, 01 August 2013 05:40 PM

මොන පිස්සුද තිලක්,අපේ මේ මෝඩ මිනිස්සුන්ට ජන්දෙට කලින් දවසේ රු 100 එක්ක බත් එකක් දුන්නම ඔක්කොම අමතකයි. රටම විනාශ වෙලා ඉවරයි. (නි)

:       0       0

නවීන් Thursday, 01 August 2013 05:41 PM

සනත්, ඔයා හිතන්නේ මේක සුළු පිරිසකගේ අවශ්‍යතාවක් කියලද? මේක අවට ගම 10 කටත් වඩා වැඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. ඔයත් මේ පැත්තට පැමිණ හොයලා බලන්න මේ මිනිස්සු පාරට බැස්සේ මොකටද කියලා. (නි)

:       0       0

ඉන්දික Thursday, 01 August 2013 05:43 PM

මහින්ද චින්තනයේ හා මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්‌, එක රටක්‌, එක නීතියක්‌, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි දේවල්ය. මෙම පිළිවෙත දකින විට එම පෙර ලියූ වැකි පිළිබද සිතාගත නොහැකි යමක් සිතට දැනේ (නි)

:       0       0

බණ්ඩාර Thursday, 01 August 2013 05:41 PM

මෙහෙම වහල්ලු වගේ දඩ ගෙවමින්,බදු ගෙවමින් ජීවත් වෙනවට වඩා මැරෙන්න හරි මුළු ලංකාවම එකතු වෙලා පාරට බහින්න ඕනෑ.මොකද මරනවා කියලා සියල්ල මරලා දාන්න බැහැනේ.අනික මානව හිමිකම් කියලා දේකුත් තියෙනවනේ. (නි)

:       0       0

විදානගේ Thursday, 01 August 2013 05:50 PM

මෙම ප්‍රශ්නය යට තවත් දෙයක් තිබෙනවා. බලාගෙන ඉන්න (නි)

:       0       0

බණ්ඩාර Thursday, 01 August 2013 05:52 PM

ගම්පහ මිනිස්සුන්ගේ මොළය පෑදෙන්න ඔලුව පොඩ්ඩක් සෙළවෙන්න ඕනෑ.නැත්නම් එන ඡන්දෙදිත් නුසුදුස්සෝ පාර්ලිමේන්තුවට එවාවි (නි)

:       0       0

සුරන් Thursday, 01 August 2013 05:55 PM

මෙතන මෝඩ අදහස් දාන්න එපා.පාර වැහුවා කියලා ප්‍රශ්නෙ විසදෙනවද? වැඩ ඇරිලා ගෙවල් වලට යන මිනිස්සුද මේකට පලි? ඕනෑම නම් ඔය කම්හලේ අයිතිකාරයගෙ ගෙදර හරස් කරගන්නවකෝ. (නි)

:       0       0

රාජු Thursday, 01 August 2013 05:57 PM

මහජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ ඡන්දෙ ළග නම් විතරයි. ඊට පස්සෙ ආයතන වල පැත්ත. බස්නාහිරත් විසිරෙව්වා නම් මෙලහකටත් ඔය ප්‍රශ්නෙ විසදලා ඉවරයි. (නි)

:       0       0

ලසා Thursday, 01 August 2013 06:07 PM

මොනදේකට වුණත් පාරවල් අවහිර කරන එක අනුමත කරන්න බැහැ (නි)

:       0       0

රජ Thursday, 01 August 2013 06:14 PM

සනත්, ප්‍රශ්නයක් දෙස මානුෂිකව හිතන්න පුරුදුවෙන්න. ඔයත් හරියට රට කරවන අය වගේමයි. (නි)

:       0       0

දිසානායක Thursday, 01 August 2013 06:26 PM

උගන්ඩාවේ ප්‍රශ්න විසදීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 160 ක් පරිත්‍යාග කරන්න තරම් අපි පොහොසත් නම් මේ සඳහා මුදල් නැත්තේ ඇයි?දෙකේ දෙකේ පොලු වලින් ගහලා,වෙඩි තියලා,සිර කරලා ,නැත්නම් කීපදෙනෙක් පැහැරගෙන ගොස් ප්‍රශ්න විසදිය නොහැක. මෙහෙම ගියොත් මේවා අවසාන වෙන්නේ කොහෙන්ද? (නි)

:       0       0

සංජු Thursday, 01 August 2013 06:33 PM

නිරායුධ අහිංසක මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්න ලැජ්ජාවක් නැද්ද? (නි)

:       0       0

සංජු Thursday, 01 August 2013 06:39 PM

ආණ්ඩුව ඉන්නේ දහස් ගාණක් මිනිස්සු එක්කද? එක ආයතනයක් සමගද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 01 August 2013 07:19 PM

මේ එක්කෙනක්වත් මිනිසුන්ට ආදරෙන් දාන අදහස් නෙවෙයි. (ස)

:       0       0

මංගල Thursday, 01 August 2013 07:34 PM

මින් ඉදිරියට පාරවල් වහල කරන උද්ඝෝෂණ වලට පොලු පාර දෙන්න ලංකාව පුරාම ........ (ස)

:       0       0

මිගිද Thursday, 01 August 2013 10:58 PM

බන්දුල ,අනේ මගේ කට. නුබ තරම් පාපිෂ්ට,අනුන්ගේ දුක නොදන්නා පුද්ගලයෙක්. නුබට සම්බන්ද ඇති ඔය කර්මාන්ත ශාලාවට. මිනිස්සු මැරෙන තරමට නුබට සතුටුයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 4 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 129 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 154 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1874 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2757 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2056 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site