IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නුවරඑළි ඉඩම් හිමියන්ට රතු එළියක්

  නුවරඑළියේ  අක්කර අටක් දහයක් ඇත්නම් ඉන් කොටසක් ඉඩම් නැති දුප්පතුනට දීමට ලෑස්තිවී සිටින්නැයි රාජ්‍ය කලමණාකරණ ප්‍රතිසංස්කරණ ඇමැති නවීන් දිසානායක මහතා කියයි.

රුවන් එළිය ශ්‍රී ලක්නාලෝක පිරිවෙනේ දී ඉඩම් බලපත් දීමේ උත්සවයක් අමතමින් ඔහු පැවසුවේ නුවරඑළියේ හරකුන් වෙනුවෙන් ලොකු ඉඩම් ඇතත් දුප්පතාට ඉඩම් නැතැයි කී ඔහු එය කෙතරම් දුරට සාධාරණදැයි ප්‍රශ්න කළේය.

ඉඩම් නැති නුවරඑළියේ සියලු දෙනාට ඉඩම් දෙන බව ද ඔහු කීවේය.

‘විශාල ෆාම්වල හරකුන්ට ඉඩම් තිබෙනවා. මිනිසුන්ට ඉඩම් නෑ. වැදගත් මිනිසුන් ද හරකුන්ද? මා ඉන්නේ ඉඩම් හිමියන්ගේ පැත්තේ නොවෙයි. දුප්පතාගේ පැත්තෙයි.‘

 



අදහස් (0)

නුවරඑළි ඉඩම් හිමියන්ට රතු එළියක්

සුසන්ත Tuesday, 02 July 2013 08:54 PM

නුවරඑළියේ, කොත්මලේ සහ අපි අහල තියෙන විදියට ඕස්ට්‍රලියාවේ තියන ඉඩම් වලින්ම පටන් ගමු නේද?(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 03 July 2013 07:57 AM

මේ හාදයා අපේ ඉස්කොලෙටත් නින්ද කරනවා මෝඩ කතා කියල (දී)

:       0       0

පෙරේරා Tuesday, 02 July 2013 09:18 PM

අන්න නියම මොඩ කතාවක්. (අ)

:       0       0

ජීවන් Tuesday, 02 July 2013 01:47 PM

ඇමති තුමා... කාටද ඔච්චර ඉඩම් තියෙන්නේ. එක්කෝ ඇමතිලාට. එහෙම නැතිනම් ඔබතුමාලටම ඡන්දෙට වියදන් කරන ව්‍යාපාරිකයන්ට. තව එකක්, ඔය හරක්ට බනින්ට එපා. සේනාවට ප්‍රේසර් එක වැඩි වෙයි.(නදී)

:       0       0

ජානා Tuesday, 02 July 2013 05:08 PM

මාර වැඩක් නේ මනුස්සයෙක්ට ඉඩමක් තියාගන්න බැරිද

:       0       0

සජිත් Tuesday, 02 July 2013 01:52 PM

ඒ කියන්නේ අපේ මන්ත්‍රීතුමාට නුවරඑළියේ ඉඩම් නැහැ කියන එකද ? (නදී)

:       0       0

සමීර Tuesday, 02 July 2013 05:09 PM

මේ රටේ නිශ්පාදනයක් කරන්න තියෙන ඉඩම් බෙදන්නේ නැතුව , ක්‍රමානුකූලව නගර සංවර්ධන සැලසුම් හදන්නයි ඕනෑ. ස්වාධිපත්‍ය ගොඩනැගිලි හැදිය යුතුයි දුප්පත් අයටත් පහසුවේන් ජීවත් වන්නට හැකි. (දී)

:       0       0

බමුණු Tuesday, 02 July 2013 05:10 PM

නරකද ඔහෙලට තිබෙන ඉඩම් වලින් කොටසක් මිනිසුන්ට දුන්නම? සිරිමාවෝ මැතිනිය කලේ එහෙම. (දී)

:       0       0

මොහෙමඩ් Tuesday, 02 July 2013 01:54 PM

දෙයියෝ තමා දන්නේ මොනවා වෙනවද කියලා. (දී)

:       0       0

බුද්ධික Tuesday, 02 July 2013 05:11 PM

එහෙම කරන එක අසාධාරණයි

:       0       0

සරත් Tuesday, 02 July 2013 09:57 PM

ඔය කියන කතා එච්චර හිතට ගන්න එපා (නි)

:       0       0

ජසීම් Tuesday, 02 July 2013 02:15 PM

දෙයියෝ සාක්කි නුවරඑලියට ! (දී)

:       0       0

පාලිත Tuesday, 02 July 2013 02:21 PM

බය වෙන්න එපා එහෙම වෙන්නේ නැහැ (දී)

:       0       0

නිහාල් Tuesday, 02 July 2013 02:22 PM

පසුගිය දවස්වල සිදුවූ දේ අනුව බලනකොට වැදගත් හරක්ද කියලා හිතෙනවා. පරිසර විවිධත්වය, සත්ව ගහන පාලනය ගැන නොසිතා එක් සත්ව කොට්ඨාශාසයක් ඉබේ පාලනය වෙන්න ආගමික විශ්වාස සහ බලපෑම් නිසා කටයුතු කලොත් හරකුන්ට එම පරිසරය අයිති වෙනවා (දී)

:       0       0

සඳුනි Tuesday, 02 July 2013 02:38 PM

මිනිස්සුන්ගේ පුද්ගලික ඉඩම් බෙදන්න නීතියක් නැහැ (ත)

:       0       0

මංජුල Tuesday, 02 July 2013 06:16 PM

මමත් ලගදී නුවරඑළි ගියා. මම නම් දැක්කා රජයේ ලොක්කෙකුගේ ලොකු බංගලාවක්. ඕවට යන කීයක් හරි දුප්පත් අයට දුන්නා නම් මොකද වෙන්නේ? ඒ වගේ දේවල් අපේ රටට වාසනාවක්. නුවරඑළියේ වෙන ඉඩම් ඇත්තෙම නැද්ද? (දී)

:       0       0

මාර්ක් Tuesday, 02 July 2013 06:24 PM

තමන්ගෙ දෙයක් ගැන මුලින්ම කතාකරලා පස්සෙ අනුන්ගෙ දේවල් වලට අතතියන්න (දී)

:       0       0

ගාමිණී Tuesday, 02 July 2013 02:50 PM

දවල්ට දුප්පතාගේ පැත්තෙ රෑට ඉඩම් හිමියන් සමග බාල් නැටුම් පාටි.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 02 July 2013 02:52 PM

දුප්පතුන්ගේ ඉඩම් කොල්ලකාගත්ත අයගේ ඉඩම් තියනවා නම් බෙදලා දුන්නට කමක් නැහැ. දුක් මහන්සි වෙලා හම්බ කරගත් ඒවා නම්, රැකියා නොකරන බේබදුකමට ඇබ්බැහි වුන දුප්පතුන්ට දෙන එක අපරාධයක්. ටිකක් ප්‍රායෝගික වෙනවා නම් හොඳයි. (දී)

:       0       0

මාගලී Tuesday, 02 July 2013 06:44 PM

එතකොට ගොවිපොළවල් කරන්නේ කොහේද ? කලින්ම ඔබතුමා දෙන්න. එතකොට අනික් අයත් දෙයි (දී)

:       0       0

සමන් Tuesday, 02 July 2013 06:55 PM

හරකුන්ට තමයි මුල් තැන කොහොමත්.මිනිසුන් ගිනිතියා ගන්නෙත් හරකුන් වෙනුවෙන් නේද? (දී)

:       0       0

ධම්මික Tuesday, 02 July 2013 02:59 PM

අනේ මහත්තයෝ, ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරලා පෙන්නන්නකො (ලංකාවේ ඉඩම් තියනවා නම්) (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 02 July 2013 03:16 PM

ඉඩම් තියෙන්නේ හරකුන්ට නෙවෙයි, හරක් ඇති කරන්න ප්‍රමාණවත් ආකාරයටයි. එය තේරෙන්නේ නැති හරක්! මොකෝ බහුජාතික කිරිපිටි සමාගමක කොන්ත්රාත්තුවක් වත් ගත්තද රට තුල හදන අන්තිම කිරි බෝතල් ටිකත් විනාශ කරලා දාන්න.(අ)

:       0       0

සාගර Tuesday, 02 July 2013 03:36 PM

ඔබතුමාගේ පියා නම් වැඩ කෙරුවේ මේ රටේ ගොවි ජනතාවට මහවැලිය හරහා නමුත්. ඔබ තුමා වැඩ කරන්නේ කාටද කුමක් සදහාද කියල අපිට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තාත්තට අපහාස කරන්න එපා.(නදී)

:       0       0

සුදත් Tuesday, 02 July 2013 03:53 PM

එහෙම යෝජනා කරන එකත් වැරදියි

:       0       0

කැලුම් Tuesday, 02 July 2013 04:09 PM

අම්මගේ අප්පාගේ බූදලේ වෙනද ඇති... (අ)

:       0       0

කුමාරිහාමි Wednesday, 03 July 2013 06:31 AM

අක්කර දාස් ගානක් තියන තේ වතු පර්චස් කීයේ කෑලි වලටද බෙදන්නේ? අර නෝනාගේ මල් වත්තත් බෙදනවද? ඔහොම ගොන් කතා කිව්වම ආයෝජකයෝ ලංකාවට එයිද? නෝනා දොස්තර වුනාට මහත්තය මොන්ටිසෝරිවත් ගිහින් නෑ වගේ. රටින් කිරිපිටි ගෙන්වන ව්‍යාපාරයක් පටන් ගන්න ඇති. සුද්දා මුඩුබිම් පනත කියල කොල්ල කෑවේ හරකුන්ට තිබුන ඉඩම් තමා. කොහෙද, ඉතිහාසේ දැනගන්න ඉගෙනගෙන තියන එකක්යැ.(අ)

:       0       0

අසේල Tuesday, 02 July 2013 08:11 PM

එතකොට ඔයාලගේ ඉඩම්??? අනේ ,මගේ කට. උඹල වගේ හොරෙන් ඉඩම් අරන් නෑ අපි. (අ)

:       0       0

නිලන්ත Tuesday, 02 July 2013 04:35 PM

එසේ කරන එක සාධාරනද කියලා බලන්න

:       0       0

අපොන්සු Tuesday, 02 July 2013 04:42 PM

ලංකාවේ ලොකුම ඉඩම් හිමියා තමයි රජය. ලංකාවේ තියෙන ඉඩම් වලින් වැඩිම ප්‍රමාණයක් අයිති ආණ්ඩුවටයි. මගේ තාත්තත් කාලෙකදී ආසියාවේ ලොකුම පොහොසතෙක් උනානම් මටත් දේශපාලුවෙක් වෙලා මෝඩ කතා කියව කියවා ඉන්න තිබුනා.(නදී)

:       0       0

රාජු Wednesday, 03 July 2013 07:54 AM

මිනිස්සු කැමති වෙන එකක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3236 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1995 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site