නුවරඑළියේ අක්කර අටක් දහයක් ඇත්නම් ඉන් කොටසක් ඉඩම් නැති දුප්පතුනට දීමට ලෑස්තිවී සිටින්නැයි රාජ්‍ය කලමණාකරණ ප්‍රතිසංස්කරණ ඇමැති නවීන් දිසානායක මහතා කියයි.
රුවන් එළිය ශ්‍රී ලක්නාලෝක පිරිවෙනේ දී ඉඩම් බලපත් දීමේ උත්සවයක් අමතමින් ඔහු පැවසුවේ නුවරඑළියේ හරකුන් වෙනුවෙන් ලොකු ඉඩම් ඇතත් දුප්පතාට ඉඩම් නැතැයි කී ඔහු එය කෙතරම් දුරට සාධාරණදැයි ප්‍රශ්න කළේය.
ඉඩම් නැති නුවරඑළියේ සියලු දෙනාට ඉඩම් දෙන බව ද ඔහු කීවේය.
‘විශාල ෆාම්වල හරකුන්ට ඉඩම් තිබෙනවා. මිනිසුන්ට ඉඩම් නෑ. වැදගත් මිනිසුන් ද හරකුන්ද? මා ඉන්නේ ඉඩම් හිමියන්ගේ පැත්තේ නොවෙයි. දුප්පතාගේ පැත්තෙයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ලොකුම ඉඩම් හිමියා තමයි රජය. ලංකාවේ තියෙන ඉඩම් වලින් වැඩිම ප්‍රමාණයක් අයිති ආණ්ඩුවටයි. මගේ තාත්තත් කාලෙකදී ආසියාවේ ලොකුම පොහොසතෙක් උනානම් මටත් දේශපාලුවෙක් වෙලා මෝඩ කතා කියව කියවා ඉන්න තිබුනා.(නදී)
මේ හාදයා අපේ ඉස්කොලෙටත් නින්ද කරනවා මෝඩ කතා කියල (දී)
මිනිස්සු කැමති වෙන එකක් නැහැ (දී)
අක්කර දාස් ගානක් තියන තේ වතු පර්චස් කීයේ කෑලි වලටද බෙදන්නේ? අර නෝනාගේ මල් වත්තත් බෙදනවද? ඔහොම ගොන් කතා කිව්වම ආයෝජකයෝ ලංකාවට එයිද? නෝනා දොස්තර වුනාට මහත්තය මොන්ටිසෝරිවත් ගිහින් නෑ වගේ. රටින් කිරිපිටි ගෙන්වන ව්‍යාපාරයක් පටන් ගන්න ඇති. සුද්දා මුඩුබිම් පනත කියල කොල්ල කෑවේ හරකුන්ට තිබුන ඉඩම් තමා. කොහෙද, ඉතිහාසේ දැනගන්න ඉගෙනගෙන තියන එකක්යැ.(අ)
ඔය කියන කතා එච්චර හිතට ගන්න එපා (නි)
අන්න නියම මොඩ කතාවක්. (අ)
නුවරඑළියේ, කොත්මලේ සහ අපි අහල තියෙන විදියට ඕස්ට්‍රලියාවේ තියන ඉඩම් වලින්ම පටන් ගමු නේද?(නදී)
එතකොට ඔයාලගේ ඉඩම්??? අනේ ,මගේ කට. උඹල වගේ හොරෙන් ඉඩම් අරන් නෑ අපි. (අ)
හරකුන්ට තමයි මුල් තැන කොහොමත්.මිනිසුන් ගිනිතියා ගන්නෙත් හරකුන් වෙනුවෙන් නේද? (දී)
එතකොට ගොවිපොළවල් කරන්නේ කොහේද ? කලින්ම ඔබතුමා දෙන්න. එතකොට අනික් අයත් දෙයි (දී)
තමන්ගෙ දෙයක් ගැන මුලින්ම කතාකරලා පස්සෙ අනුන්ගෙ දේවල් වලට අතතියන්න (දී)
මමත් ලගදී නුවරඑළි ගියා. මම නම් දැක්කා රජයේ ලොක්කෙකුගේ ලොකු බංගලාවක්. ඕවට යන කීයක් හරි දුප්පත් අයට දුන්නා නම් මොකද වෙන්නේ? ඒ වගේ දේවල් අපේ රටට වාසනාවක්. නුවරඑළියේ වෙන ඉඩම් ඇත්තෙම නැද්ද? (දී)
එහෙම කරන එක අසාධාරණයි
නරකද ඔහෙලට තිබෙන ඉඩම් වලින් කොටසක් මිනිසුන්ට දුන්නම? සිරිමාවෝ මැතිනිය කලේ එහෙම. (දී)
මේ රටේ නිශ්පාදනයක් කරන්න තියෙන ඉඩම් බෙදන්නේ නැතුව , ක්‍රමානුකූලව නගර සංවර්ධන සැලසුම් හදන්නයි ඕනෑ. ස්වාධිපත්‍ය ගොඩනැගිලි හැදිය යුතුයි දුප්පත් අයටත් පහසුවේන් ජීවත් වන්නට හැකි. (දී)
මාර වැඩක් නේ මනුස්සයෙක්ට ඉඩමක් තියාගන්න බැරිද
ඇමති තුමා... කාටද ඔච්චර ඉඩම් තියෙන්නේ. එක්කෝ ඇමතිලාට. එහෙම නැතිනම් ඔබතුමාලටම ඡන්දෙට වියදන් කරන ව්‍යාපාරිකයන්ට. තව එකක්, ඔය හරක්ට බනින්ට එපා. සේනාවට ප්‍රේසර් එක වැඩි වෙයි.(නදී)
එසේ කරන එක සාධාරනද කියලා බලන්න
අම්මගේ අප්පාගේ බූදලේ වෙනද ඇති... (අ)
එහෙම යෝජනා කරන එකත් වැරදියි
ඔබතුමාගේ පියා නම් වැඩ කෙරුවේ මේ රටේ ගොවි ජනතාවට මහවැලිය හරහා නමුත්. ඔබ තුමා වැඩ කරන්නේ කාටද කුමක් සදහාද කියල අපිට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. තාත්තට අපහාස කරන්න එපා.(නදී)
ඉඩම් තියෙන්නේ හරකුන්ට නෙවෙයි, හරක් ඇති කරන්න ප්‍රමාණවත් ආකාරයටයි. එය තේරෙන්නේ නැති හරක්! මොකෝ බහුජාතික කිරිපිටි සමාගමක කොන්ත්රාත්තුවක් වත් ගත්තද රට තුල හදන අන්තිම කිරි බෝතල් ටිකත් විනාශ කරලා දාන්න.(අ)
අනේ මහත්තයෝ, ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරලා පෙන්නන්නකො (ලංකාවේ ඉඩම් තියනවා නම්) (දී)
දුප්පතුන්ගේ ඉඩම් කොල්ලකාගත්ත අයගේ ඉඩම් තියනවා නම් බෙදලා දුන්නට කමක් නැහැ. දුක් මහන්සි වෙලා හම්බ කරගත් ඒවා නම්, රැකියා නොකරන බේබදුකමට ඇබ්බැහි වුන දුප්පතුන්ට දෙන එක අපරාධයක්. ටිකක් ප්‍රායෝගික වෙනවා නම් හොඳයි. (දී)
දවල්ට දුප්පතාගේ පැත්තෙ රෑට ඉඩම් හිමියන් සමග බාල් නැටුම් පාටි.(නදී)
මිනිස්සුන්ගේ පුද්ගලික ඉඩම් බෙදන්න නීතියක් නැහැ (ත)
පසුගිය දවස්වල සිදුවූ දේ අනුව බලනකොට වැදගත් හරක්ද කියලා හිතෙනවා. පරිසර විවිධත්වය, සත්ව ගහන පාලනය ගැන නොසිතා එක් සත්ව කොට්ඨාශාසයක් ඉබේ පාලනය වෙන්න ආගමික විශ්වාස සහ බලපෑම් නිසා කටයුතු කලොත් හරකුන්ට එම පරිසරය අයිති වෙනවා (දී)
බය වෙන්න එපා එහෙම වෙන්නේ නැහැ (දී)
දෙයියෝ සාක්කි නුවරඑලියට ! (දී)
දෙයියෝ තමා දන්නේ මොනවා වෙනවද කියලා. (දී)
ඒ කියන්නේ අපේ මන්ත්‍රීතුමාට නුවරඑළියේ ඉඩම් නැහැ කියන එකද ? (නදී)