IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ

(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත්  ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය කීවාය.

ගව සරම්ප රෝගය වැලදී ඇති සතුන්ගේ කිරි හා මස් පරිභෝජනයෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් උද්ගත නොවන බවත් මෙම රෝගය මිනිසුන්ට වැලදීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය.

රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දුන්නේය.

මෙම රෝගය මීට මාස කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එළදෙනුන්  සඳහා එන්නත් කිරීම ආරම්භ කළ නිසා එම රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම දැනට මෙම රෝගය පාලනය සඳහා ඇති එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවය යටතේ මිල දී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

ගව සරම්ප රෝගය නිසා කිරි දෙනුන් උණ රෝගයට ගොදුරුවන අතර මේ නිසා එම සතුන්ගේ දෛනික කිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ.

ගව සරම්ප රෝගය නිසා මාස හයකදී මධ්‍යම පළාතේ ගවයින් 135ක් පමණ මරණයට පත්වී ඇති බවට වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (1)

නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ

පිටරටවැසියා Wednesday, 22 May 2024 01:18 PM

"නුවරඑළියේ ගව සරම්ප මිනිස්සුන්ට හානි නෑ"... ඒ වුණාට "දියවන්නාවේ ගව සම්පත මිනිස්සුන්ට අතිශය හානිකරයි" !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 180 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 145 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 368 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 355 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site