නුවරඑළියේදී දැන් පැවැත්වෙන ‘නුවරඑළිය වසන්ත සමය’ විවෘත ශ්‍රේණිගත කිරීමේ (2 වැනි ශ්‍රේණිය) බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී හර්ෂ පෙරේරා පරාජය කිරීමට අමිල යටපාන අද (27) සමත්විය. තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී හර්ෂ දෙවැනි ස්ථානයේ සිටින අතර අමිල ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව නැත. තරගයේ පළමු වටය 21/18 ක් ලෙස හර්ෂ ජයගත් නමුත් දෙවැනි හා තෙවැනි වට 21/12, 21/19 ක් ලෙස අමිල ජය ලැබීය. ශ්‍රේණිගත කිරීමේ අටවැනි ස්ථානයේ සිටි ලක්‍ෂිත මාධුවගේ අර්ධ අවසන් පුර්ව වටයේදී ළහිරු මධුෂංක හමුවේ පරාජය විය. තරගාවලියට සහභාගිවීමට සිටි ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහ අවසන් මොහොතේ ඉන් ඉවත්වීමට තීරණය කර තිබේ. ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා පෞද්ගලික හේතුවක් නිසා තරගාවලියෙන් ඉවත්ව ඇතැයි වාර්තාවේ. යොවුන් ක‍්‍රීඩිකා තිළිණි ප‍්‍රමෝදිකා, ලේඛා ෂෙහානි සහ කවිඳි ඉෂාදිකා කාන්තා කේවළ ඉසව්වෙන් ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සහයෝගයෙන් මධ්‍යම පළාත් බැඞ්මින්ටන් සංගමය මෙහෙයවීමෙන් නුවරඑළිය සිනෙස්ටා ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ අනිද්දා (29) අවසන් දිනයයි.
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නුවරඑළිය බැඞ්මින්ටන් තරගාවලියේදී අමිල යටපාන අවසන් පුර්ව වටයට