කොළඹ නගරයට වසංගතයක් වී ඇති කුඩු උවදුර තුරන් නොකර කොතරම් නිවාස ඉදිකරත් වැඩක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) මාලිගාවත්ත සියසෙන සෙවන නිවාස සංකීර්ණය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේය.
නිවාස ඉදිකරනවා මෙන්ම කුඩු උවදුර තුරන් කිරීම සදහා කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මාලිගාවත්ත නිවාස 266 කින් යුතු සියසෙන සෙවන ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා අතින් අද ජනතා අයිතියට පත් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රේස්ලට් දෙනවා, වොක්ස්වැගන් දෙනවා, හයිවේ දෙනවා...... අපි හිනාකාලා මැරෙනවා. අපේ නීතියට වග නොකියන යුධ අධිකරණ දෙනවාත්, ෆෙඩරල් පාලන දෙනවා, හමුදා පාවා දෙනවා, කොටින්ට වන්දි දෙනවා... (නි)
"පොල් ගහනවා, නිවාස ඉදිකරනවා, කුඩු තුරන් කරනවා“ (නි)
ප්‍රියාන්, සමහර මහින්ද භක්තිකයන් රාජපක්ෂ පාලනයට වැඳ නමස්කාර කරමින් කඩේ ගියත්, තිලක්- ඩුබායි නමින් පළවෙන ප්‍රතිචාර කිසිවෙකුට භක්තියකින් වැඳ නමස්කාර කරන ස්වරූපයක් නම් අපට පෙනෙන්නට නැත. (නි)
කවුරු කෙරුවත් හොඳ දෙයක් නම් ඒක හොඳයි. නරක දෙයක් නම් ඒක නරකයි. (නි)
මදුර කියලා තිබෙන දේ හරි. (නි)
කොහොමහරි විවෘත කරන එක ලොකු දෙයක් (නි)
රටට වැඩක් කරන්න කරුණාකරලා, රට බංකොලොත් කරන්නේ නැතුව. (නි)
නියම සෙට් එකක්නේ ඉන්නේ. කරන්න පුළුවන් දෙයක්ද මේ කියන්නේ. (නි)
කුඩු තුරන් කරනවා කියල මිනිස්සු රවටන්න බැහැ. මොනවත් නොකර කතා කිව්වම කුඩු තුරන් වෙනවද? නිවාස ඉදිකරන ඒවත් ඒවගේම තමා. වැඩ කරලා ඉවරවෙලා ඒවා ගැන කතාකරන්න. (නි)
මේක මහින්ද මහත්තයාගේ කාලේදී පටන්ගත්ත එකක්නේ. කමක් නැහැ. ඒවා හරි ඔබතුමන්ලා කළා කියලා හරි පෙන්වන්න. (නි)
කලින් ආණ්ඩුව පටන්ගත් දේ විවෘත කරලා ඉවරවුණ දාට මොනවාද විවෘත කරන්නේ. (නි)
කුඩු නැතිකරනවා කියනවා. එහෙත් සමහර කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ. ඔය කුඩු තමයි සිගරැට් වලට, ගංජා වලට,අරක්කු වලට වඩා දහස් ගුණයක් විනාශකාරී. ගංජා හේන් ගිනි තියනවා, කේරළයෙන් ගංජා ගෙන්වනවා. පහත තැනින් යයි ගලා ජලේ වගේ තමයි. ඔය අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? ඉස්සර නම් අල්ලපු ඒවායින් සුළු කොටසක් අධිකරණයට ඉදිරිපත් වුණා. ඒවාත් පාන් පිටි වෙන්න පුළුවන්. ඉතිරියට මොනවද වෙන්නේ? ඕවා කරන අයට දඬුවම් කිරීම අමාරු බව ඇත්ත. නමුත් ඒ අයට අවවාද කරලා හදාගන්න බලන්න. හදවත් වලට තට්ටු කරලා බලන්න මේ කියන දේවල් ගැන (නි)
රස්සා දෙනවා.... වයිෆයි දෙනවා.... ඕනෑ කෙනෙකුට ඇමතිකම් දෙනවා..... චිනාට ඉඩම් දෙනවා.... නඩු අහනවා...... බදු නගිනවා....... (නි)
බලමු බලමු... (නි)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ! (නි)
තව අවුරුද්දක් විතර යනකන් කලින් ආණ්ඩුවෙන් හදලා ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බ ඒවා අලුත් බෝර්ඩ් ගහගෙන විවෘත කර කර යන්න පුළුවන්. ඉතින් ඊටපස්සේ මොනවද කරන්නේ? (නි)
මේ මිනිසුන්ට මොනවා කෙරුවත් වැඩක් නැහැ. සමහරුන්ගේ ඇඟේ දුවන්නෙත් මහින්දගේ ලේ වගේ. අවුරුදු අටක් තුළ මේ රට සම්පුරණයෙන් විනාශ කෙරුවා මහින්ද. ජීවත්ව ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා කතාකරන විදිය දුටුවිට. (නි)
අනේ දැන් අපේ රට සියල්ලෙන් සුඛිත මුදිත වෙයි (නි)
සමහරු හරි දක්ෂයි අනුන්ගේ කූඩු වල බිත්තර දාන්න (නි)
යහපාලනයේ සංවර්ධන වේගය! (නි)
ඒත් ඉතින් ඔක්කොම කටින් විතරනේ (නි)
අනුන් හදපුවා විවෘත කරනවා.... බදු ගහනවා.... (නි)
වින්සන්ට් කියන්නේ තිලක් ඩුබායිද දන්නේ නැ..ඔයාගේ මතය විතරක් කියන්න..අපි කියල සදහන් කරන්න එපා..\"මට පෙනෙන්නේ නැත\" කියල සදහන් කරන්න..ඔයා කියන්නේ අපි සේරම නෙවෙයිනේ..(රේ)
ළඟදි අල්ලපුවට මොකද වුණේ? කෝ ගෙන්වපු අය? (ත)
ලොකු දෙයක් මහත්තයෝ්.(හේ)
මේ වගේ තවත් ව්‍යාපෘති කරන්න ශක්තිය ලැබේවා.(හේ)
අපිත් උදව් කරනවා.(හේ)
ඒ කතාවනම් ඇත්ත.(හේ)
අද වෙනකොට යහපාලනයේ කතා අහන්න කිසිම කෙනෙක් නැහැනේ. (නි)
ලංකාවේ මෑතකදී අල්ලාගත් ලොකුම කුඩු තොගයට වුණ දෙයක් නැහැ. ගෙන්වපු කෙනෙකුත් නැහැ. ලැජ්ජයි. (නි)
අලුතින් පත්වුණ පිලිපීන ජනාධිපතිගේ කතාවක් "යු ටියුබ්" එකේ මේ වෙනකොට ලක්ෂ 20 කට වඩා බලලා තියෙනවා. කියන දේ ඔප්පු කරලම පෙන්වලා දීලා තියෙනවා. (නි)
මොනවා කරලා හරි කමක් නැහැ, ඒ මිනිස්සු හදපුවා විවෘත කරන්න. (නි)
කුඩු තුරන් කිරීම ගැන අතීතයේ සිටම හිතුවානම් කොච්චර හොඳද..? එහෙනම් අද මේ වසංගතේ තුරන්වෙලානේ. (නි)
හොඳ වැඩක්. හැබැයි ජනතාවට බදු බර පටවන්න එපා. (නි)
දින 100 කින්ද? (නි)
හුඟක් කල් ඉඳලම තුරන් කරන බව කියන දේවල් දැන් අමතක වෙමින් පවතී. මේ කියමනත් අපි එයටම එක්කරමු. අද හොරු නටන නැටුම තව ටික කලකින් කුඩුකාරයන්ද නටන අයුරු අපි බලා සිටින්නෙමු. (නි)
දැන් මේ වචන සියල්ල කතාකරන්නේ ඔබේ හදවතට එකඟවමද? රට තිබුනේ කොතනද? අද කොතනද? පාසල්වලට බෙදාහරින මත්කුඩු ගැන මෙලෙස අසන්නට ලැබුනේ කවදාද? මේකත් රාජපක්ෂලාගේ වැඩක්ද? (නි)
කවදද? ඒකත් බාලගිරි දෝෂය වගේද? පළිගැනීම් වලට වැයකරන කාලය වැඩකට යොදා ගත්තොත් නේද හොඳ? (නි)
කොහොමද යහපාලනේ වැඩ? කවුරු පටන් ගත්තත් ජනතා අයිතියට පැවරුවනේ. එහෙම තමයි වැඩ කෙරෙන්නේ ඕනෑ. පරණ ආණ්ඩුවට බැනලා පෝට් සිටියෙන් කාපු පරිප්පුව දැන් පේනවනේ. (නි)
කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (නි)
එ්ක තමයි, පරණ ආණ්ඩුවෙන් පටන්ගත්ත වැඩ ඔක්කොම විවෘත කරලා ඉවරවුණ දාට ඔබතුමන්ලා මොකද්ද කරන්න ඉන්නේ? (නි)
කුහක සිතින් මෙවන් වටිනා ඉදිකිරීම් වලට බැන බැන නොඉඳ කොහොමහරි කමක් නැහැ, කාගේ නමින් පටන්ගත්තත්, කවුරු විවෘත කළත් රටේත් ජනතාවගේත් සුබසිද්ධියට සංවර්ධනය කර ඇති ව්‍යාපෘති විනාශ වෙන්නට නොදී ප්‍රයෝජනයට ගන්න එක පාලක පක්ෂයේ වගකීමක් (නි)
එහෙම කරන්න පුලුවන් නම් ලංකාව සුරපුරයක් වෙයි (නි)
මම නම් මේ අය කියන කිසිම කතාවක් සතපහකට විශ්වාස කරන්නේ නැහැ. (නි)
කරන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
කුඩුවලට සම්බන්ධයි කියන දේශපාලුවන්ගෙන්ම පටන්ගත්තොත් හොඳයි (නි)
අඩුම තරමින් මේ නිවාස වල පදිංචිවන ජනතාවටවත් මතක තියෙනවද දන්නෙ නැහැ මේ දේවල් කළේ කව්ද කියලා. (නි)
කුඩු ජාවාරම්කරුවන් රකින දේශපාලුවන් සිටිනතුරු, එවැනි දේශපාලුවන්ට ඡන්දය දෙන ඡන්දදායකයන් සිටිනතුරු, කුඩු ජාවාරම්කාරයන් වෙනුවෙන් ඉදිරිපත්වෙන උගතුන් සිටිනතුරු කුඩු උවදුර නැවතිය නොහැක. මේ සුරඟන කතා පමණි. (නි)
කරන්න පුළුවන් දේවල් කියනවා නම් තමයි හොඳ (නි)
කතාව නම් දෝලාවෙන්. ගමන තමයි ප්‍රශ්නේ. (නි)
නියමයිනේ. එහෙනම් ඉතින් අපි දිනුම්! (නි)
හරියට නිකන් පාරේ බඩු විකුණනවා වගේ. "අරක තියෙනවා මේක තියනවා" අන්තිමට හිස්. රටත් ගස්. නැත්නම් උගස්. (නි)
දැන් දේශපාලනය හරියට විනෝද සමය වගෙයි (නි)
තිලක් ඩුබායි, මොකෝ යහපාලනයට කඩේ ගිහින් ඇතිවුණාද? (නි)
මේ ආණ්ඩුවට කලින් හිටපු ආණ්ඩුව කාලේ කුඩු ගෙන්නුවේ නැද්ද? නොදැන කොච්චර කුඩු කන්ටේනර් කියක් එන්න ඇද්ද? ඒ කාලේ ඒවා ඇල්ලුවේ නැහැ. මේ ආණ්ඩුවේ වෙනස තමා ඒවා අල්ලනවා. (නි)