IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නවසීලන්ත තරගයට කණ්ඩායමේ වෙනසක් නෑ ශ්‍රී ලංකා නායිකා ශෂිකලා

ඉන්දියාවේදී පැවැත්වෙන 10 වැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සුපිරි හය වටයේ සහභාගි වන පළමු තරගය ප‍්‍රබල නවසීලන්ත පිලට එරෙහිව මුම්බායිහිදී හෙට (08) පැවැත්වේ. මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.

තරගයේ සූදානම පිළිබඳව ලංකාදීප කළ විමසුමකදී ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවේ නවසීලන්ත පිලට එරෙහිව තරගය ජය ලැබීමට ශ්‍රී ලංකා පිල ඉතාමත් හොඳ මානසික සහ ශාරීරික තත්ත්වයක පසු වන බවයි.

”ඉන්දියාවට එරෙහිව ක‍්‍රීඩා කළ 11 දෙනාම මේ තරගයටත් ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. කොදෙව් තරගයේ පරාජයෙන් පසුව මද වේග පන්දු යවන උදේශිකා ප‍්‍රබෝධනී සහ පා දඟ පන්දු යවන ඉනෝකා රණවිර කැඳවීමෙන් සාර්ථක වීමට හැකිවුණා. ඒ නිසා වෙනසක් කිරීමේ බලාපොරොත්තුවක් නෑ.”
 
ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන නවසීලන්තය 2000 වසරේ නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් බවට පත්විය. නවසීලන්තය 1993, 1997 සහ 2009 යන වසර වලදී පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී අනු ශූරියන් බවට ද පත්ව තිබේ. ශ්‍රී ලංකා පිල මේ දක්වා නවසීලන්තය පරාජය කර නොමැතිවීම ද කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිලේ කළමණාකරු ඒ. ආර්. එම්. අරූස් මහතා පැවසුවේ ඉන්දියාව සත්කාරකත්වයේ වාසිය ද ඇතිව සිටියදීත්, ඉනිම ආරම්භයේදීම කඩුලූ තුනක් දැවීයෑමෙන් එංගලන්තය හමුවේ පරාජයට පත්වූයේ ද මෙම ක‍්‍රීඩාංගණයේ වීම නිසා දැඩි අවධානයෙන් මෙම තරගයට පිවිසෙන බවයි.

 



අදහස් (0)

නවසීලන්ත තරගයට කණ්ඩායමේ වෙනසක් නෑ ශ්‍රී ලංකා නායිකා ශෂිකලා

අනුර Friday, 08 February 2013 12:53 AM

ජය ගන්නවාමයි. මගේ සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

හේරත් Friday, 08 February 2013 02:47 AM

දෙන්න නංගෝ පැලෙන්නම. ජය සිකුරුයි.(නදී)

:       0       0

තිසල් Friday, 08 February 2013 05:36 AM

මගේ රටේ දිරියවන්ත දූ දරුවන්ට මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

ලක්ෂමන් Friday, 08 February 2013 07:49 AM

සශිකලා ඔයා හරිම ලස්සනයි. ජය වේවා!(නදී)

:       0       0

තුෂාර Friday, 08 February 2013 07:56 AM

ගහමු කෙල්ලනේ. අයියලට බැරිවුන දේ නංගිලාවත් කරමු.(නදී)

:       0       0

සෙනෙවිරත්න Friday, 08 February 2013 08:40 AM

දයාබර නැගණියේ ශෂිකලා ඔබ ඇතුළු මුළු කණ්ඩායමටම මාගේ හෘදයාංගම සුබ පැතුම් , ජය වේවා කියා පතනවා (ස)

:       0       0

සම්පත් Friday, 08 February 2013 09:20 AM

ජය වේවා !!! (ස)

:       0       0

චමිලා Friday, 08 February 2013 09:20 AM

ඔයාලවත් කුසලානයක් ගේන්න .96 ලෝක කුසලානයෙන් පස්සේ 2013 ලෝක ශූරියේ වෙන්න. සුබ පැතුම් (ස)

:       0       0

නිත්‍යා Friday, 08 February 2013 10:20 AM

ඉදිරියටම යන්න, ජය ගත යුතුයි (ස)

:       0       0

තාලප Thursday, 07 February 2013 09:43 PM

තෙරුවන් සරණයි සහෝදරියේ ....! (ස)

:       0       0

ඉරෝෂන් Friday, 08 February 2013 12:49 PM

සැකයක් නැහැ. ඔබයි ලංකාවේ පළමු ක්‍රිකට් දක්ෂයින්, කාන්තා අංශයෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 682 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 525 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1606 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1353 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site