IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි

ඇමෙරිකාවේ නාසා ආයතනයේ 'ආර්ටිමිස්1' පුහුණු මෙහෙයුම යටතේ, සඳ බලා ගමන් ආරම්භ කළ 'ඔරායන්' චන්ද්‍ර යානය සඳට ලං වී ඇත.

'ඇපලෝ' චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට ළං වුණු පළමු අවස්ථාව මෙය බව නාසා කියයි.

පුහුණු මෙහෙයුමක් බැවින් 'ඔරායන්' චන්ද්‍ර යානයේ ගගනගාමීන් නොමැත. එසේ වුවත් බොරු ගගනගාමීන් (ඩමි) තුනක් යානයේ අසුන්වලට සම්බන්ධ කර තිබේ. ඒවායේ සන්වේදක සවිකර ඇති අතර, නාසා විද්‍යාඥයන් ඔවුන්ට අවශ්‍ය දත්ත ලබා ගැනීම සිදු කරනු ඇත.

ඒ, ඉදිරි 'ආර්ටිමිස්' මෙහෙයුම්වලදී ආරක්ෂිතව සැබෑ ගගනගාමීන් සඳට යැවීම සඳහාය.

යානය සඳ මතුපිටට ගොඩ බෑමක් නොකරන අතර, එය අඳුරු කලාපය ද පසු කර සඳ වටේ ගොස්, ආපසු පෘථිවිය බලා පැමිණෙනු ඇත.

'ඔරායන්' චන්ද්‍ර යානය පැරෂූට් ආධාරයෙන් පෘථිවියට ගොඩබෑම සිදු කරන්නේ දෙසැම්බර් 11 වැනිදාය. ඒ දින 25 ක මෙහෙයුම අවසන් කරමිණි.

'ඔරායන්' චන්ද්‍ර යානය එසේත් නැතිනම් 'කැස්පියුලය' ට සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකි බව ද නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' අධි බලැති රොකට්ටුවෙන් පෘථිවි කක්ෂයට ගොස්, රොකට්ටුවෙන් වෙන් වී, පෘථිවිය වටා කැරැකී  අවශ්‍ය වේගය ලබා ගෙන සඳ බලා ගමන් ආරම්භ කළ අවස්ථාවේදී ද 'ඔරායන්' චන්ද්‍ර යානය සෙල්ෆි ඡායාරූප කීපයක් ලබා ගත්තේය.

'ඔරායන්' චන්ද්‍ර යානය ලබා ගත් සෙල්ෆිය

එම ඡායාරූප නාසා ආයතනයට එවා ඇති අතර, නාසා ආයතනය ඒවා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළේය.

'ඔරායන්' චන්ද්‍ර යානය  සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම කරන්නේ එහි සූර්ය පැනලයේ ඇති කැමරාව ආධාරයෙනි.

නාසා විද්‍යාඥයන් 'ඔරායන්' චන්ද්‍ර යානය  සමග සම්බන්ධ වී අවශ්‍ය දත්ත සහ ඡායාරූප ලබා ගැනීම සිදු කරන්නේ රේඩියෝ තරංග ආධාරයෙනි.

මෙම 'ආර්ටිමිස්1' මෙහෙයුම සාර්ථකව අවසන් වුවහොත්, ඉදිරියේ දී 'ආර්ටිමිස් 2' මෙහෙයුම ආරම්භ වනු ඇත. එම මෙහෙයුමට ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ කිරීමට නාසා බලාපොරොත්තු වෙයි.

'ආර්ටිමිස් 2'  ද සඳ වටා යන මෙහෙයුමක් වන අතර ගගනගාමීන් සඳට ගොඩබැසීම සිදුවන්නේ 2024 වසරෙන් පසු සිදුවන 'ආර්ටිමිස් 3' මෙහෙයුමේදීය.

'ආර්ටිමිස් 3'  මෙහෙයුම යටතේ පළමු වරට කාන්තාවක සඳට යැවීම ද නාසා ආයතනයේ අරමුණ වී තිබේ. 2030 වනවිට, කුඩා ජනාවාස පිහිටුවා ගනිමින් මිනිසුන් සදේ පදිංචි වනු ඇතැයි ද නාසා ආයතනය පවසයි.

ලුසිත ජයමාන්න
විශේෂ ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (1)

නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි

ජගත් ලියනගේ Tuesday, 22 November 2022 05:46 AM

ඔය වගේ මෙහෙයුමක් තව රටකින් කරොත් , සද මතුපිට දේශ සීමා ගැටලු ඇති වෙන එකක් නැහැ නේද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්
2024 නොවැම්බර් මස 27 135 0

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ


කොළඹ -මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි
2024 නොවැම්බර් මස 27 216 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය


මන්නයකින් පහරදී අයෙක් මරලා
2024 නොවැම්බර් මස 27 293 0

හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බොහෝ ප්‍රදේශවලට තද වැසි-සුළං
2024 නොවැම්බර් මස 27 349 0

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 3585 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 3112 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2122 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site