නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපර්ස්ටාර් කෙනකු වුණා නම් හොද යැයි තඹුත්තේගම මැදි මහ විදුහලේ නාමල් උදාර කියයි.
කුඹුරේ කාර්යයන් අටක් එකවර කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔහු ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් විය.
තම නිර්මාණය අව්වෙන් වැස්සෙන් රැක ගැනීමට ආවරණයක්වත් හදා ගැනීමට වත් කමක් නැතැයි ඔහු කියයි.
මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කැර රුපියල් ලක්ෂ දොළහක් සොයා දුනි. බවත් ශ්‍රී ලංකා ජනපතිගෙන් ලැබුණු ලක්ෂ එකහමාරින් රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි.
ඒ අර්ථයෙන් බලන විට නසා තරුවක් වීමට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපිරිතරුවක් වීමෙන් ලැබෙන ආර්ථික වාසි සිහිපත් වන බවත් ඔහු පවසයි.
071- 4180396 මේ ශිෂ්‍යාගේ ජංගම දුරකථනයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාට හැකි අයුරින් උදව් කරමු. මහා පරිමාන උදව් බැරි නම් සුළුවෙන් හෝ උදව් කිරීම වැදගත්. මෙහෙම දක්ෂ දරුවන් ට රජයේ අනුග්‍රහය ලබා දෙන්න වැඩ පිළිවෙළක් නැද්ද ? (අ)
අපේ ලංකාවට ගහල තියන හෙනේ ඕක තමයි.වැඩ කාරයට තැනක් නෑ (අ)
උඹේ කටට මසුරන් දාන්න ඕන පුතේ . ඔන්න සියවසේ කියමන (අ)
මොනවා කරන්නද මල්ලි. රට යන හැටි ඔහොම තමයි. ඔයා තව ටිකක් මහන්සි වෙලා, ශිෂ්‍යත්වයක්වත් දිනාගෙන, වෙන රටකට ගිහිල්ල, තමන්ගේ අම්ම තාත්ත ගැන බලන්න. (අ)
පුතා එහෙම හිතන්න එපා සුපර්ස්ටාර් කියන්නෙ එලොවටත් මෙලොවටත් වැඩක් නැති අය (අ)
මේකට කුවුරුත් ප්‍රතිචාර දල නැත්තේ ඇයි එක්දාස් ගාණනක් බලල තියෙනවා (අ)
මේ දරුවාගේ වටිනාකම මිල කල නොහැකියි , අපේ රටේ නම ලෝකයට ගෙනියන්න තමගේ වියදමින් කරපු මෙහෙවර ඉතාම අනර්ගයි .. ඔබට සුබ අනාගතයක් .(අ)
රටේ ධනය කන දේශපාලුවන්ට ගේන කාර් වලට දෙන සහන මේ වගේ වැඩක් ඇති දේකට දෙන්න බැරිද. මේකට හරිනම් ලක්ෂ 100 ක් දෙන්න ඕන. (අ)
එහෙ නම් සිංදු කියන්න පටන් ගන්න..ඕව හදල කාටද හරි ගියේ. නැත්නම් පොඩි හොරකමක් දෙකක් කරලා ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලන්න.(අ)
මේ රටේ සියලුම වගකිව යුත්තන් ලැජ්ජා වෙන්න ඕනේ..(අ)
මේතරුණයාගේ කතාවෙන් මටනම් හිතන්නේ අපේ රටේ ඉන්න පාලකයන්ට මේ තරුණයාගේ නිර්මාණය ගැන කිසිම හැගීමක් නැති තරම. (අ)
ලංකාව උගතුන් කොන් කරන, මැට්ටන් උඩින් තියාගෙන ඉන්න රටක්. (අ)
මේ දරුවට පුළුවන් හැටියට උදව් කරමු. මෙවැනි දක්ෂ නිර්මාණකරුවන්ට ඉහළම අනුග්‍රහය ලැබෙන්න ඕන. (අ)
මෙවැනි දක්ෂ නිර්මාණකරුවන්ට උදව් කරන පිටරට සංවිධානයක් ගැන දන්නා උදවිය කියන්නකෝ. ලංකාවෙන් උදව්වක් නැතිනම් එහෙම හරි මේ ළමයාට සුගතියක් වෙන්න ඕන නේ. (අ)
සමාරම්බක උත්සව වලට රුපියල් කෝටි ගණන් වියදම් කරන මෙරටේ , මේ ළමයට ඉදිරියට ඉන්න අය ලක්ෂ එකහාමාරක් ද දීල තියන්නේ , පවුනේ (අ)
ඇත්තටම සුපර් ස්ටර්ස්ලට හම්බවෙන ඒවා දැක්කම දුකත් හිතෙනවා. පුළුවන් නම් ඒවාට වියදම් කරන අය මේවගේ අයට උදවු කරන්න. (අ)
මේ දක්ෂ ළමයාට මේ අවස්ථාවේ නැති උදව්වෙන් වැඩක් නැහැ. තව ටික දවසකින් උදැල්ල අරන් කුඹුරට බහින්න කලින් අපි වත් එකතු වෙලා උදව් කරමු. (ස)
අපේ රටේ නව නිපැයුම් වලට දෙපාර්තමේන්තුවක් නැද්ද? නැත්නම් පටන් ගන්න කියන්න ඕනේ. මේ වගේ කොල්ලන්ට ඉස්සරහට එන්න. ලක්ෂ ගානක් වියදම් කලත් වැඩක් නෑනේ. ඉන්නවත් තැනක් නැත්නම්. (ස)
අනේ මල්ලි ඕවා අත ඇරල ජන්දෙට එන්න. (ස)
විද්‍යා හා තාක්ෂණ, තරුණ කටයුතු , වෘත්තීය නිපුනතා ආදී කෙළවරක් නැති විෂය භාර වගකිවයුත්තන් මේ දරුවා ගැන දන්නවාද? මේ දරුවා ගැන මීට පෙරත් පුවත්පත් කීපයකම පළවුනා. තඹ සතයකට මායිම් කරලා නැහැ වගේ. (ස)
චන්දෙට, හරි වෙන දවස් වල හරි දෙන දන්සල් වලට ලක්ෂ 1.5 වලට වඩා දවසට වියදම් කරනවා නේද? එහෙවු රටේ උගතාට තියන තැන. මේවට කතා කරන්න ජාතිවාදය අවුස්සා අවුස්සා ඉන්නෙ නැතුව. තුති. (ස)
මොහුට අපි පිහිට වෙමු. (ස)
සුපර්ස්ටාර් වෙන්නත් නිකම් බෑ. (ස)
ඔබේ නිර්මාණය ඉතාම අනර්ඝයි. ලක්ෂ 12 වියදම් කරලා චන්දෙ ඉල්ලුව නම් පරම්පරා හතම ගොඩ. (ස)
හසන්ත ගේ අදහසට මම ගරු කරනවා අපි පුළුවන් විදියට උදව් කරමු. (ස)
මෙවැනි සහජ දක්ෂතා ඇති දරුවන් ගැන වගතුවක් නැත්තේ දේශපාලකයන් ගේ දරුවන් ට එවැනි දක්ෂකම් නැති නිසා වෙන්න ඇති. කුහක කමක් නැති නම් මේ දරුවාට හොඳ පාසලක් ලබා දීලා, මේ දක්ෂතා වැඩි දියුණු කර ගන්න අවස්ථාවක් සහ මුල්‍යාධාර ලබා දෙන්න තිබුණා. (ස)
මෙහෙවර ඉතාම අනර්ඝයි. (ස)
මේ දක්ෂ ළමයා වෙනත් රටක හිටියා නම් මෙලහකට ශිෂ්‍යත්වයක් ලබා දීල ඉහලම උසස් පාසලකට හෝ සරසවියකට ඇතුලත් කරලා. එන ආත්මෙවත් දක්ෂයාට තැන තිබෙන රටක ඉපදේවා කියල පතනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (ස)
උඹත් ඉපදෙන්න තිබ්බේ රුසියාවේ මල්ලියේ ...එදා නව නිර්මාණ බිහි කරපු බහුතරයක් රුසියන් කාරයොනේ (අ)
අපේ රටේ ඉන්න දේශපාලුවන් දන්නේ ඒ අයගේ මඩිය තර කරගන්න කොමිස් ගහන්න විතරයි. (අ)
මේ වගේ දේවල් අගය කරන රටක් නෙමෙයි අපේ රට. එකෙන් කාගේ හරි දෙසපලකයෙක්ගේ මඩිය තද වෙනවා නම් ..වැඩේ කරයි. (අ)
මේ ළමයා ගැන අතිගරු ජනාධිපති තුමාගේ අවධානය නැවත යොමු වේවා!. අනිත් වගකිව යුත්තෝ අඳ ගොළු බිහිරි බව තමා අපිට පෙනී යන්නේ. හැම වැඩේටම එතුමා අත ගැහුවේ නැතිනම් වෙන දෙයක් නැහැ වගේ. (අ)
පිටරටවල ඉන්න ලාංකිකයන් මැදිහත් වෙලා මේ ළමයාට ශිෂ්‍යත්වයක් වත් ඒ රටකින් ලබා දෙනවානම් . ! (අ)
ජනාධිපති තුමා අරමුදලෙන් දෙයි. වැඩිය මොකුත් හිත රිදෙන ඒවා නොකියා ඉන්ඩ. ඕක කොම්පැනියකට ලක්ෂ සියයකට විකුණන්න ද උත්සහ කරන්නෙ. (අ)
බලවතුන් ගේ පවුල් පිටින් යන පිටරට සවාරි වලට අවුරුද්දකට වැය වෙන මුදල වෙන්කළා නම් මේ දරුවාට ඇමෙරිකාවේ ඉහලම තාක්ෂණික සරසවියකට ශිෂ්‍යත්වයක් දෙන්න පුළුවන් .(අ)
මේ වගේ දක්ෂ ළමයෙකුට තැන දුන්නොත් බලවතුන්ගේ මැටි මෝල් දරුවන්ට තැනක් කොහෙද ? මේ ළමයව හෙටම කුඹුරට බස්සාවී පුළුවන් නම්. (අ)
මේ දරුවට කරන්න පුළුවන් ලොකුම උදව්ව නම් කව්රුන් හෝ විදේශ රටක ඉන්න යහපත් මනුෂයෙක් හෝ සංවිධානයක් මැදිහත් වෙලා ශිෂ්‍යත්වයක් දීලා මේ දරුවාව අන්දකාරයෙන්, බොරු සෝභන ආටෝප වලින් පිරුණු ඒවාට වැඩි වටිනා කම් දෙන මේ සමාජයෙන් එලියට ගන්න එක. සිරිල් පොන්නම්පෙරුම ලංකාවේ හිටිය නම් ඔහේ ඉංජිනේරුවෙක් වගේ රැකියාවක් කරගෙන ජිවත් වෙලා කව්රුත් දන්නෙම නැතුව මැරිලා යනවා. (අ)
ලෝකයේ උතුම්ම රට ලංකාව.(අ)
අනුග්‍රහය දක්වනවා තියා, දක්ෂ තරුණයාගේ මේ විශිෂ්ඨ නිර්මාණයත් මෙතැනම දිරා පත්වෙන්න ඉඩ හරිනවා වාගෙයි පේන්නේ. රාජ්‍ය අනුග්‍රහය දක්වනවා කියන්නේ කවරයකට දමල රුපියල් ලක්ෂයක් දෙකක් දීල අහක බලා ගන්න එක නොවෙයි. මම දන්නා විදිහට ලංකාවේ නම් කවදාවත් මෙවැනි නිර්මාණ කරන දක්ෂයින්ට ඔවුන්ගේ දක්ෂතා වලට සරිලන තැනක් ලැබුනේ නැහැ. ඒකට හේතුව අහන්න ඕනත් මේ රට පාලනය කල හා පාලනය කරන අයගෙන්ම තමයි. නාමල් උදාර, ඔබට ජය වේවා!! (අ)
ලාංකාවනේ කොල්ලෝ මේ , ගණන් ගන්න ඒපා වගකිය ඇත්තන්ගේ පූතාලාගේ දුවලගේ දවල් කෑම වේලටත් ඔය එකහාමාරට වාඩා වියදම් යනවා (අ)
පුතේ, තඹුත්තේගමින් ඇමෙරිකාවට ගිය වාසල බණ්ඩා කියල ලොකු මහත්තයෙක් ඉන්නව නිව් ජර්සි කියන ප්‍රාන්තයේ..වුඩ් බ්‍රිඉජ් කියන නගරයේ අන්න එයාට කිව්ව නම් රුපියල් ලක්ස සීයක් උනත් දේවි උඹට කතා තරක්ක මෙය අංකයට 1-917-847-8077 (අ)
සමන්ත ගේ රේනුකගේ අදහස් සම්පූර්ණ ඇත්ත.මේ රටේ හැම දෙයක්ම වෙන්නේ දේශපාලකයන්ගේ මඩිය තර කරන්නයි. මේ අයගේ බලය හොඳටම අඩු කරන එක තමයි අපි කල යුත්තේ. අපට හොඳින් ඉන්න පුළුවන් එහෙම කල දවසටයි. (අ)
මෙවැනි හේතු නිසයි අපේ බුද්ධිමතුන් රට හැර යන්නෙ (අ)
අාශ්චර්යයට යන කොට ඔහොම තමයි (අ)
නදී, වැඩිය ආශ්චර්ය ගෙන විශ්වාස කරන්න එපා. (අ)
ජනනයාකින් මෙට වඩා රටේ පරම්පරාව ගැන හිතන්න ඕන ....... ගෙදර අයට වැඩියෙන් (අ)
ආදරණීය චුටි පුතේ,මම හිතන්නේ ඔයා ගැන ඔයාම අවතක්සේරු කරගෙන මට මගේ දුප්පත් අම්මට තාත්තට මගේ පන්ති සල්ලි ගෙවන්නවත් වත්කමක් තිබුනේ නැහැ එත් මම කොහොම හරි දුක්විඳලා අද එංගලන්තේ ජීවත් වෙනවා .ඔයා ලෝකෙට දෙවෙනියා ඒ කියන්නේ මව් බිමට පළවෙනිය.ඒක හිතට අරගෙන ඉදිරියට යන්න සුප ස්ටාර් කියන්නේ තවත් ඔයා වගේම හිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉදිරියට එන්න හදන කට්ටියකි.ඒ අයට ආශීර්වාද කරන ගමන් ඔයා උනන්දු වෙන්න
මට මතක් වුන අර නළුවෙක් ප්‍රශ්න 10 කට උත්තර දීල ලක්ෂ 5 ක් දිනලා කියවපු එක ගැන (අ)
මම ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔබේ නිර්මාණවලට උදව් කිරීමට සිතා සිටින්නෙමි (අ)
ලංකාවේ මේ දරුවාගේ නිර්මාණය විතරක් නොවේ නොසලකා හැරපු නව නිර්මාණ කරුවන් රැසක් ඉන්නවා. ඔවුන් හිතනවා ඇති මේවගේ රටක ඉපදුන පාපය කියල. ඒක රටේ වැරැද්ද නොවේ, රටේ මිනිසුන් විසින් පත්කරගෙන ඇති දේශපාලක පන්තියේ තිබෙන අදුරදර්ශී රටට අනාගතයක් ඇති නොකරන, තම පරම්පරාවට පමණක් හෙටක් හදන ප්‍රතිපත්තියේ ඇති වැරැද්දයි. ඒක වෙනස් කරන්න දැන් කාලය ඇවිත්. (අ)
මෙහේ අවංකව වැඩ කරන කෙනාට තැනක් නෑ (දිල්)
උදාර වැඩක් කල ;උදාර; පුතේ,ඔබේ කියමනේ ඇත්තක් තියෙනවා.ඒත් හිත පසුබාන්න එපා.ඔබට අදින් පසු හොඳ අනාගතයක් තියෙනවා.(දිල්)
අර කිව්වාවගේ ලොක්කන්ගේ දරුවෝ තරුපහේ හෝටලයකදී එක රැයකට ලක්ෂ ගණනක් වැයකරනවා. (අ)
දේසේ හැටියට වාසේ, කියනවනේ , ඉහලින්ම ඇති උසස් අධ්‍යාපනයට සම්බන්ධ විස්තරය බලන්න. මෙවැනි වැඩක් නැති දෙවල් හැදුවේ කුමටද? (අ)
අප රට කෘසිකාර්මික රටක් වුනේ ඉස්සර, ගොවීන්ගේ නිෂ්පාදන කුණු ගොඩවල් වලට දමන කාලයේ මේ මොන කතාද? අනේ ! අපේ රටත් ගොවියාත් ,.(අ)
මෙරට දියුණු කිරීමට නම් මෙවැනි අයට රජයෙන් අතදීම කලයුතුය,චීන වලින් ගෙනෙන කුණුගොඩවල් අපේ අපේ කියා කෑගහවට වැඩක් නැහැ ලංකාවේ දක්ෂයන්ට තැනක් දෙන්න (අ)
මිල කල හැකි දෙයට අගයක් නැත. පල නොමැති, කල එලි ඇති දෙයට පමණක් මිල ඇත. මෙය තමා අපේ රටේ දැන් තත්ත්වය. මෙයට විකල්පයක් සෙවිය යුතුව ඇත. මේ දරුවා පවසන්නේ එයයි. ඒ මේ ප්‍රශ්නය අතරින් පමණක් පැන නැගුනක් නොවේ. 70 දශකයේ අපේ රටේ ඉංජිනේරුවෙක් නිෂ්පාදනය කල අත් ට්‍රැක්ටරය අපේ රටේ නායකයන් ප්‍රතික්ෂේප කරද්දී ජපානේ සමාගමක් " කුබොටා" නමින් එය එලි දැක් වූවා. අපේ රටට ලැබෙන්න තිබුන බොහෝ ප්‍රතිලාබ නැතිවෙනවා. අපේ රටේ නිර්මාණ කරුවන් පිට රටවල් වලට ඇදි යනවා. දැනටත් වෙන්නේ යම තමයි. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිටරවල් වලට සේවය කිරීම තමයි වෙන්නේ. මේ පුතාට එහෙමෙ වෙන්න නොදී අපි ඔහු රැක ගැනීම කල යුතුයි. ඒ සඳහා ඉඩක් නොලැබේ නම් අනාගතය යහපත් නොවෙනු ඇත. (අ)
අලුත් තාලෙ කැසිනෝ මෙෂින් එකක් නිර්මාණය කළා නම් ගොඩ තමයි.(අ)
බලධාරීන් කළ යුත්තේ මුදලක් දී නිශ්ශබ්දව සිටීම නොවේ. මෙය ශ්‍රී ලාංකිකයෙකුගේ නිර්මාණයක්. වෙනත් රටකින් මේ දරුවාව ගෙන්වා ගැනීමට පෙර මොහුව කිසියම් ආයතනයකට සම්බන්ධ කරවා මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වශයෙන් නිශ්පාදනය කර විදේශ විනිමය උපයා ගැනීමට උත්සාහ කිරීමයි. නැති නම් මේ දරුවාට අනිවාර්යෙන්ම සිදුවේවි ඔහුගේ තාක්ෂණය පිටරටකට විකුණා දැමීමට. ශ්‍රී ලාංකික කාර්මික නිශ්පාදනයක් යැයි කීමට අපිට කිසිවක්ම නෑ. මේ දරුවාගේ උත්සාහයෙන්වත් ආරම්භයක් ගමු. නැත්නම් ජපනුන් හෝ චීනුන් මෙය වෙළද පොලට නිකුත් කරාවි.(ස)
ආණ්ඩුව නිදා ගෙනද ඉන්නේ? (ස)
කෝ අර අපේ රටේ නිෂ්පාදන දියුණු කරන්න ඕන කියල කෑ මොර දෙන උදවිය. ලංකාවේ ඔයාල වගේ අයට උදව් කරන්න දේශපාලකයන්ට උවමනාවක් නැ මල්ලි....(ස)
කෝ කෘෂිකර්ම ඇමති. එයා කොහෙද ? මේක දැක්කද? (ස)
ආණ්ඩුවේ හෙංචයියලාට කොමිස් නැත්නම් මොන වැඩකාරයාටවත් තැනක් නෑ ලංකාවේ..ඔය ලංකාව අතහැරලා වෙන රටකට යන්න පුතේ..(ස)
මම අහලා තිබෙන විදිහට එක්දාස් නවසිය ගණන් වල ලොව ප්‍රථම අත් ට්‍රැක්ටරය නිපදවූවේ මේ අපේ රටේ කෙනෙක්. නමුත් එයාට කිසිම ප්‍රතිචාරයක් අපේ ඇත්තන්ගෙන් ලැබීනෑ පස්සේ එතුමා ඒක අරගන එංගලන්තෙ ගොස් එහෙදි වාණිජ නිෂ්පාදනයක් විදිහට ලොවට හදුන්වාදුන්නා. දැන් අපි විදේශිකයන්ට බර ගණන් දීලා උජාරුවෙන් මිලදී ගන්නේ කාලෙකට ඉස්සර අපේ අය කරපු දීපු වැරදි උත්තර බැඳීම් . ඔබ ඔබේ දක්ෂකම් ලොවට දායාද කරන්න ඉදිරියේ දී බලාපොරොත්තු වන්නේ නම් හොදින් ඉගෙන ගෙන ඔබට වටිනාකමක් දෙන්නට සැබෑම උවමනාවක් ඇති විදේශ රටකට යන්න. ඔබ මෙතනට ගෙනා අයට පසුව ඇති තරමි සලකන්න නමි අනාගතය වරද්දා නොගෙන ඉලක්කය කරා යන්න. එතෙක් හැකි තරම් ආත්මාර්ථකාමීව වැඩ කරන්න. ඉලක්කය සපුරාගත් පසුව ඕනෑ තරම් පරාර්ථකාමී වන්න.(ස)
මල්ලි ඔයා ලම්බෝගිනියක් හදන්න ට්‍රයි කරන්න..(ස)
පියරු බබාලගේ රූකඩ සුපර් ස්ටාර්ස්ලට දෙන කෝටි ගණන් සල්ලි මේ වගේ වැඩකට ඇති සුපිරි මිනිස්සුන්ට දුන්නොත් මොකද වෙන්නේ. (ස)
ඇයි දැන් මේ මල්ලිට අමෙරිකාවෙන් ලක්ස 20ක් හම්බුනා කියල කලින් කිව්වා නේද? (ස)
හරිම කණගාටුයි ලංකාවේ තත්වය පිළිබඳව. මේ පුතා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ගොමරිටි උඩ එන විට මිණිකැට යට යනවා. (ස)
නරකද මැෂින් එක පාර්ලිමන්ට් එකට ගෙනිහින් වැඩක් ගත්තනං. එකේ ඉන්න සමහර(දී)
මල්ලි ඔය තම පොඩි ළමයෙක් ...සුපර් ස්ටාර් වෙලා ඔයා මොනවා කරන්නද ? මම ඔයාට දෙන්නම් නියම උපදේසයක් , ඔයා හොරට මේ යකඩ ගොඩට ගිනි තියන්න ,පස්සේ මේක විරුද්ද පක්ෂේ වැඩක් කියල තම්බුතේගම ප්‍රාදේශීය සබාවට චන්දෙ ඉල්ලන්න .චන්ද පෝස්ටරේට ගිනි තියපු යකඩ ගොඩේ පොටෝ එකක් දමන්න ...ඔයා ගොඩේ ගොඩ . (දී)
පුතා ඉපදුනේ ලංකාවේ එකයි පුතාට එහෙම හිතුනේ (දී)
ලංකාවේ නව නිර්මාණ කරුවන් උගතුන් රට හැර යාමට හේතුව මේකයි. නව නිර්මාණ වල හෝ උගත්කමේ වටිනාකම දන්නේ ඒ හා සමාන දැනුමක් ඇති අය පමණයි. අට පාස්, නමය පාස් ඇමතිලා , යන්තම් ඕ ලෙවල් තියන සංස්ථා සභාපතිලා අධ්‍යක්‍ෂලා රාජ්‍ය සමාගම් සභාපතිලා මේ රටේ ලොක්කන් වෙලා ඉන්දිද්දී උගතුන්ට තැනක් ලැබෙන්නේ නැහැ. ඔබ වැනි දරුවෙක් බටහිර රටකදී ඔය නිපැයුම කලා නම් ඔබට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ඉතාම ඉහල වීම අනිවාර්යයි. (ස)
මල්ලියේ, සුද්දෙක්ට වැඳලා හරි පිට රටකට යන්න. නැති නම් මොළය පාවිචි කිරීම පැත්තකට දාල චන්දෙ ඉල්ලන්න. (ස)
ලංකාවේ දක්ෂ දරුවෝ බිහිවෙන එකට දේශපාලකයෝ අකමැතියි.එයාලගේ දරුවන්ට දක්ෂතාවයන් නැති නිසා සහ ලංකාවේ දරුවෝ නූගත් වෙන තරමට එයාලට පාලනය පහසු නිසා. (ස)
අත් ට්‍රැක්ටරය මුලින්ම නිර්මාණය කලේ රේ විජයවර්දන මැතිතුමා.එතුමා එම අදහස එවකට රජයට ලබා දුන්විට එවක කෘෂිකර්ම ඇමතිවරයාගේ පිළිතුර වී ඇත්තේ අපේ රටේ අවශ්‍ය තරම් හරක් ඉන්නැද්දි ඕවයින් වැඩක් නැහැ යන්නයි.පුතේ පසුබට වෙන්න එපා ටික කලක් බලන්න..නැත්තං ඔය අයිතිය පිට රටකට විකුණන්න..මේක අපේ මේක අපේ කියා කියා හිටියට ඔය කවුරුත් ඔයාව ගොඩ ගන්න එන්නෙ නැහැ...දිගටම වැඩ කරන්න.ජය වේවා..(ස)
අලුත් ගිණුමක් ඇරලා ගිණුමේ අංකය දමන්න. කරුණාකර අවංක වෙන්න. (ස)
ලංකාව කියන්නේ ඉංජිනේරුවො වෙන්න පුළුවන් කට්ටියව කම්මල් බාස් උන්නැහේල කරන ආශ්චයවත් රටක්. ආඩම්බරයි කොල්ලො ඔබ තුමා ගැන. නොසැලී අමාරුවෙන් හරි ඉදිරියටම යන්න. (ස)
අනුන්ගේ සින්දු කියල එන අයට කෝටි ගණන් හම්බෙනවා...තමන්ගේ නිර්මාණයක් කරන අයට ලක්ෂයි... (ස)
පුතා ඔබ විදෙස් ව්‍යාපාරිකයෙක් හරහා වෙන රටකට යන්න බලන්න. මගේ ළමයින් නම් ඔවුන්ගේ හැකියාවන් මෙරටට දෙන්නේ නැත. (ස)
මේ ළමයාට තියෙන්නේ පිටරකින් හරි උදව්වක් අරගෙන ඒ රටකට ගිහින් වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙලා මේ දක්ෂකම් වැඩි දියුණු කර ගන්න. මේක බුරුතු පිටින් උගතුන්, බුද්ධිමතුන්, දක්ෂයන් රට හැර යන යුගයක් මල්ලියේ. ඔබ වැනි දක්ෂයකුට මේ රටින් නම් අනුග්‍රහයක් ලැබෙනවාට සැකයි. (ස)
වැඩිය ඕන නැහැ. අර ළඟදී තිබුන අන්තර් ජාතික තරුණ සම්මේලනයටවත් මේ ළමයාට ආරාධනාවක් තිබුනා ද ? මෙන්න අපේ රටේ තරුණ දක්ෂයන් කියලා , පිටරටින් පැමිණි අමුත්තන් ට වත් මේ ළමයා හඳුන්වා දෙන්න කාටවත් මතක් වුනාද ? සල්ලි වලින් ආධාර කරන්න බැරි නම් එහෙම හරි පිළිගැනීමක් දීලා මේ ළමයාට තවත් මේ වගේ නිර්මාණා කරන්න අභිප්‍රේරනයක් දෙන්න තිබුනා. කොහෙද ඉතින්.! (ස)
තරුණ කටයුතු සහ නිපුනතා පිලිබඳ වගකිව යුත්තෝ තවම අභ්‍යාවකාශයේ වෙන්න ඇති. ලංකාවට ගොඩ බැහැපු වෙලාවක වත් මේ දක්ෂ දරුවා ගැන බලන්නකෝ. (ස)
පුතා ඔයා තාම පොඩි ළමයෙක්. ඔය පටන් ගැන්ම විතරයි. තව ගොඩක් දුර යන්න තියෙනවා, නිකන් ප්‍රකාශ නිකුත් කර කර ඉන්නේ නැතිව ඕක ජාත්‍යයන්තරයට ගෙනියන්න බලන්න. දැන් ලෝකේ සන්නිවේදනය ඉතා දීයුණුයි. ඔබට මගේ සුබ පැතුම්. (ස)
මේ නිර්මාණයේ වටිනාකම දන්නේ ගොවියෝ විතරයි. (ස)
"දැයට කිරුළ" මහා විශාල ධනස්කන්ධයක් වැය කර පවත්වන කානිවල් එකක් ලෙස අප හඳුනා ගෙන සිටිමු. එයට වැය කරන මුදලින් සොච්චමක් නාමල් උදාර තරුණ සිසුවාට දීම හෝ, හමුදා ඉංජිනේරු අංශයේ සහාය ලබාගෙන උදාරගේ අවශ්‍යතාවය ඉටුකර දීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැයට දායාදයක් වූ උදාරට කිරුළ පැලැන්ඳවිමකි. 5 ශිෂ්‍යත්වය සහ සා.පෙළ සමත්වූවන්ට මිට වඩා ආධාර දී මාධ්‍යයයෙන් ප්‍රචාරයක්ද දුන්නා. පත්තරේකින් මේ යන්ත්‍රයේ පින්තුරයක් අපි දැක්කා මිස කිසිම විදිහකින් ජනතාව දැනුවත් කරන්නට මෙය රුපවාහිනි වැඩසටහනකින් පෙන්නුවෙවත් නැහැ. මේ තැනැත්තා පාසල් ශිෂ්‍යයෙක් නිසාද.? පිටිසර ගමක ඉපදුනු ගොවියෙකුගේ පුත්‍රයෙක් නිසාද.? දිළින්දෙක් නිසාද.? ගොවිතැනට සම්බන්ධ අමාත්‍යංශ කීපයක් සහ ආර්ථිකය සංවර්ධනයට අමාත්‍යාංශයක්ද ඇති ශ්‍රී ලංකාවේ අදාළ ඇමතිවරුනි, මේ ඔබේ අවධානය පිණිස ය.(ස)
කෘෂි උපකරණ ලංකාවට ගෙන්වන නමගිය දේශීය හා විදේශීය සමාගම් ලංකාවේ තියෙනවා. ඒවා අභිබවා ගොස් මේ තරුණයාට උදවු කරන්නට කාටවත් බැහැ. එකයි මේකට හේතුව. (ස)
මේවත් අපේ ජනාධිපතිට පේන්න ඕන. (ස)
යන්න පුතා ජිනසේන එකට. හම්බවෙන්න ලොක්කව .ඔයාට උදවිවක් කරාවි. (ස)
ලබන සැරේ චන්දෙ ඉල්ලමු. (ස)
පුතා නුඹ මගේ දරුවෙක් හා සමානයි. ඉතාම පරිස්සමින්. මේක ශ්‍රීම සිරි ලංකාව. ඔබගේ ජීවිතය විනසකර දම්මන්නත් කුහකයෝ පිරිසක් නොමැතියි නොසිතන්න. (ස)
විශිෂ්ඨයි ! (ස)
ජනාධිපතිට තිබුණ ඔයිට වැඩි දෙයක් කරන්න , හැකියාවක් නැතුව නොවේ. ඔබ හිත විරිය කර ගෙන ඉතා පරිස්සමින් ඉදිරියට යන්න අදිෂ්ඨාන කර ගන්න. (ස)
පසු තැවෙන්න එපා පුතේ. ඔයාට කවදා හෝ තැනක් ලැබෙනවා . ජය වේවා. !
ඕව හදල වැඩක් නැහැ මල්ලියේ කඩේ ගියානම් කෝටිගණන් සල්ලි, පාරට නමක්, හැම දේම උබට ලැබෙයි. (ස)
තවමත් රාජ්‍ය ආයතන වල නිලධාරිවාදය තදින් බල පවත්වනවා. මගේ නම තියෙන කට්ටිය ලොකුම ලොකු පුටුවල ඉඳගෙන ගම අමතක කරලා බව පෙනෙනවා. මේ වගේ දරුවෝ තව කී දෙනෙක් දක්ෂකම් ගොඩ දාගන්න බැරුව කෙඳිරි ගානවාද? ඒ දරුවන්ගේ දෙමාපියන් දරුවා වෙනුවෙන් හූල්ලනවා. එ්ක දෙවියන්ටවත් ඇහෙන්නේ නැහැ. (ස)
ලංකාවෙ ආණ්ඩුවට මේ දරුවගෙ වටිනාකම තේරෙන්නෙ නැද්ද? (ස)
ධම්මිකා, සුපර් ස්ටාර් වෙන්නේ ලංකාවේ, මේක ලෝක සම්මානයක්. මෝඩ කතා කියන්න එපා. (ස)
දුප්පතෙක් විදියට මෙයා ඉන්න නිසා තමයි මේ විදියට නව නිර්මාණ බිහි වුණේ. සල්ලි කාරයෝ මේ දේවල් කරන්නේ නැහැනේ. (ස)
මල්ලි ඔය පිටරටකට යන්න උත්සහ කරන්න ඔයාට ජය (අ)
මම මේ කල්පනා කරන්නේ ලෝකේ දෙවන තැන ලැබිලත් මේ කොල්ලට වටිනා කියන තෑග්ගක් දුන්නේ නැති තරගයක් සංවිධානය කල සංවිධායකයෝ කවුද කියලත් එහෙම තෑග්ගක් නොලබෙනවානම් අතින් කයිට් කරගෙන මේ වගේ තරග වලට යන මෝඩයෝ කවුද කියලත්..මේ තරුණය කියන කතාවට වඩා දෙයක් මෙතන තියෙනව කියල මට හිතෙන්නේ..මට සුසන්තිකාව මතක් වෙනවා. (අ)
ඔන්න අද රටේ දක්ෂයාට හිමි තැන (නි)
දක්ෂයෙක් .මේක වාණිජව නිපදවන්න ඔහුට අත දීම 150000 දෙනවට වඩා වටිනවා .නිර්මාණ කරන්න පුළුවන් දක්ෂයෝ නිර්මාණ නිසා අද හිරගෙදරත් ඉන්නවා මතකද අහුලපු තුවක්කුවක් බලාගෙන ආනයනය කල එකකට වඩා හොද ඒවා නිර්මාණයකර තරුණය .නීති විරෝධී වැඩක් තමයි.කරන්න තිබුනේ ඔහුගේ දක්ෂතාවයෙන් රටට ප්‍රයෝජන ගන්න (අ)
බන්දුල , සංවිධායකයන් ට කරන්න පුළුවන් උපරිම තමා ඒ මිනිස්සු කරලා තියෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ මේ ළමයාගේ සහජ දක්ෂතාව අන්දගොලු බිහිරි වග කිව යුත්තන් ඉන්න ලංකාවට දැන ගන්න ලැබුනෙත් මේ තරඟය නිසා. වැදගත් වෙන්නේ සහභාගිත්වය. රටේ වගකිවයුතු අයට තමා ළමයාට ඉදිරියට අත දීමේ පුළුවන් කම තියෙන්නේ. නාසා ආයතනය ට මේ ළමයාගේ හතර වරිගය ජීවත් කරවීමේ වගකීම ගන්න බැහැනේ.
ඔච්චර මහන්සිවෙලා, මොලේ වෙහෙසවල, කැපකිරීමක් කරලා ගොවිතැනට ප්‍රයෝජනවත් යන්ත්‍රයක් ඔබ තැනූවේ නාසා එකෙන් සහතික අරගෙන කීර්තිමත් සුපර්ස්ටාර් කෙනෙක් වෙලා නාසා එකෙන් මුදල් ප්‍රදානයක් බලාපොරොත්තුවෙන් නම් නොවන බව මගේ විශ්වාසයයි. ඔබ තනියම පටන්ගත් මේ කාර්යය ඔබ තනියම ජයග්‍රහණය කර ගෙන ය යුතුයි. මෙයට අතදීමට හැකි රාජ්‍ය මෙන්ම, පෞද්ගලික ආයතන ලංකාවේ තියෙනවා. පුද්ගලයෝ ඉන්නවා. උත්සහ කරන්න. ලංකාව් බැරිනම්, විදේශීය තානාතිපති කාර්යාල කර යන්න. ඔබගේ හිමිකම් අයිතිය තබාගෙන විදේහීය සමාගමක් හා එක්ව ගුණාත්මක නිමවුමක් ලෙස වෙළඳපලට සැපයීමට උත්සහ කරන්න. යන්ත්‍රය නිපදවීමට ඔබට තිබූ ශක්තියම, ඉතුරු කටයුතු ජය ගැනීමට ඔබට උපකාර වේවි. (අ)
ගරු ජනාදිපති තුමනි ඇයි මේ වගේ අහිංසක උගත් දරුවන්ට ඇස් යොමු කරන්න බැරි? අද අපේ රටේ මේ වගේ උගත් පිරිස ගොඩක් සිටිනවා එහෙත් අත දෙන්න කව්රුත් නැත. අපේ රටේ අනවශ්‍ය දේවල් වලට කොපමණ මුදල් යොදවනවද මේ වගේ මොළ වලට අනිවාර්යෙන්ම අපි උදව් කර යුතුයි.අපිට පුළුවන් උදව්වක් කරන්න අපි උත්සා කරනවා. රජයෙන් මේ වගේ දේවල් වලට අනිවාර්යෙන්ම ඇස් යොමු විය යුතයි. (අ)
කාටවත් බැරිද දුෂ්ට දේශපාලකයන් ඉබේම අලුවෙලා යන යන්ත්‍රයක් හදන්න? (නි)
මේ දරුවාට උදව් කරන්න වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)
පුතේ, ඔයාගේ ගිණුම් අංකය දමන්න. පිටරටවල ඉන්න යහපත් මිනිස්සු ඔයාට උදව් කරයි. ඔයාට ලංකාවේ හොඳ අනාගතයක් නැහැ වගේ මට පෙනෙන්නේ. (නි)
අසංග මොනවා කියවනවාද මන්දා? (නි)
ඇත්තෙන්ම මෙවන් උගතුන් අපේ රටට වාසනාවක්. ඔවුන් රැකගැනීම අපේ යුතුකමක් නොවේද? (නි)
අපේ රට ශ්‍රී ලංකාවනේ සහෝදරයා....! (නි)
ඒක ඉතින් එයාගේ හැකියාව. ඒ හැකියාවට තැනක් නොදෙන එක අපේ රටේ අවාසනාව... (නි)
සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න හිතන තරම් පහසු නැහැ (නි)
ලංකාවේ වැඩි හරියක් ඉන්නේ ධම්මිකා වගේ අය. (නි)
අර දුවපු කෙනෙකුට නම් ලක්ෂ 20ක් ලැබුණා. ප්‍රාඩෝ එකක් තව මොන මොනවද . මේක ලෝකෙට වටිනා දෙයක් උනාට ලංකාවට නොවටිනා දෙයක් වෙන්න ඇති (ස)
මේක ලංකාව කියලා අමතක වුණාද මල්ලී? (නි)
නාසා එකට බැනල වැඩක් නෑ පුතේ ...ඔයාට අත දෙන්න ඕන ලංකාවෙන් .... නාසා එකෙන් කරන්නේ කුඹුරු වැඩ නෙමෙයි. (ස)
මන්ත්‍රීලා ට බෙහෙත් ගන්න රට යන්න මීට වැඩිය ලක්ෂ ගණන් දුන්නා. (ස)
සුපර්ස්ටාර් වෙන්නත් නිකම්ම බැහැ මල්ලී (නි)
බෙනට්, ඔබ වැරදියි. (නි)
මම රේ විජයවර්දන මහත්මයාගේ ව්‍යාපෘතියක එකක වැඩ කලා.එතුමා මට පෞද්ගලිකවම කිව්වා අත් ටැක්ටර් එක නිර්මාණය කරලා එ්ක ගණන් ගත්තේ නැතුවට පස්සේ ජපානේ සමාගමක් එක්ක එකතු වෙලා එහේ එක නිපදවන ව්‍යාපාරයක් කරනවා කියල.(ස)
මටත් මේ යන්ත්‍රය ගැන අවබෝධයක් නැහැ.නමුත් ලංකාවේ කොල්ලන්ගේ දක්ෂකම ගැන මා ඉතා හොඳින් දන්නවා. හැකි ඉක්මනට මෙම යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රයක් ගෙන ඔය යන්ත්‍ර නිෂ්පාදන ආයතනයක් සමඟ සම්බන්ධ වෙන්න. (නි)
නිපුනතා සංවර්ධන ඇමති තුමනි, ඔබට මෙයට කරන්න පුළුවන් දෙයක් කියන්න බලන්න (නදී)
පුතේ, උඹ මේ ආපු ලොකු දුර ආ විදියටම ඉදිරියටම යන්න උඹට ශක්තිය තියනවා. අපේ දේශපාලඥයෝ ප්‍රසිද්දිය නැතුව වැඩ කරන්න අකමැතියි. උන්ගෙන් වැඩිය බලාපොරොත්තු වෙන්න එපා.(නදී)
ඔයා පුතා වෙන රටකට යන්න බලන්න. ඔයාව ඔලුව උඩින් තියාගෙන සලකයි. අපේ අයට ඕවගේ අගයක් නැහැ. ඔයාට කොහොම හරි රට යන්න ලැබේවා කියා මම ප්‍රාර්තනා කරනවා. (නදී)
ඕක පිටරටකට විස්තරාත්මකව ලියලා හදාගෙන යවන්න බලන්න. ඔයාට අනිවාර්යෙන්ම පිළිතුරක් ලබෙයි.(නදී)
මල්ලි, ඔයා සැලෙන්න එපා , මයික්‍රෝ සමාගමේ සභාපති ට සලකපු නැති රජය , ඔයා ගැන කුමන කතාද , මේකට අදහස් දාපු හැමෝටම මේ කියන්නේ , අපි මේ කොල්ලට උදවු කරමු. (ස)
මේ ළමයා හම්බන්තොට වුනා නම් මීට වඩා සැලකිල්ලක් ලැබෙනවා. තඹුත්තේ ගමෙන් බිහිවූ ජවිපෙ නායකතුමාවත් මොනවා හරි කරන්න බලන්න. (නදී)
මීට කලිනුත් කොච්චර දේවල් සොයාගත්තාද? ඒ අයට මොකද වුණේ? ආශ්චර්යය මේක තමා. (නි)