IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නොහැදු වැසිකිළි ගැන ලොක්කිගේ පුතාගෙනුත් ප්‍රශ්න කරයි

අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ වැසිකිළි ඉදි කිරීමේ රුපියල් එක්කෝටි අනූ ලක්ෂයේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් එහි හිටපු ස්ථාන පරිපාලක ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධනගේ දා හත් හැවිරිදි පුතාගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රහස් පොලිසියට අද (21) අවසර දුන්නේය.

ප්‍රධාන සැකකරිය වන කාන්ති ගුණවර්ධන අගොස්තු 28 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස  මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙම තාවකාලික වැසිකිළි ඉදි කිරිමේ කෙන්ත්‍රාත්තුව ගත් බව කියන එම් එම් සරත්චන්ද්‍ර ඒකනායක ඇප මත මුදා හරිනු ලැබ සිටී.

 



අදහස් (0)

නොහැදු වැසිකිළි ගැන ලොක්කිගේ පුතාගෙනුත් ප්‍රශ්න කරයි

කින් බෙනට් Wednesday, 21 August 2013 06:25 PM

ඇයි අනේ මේ රටේ හැමතැනම වෙන දේවල් වලින් සමහර ඒවා විතරක් අහුවෙන්නේ ? කාටවත් පංගුවක් දෙන්නේ නැතුව තනියම වැසිකිලි ටිකේ ජරාව කන්න ගිය හින්දද ? (ස)

:       0       0

චන්දි Wednesday, 21 August 2013 06:40 PM

පොදු දේපල හොරකම් කරන සැමදෙනාටම මෙලොව සහ පරලොව වශයෙන් දඩුවම් දෙකක් ලැබෙනවා. සුළු වශයෙන් කළත් මහා පරිමානයෙන් කළත් හොරකම හොරකමමයි. අයතා ක්‍රම වලින් තාවකාලික සුවයක් ලැබෙනවා වගේ දැනෙනවා.නමුත් වීදිනකොට ආත්ම ගණනක් ගෙව්වත් ඉවර කරන්න බැහැ, හේතුපල ධර්මය එයයි. (නි)

:       0       0

යෙපා Wednesday, 21 August 2013 06:51 PM

ආසියාවේ ආශ්චර්යය දෝරේ ගලනවා (නි)

:       0       0

සුනෙත් Thursday, 22 August 2013 10:02 AM

මෙතුමිය ඔය වැඩේට ටිකක් පල පුරුද්ද මදි වගේ.. (දී)

:       0       0

දිසානායක Wednesday, 21 August 2013 07:22 PM

චි විතරක් ඒ නෝනා කක්කා වලෙනුත් අනුබව කරලා (අ)

:       0       0

පෙරේරා Thursday, 22 August 2013 10:46 AM

ඇමතිලාට ගසා කන්න දීලා නෝනා පැත්තකට උනා නම් ඉවරයි... වැල යන අතට මැස්ස නොගහල වීරවරියක් වෙන්න ගිය එකට ඔන්න දඬුවම.... (දී)

:       0       0

සේපාලි Wednesday, 21 August 2013 07:43 PM

හොඳ වැඩේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලිවලින් පඩි ගන්න ඔය වගේ නෝනලාගේ වැරදි වලට දැඩි දඩුවම් දෙන්න ඕන. (අ)

:       0       0

ශාන්ත Wednesday, 21 August 2013 07:59 PM

අවුරැදු 17ක දරුවෙකු වංචාවකට යොදවලාද? (අ)

:       0       0

ද සිල්වා Wednesday, 21 August 2013 08:03 PM

අනේ මේ විදියට හොරා කන්නේ අහිංසක මිනිස්සුන්ගේ සිනි 250 , පරිප්පු ටිකෙන් ගන්න බදුවල ගන්න සල්ලි නේද ? අනේ දෙවියනේ අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි පිල්ලි ගහන මිනිස්සුන්ට ජාති ජතිති පඩි සන්දෙන්න ඕනේ , චිනේ වගේ රටවල මේ වගේ අයව ප්‍රසිධියේ කස පහරදී වෙඩි තබා මර දමයි (අ)

:       0       0

සදුනි Wednesday, 21 August 2013 08:28 PM

මෙයා පුංචි හාල් මැස්සියෙක් විතරයි.තෝරු මෝරු එළියේ (අ).

:       0       0

මානගේ Wednesday, 21 August 2013 08:34 PM

මේවා මෙහෙම වුනේ, කොටස් බෙදා ගැනිල්ලේ පටලවිල්ලක්වත් වෙලාද? (අ)

:       0       0

ද සිල්වා Wednesday, 21 August 2013 08:37 PM

අනේ දෙවියනේ මට මෙයාල අහුවුනොත් හිරේ ගියත් කමක් නැහැ කියල හොද වැඩක් කරනවා ආයෙත් මේවගේ වැඩ නොකරන්න ,(අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 August 2013 09:45 PM

රට කරවන අයට දැන් කෝටියක් කියන්නේ හරියට කජු ඇට කොස් ඇට වගෙයිනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 August 2013 09:48 PM

ලංකාව හැම අතින්ම විනාශම කරලා ඉවරයි.දැන් විනාස කරන්න තවත් ඉතිරි වෙලා නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 21 August 2013 10:05 PM

එතකොට ලැම්බෝගිනි වාහන ගෙනාපු සමහර ඇමති පුත්තුන්ගේ සල්ලි ආපු හැටි හොයන්න බැරිද? (නි)

:       0       0

සුනිල් Thursday, 22 August 2013 11:02 PM

මේ නෝනා ඉස්සර හොඳ දැල්පන්දු ක්‍රීඩිකාවක් නේද? (නි)

:       0       0

මනෝහරන් Thursday, 22 August 2013 11:19 PM

මෙහෙ දැන් එහෙම පිටින්ම වැසිකිළියක් තමයි (නි)

:       0       0

මංගල කොලොන්නාව Thursday, 22 August 2013 05:09 PM

මේ සිද්ධියෙන් පස්සේ මේ නෝනගේ ලගම ඥාතියෙක් රට පැනලලු. දෙයියෝ දනී අපි නොදනී.(නදී)

:       0       0

සුනිල් Thursday, 22 August 2013 11:24 PM

දම්ම, ඔයා මොකද ලොක්කිගේ මහත්තයා ගැන හොයන්නේ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 21 August 2013 11:41 PM

තව ටික දවසකින් නිකම්ම එලියට ඒවි (නි)

:       0       0

රත්නායක Thursday, 22 August 2013 12:26 AM

මගේ දරුවෝ තුන් දෙනා ලොකු මහත්වෙලා ඒ වගේ හැදෙනවා දකින්න මම කැමති නැහැ (නි)

:       0       0

බණ්ඩා Thursday, 22 August 2013 12:40 PM

උපාලි කියන ඔය වැව් අනුරාධපුරේ පැත්තේ ඕන තරම්. මේ තියෙනවා මේ නෑ බලනකොට ඇත්තටම නෑ , තියෙන්නේ පොත්වල විතරයි (දී)

:       0       0

චන්දි Thursday, 22 August 2013 12:33 AM

හා,හා, ද සිල්වා කලබල කරගන්න එපා අනේ !!! ටිකක් ඉවසන්නකෝ .., ඉක්මන් කොටයිලු !!!! (නි)

:       0       0

ධම්ම Thursday, 22 August 2013 01:33 AM

මේ නෝනගේ බාල වයස්කාර පුත්‍රයා ගැන මිසක් මහත්තයා ගැන සඳහනක් නැත්තේ මොකද දන්නේ නැහැ (නි)

:       0       0

ගයා Thursday, 22 August 2013 05:54 AM

අනේ මේ විදියට හොරා කන්නේ අහිංසක මිනිස්සුන්ගේ සීනි 250 , පරිප්පු ටිකෙන් ගහන බදුවලින් ගන්න සල්ලි නේද ? අනේ දෙවියනේ අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි පිල්ලි ගහන මිනිස්සුන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕනෑ. චීනය වගේ රටවල මේ වගේ අයව ප්‍රසිද්ධියේ කස පහරදී වෙඩි තබා මරා දමනවා (නි)

:       0       0

උපාලි Thursday, 22 August 2013 06:13 AM

මට මතක් වෙනවා අපේ කෙනෙක් රුසියාවට ගියාම වුණු දේ. එහෙදී අදාළ ඇමති හමුවෙලා කතාබහ කරලා හවස පිළිසඳරක යෙදෙන ගමන් රුසියානු ලොක්කා කිව්වලු 'එන්නකෝ වැඩක් පෙන්නන්න, පේනවද අර ඈත පේන පාලම'? අපේ එක්කෙනා කිව්වා 'ඔව් ඔව් හරි ෂෝක් පාලමක් නොවැ'. "සීයට විස්සයි" රුසියානු ලොක්කා ලොකු හිනාවක් දාලා කිව්වා. කාලෙකට පස්සේ ඒ ලොක්ක මෙහෙ ආව වෙලාවේ අපේ එක්කෙනා හවස එයත් එක්ක පිළිසඳරේ යෙදෙන ගමන් කිව්වා 'එන්නකෝ වැඩක් පෙන්නන්න, පේනවද අර ඇත තියෙන වැව'. අරයත් බැලුවා, බැලුවා, ම්හ්. වැවක් නැහැ. "කෝ, මට පේන්නේ නැහැනේ වැවක්'. අපේ එක්කෙනා කියනවා ලොකු හිනාවකුත් එක්ක: 'සීයට සීයයි'. මේ ලොක්කිත් වැසිකිළි ටික ඔය විදිහට පරීක්ෂකවරුන්ට පෙන්නුවා නම් හරිනේ. (නි)

:       0       0

වරුණ Wednesday, 21 August 2013 04:46 PM

අනේ නෝනා, හිරේ තනියෙන් දුක් විඳින්නේ නැතුව ඔය ඩීල් එකට හවුල් අනිත් කට්ටියගේත් නම් කිව්වා නම් ඉවරනේ අධිකරණෙදී ? (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Thursday, 22 August 2013 06:40 AM

නියම හොරකමක්නේ... (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 August 2013 04:53 PM

වැරදි කරන නෝනලාට හොඳ පාඩම්,වරුණගේ උපදෙස් කාලෝචිතයි. (ස)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 22 August 2013 01:39 PM

නඩුවකින් වැරදී කරුවකු වන තුරු . මෙම කාන්තාව නිර්දෝෂී කෙනෙක් . එනිසා අපහාස කිරීමෙන් වලකින්න (දී)

:       0       0

රාහුල Wednesday, 21 August 2013 05:03 PM

සියලුම දේ එළි වේවි.(ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 21 August 2013 05:06 PM

මේවා කරන අයගෙන් ඉතින් කියෙන් කීදෙනාද අහුවෙන්නේ? බහුතරයක් දෙනා යහමින් වැජඹෙනවා. (නි)

:       0       0

බමුණු Thursday, 22 August 2013 01:45 PM

ගෙදර වැසිකිලිය වත් හදාගෙන තිබෙනවද? (ස)

:       0       0

විතානගේ Wednesday, 21 August 2013 05:09 PM

පුතා මොනවා කරන්නද

:       0       0

අනුර පනාගොඩ Wednesday, 21 August 2013 05:18 PM

මගේ අම්මෝ! වැසිකිලිය මෙච්චර ගණන් නම් මේකට දාන ඒවාත් රත්තරන් වෙන්න එපැයි (නි)

:       0       0

ටිරල් Wednesday, 21 August 2013 05:21 PM

නෝනා මගේ සුදු නෝනේ, කොහෙන්ද වැසිකිළියට මුදල් ? (නි)

:       0       0

අසෝක Wednesday, 21 August 2013 05:22 PM

දෙමව්පියන්ගේ වැරදිවලට දරුවොත් විඳවනවා .ඊට පස්සේ දරුවා යන්නෙත් ඒ පාරේ. (ස)

:       0       0

කැනඩා දිසා Thursday, 22 August 2013 08:42 AM

ලොක්කිට කියන්න බැහැ කව්ද එයාගේ පිටිපස්සේ ඉන්නේ කියලා.ඔය ලොක්කි දන්නවා මොන ලොක්කටද මේ සල්ලි යන්නේ කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 21 August 2013 05:42 PM

බයනැතුව හවුල්කාරයෝ හෙළි කරන්න (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 21 August 2013 05:52 PM

දැන් ඔය වරද කළ බවට හේතු සාධක සහිතව ඔප්පු වෙලා නෙමේද නිලධාරිනියව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? අනික සැක හිතුනා නම් හිරේ දාලා ඊට පස්සේ පරීක්ෂණ පවත්වන එකනේ හරි ක්‍රමය. (නි)

:       0       0

කෙවින් Wednesday, 21 August 2013 05:54 PM

එතකොට සුනාමි හොරුන්ට මොකද වෙන්නේ. (නි)

:       0       0

රාජුන් Thursday, 22 August 2013 09:16 AM

මෙයා මීට ඉස්සෙල්ලත් අහු වෙන්නේ නැතිව මේ වගේ වැඩ කිඩ පෙන්නලා තියෙනවද දන්නේ නෑ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 718 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 259 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 727 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1980 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 248 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2171 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35505 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site