අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ වැසිකිළි ඉදි කිරීමේ රුපියල් එක්කෝටි අනූ ලක්ෂයේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් එහි හිටපු ස්ථාන පරිපාලක ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධනගේ දා හත් හැවිරිදි පුතාගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රහස් පොලිසියට අද (21) අවසර දුන්නේය.
ප්‍රධාන සැකකරිය වන කාන්ති ගුණවර්ධන අගොස්තු 28 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙම තාවකාලික වැසිකිළි ඉදි කිරිමේ කෙන්ත්‍රාත්තුව ගත් බව කියන එම් එම් සරත්චන්ද්‍ර ඒකනායක ඇප මත මුදා හරිනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මීට ඉස්සෙල්ලත් අහු වෙන්නේ නැතිව මේ වගේ වැඩ කිඩ පෙන්නලා තියෙනවද දන්නේ නෑ! (ස)
ලංකාව හැම අතින්ම විනාශම කරලා ඉවරයි.දැන් විනාස කරන්න තවත් ඉතිරි වෙලා නැහැ. (නි)
එතකොට ලැම්බෝගිනි වාහන ගෙනාපු සමහර ඇමති පුත්තුන්ගේ සල්ලි ආපු හැටි හොයන්න බැරිද? (නි)
තව ටික දවසකින් නිකම්ම එලියට ඒවි (නි)
මගේ දරුවෝ තුන් දෙනා ලොකු මහත්වෙලා ඒ වගේ හැදෙනවා දකින්න මම කැමති නැහැ (නි)
හා,හා, ද සිල්වා කලබල කරගන්න එපා අනේ !!! ටිකක් ඉවසන්නකෝ .., ඉක්මන් කොටයිලු !!!! (නි)
මේ නෝනගේ බාල වයස්කාර පුත්‍රයා ගැන මිසක් මහත්තයා ගැන සඳහනක් නැත්තේ මොකද දන්නේ නැහැ (නි)
අනේ මේ විදියට හොරා කන්නේ අහිංසක මිනිස්සුන්ගේ සීනි 250 , පරිප්පු ටිකෙන් ගහන බදුවලින් ගන්න සල්ලි නේද ? අනේ දෙවියනේ අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි පිල්ලි ගහන මිනිස්සුන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕනෑ. චීනය වගේ රටවල මේ වගේ අයව ප්‍රසිද්ධියේ කස පහරදී වෙඩි තබා මරා දමනවා (නි)
මට මතක් වෙනවා අපේ කෙනෙක් රුසියාවට ගියාම වුණු දේ. එහෙදී අදාළ ඇමති හමුවෙලා කතාබහ කරලා හවස පිළිසඳරක යෙදෙන ගමන් රුසියානු ලොක්කා කිව්වලු 'එන්නකෝ වැඩක් පෙන්නන්න, පේනවද අර ඈත පේන පාලම'? අපේ එක්කෙනා කිව්වා 'ඔව් ඔව් හරි ෂෝක් පාලමක් නොවැ'. "සීයට විස්සයි" රුසියානු ලොක්කා ලොකු හිනාවක් දාලා කිව්වා. කාලෙකට පස්සේ ඒ ලොක්ක මෙහෙ ආව වෙලාවේ අපේ එක්කෙනා හවස එයත් එක්ක පිළිසඳරේ යෙදෙන ගමන් කිව්වා 'එන්නකෝ වැඩක් පෙන්නන්න, පේනවද අර ඇත තියෙන වැව'. අරයත් බැලුවා, බැලුවා, ම්හ්. වැවක් නැහැ. "කෝ, මට පේන්නේ නැහැනේ වැවක්'. අපේ එක්කෙනා කියනවා ලොකු හිනාවකුත් එක්ක: 'සීයට සීයයි'. මේ ලොක්කිත් වැසිකිළි ටික ඔය විදිහට පරීක්ෂකවරුන්ට පෙන්නුවා නම් හරිනේ. (නි)
නියම හොරකමක්නේ... (නි)
ලොක්කිට කියන්න බැහැ කව්ද එයාගේ පිටිපස්සේ ඉන්නේ කියලා.ඔය ලොක්කි දන්නවා මොන ලොක්කටද මේ සල්ලි යන්නේ කියලා (නි)
රට කරවන අයට දැන් කෝටියක් කියන්නේ හරියට කජු ඇට කොස් ඇට වගෙයිනේ. (නි)
මෙතුමිය ඔය වැඩේට ටිකක් පල පුරුද්ද මදි වගේ.. (දී)
ඇමතිලාට ගසා කන්න දීලා නෝනා පැත්තකට උනා නම් ඉවරයි... වැල යන අතට මැස්ස නොගහල වීරවරියක් වෙන්න ගිය එකට ඔන්න දඬුවම.... (දී)
උපාලි කියන ඔය වැව් අනුරාධපුරේ පැත්තේ ඕන තරම්. මේ තියෙනවා මේ නෑ බලනකොට ඇත්තටම නෑ , තියෙන්නේ පොත්වල විතරයි (දී)
නඩුවකින් වැරදී කරුවකු වන තුරු . මෙම කාන්තාව නිර්දෝෂී කෙනෙක් . එනිසා අපහාස කිරීමෙන් වලකින්න (දී)
ගෙදර වැසිකිලිය වත් හදාගෙන තිබෙනවද? (ස)
මේ සිද්ධියෙන් පස්සේ මේ නෝනගේ ලගම ඥාතියෙක් රට පැනලලු. දෙයියෝ දනී අපි නොදනී.(නදී)
මේ නෝනා ඉස්සර හොඳ දැල්පන්දු ක්‍රීඩිකාවක් නේද? (නි)
මෙහෙ දැන් එහෙම පිටින්ම වැසිකිළියක් තමයි (නි)
දම්ම, ඔයා මොකද ලොක්කිගේ මහත්තයා ගැන හොයන්නේ? (නි)
ඇයි අනේ මේ රටේ හැමතැනම වෙන දේවල් වලින් සමහර ඒවා විතරක් අහුවෙන්නේ ? කාටවත් පංගුවක් දෙන්නේ නැතුව තනියම වැසිකිලි ටිකේ ජරාව කන්න ගිය හින්දද ? (ස)
වැරදි කරන නෝනලාට හොඳ පාඩම්,වරුණගේ උපදෙස් කාලෝචිතයි. (ස)
සියලුම දේ එළි වේවි.(ස)
මේවා කරන අයගෙන් ඉතින් කියෙන් කීදෙනාද අහුවෙන්නේ? බහුතරයක් දෙනා යහමින් වැජඹෙනවා. (නි)
පුතා මොනවා කරන්නද
මගේ අම්මෝ! වැසිකිලිය මෙච්චර ගණන් නම් මේකට දාන ඒවාත් රත්තරන් වෙන්න එපැයි (නි)
නෝනා මගේ සුදු නෝනේ, කොහෙන්ද වැසිකිළියට මුදල් ? (නි)
දෙමව්පියන්ගේ වැරදිවලට දරුවොත් විඳවනවා .ඊට පස්සේ දරුවා යන්නෙත් ඒ පාරේ. (ස)
බයනැතුව හවුල්කාරයෝ හෙළි කරන්න (නි)
දැන් ඔය වරද කළ බවට හේතු සාධක සහිතව ඔප්පු වෙලා නෙමේද නිලධාරිනියව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? අනික සැක හිතුනා නම් හිරේ දාලා ඊට පස්සේ පරීක්ෂණ පවත්වන එකනේ හරි ක්‍රමය. (නි)
එතකොට සුනාමි හොරුන්ට මොකද වෙන්නේ. (නි)
අනේ නෝනා, හිරේ තනියෙන් දුක් විඳින්නේ නැතුව ඔය ඩීල් එකට හවුල් අනිත් කට්ටියගේත් නම් කිව්වා නම් ඉවරනේ අධිකරණෙදී ? (ස)
පොදු දේපල හොරකම් කරන සැමදෙනාටම මෙලොව සහ පරලොව වශයෙන් දඩුවම් දෙකක් ලැබෙනවා. සුළු වශයෙන් කළත් මහා පරිමානයෙන් කළත් හොරකම හොරකමමයි. අයතා ක්‍රම වලින් තාවකාලික සුවයක් ලැබෙනවා වගේ දැනෙනවා.නමුත් වීදිනකොට ආත්ම ගණනක් ගෙව්වත් ඉවර කරන්න බැහැ, හේතුපල ධර්මය එයයි. (නි)
ආසියාවේ ආශ්චර්යය දෝරේ ගලනවා (නි)
චි විතරක් ඒ නෝනා කක්කා වලෙනුත් අනුබව කරලා (අ)
හොඳ වැඩේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලිවලින් පඩි ගන්න ඔය වගේ නෝනලාගේ වැරදි වලට දැඩි දඩුවම් දෙන්න ඕන. (අ)
අවුරැදු 17ක දරුවෙකු වංචාවකට යොදවලාද? (අ)
අනේ මේ විදියට හොරා කන්නේ අහිංසක මිනිස්සුන්ගේ සිනි 250 , පරිප්පු ටිකෙන් ගන්න බදුවල ගන්න සල්ලි නේද ? අනේ දෙවියනේ අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි පිල්ලි ගහන මිනිස්සුන්ට ජාති ජතිති පඩි සන්දෙන්න ඕනේ , චිනේ වගේ රටවල මේ වගේ අයව ප්‍රසිධියේ කස පහරදී වෙඩි තබා මර දමයි (අ)
මෙයා පුංචි හාල් මැස්සියෙක් විතරයි.තෝරු මෝරු එළියේ (අ).
මේවා මෙහෙම වුනේ, කොටස් බෙදා ගැනිල්ලේ පටලවිල්ලක්වත් වෙලාද? (අ)
අනේ දෙවියනේ මට මෙයාල අහුවුනොත් හිරේ ගියත් කමක් නැහැ කියල හොද වැඩක් කරනවා ආයෙත් මේවගේ වැඩ නොකරන්න ,(අ)