IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘නළු නිළියො ඔක්කොම එක පවුලක්’

   

නදීෂානි නිලූක්ෂිකා වන ඇය කලා ක්ෂේත‍්‍රයට යොමුවුණේ නිරූපණ ශිල්පිනියක ලෙසය. ඉන්පසු හිරු ටී.වී. ආයතනයේ නිවේදිකාවක ලෙස වසර දෙකහමාරක් පමණ කටයුතු කළාය. ඉන්පසු දෙරණ ටී.වී. නිවේදිකාවක වූ ඇය පසුව රූපවාහිනී වෙළඳ දැන්වීම් සමග කාර්යබහුල වූවාය. නදීෂානි DSC_2716මේ වන විට දැන්වීම් පනහකට ආසන්න සංඛ්‍යාවකට පෙනී සිට ඇත. ඊටත් අමතරව ගීත ඇල්බම සඳහා රූපරචනා රැුසකට රංගනයෙන් දායකව ඇත. නමුත් ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා නදීෂානි ගැන කතා කිරීමට පටන්ගත්තේ ”වරිග පොජ්ජ” චිත‍්‍රපටය සමගය. අද නම් ඇය ගැන බොහෝ දෙනා කතාවන්නේ, දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ”කොම්බි” නාට්‍ය නිසාය. එතැන් සිට අපි ඇය සමග කතා බහකට එක්වෙමු.

 


01 නදීෂානි කියන්නද? නිලූක්ෂිකා කියන්නද?
ඒ දෙකම කියන්න.


01 ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ ගම පානදුර. ඉගෙන ගත්තෙ ශාන්ත ජෝෂප් බාලිකාවෙන් (පානදුර*. පවුලේ අම්මා, තාත්තා සහ අයියලා තුන්දෙනයි. මම බාලයා.


01 ඉගෙන ගත්තෙ මොනවගේ අරමුණක් ඇතිවද?
පාසල් යන කාලයේදී ඇත්තටම මම දක්ෂ වුණේ ක‍්‍රීඩා අංශයටයි. ඒත් එක්කම සහජ හැකියාවන් තිබුණා. වේදිකාවේ කෙරෙන දේවලට වගේම විවිධ අංශවලට හැකියාවක් තිබුණා. ඒ නිසා කවදාහරි ඒ අංශයකින් ඉදිරියට යන්න  ඕනෑ කියලා හිතුවා. කලා අංශය තෝරා ගත්තෙ ඒ නිසයි.


01 පවුලේ එකම ගැහැනු ළමයා මේ විදියට සමාජගත වීම ගැන ගෙදර අය මොනවද කිව්වෙ?
අයියලා තුන්DSC_2701දෙනා නම් එදා එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන්ම ලොකු අයියා අකමැති වුණා. මේ ක්ෂේත‍්‍රයේ හැදෙන කටකතා ගැන ඒ අය බයවුණා. නමුත් අපි හරිදේ තෝරාගෙන හරි දේ කළා නම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. මම අනුගමනය කළේ ඒ දේවල්. ඒ නිසා මට වැරදුණේ නැහැ. අම්මා අදටත් මගේ හෙවනැල්ල වෙලා මා එක්ක එනවා. අද අයියලා තුන්දෙනා වගේම තාත්තාත් සතුටු වෙනවා. මේ සියලූ දේවල් මම ගොඩනගා ගත්තෙ තනියම කිව්වොත් හරි.


01 ඒ කිව්වෙ?
පංතිවලට ගිහින් රංගනය ගැන, කලාව ගැන ඉගෙන ගන්න අවකාශය තිබුණෙ නැහැ. පංතිවලට ගිහින් රංගනය ගැන හදාරන්න තිබුණා නම් හොඳයි. ඒත් මට සිද්ධ වුණේ හැමදෙයකම ආභාෂය ලබමින් ගමනක් යන්නයි.


01 එවැනි වාතාවරණයක් රටේ තිබියදී ඇයි ඔබ රංගනයම තෝරා ගත්තෙ?
 ඕනෑම කෙනෙකුට තමුන් කැමති දෙයක් ඇෙඟ් තියෙනවනෙ. ඉතින් මගේ කැමැත්ත තිබුණෙ මේ අංශයටයි.

6
01ඇයි ඒ? එයින් ලැබෙන ජනප‍්‍රියත්වය නිසාද?
ජනප‍්‍රියත්වය කියන්නෙ එක දෙයක්. නමුත් ගොඩාක් අය ආදරය කරන අංශයක්. රංගනය කියන්නෙ තව කෙනෙක් සතුටු කරවන අංශයක්. මිනිස්සු සතුටු කරවලා පෙරලා ඔවුන්ගෙන් ලබන ආදරය ඇත්තටම වටිනවා. රංගනය කියන්නෙ ඇත්තටම වාසනාවක්. ඒකට වාසනාවත් තියෙන්න  ඕනෑ.


01 ඒ කියන්නෙ කේන්දරය එහෙම බලල ද රංගනයට ආවේ?
ජ්‍යොතිෂය ගැන ටිකක් විතර දන්නවා. මොකද ”හිරු” ටී.වී. එකේ නිවේදනය කරද්දි, ඒ අංශයේ වැඩසටහන් කළා. හැබැයි කොහොමටත් මාස තුන හතරකට සැරයක්, අම්මා කේන්දරය බලන්න යනවා.


01 මොකක්ද කේන්දරයට කියලා තිබුණෙ?
දිදුලන තරුවක් වේවි කියලා තිබුණා. දැනට මං බොහොම පුංචි තරුවක් තමයි, ඉදිරියට දිදුලන තරුවක් වේවි.


01 ඇයි තරුවක් වෙන්න එච්චරටම ආසා?
මම හිතන්නෙ ප‍්‍රකාශ නොකළත්,  ඕනෑම කෙනෙක් කැමති තරුවක් වෙන්නයි. හැබැයි හැමෝටම තරුවක් වෙන්න පුළුවනි. ඒත් දිදුලන තරුවක් වෙන්න හැමෝටම බැහැ. මේ තරු ගමන එන්න බොහෝ අයට අවස්ථා ලැබෙන්නෙත් අඩුවෙන්.


01 ඔබ කොහොමද අවස්ථා ලබාගත්තෙ?
මේක ඇත්තටම අහම්බයක් නෙවෙයි. හැබැයි මේ වෙනුවෙන් අමුතුවෙන් දේවල් කළෙත් නැහැ. ඉස්සරහට යද්දි අත්වැලක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් හැදෑරීම අවශ්‍යයි. මේ දිනවල මම ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරා මහතාගෙ රංග පාසලට යනවා. අඩියෙන් අඩිය පියවරෙන් පියවර ගියාම තව තව අවස්ථා ලැබේවි. ඒ ඔක්කෝටම වාසනාවත් බලපාන බව කියන්නම වෙනවා.


01 ”කොම්බි” චරිතය ගැන කතා කළොත්?
සෑහෙන අභියෝගාත්මක චරිතයක්. මෙහි රූගත කිරීම් සිදුකළ දර්ශන තල පිහිටා තිබුණෙ අතිශය දුෂ්කර තැන්වල. ගාමිණී සිල්වා මහතා ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගත්තා. ටිකිරි රත්නායක මහතාගෙන් විශේෂිත සහයෝගයක් ලැබුණා. දවසක් අපි ෂූටිං කරමින් සිටියදී එක පාරටම මහා වැස්සක් ඇද හැලූනා. අපි හිටියෙ බඹරගල කන්ද අසල ගල්ගුහාවක් ඇතුළෙ. වැස්ස නිසා මහා රූස්ස ගහක් කඩාගෙන වැටුණා. අපිට එළියට එන්න විදියක් පවා තිබුණෙ නැහැ. එදා නම් අපි හොඳටෝම බය වුණා.


01 මේ කොම්බි කතාව ගැන කෙටියෙන් කිව්වොත්?
1818 කාලයේ සත්‍ය සිදුවීමක් අලලා කළ කතාවක්. මඩුගල්ලෙ නිලමෙ බලාපොරොත්තු වන්නෙ එයාගෙ බිරිඳගෙන් පුතෙක්. ඒත් එයාට ලැබුණෙ දුවක්. මඩුගල්ලෙ නිලමේ මේ දුවට අවුරුදු 22 ක් විතර වෙනකල් මූණවත් බලන්නෙ නැහැ. එයාට  ඕනෑ වුණේ පරම්පරාව ගෙනියන්න පුතෙක්. ඊට පස්සෙ වෙන දේ මේ කතාව නරඹලාම දැනගන්න.


01 ”නිළිකම” ගැන කොහොමද හිතන්නෙ?
එක එක්කෙනා එක එක විදියට හිතන්න පුළුවනි. නමුත් ඒක වාසනාවන්තම දෙයක්.


01පසුගිය කාලයේ නිළියො නිළියන්ටම එරෙහිව වෙච්ච දේ අපට අහන්න දකින්න ලැබුණා. ඒ වගේ දේවල් ගැන හිතන්නෙ කොහොමද?
මට ඒ අත්දැකීම නැහැ. නමුත් ඒක හොඳ දෙයක් නම් නෙවෙයි. නිළිය හෝ නළුවා කියන්නෙ අපි එක පවුලක්. මොන දේ හෝ වේවා අපි ඒ පවුල ගෞරවයෙන් රැකගත යුතුයි.


sadun-gamage



අදහස් (0)

‘නළු නිළියො ඔක්කොම එක පවුලක්’

දසුන් Monday, 10 November 2014 10:23 PM

බොහොම බුද්ධිමත්ව කතාකරන කෙනෙක් (නි)

:       0       0

රොෂාන් Tuesday, 11 November 2014 06:11 AM

ඔබ දක්ෂ රගපෑමක් කරන්නේ කොම්බි ටෙලියේ. සුබ පෑතුම්. සමහර පුයර බබාලාට ඔබ හොද අභියෝගයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 209 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 103 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 156 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 170 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site