
ඊශ්රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසන් බවත්, අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු ප්රමුඛ සන්ධානය ආසන 53 ක් ජයග්රහණය කර ඇති බවත් ඊශ්රායල මාධ්ය පවසයි.
නෙතන්යාහුගේ ප්රතිවාදියා ලෙස මැතිවරණයට ඉදිරිපත් වුණු ගාඩි අයිසෙන්කොට් ඇතුළු විපක්ෂ සන්ධානයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 43 කි. අරාබි දේශපාලන පක්ෂ එක්ව පිහිටුවා ගත් සන්ධානය, ආසන 19ක් දිනා ගැනීමට සමත්ව ඇත. පලස්තීන හිතවාදී
අරාබි දේශපාලන පක්ෂ මේ අයුරින් මැතිවරණයකින් ආසන 19 ක් දිනා ගැනීම ඓතිහාසික ජයග්රහණයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඊශ්රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි. නෙසට් සභාව ආසන 120 කින් සමන්විතය. රජයක් පිහිටුවීමට නම් ආසන 61 ක බහුතරයක් අවශ්ය වෙයි. නෙදන්යාහුගේ සන්ධානයටත්, විපක්ෂ සන්ධානයටත් බහුතරය නොලැබුණු බැවින් රජයක් පිහිටුවීමේ දී ඔවුන්ට අරාබි පක්ෂ සමග හවුල් වීමට සිදුවනු ඇත.
කෙසේ නමුත් තම සන්ධානය කිසිම අවස්ථාවක රජයක් පිහිටුවීමේදී අරාබි පක්ෂ සමග සන්ධානගත නොවන බවට නෙදන්යාහු තරයේ පවසා ඇත. ඊට අමතරව, අරාබි පක්ෂ විසින් මැතිවරණයේදී අක්රමිකතා සිදුකර ඇති බවට ද අගමැති බෙන්ජමින් නෙතන්යාහු නායකත්වය දෙන ඔහුගේ ලිකුඩ් පක්ෂය චෝදනා කර ඇත. මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි ද ලිකුඩ් පක්ෂය ඊශ්රායල පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.
ලිකුඩ් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අල්ලස් දීම, තර්ජනය කිරීම, ප්රචණ්ඩත්වය, ව්යාජ ලේඛන සෑදීම සහ නීතිවිරෝධී මෘදුකාංග භාවිතය වැනි බරපතල අපරාධ මගින් ත්රස්තවාදයට සහය දක්වන මෙම අරාබි පක්ෂය බරපතල ආකාරයට මැතිවරණ අක්රමිකතා සිදුකර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd