IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පී එච් අයි ට පහරදුන් ආපනශාලා හිමිකරු අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ ප්‍රජා සෞඛ්‍ය සහායක වරයෙකුට පහර දුන් බව කියන මහනුවර දළදා වීදියේ රාත්‍රී ආපනශාලාවක හිමිකරු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර නගරයේ ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසල රාත්‍රී ආපනශාලාවකින් ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් නොකොට මහනුවර නගරයේ දළදා වීදියට අද (12) අලුයම් කාලයේ බැහැර කරමින් සිටි අවස්ථාවක එය නිසි ප්‍රමිතියට වෙන්කොට බැහැර කරන ලෙස මහජන සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දීමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇති බව පොලිසිය කියයි .

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට ඇති අතර පහර කෑමට ලක් වූ මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ඝන අපද්‍රව්‍ය පවිත්‍රතා ඒකකයේ අධිකාරිවරි වරයාත් ප්‍රජා සෞඛ්‍ය සහායකවරයෙකුත් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

 

 



අදහස් (3)

පී එච් අයි ට පහරදුන් ආපනශාලා හිමිකරු අත්අඩංගුවට

බණ්ඩා Wednesday, 12 June 2024 06:37 PM

මේ තමයි රටක් පරිහානියට යන විදිහ​. නීතියක් නැති, නීතියට ගරු නොකරන රස්තියාදු කාරයෝ ඉන්න රටක කුමන අන්දමකවත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. මහනුවර නගර සභාව ඉතාම අකාර්‍යක්‍ෂම, දූෂණයෙන් පිරුණු තැනක්. එහි සේවයට දක්‍ෂ, තරුණ, අදූෂිත පිරිසක් අවශ්‍යයයි. නිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පුහුණුව ලත් ආරක්‍ෂක බල ඇණියක් ද අවශ්‍යයි. බදු ඉහල දමා, වැටුප් වැඩිකල යුතුයි...

:       1       16

PiyasiriWednesday, 12 June 2024 08:10 PM

අනෙක් අතට, මෙම නිලධාරීන් පිරිස ඉතා දූෂිතයි, ඔවුන් ජීවත් වන්නේ අල්ලස් මත පමණි!!!

:       0       0

sam Thursday, 13 June 2024 06:36 AM

බෙහෙත් වලින් හොරා කාපු ඇමැතියෙක් හිටපු මහනුවර ගැන මොන කතාද? මේ හැමදේටම මුල නුසුදුසු එවුන් පාර්ලිමේන්තුවට ඇරිය හැකියි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ දුෂීතයෝ නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 77 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 134 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2436 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 895 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 517 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1528 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site