අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිස්තෝලයකින් වෙඩි තබා ත්‍රිරෝද රථ රියදුරකු මරා දැමී යැයි වරඳකරු වු පොලිස් කොස්තාපල්වරයකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා මරණ දඩුවම නියම කළේය.
අනුරාධපුර විලච්චියේ නිර්මල පියතිස්ස (49) එම කොස්තාපල්වරයාය.
2005 සැප්තැම්බර් 16 වැනිදා ඔහු මේ අපරාධය කළ බව අධිකරණයේදී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල්ලට බිල්ල හරි.... හරි.... (දී)
පොලිස් කොස්තාපල්ට මේ ප්‍රවෘත්තිය කියවන්න ලැබෙනවා නම් හරි.එතකොට මේ අය අහිංසක මිනිස්සුන්ට චන්ඩි පාට් දාන එක නවතිනවා (නි)
.මේ පොලිස්සියේ ඉන්න බොහොහයක් අය හිතන් ඉන්නේ වෙපන් එකක්ලැබුනම අහිංසකමිනිස්සුන්ට වෙඩිතියන්න,බයකරන්න පුලුවන්කියා නමුත් දණ්ඩනීතිසංග්‍රහයේ පැහැදිලිවමතියනවා හදිස්සි අවස්ථාවක්හැර එය එලියටවත් ගන්නබැහැකියල.මෙවැනි අයට උපරිමදඬුවම් කරන්නඕනේ.(අ)
.මේ පොලිස්සියේ ඉන්න බොහොහයක් අය හිතන් ඉන්නේ වෙපන් එකක්ලබුනම අහින්සකමිනිස්සුන්ට වෙඩිතියන්න,බයකරන්න පුලුවන්කියා නමුත් දණ්ඩනීතිසංග්‍රහයේ පැහැදිලිවමතියනවා හදිස්සි අවස්ථාවක්හැර එය එලියටවත් ගන්නබැහැකියල.මෙවැනි අයට උපරිමදඬුවම් කරන්නඕනේ.(අ)
මොකද පෝරකේට යැව්වේ?තුවක්කුවකුයි බුලට් දීලා තියෙන්නේ මොකටද කියලා ලොක්කෙක් කිව්වේ? (නි)
මොකද අවුරුදු 18කට පස්සේ තීන්දුව දුන්නේ? තව අවුරුදු 20ක් විතර නඩු අහන්න තිබුනා. (නි)
අනේ පව්. තරු ගොඩක් තිබුනා නම් හිරේ ගියත් ජේලර්ලගේ කාමරේම ඉඳලා ඇප අරාගන ගෙදර එන්න තිබුනා. (නි)
2005 නම් දැන් විශ්‍රාම ගිහිනුත් ඇති. ගෙදර වුණාම මොකද හිරේ වුණාම මොකද කොහොමත් අනුන්ගේ දේවල් නිකන්ම කන බොන අයනේ.(නදී)
අවි ගත්තෝ ලනුවෙන් නසිති ? (අ)
දැන්නම් බාගෙට මැරිලා ඇති (අ)
දැන් ඉතින් නමේ සර් කොටස නැතුවයි කියන්ට වෙන්නේ.(අ)
අභියාචනයක් දාන්න. වගකීමෙන් නිදහස් වීමේ අයිතිය පොලිස් කොස්තාපල්ට තිබෙනවා (නි)
මොනවද ඔට්ටු? ලබන වසරේ නිදහස් දිනයට පොදු සමාව යටතේ එයා නිදහස්. (නි)
මේ විදියටම ඇමති පුතුන්ටත් දඬුවම් කලානම් අපේ රට සුර පුරයක්.(නදී)
රුවන් නීතිය දන් නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහන්න.වෙඩිiතියන්න පුද්ගල ආරක්ෂාවේ හිටියත් පුළුවන්. තව දෙයක් දණ්ඩ නීති සංග්‍රයේ 96 වගංන්තියේ වෙඩි තැබීමේ නියෝග තියෙනවා. කියවලා බලන්න.කුවුරු උනත් කල කම් පල දෙන්න ඕනේ.වැරදි කර අයට නියම දඩුවම. (ස)
චමී අහිංසක මනුස්සයෙක් මරන්න කියා කිසිම වගන්තියක නැහැ. පොලිසියට අවි පාවිච්චි කරන්න පුළුවන් 1..හදිස්සි නීතිය යටතේ. 2..උසාවී වරෙන්තු කරුවෙක්ට. 3..තම ආරක්ෂාව වෙනුවෙන්.4..තමාට පැවරු රාජකාරිය අනුව.5..අවි ආයුධ,මොට ආයුධ තබාගෙන සිටින පුද්ගල දමනයට.6..පොලිස් අණ නොතකා පලායන අයට.7..සාමය ආරක්ෂා කිරීමට.8..සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට පමණි. (ස)