IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පී සී මැරූ කල්ලිය අල්ලන්න ළඟයි

පසුගිය පස් වැනිදා කුරුණෑගල බඩගමුවේදී කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාර ඝාතනය කළ පස් දෙනාගේ කල්ලිය  අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මුහුණු ආවරණය කැර නොගත් සැකකරුවකු හඳුනාගත් පොලිසිය  ගොකරැල්ලේ වාහන කුලියට දෙන ස්ථානයකින් ඔහුගේ ඡායාරූපයක් ද සොයාගෙන ඇත.

ඔහු ව්‍යාජ හැඳුනුම්පතක් දී එම ස්ථානයෙන් වාහනයක් කුලියට ගෙගන ඇති සිද්ධිය ඝාතයින් සොයා යාමේ දී පොලිසියට උදව් වී ඇත.

ඝාතකයින් සුදු වෑන් රියකින්  ගිය බවට සිසීටිවී කැමරා සාක්කි ද පොලිසිය සතුය.

සුදු වෑන් රිය නාරම්මල ඉන්ධන හලකින් ඉන්දන ලබා ගැනීමට ගිය අවස්ථාව එහි ආරක්ෂක කැමරාවල සටහන් විය.

(නාරම්මල ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගත් අයුරු සිසිටීවී කැමරාවේ සටහන් වි තිබු අයුරු)

 

 

 

 

 



අදහස් (0)

පී සී මැරූ කල්ලිය අල්ලන්න ළඟයි

එරංග Monday, 12 May 2014 02:07 PM

ඉක්මනින් දැන ගන්න තරමට හොඳයි. (ස)

:       0       0

නිමේෂ Monday, 12 May 2014 02:13 PM

අහුවෙන්න කලින් ආයුධ සැගවීමට කල්පනාවක් පහළ වේවා... එතකොටනේ පෙන්නන්ට පුලුවන්. (ස)

:       0       0

තාර්කික Sunday, 11 May 2014 04:39 PM

මේක පුදුම රටක්නේ. තමන්ගේ මිනිසුන්ට දෙයක් උන්හමවත් හරියට රාජකාරි නොකරන මේ පොලීසිය ජනමාධ්‍යවලට තොරතුරු දෙන්නේ මිනීමරුවන් ව ආරක්‍ෂිත ස්ථාන හොයාගන්න කල් දීලනේ. (ස)

:       0       0

තරංග Sunday, 11 May 2014 04:55 PM

පොලීසිය මේ විදියට අල්ලන්න කලින් තොරතුරු දුන්නම ඒ කල්ලිය හැංගෙනවානේ. (ස)

:       0       0

මොහාන් Sunday, 11 May 2014 05:27 PM

මේ අපරාදය කරපු මිනීමරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. (ස)

:       0       0

ගයාන් Sunday, 11 May 2014 05:31 PM

ආරක්ෂක ලේකම් තුමනි, මේ ගැන සොයා බලන්න. (ස)

:       0       0

ජයන්ත Monday, 12 May 2014 02:58 AM

මේ ඝාතකයින් කෙසේ හෝ අල්ලා නිසි දඬුවම් දිය යුතුයි.පොලිසියේ නිලධාරීන් දෙදෙනා ආයුධ සන්නද්ධව සිටියා නම් ඔවුන්ට මේ ඉරණම අත් නොවෙනු ඇත​. (නි)

:       0       0

ජයන්ත Monday, 12 May 2014 03:06 AM

පුංචිහේවා,ජීවක, මේ ප්‍රශ්නය මෙතරම් සැහැල්ලුවටවත් විහිලුවටවත් ගන්න එපා.අපරාධකරුවන් සොබාදහමෙන් හෝ දඬුවම් ලැබිය යුතුයි.මේ දිවි පිදුවේ ඔබේම සොයුරෙක්. (නි)

:       0       0

ඇන්ඩෘෘ Sunday, 11 May 2014 05:44 PM

මෙන්න ඔවුන් ගැන විශේෂ තොරතුරක්. අල්ල ගත් පසු ආයුධ සොයා ගියොත් ඔවුන් සාමාන්‍ය මැරයෝ. ඔවුන්ට සාමාන්‍ය අන්දමට නඩු දාල ඇප දුන්නොත් ඔවුන් දේශපාලකයෙක්ගේ මැරයෝ. ඕක තමා සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයකට තියන උත්තරය (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 May 2014 05:04 AM

ආයුධ පෙන්නුවට මිනිස්සු බය නම් මේවා නවතින්න ඕනෑ. මේ අයටත් ආයුධ පෙන්නුවා කියමු. මේක නවතිනවද? නැහැනේ.එහෙනම් එතන සමාජ ප්‍රශ්නයක් තියෙනවා නේද? බුද්ධිය තිබෙන මිනිස්සු නම් අතීසාරයට අමුඩ ගහන්නේ නැහැ. බඩට හොඳ බෙහෙතක් දෙනවා මිසක් (නි)

:       0       0

චාතුර Sunday, 11 May 2014 06:17 PM

මේ අපරාධය කරපු මිනීමරුවන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. මේ අය දන්නව මේ කරපු අපරාධය හින්ද තමන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන බව. මේ අය මැරි මැරි උපදිනව ඇති. මීට පෙර මාතර සහ වෙනත් ප්‍රදේශ වලදි පොලීසියේ අයව මරපු මිනීමරුවන්ට අත්වුණ ඉරණම මේ මිනිස්සු දන්නෙ නැතිද මන්ද. අහිංසක මිනිසුන්ගෙන් කප්පම් ගන්න, දේපොල මංකොල්ල කන කුඩු විකුණන මේ වගේ අපරාද කරුවන් තමන්ගෙ පවුලක හිටියත් පොලීසියට කියල අල්ල දෙන්න ඕණෑ. (ස)

:       0       0

මෙවන් Sunday, 11 May 2014 06:31 PM

ඝාතකයන් කොටුකර ගැනීම සඳහා පොලීසිය විශිෂ්ට ලෙස ක්‍රමෝපායිකව සැලසුම් කර ඇති මෙහෙයුමක් අනුව ඉදිරියටම යන ආකාරය ප්‍රශංසා කට යුතුය.(ස)

:       0       0

ලාල් Monday, 12 May 2014 07:21 AM

ඝාතකයින් එල්ලා මැරිය යුතුයි (නි)

:       0       0

ජීවක Sunday, 11 May 2014 06:36 PM

ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ (ස)

:       0       0

පෙරේරා Monday, 12 May 2014 07:50 AM

අල්ලලා මොනවද කරන්නේ? (නි)

:       0       0

ලාල් පෙරේරා Monday, 12 May 2014 07:50 AM

මෙම සිද්ධියන් නීතිය ක්‍රියාත්මක කරන සියළුම නිළධාරීන් දැඩි පසුබෑමකට ලක්වී අැත. අල්ලපු ගමන් අායුධ පෙන්වන්න රැගෙන නොයා රටක නීතියේ අාධිපත්‍යය රැකගැනීමට නම් අනිවාර්යෙයන් මෙම අපරාධයත් සමඟ එල්ලූම් ගහ ක්‍රියාත්මක කළ යුතුමයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 12 May 2014 05:18 PM

මෙම අපරාධය කළේ 'කාගේ මිනිස්සුද' කියලා රටම දන්නකොට පොලිසිය දන්නේ නැත්තේ ඇයි? දැන් ඉතින් කල් මර මරා 'අස්සයා පැන්නට පස්සේ ඉස්තාලේ වහන්න' හදනවාද මන්දා (නි)

:       0       0

උපුල් Sunday, 11 May 2014 06:55 PM

මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ රටේ නීතිය මොකක් ද කියලා. (ස)

:       0       0

ප්‍රසංග Wednesday, 14 May 2014 07:24 AM

ජීවිත විනාශ කරන සාමාන්‍ය ජනතාව හෝ වෙන යම් ඕනෑම කෙනෙකුට හෝ දඩුවම් හිමිවේවා! (නි)

:       0       0

චමින්ද Sunday, 11 May 2014 07:14 PM

මෙයා ලගේ ගෙවල් වල අය දන්නවා මෙයාල කරන වැඩ සල්ලි ගෙදරට ගේන කොට අහන්නේ නැද්ද කොහෙන්ද කියල .මිනිස්සු කීයක් මැරුවත් කමක් නැහැ තමන්ට සැපට ඉන්න තියනවනම් . (ස)

:       0       0

රකිත් Monday, 12 May 2014 08:45 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාට මේ රටේ ජනතාව ගැන බලවත් විශ්වාසයක් ඇති බවයි මින් පෙනෙන්නේ. ඒකනේ අද හෙටම අල්ලනවා කියලා කියන්නේ. නිකම් නෙමෙයි, නිවැරදි තොරතුරක් දෙන අයට රු දස ලක්ෂයකුත් ලැබෙනවා. (ස)

:       0       0

චන්දිම Monday, 12 May 2014 05:43 PM

චිත්‍රයේ ඉන්න කෙනා වගේම කෙනෙක් මට මතක්වෙනවා. ඇරපු අතක් නැහැ. (නි)

:       0       0

පුංචිහේවා Sunday, 11 May 2014 07:28 PM

අල්ලා ගත් විගස ආයුධ පෙන්නන්න එක්ක යන්න. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබියාවේ සිට Sunday, 11 May 2014 07:43 PM

මෙයාලව අල්ලනතුරු මේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරනවානම් නේද හොඳ ? (ස)

:       0       0

හේරත් Monday, 12 May 2014 11:37 PM

අද හෙටම මේ ටික අහුවුණාම දාපු චණ්ඩිකමට පොලියත් එක්ක හම්බවෙයි අඩුවක් නැතුව (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 12 May 2014 09:55 AM

කොච්චර කල් හැංගෙන්නද?අල්ලා ගත් ගමන්ම ආයුධ හොයන්න යන්නේ නැතිව තව කරපු අපරාධ, මේවට සම්බන්ධ සිය‍ළු දෙනාගෙම නම් දැන ගෙන කරන දෙයක් කළොත් තමයි වඩා හොඳ, කියා මට සිතේ. (ස)

:       0       0

පහන්දී Monday, 12 May 2014 10:38 AM

මේ ෆොටෝ දිහා හොඳට බලන්න. මට හිතෙන්නේ වාහනයට තෙල් ගහල තියෙන්නෙත් බලහත්කාරකමින් වගේ. මම හරිද මන්දා..? (ස)

:       0       0

ඇල්බට් Sunday, 11 May 2014 08:33 PM

දරුවනේ මම එපා කියන්නේ නෑ එත් 14 වෙනිදා එපා ! (ස)

:       0       0

මධුසංඛ Monday, 12 May 2014 06:25 PM

මේ වගේ තොරතුරු දුන්නම අපරාධකාරයින්ටම නේද වාසිය? (නි)

:       0       0

ටිකිරි Sunday, 11 May 2014 08:40 PM

ඔය ආරක්ෂිත කැමරා මුහුණු අඳුන ගන්න පුළුවන් විදියේ කෝණයකින් සවිකලානම් අපරාධ කරුවන් අල්ලන්න පහසු වෙනවා නේද ? (ස)

:       0       0

චමල් Monday, 12 May 2014 11:34 AM

අන්තිමට ආයුධ පෙන්නන්න ගිහින්, බෝම්බයක් ගහන්න ගිහින් පොලිසියෙන් වෙඩි කයිවද්ද? නැත්නම් මාංචු පිටින් ගඟේ පැනලා පීනලා බේරෙන්න. ආශ්චර්යය වේගෙන එන්නේ දැන් ලංකාවේ. (නි)

:       0       0

ජයසිංහ Monday, 12 May 2014 11:39 AM

චමල්, මිනී මරපු අය අවුරුදු ගානක් හිරේ ඉදල ඇවිත් ආයෙමත් මිනීමරන එක ම තමා කරන්නේ. ඒ හින්ද එහෙම කරනවට ඔයාට දුකද ? (ස)

:       0       0

බුද්ධික Monday, 12 May 2014 11:51 AM

අපිටත් ඕනේ ඒ කව්ද කියල ඉක්මනටම දැනගන්න. (ස)

:       0       0

චමින්ද Saturday, 17 May 2014 10:29 PM

ලංකාවේ පොලිසිය දක්ෂයි.දේශපාලකයෝ කෙලින් හිටියනම් මීට වඩා දක්ෂයි. (ස)

:       0       0

අහිංසා Friday, 16 May 2014 11:30 AM

ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් මේකෙ තියනවා නේද ? මේ රටේ බෙහෝ අහිංසක මිනිස්සු නිරපරාදේ තුවක්කුකරුවන්ට බිලි උනා නේද? නමුත් අද වනතුරු සමහර ඒවාට වෙච්ච දෙයක් නෑ. ඇයි එ් කියල කාටවත් හිතෙන්නේ නැද්ද? යුද්දය ඉවරවෙලා සාමකාමී කියන රටේ ඕනෑම දෙයක් කළ හැකි පොලිසියට ඇයි සමහරක් බැරි ? ඒ පොලිසියේ නොහැකියාව හා ආණ්ඩුවේ හැකියාවද ? උත්තරය ඔබට බාරයි. (ස)

:       0       0

කීර්ති Monday, 12 May 2014 12:15 PM

මේ මිනිමරුවෝ ළඟදීම දවසක ආයුධ පෙන්නාවි, අපි බලාගෙන ඉමු. (ස)

:       0       0

ප්‍රභාත් Sunday, 11 May 2014 10:02 PM

ෆොටෝස් සහ වීඩියෝ ප්‍රසිද්ධ කළාම වැඩේ ලේසියි නේ. (ස)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 13 May 2014 07:53 AM

ඔන්න බලන්නකෝ මම හුනා කිවුවා වගේ කියන්නනම්...මෙයාලාව අත්අඩංගුවට අරගෙන 5 දෙනාවම ගෙනියයි ආයුධ පෙන්නන්න (දිල්)

:       0       0

පහන්දී Sunday, 11 May 2014 10:36 PM

ඔව් මේ අයගේ පින්තුර ප්‍රසිද්ද නොකර ඉන්න , අත්අඩංගුවට ගන්නාතුරු..!! (ස)

:       0       0

අමිල Sunday, 11 May 2014 11:04 PM

මේ හතර දෙනා ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. (ස)

:       0       0

හේරත් Sunday, 11 May 2014 11:05 PM

අනේ මන්ද මේඅය මොකදකරන්න මුහුද හත්ගව්වක් දුර තියද්දි අමුඩ ගහනවා. (ස)

:       0       0

නීශා Sunday, 11 May 2014 04:04 PM

ආයුධ පෙන්වන්න යන්න ඔන්න මෙන්න. ඒත් පව් නැහැ. නඩු අහලා වැඩ කළොත් සල්ලිත් නාස්තිවෙලා එළියට එනවා (නි)

:       0       0

ප්‍රභාත් Monday, 12 May 2014 01:41 PM

තව හින්දි, දෙමල ෆිල්ම් ටිකක් ගෙන්නලා පෙන්නුවනම් හරි යනවා.අපි ඉන්දියාවේ මේ වගේ වැඩ අමුවෙන් ගිලීමෙ ප්‍රතිපල තමා මේ. (ස)

:       0       0

සමන්ත Monday, 12 May 2014 12:22 AM

මාධ්‍යයට ඔය ටික දුන්නට දැන් හුඟක් දුර ගිහින් ඇති. ඒවා පස්සෙ කියයි..! (නි)

:       0       0

ගජමන් Monday, 12 May 2014 12:26 AM

මේ තොරතුරු දුන්නේ එයාලව උගුලකට අසුකර ගන්න වෙන්න පුළුවන්. ඒ අය ගැන ඇහැ ගහගෙන ඇති. දුවන්ඩ දීලා පස්සෙන් පැන්නුවම ආපහු ආයුධ බලන්ඩ ගෙනියන්න කාලය නාස්ති කරන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 824 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1455 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 410 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 919 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2240 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 346 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35646 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site