IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


“පික් පොකට් කාරයනුත් සන්ධානෙන් එනවා“

දූෂිතයන්, කොල්ලකරුවන්, පික්පොකට් කරුවන් නැතිව අපි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. හිටපු ජනාධිපති සමග එක්ව සිටින්නේ තමන්ගේම අයගේ පොකට්ටුවට විදින හොරු රැළක්. යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල ලයිට්හවුස් හෝටලයේ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ පසුගිය දා අනුරාධපුරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළිය ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපතිතුමා සමග පිරිසක් ශ්‍රී මහා බෝධියේ උඩමළුවට ගිහින් තිබුණා. එතැනට ගියේ සීමා සහිත පිරිසක් විතරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්, හිටපු මැති ඇමතිවරු පමණයි. මේ පිරිස අතර සිටි ගිතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය නැතිවෙලා. ඔහු එය හැමෝගෙන්ම අහමින් සෙව්වත් ලැබිලා නැහැ. නමුත් ටික වේලාවකින් උඩ මළුවට පහළ මේ මුදල් පසුම්බිය වැටී තිබිලා. බලන විට එහි සතයක්වත් ඉතිරිවෙලා නැහැ. ඉතින් කවුද මේ පොකට් ගැහුවේ. මේ කණ්ඩායමේ හිටපු අයමයි. ජනතාවගේ මුදල්, පොදු දේපල කොල්ලකාපු අයට තමන්ගේ පුරුද්ද නවත්වන්න බැහැ. එකට ඉන්න මිනිහාගේ පොකට් එකට හරි විදිනවා. ඉතින් මේ වගේ මංකොල්ලකාරයෝ තමයි අපිත් එක්ක ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්නේ.“

‘‘ අද රටේ ජනතාවට ඉතා හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා දූෂිතයන් මංකොල්ලකරුවන් නැතිව, උගත් බුද්ධිමත් අවංක පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත්කරන්න. එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස අලියා ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළාට පසු පසුගිය ජනාධිපතිවරණයේ දී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන, පොදු ජන බලවේග අප සමග අත්වැල් බැඳ ගත්තා. ඔවුන් පිළිගන්නවා යහ පාලන සංකල්පය ඉදිරියට ගෙනගොස් මේ රට ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂය සමග එකතුවිය යුතු බව. ඒ අනුව අපි පුළුල් ජාතික පෙරමුණක් ලෙස කටයුතු කරනවා. සියළු බලවේග අප සමග ඒකරාශී වී හිටපු නායකයාගේ වංචාකාරයන්, දූෂිතයන් පරාජය කරන්න කටයුතු කරනවා. අපේ මේ වැඩපිලිවෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අනුමත කරනවා. එතුමා එදා පැහැදිලිවම කියා සිටියා තමන් ජනවාරි අට වැනිදා ලබාගත් ජයග්‍රහණය තහවුරු කිරීමට කටයුතු කරනවා කියා.



අදහස් (0)

“පික් පොකට් කාරයනුත් සන්ධානෙන් එනවා“

ප්‍රභාත් Tuesday, 21 July 2015 07:20 AM

සහතික ඇත්ත (නි)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 07:36 AM

උඩ මළුවට යනකොට ඕක තිබුනද දන්නේ නැහැ. උඩ මළුවේ කල හොරකමට සම්බන්ද කට්ටියට දඬුවම් ලැබෙයි දෙවියන්ගෙන්ම. 18 වෙනිදට එ්ක බලාගන්න පුළුවන් (නදී)

:       0       0

බන්දුල Tuesday, 21 July 2015 08:05 AM

ගීතා නගාට ඇමති කමක් ලැබේවි. හැබැයි බෙන්තර ඇල්පිටිය නම් මෙදා 10000 කින් පරාදයි. මම ගීතා නගාට තවමත් මනාපය දෙනවා. (නදී)

:       0       0

ප්‍රකාශ් Tuesday, 21 July 2015 08:34 AM

ඔබලා නේද නියම පික්පොකට් කාරයෝ. (නදී)

:       0       0

ඉමල්කා Tuesday, 21 July 2015 09:16 AM

පික් පොකට් අගමැති කව්දැයි රටම දනී.. (ම)

:       0       0

කමල් Tuesday, 21 July 2015 06:21 AM

ඔබට ජය (ම)

:       0       0

විපුල Tuesday, 21 July 2015 06:40 AM

නියම කතාව. ජයවේවා! (නි)

:       0       0

අනුර Tuesday, 21 July 2015 06:47 AM

පික් පොකට් කාරයෝ මොකද මහ දවල් මහ බැංකු කොල්ලකරුවන් එක්ක බලද්දී. (ම)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 07:10 AM

අනුර නිවැරදි-හොරු සහ කම්ම්බා හොරු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1345 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 549 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 674 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2329 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2266 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 928 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22640 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site