අල්ලස් හා දූෂණ කොමිසමේ කැඳවුමක් මත කොළඹ ඉඩම් ව්‍යාපාරික හා හිටපු තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ අද (4) ප්‍රකාශයක් ලබාදීමට එහි පැමිණියේය.
මහින්ද රාජපක්ෂ යුගයේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වූ ඒ.එස්.පී. ලියනගේ රාජගිරියේ පීකොක් මන්දිරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් කොමිසමට කැඳවා ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව ඔහුට එම මන්දිරය තෑගි කරන බව ඒ දිනවල ඒ.එස්.පී.ලියනගේ මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් ගෙන ගියේය. එම මන්දිරය රුපියල් කෝටි 75කට රාජපක්ෂ මහතාට විකිණීමට ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක් ගැනීමට කැඳවා ඇති බවද කියයි.
එම මන්දිරය රුපියල් කෝටි 45කට විකිණීමට හැකියාවක් තිබියදී තමා එය මහින්ද රාජපක්ෂ මහතාට තෑගි කිරීමට සිතූ බවත් ඔහු කියා ඇත.
පීකොක් මන්දිරයේ නාන තටාකය වෙනස් කර ජනෙල් දොරවල් වෙනස් කිරීම ගැන ඔහුගෙන් පැය දෙකක් පමණ ප්‍රශ්න කැරිණි. ඒ වෙනස්කම් තමාගේ වියදමින් කළ ඒවා බවත් හිටපු ජනපතිවරයාගෙන් මුදල් ලබානොගත් බවත් ඒ.එස්.පී. ලියනගේ පැවසීය. අවශ්‍යනම් නැවත කැඳවීමක් කරන බවද තමාට දැන්වූ බව ඔහු කියයි.
රජයෙන් නිල නිවසක් ලැබෙන තුරු හිටපු ජනපතිට තම නිල නිවාසය දීමට කැමත්ත පළ කළත් තමාගේ භාර්යාව ඊට විරුද්ධ වූ බවත් ඒ නිසා නිවස හිටපු ජනපතිට ලබානොදුන් බවත් ඔහු කොමිසම හමුවේ කියා ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට හරි ගෙයක් දොරක් තිබුනොත් ඒකට ඇස ගහ ගෙන ඉන්න එක ඉතින් ලංකාවේ පුරුද්දනේ . (ම)
මහින්දට මන්දිරයක් දෙන එක පාඩුවක් නැතුව ඇති එතුමාගේ කාලේ මන්දිරය වගේ කිහිප ගුණයක් හම්මබ කරගන්න ඇති (ම)
එ්ක පුද්ගල කම්කරු නායක තුමනි ,ටියුෂන් පන්තිය දාගෙන හිටියානම් ඉවරයිනේ (බ)
අම්මෝ මේ මන්දිරයේ ලස්සන! (නි)
මේ රටේ මිනිසුන්ට මුල මතක නැති එක ගැන අපිට හරිම දුකයි. (නි)
මේ ආණ්ඩුවේ පැවැත්ම මේක තමා මහින්ද අල්ලාගෙන ඉතුරු ටිකත් එල්ලිලා ඉන්න තමා හදන්නේ මහින්දට පුදුම බයක්නේ මෙයාලගේ තියෙන්නේ (කෞ)
බොරු සංදර්ශන නම් එපා (නි)
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)
දුමින්ද, සමන්ත, ඔයාලා දන්නේ ටිකයි. ඉදිරියේදී බලාගන්න තව ගොඩක් දේවල් එළිවේවි (නි)
කව්රුත් කාටවත් නිකන් දෙනවනම් ...අපිට මොකද, ... අනික මිනිහ ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්, ඒ විතරක් නෙමේ මිනිහ හැදුව මේක මහින්දට කුලියට දෙන්න ... ආණ්ඩුවෙන් ගෙවනවානේ ... වැඩේ හරිගියෙ නැහැ. (බ)
අරයාට දුන්නනම් දුන්නම තමයි..අායේ ගනු බොරු. (බ)
මේ මහතාගේ පෞද්ගලික නිවාස එතුමා කැමති ඕන කෙනෙකුට දුන්නහම ආණ්ඩුවට තියෙන අමාරුව මොකක්ද. අර වෛද්‍යවරියක් කොළඹ තිබුන තමාගේ පෞද්ගලික නිවාස හා ඉඩම කොළඹ විශ්ව විද්‍යාලයට පවරා දුන්නහම එ්ක හොර ඔප්පුවකින් ලියා ගත් ඇමතියා තවමත් ආණ්ඩුවේ ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව (බ)
ලස්සන ගෙදර (ම)
කම්කරු පක්ෂයේ නායකයා වුනාට ඉන්නේ කෝටි 75 මන්දිරයක, අඳින්නෙ රට ඇඳුම්, කරන්නේ ව්‍යාපාර...(බ)
පක්ෂ අය රජගෙට -විපක්ෂ නම් සිරගෙට (බ)
අල්ලපු හොරෙකුත් නෑ තාම... (ර)
ගේ නම් ලස්සනයි. (ර)
තමන්ගෙ තියෙන දෙයක් තමන්ට ඕන කෙනකුට දෙන්නත් බැරිද දැං.? (ර)
බරපතල වැරදි කළ අය විශාල පිරිසක් රජයට සම්බන්ධ වී සිටියදී ,මේ කරන්නේ මෝඩ පළිගැනීම් (ම)
ඕවත් වැඩද දැන් වෙන දේවල් දැක්කම. (ර)
හැම කෙනාම ගෙනියනවා .අපි බලගෙන ඉන්නවා. (ර)
පේන හැටියට වස්තු දෝෂ එමටයි!! ගත්තොත් වගතුවක් නැහැ !! (බ)
හොඳට යහපත් විදියට සල්ලි හම්බකරලා තියෙනවා (බ)