ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය කුමන දේවල් කිව්වද පක්ෂයක් ලෙස විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ට කළ හැකි සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (22) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත්වී නැති ප්‍රශ්න ඇතිකිරීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී පැවසීය. රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් දැනට ජීවත්වන නාවික හමුදා නිවස්නයෙන් ඔවුන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ සහ එම පවුලේ අය එක්ව සාකච්ඡා කර කාලය දීර්ඝ කරගත් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.
රෝහණ විජේවීර මහතාගේ දරුවන් නිතර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට පැමිණෙන බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පක්ෂය හැකි අයුරින් වියදම් දරන බවත් පැවසූ ඒ මහතා ඔවුන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කළ කටයුතු එකින් එක කීමට අවශ්‍ය නොමැති බවත් විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් පාරට ඇද වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් පැවසීය.
චිත්‍රාංගනී විජේවීර මහත්මිය ඇතුළු පවුලේ අයට නව නිවසක් සාදා දීමට රුපියල් කෝටි ගණනින් අරමුදල් පක්ෂයට නැතත් දැනට වෙසෙන ස්ථානයේ කාලය දීර්ඝ කරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සෑම විටකම පෙනී සිටින බවත් විජිත හේරත් මහතා කීවේය.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘පක්ෂයක් ලෙස විජේවීර පවුලට සියලු යුතුකම් ඉටු කළා‘
කමනි Tuesday, 22 September 2015 09:06 AM
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (ම)
අජිත් Tuesday, 22 September 2015 09:45 AM
තාප්පවල පාප්ප ගාන සාමාජිකයෝ දහ පහළොවක් එකතු කර ගත්තනම් ගෙයක් හදන්න කෝටි ගනනක් යන්න හේතුවක් නැහැ. කෝටි ගානක් වටිනා ගෙයක් මේගොල්ල ඉල්ලන එකකුත් නැහැ. මොකද සමජවාදේ නොදන්නා අය නෙමෙයිනේ.(හේ)
දීපාල් Tuesday, 22 September 2015 09:57 AM
අනේ ඇත්ත නේද කතාව පක්ෂෙට මුදල් කොහෙන්ද ,,, , හිනා, හිනා, වෙන්න හිනා බඩ අල්ලාගෙන වෙන්න හිනා කියන කතා වලට අනේ වෙන්න හිනා (බ)
විජයබාහු Tuesday, 22 September 2015 10:08 AM
අපි දන්නවනේ මෙයාලගේ හැටි. ඒ මහත්මියට පිස්සු වෙන්න ඕනේ එහෙනම් එහෙම කියන්න. අපි නොදන්නා ජවීපෙ (බ)
අමිත Tuesday, 22 September 2015 10:11 AM
මතක තියාගනිල්ලා භීෂණ සමයේ ජීවිත අහිමිවූවන් කොච්චරද?ඒවා ගැනත් බැලුව නම් තමයි සමාජවාදය කියන් වදන ඇත්ත වෙන්නේ.නැතිව විජේවීර පවුල පමණක් නොවේ දුක් වින්දේ (බ)
මාටින් Tuesday, 22 September 2015 10:13 AM
මේ චිත්‍රාංගනී විජේවීර මහත්මියවනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න තිබුනේ..ජනතාව ප්‍රතික්ෂේප කරපු උන් යවන්නේ නැතිව...එහෙම උනා නම් අපි වගේ මිනිස්සුත් ජවිපෙ ට ඡන්දෙ දෙයි (බ)
දහම් Tuesday, 22 September 2015 10:32 AM
එතකොට ජනතා විමුක්ති පෙරමුණ විජේවීර හදපු එකේ වරදට ඒ ගෑනියි ළමයිනුයි හැමදාම නාවික කඳවුර ඇතුලේ ඉන්න ඕනේ. ඒ මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයක් ඕනේ නැහැ. තොපිට විතරයි සැප . හෙන ගහන්න ඕනේ මුන්ට. මුන්ද ඉතින් රට හදන්න යන්නේ. (බ)