සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ලෝක ක‍්‍රිකට් පිල සහ ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කි‍්‍රකට් තරු පිල අතර කරච්චිහිදී පැවැති තරග දෙකකින් සමන්විත ප‍්‍රදර්ශන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගයෙන් ද පාකිස්තානු කි‍්‍රකට් තරු පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබූහ. පාකිස්තානු පිල තරග දෙකම ජය ලැබීය. මෙහිදී ලෝක පිලේ නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය ලකුණු නොලබා දැවී ගිය අතර ජයසූරිය යැවූ ඕවර 4 ට ලකුණු 24 ක් රැස්කිරීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ. ලෝක ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 142 (ඇන්ද්‍රි සෙයිමෝර් 25, ඇඩම් සැන්ෆෝඞ් 14, නන්ටි හාවඞ් නොදැවී 42, ටබීෂ් ඛාන් 19/2, ෆරාන් අහ්මඞ් 20/3) පාකිස්තානු ක‍්‍රිකට් තරු පිල ඕවර 16.4 කදී කඩුලූ 4 ට 145 (ඉම්රාන් නසීර් 53, ශෂායිබ් හසන් 39, අසාද් ශාෆික් නොදැවී 23, ස්ටීවන් ටේලර් 22/3)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ මහලු වයසේ ...ක්‍රිකට් ගැසීමට බැරිය පෙරසේ (ස)
දැන් ඔය තියෙන ආධාර හොදටම ඇති නේද? (නි)
මම කිව්වනේ ලකුණු 5 ක්වත් ගහන්න කියලා සනාට (ස)
දැන්වත් නෝන්ඩි නොවී ඉමු (ස)
මට මහළු වයසේ බැරිය වීණා වයන්න පෙර සේ (ස)
වයසට ගැලපෙන දේ ඕනනේද කරන්න (ස)
අනේ මෙහෙම ආසාවක්....අනේ මෙහෙම තන්හාවක් (ස)
බැරි දේ පුලුවන්ද දත්මිටි කෑවාට.... (නි)
තණ්හාය ජායතී සෝකෝ... (නි)
දත නැති දා උක් දඩු ගිණි තපින්න ද ? (ස)
සනා කියන්නේ කොච්චර හොද ක්‍රීඩකයෙක්ද? මතකනේ 96 තරගය... (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ...මේ මිනිස්සුන්ට බුද්ධිය දෙන්න දෙවියනේ (ස)
එපා ජයේ සැලෙන්න. ඔබ විරයෙකි (ස)
දර්ශන අපි ආසයි සනත්ට ,නමුත් මේ 1996 නෙමෙයි 2012 (ස)