ඉන්දියාවේ දැඩි විරෝධය නිසා පාකිස්තානයෙන් ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා මිලට ගැනීම දැනට අතහැර දමා ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියයි.
ශ්‍රී ලංකාවට ප්‍රහාරක යානා අවශ්‍ය නැතැයි ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා අනුව ප්‍රහාරක යානා අනවශ්‍ය බවත් ඉන්දියා රජය පෙන්වා දී ඇතැයි එම පත්‍රය පවසයි. මෙම ගනුදෙනුවට ඉන්දියාවේ විරෝධය ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් නැති සුදු කොළයක ලිවූ සටහනකින් ශ්‍රී ලංකා රජයේ ඉහළටම දන්වා ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානාවල ඍණ තාක්ෂණ වාර්තාවක්ද ඉන්දියාවෙන් ඉදිරිපත් කර ඇතැයිද ඉන් පසුව ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) ගනුදෙනුව අතහැර ඇතැයිද එම පුවත්පත පවසයි.
පකිස්තාන මාධ්‍ය කියා සිටියේ නවාෆ් ෂරීෆ් පාකිස්තාන අගමැති ශ්‍රී ලංකාවේ ගතකළ පසුගිය සතියේ එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව සිටි බවයි.
පාකිස්තාන රජයද ආර්ථික අහේනියකට මුහුණපා සිටියත් මෙම ගනුදෙනුව වෙනුවෙන් ණය ලබාදීමට එකඟ වී සිටි බවද එම පුවත්පත කියයි.
ශ්‍රී ලංකා ගුවන්හමුදාව සතු ඊශ්‍රායලයේ කෆීර් හා රුසියාවේ මිග් 27 පරණ යානා වෙනුවට චීන ප්‍රහාරක යානා මිලට ගන්නැයි පාකිස්තානය ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා 10ක් හෝ 12ක් පාකිස්තානයෙන් මිලට ගැනීමට නියමිතව සිටි බවද එක් යානයක මිල ඇමරිකා ඩොලර් කෝටි 3.5 (රුපියල් කෝටි 502) බවද ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල ඇතුළු කණ්ඩායමක් ගිය නොවැම්බරයේදී පාකිස්තානයට ගොස් කම්රාහි පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණයේදී එම යානා පරීක්ෂා කර බැලූ බවද එක්ස්ප්‍රස් පත්‍රය කියයි.
පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන් යානා සමාගමේ කම්හල පිහිටියේ කම්රා පෙදෙසේය. ඉන්දියා ආරක්ෂක කටයුතු පිළිබඳ විශාරදයන් විශ්වාස කරනුයේ චීනයේ පෙරනිමි කොටස් එකලස් කර මෙම යානා නිෂ්පාදනය කරන බවයි.
ඉන්දියාව කියනුයේ ජේ.එෆ් 17 ප්‍රහාරක යානයේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ජිම ලොව හොඳම ඇන්ජිම නොවන බවයි. චීනය පවා සිය ගුවන්යානා වලට එම ඇන්ජින් යොදා නොගන්නා බව ද එම පුවත්පත පවසයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ටෙජාස් ඇන්ජිම ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීමට ඉන්දියාව සූදානමින් සිටි බවද කියති. පාකිස්තාන ගනුදෙනුව සිදුවුවහොත් එම යානා නඩත්තුව හා පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සිදුවන බවත් ඒ අනුව පාකිස්තාන චීන ආරක්ෂක හමුදා හා ශ්‍රී ලංකා හමුදාව අතර පුළුල් සබඳතා ඇතිවිය හැකි බවට ඉන්දියාව කනස්සල්ල පළ කර ඇතැයිද එම පත්‍රය කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු චෙන්ඩු එෆ් 7 ප්‍රහාරක යානාද වයි 12 හා එම් ඒ 60 ප්‍රවාහන යානාද නඩත්තු හා සේවා වෙනුවෙන් ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගිය රජය 2014 දී චීනය සමග කටයුතු කළ බවත් ඉන්දියාව ඊට තම කනස්සල්ල පළ කළ විට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ පුද්ගලයන් පමණක් එහි වැඩට යොදා ගන්නා බවත් එදා රජය පැවසූ බවත් ආණ්ඩු වෙනසින් පසුව එම සැලැස්ම අහෝසි වූ බවත් එම පුවත්පත කියයි.
නිරූපමා සුබ්‍රමනියම්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව අපිට බලපෑම් කිරීම සාධාරණද? කොන්ද කෙළින් තියාගෙන කැමති තැනකින් අපිට අවශ්‍ය දේ ගන්න ඕනෑ. ඉන්දියාව කියන විදිහට නැටුවොත් මේ ආණ්ඩුවේ අවසානය ඈතක නොවේ... (නි)
කොටි හුරතලෙයි, ඉන්දියාවට දණින් වැටීමයි, බටහිර රටවල් ගහන පදේට නැටීමයි කරන්න ගියොත් ළඟදිම වියයුත්ත සිදුවේවි (නි)
ඉන්දියාව මොකටද අපිට අණ දෙන්නේ? ඒකට ඉන්දියාවට තිබෙන බලය මොකද්ද? මේ අසල්වැසි රටද අපට කන්න අඳින්න දෙන්නේ? පසුගිය කාලයක උඩින් පරිප්පු දැම්ම නිසාද මේ විදියට "ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් නැති සුදු කොළයක ලිවූ සටහනකින් ශ්‍රී ලංකා රජයේ ඉහළටම....." අණදෙන්න හදන්නේ? (නි)
අපේ ගෙදරට ඕනෑ බඩු අපිට කැමති තැනකින් ගන්නවා මිසක් අල්ලපු ගෙදර මිනිහගෙන් අහන්න ඕනෑද? (නි)
සීපා අත්සන් කරලා පාලම හැදුවොත් කොහොමට හිටීද? (නි)
ඇයි එයාලගේ සල්ලිද මේකට යොදවන්නේ? (නි)
මෙක පුදුම වැඩක්නේ. එයාලට මොකද අපි මොනවා කළාම? (නි)
ඔය විදියටම චන්ද්‍රිකාගේ පාලන සමයේ, 3ඩී රේඩාර් පද්ධතියක් ගන්න එකට ඔය වගේම ඉන්දියාව විරුද්ධ වුණා මොකද ඔවුන්ගේ අහස් යානා පිළිබඳ අපි ඔත්තු බලයි කියලා. ඒක නිසා අවසානයේ කොටින්ගේ කුරුම්බා ඇට්ටි, ප්ලේන් වලින් අපිට රිදෙන්න ගැහුවා. ඔන්න ඕක තමයි ඉතිහාසය. ඉන්දියාව එක්ක එදිරිවාදිකම් ඕනෑ නැහැ. ඒත් කොන්ද කෙළින් තියාගෙන විරුද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. (නි)
මේ වෙලාවේ යුධ ගුවන් යානා ලංකාවට අවශ්‍ය නැත (නි)
පිටිගල මිලානෝ, ඔයාගේ ඉන්දියන් බයිසිකලය විකුණුවද? දැන් ත්‍රීවිල් එකෙන්ද යන්නේ? නැත්නම් බස් එකේද? (නි)
අලුත් ව්‍යවස්ථාව හදනකොට ලංකාව ඉන්දියාවේ කීවෙනි ප්‍රාන්තයද කියලා පැහැදිලිව සඳහන් කළා නම් ඉතුරු ප්‍රශ්න ටිකත් විසඳෙයි. (නි)
අනේ අපරාදේ.....! ඩොලර් කෝටි ගණනක්... (නි)
ඇයි අපේ රාජ්‍ය නායකයන් ඉඩදෙන්නේ මේවට? (නි)
චමල්, අසල්වැසියා තරහවෙයි කියලා ඔයා අල්ලපු ගෙදර මිනිහට ඕනෑ දෙයක් කරගන්න දෙනවද? (නි)
අසල්වැසියාට ඕනෑවට වඩා ප්‍රේමකරන්න ගිය සමහර තැන්වලදී ගෙහිමියා එළියට වැටුන තැන් තිබෙන බව අපේ පාලකයන්ට වැටහෙන්නේ නැද්ද? (නි)
මේක අනවශ්‍ය මුදල් නාස්තියක්. අපිට යුධ ගුවන් යානා අනවශ්‍යයි (නි)
ඉහත අදහස් දක්වා ඇති සමන් මහතාගේ ප්‍රකාශය සමඟ සම්පුර්ණයෙන් එකඟයි (නි)
ඔය ඉන්දියාව පටන්ගත්තා විතරයි. (නි)
ඉන්දියාවට අපි කියමු නෂ්ටික බලාගාර ඉවත්කරන්න කියල රුසියාවෙන් ගුවන් යානා ගන්න එපා කියල. (බ)
මේ වෙලාවට තමයි එයාලගේ කොන්ද මතක් වෙන්නේ. (බ)
මේක ඉන්දියාවේ කොලනියක් වෙනවාටත් වඩා දරුණු තත්වයක්. මෙතන වෙන්න යන්නේ ඉන්දියාව පකිස්ථානය චීනය යන රටවල් අතර පවතින සිතල යුද්ධයට යුද පිටියක් ලෙස අපේ රට භාවිතයට ගැනීමක්. අපි නිවැරදි තීරණ ගත්තේ නැත්නම් තත්වය තවත් දරුණු වෙන්න පුලුවන්. ඇමෙරිකාව සහ රුසියාව අතර සිතල යුධ සමයේ නිරිතදිග සහ නැගෙනහිර යුරෝපා රටවලට මෙවැනි තත්වයක් ඇති වුනා. හොඳම දේ ආරක්ෂක වශයෙන් වැදගත් වන ගනුදෙනු මෙම රටවල් තුනම සමග නොකර සිටීමයි. (බ)
"රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය" උපයෝගී කරගනු ලබන්නේ රට රටවල් අතර සම්බන්ධතා පවත්වා ගෙන යාමේ අරමුණ ඇතිවය. ඉහත සඳහන් තොරතුරු අනුව එකී ක්‍රියාවලියට පස්ස හරවා ක්‍රියා කිරීම කලාපයේ බලවතා ලෙසත්, අනාධිමත් කාලයක සිට දෙරට අතර පවත්නා යහපත් සුහදශීලී භාවිතය අනුවත් ඉන්දියාවට තරම් නොවේ. (බ)
ඉන්දියන් උන් අහවල් මගුලකටද මේවට ඇගිලි ගහන්නේ.කොන්ද කෙලින් නැති බල ලෝභී නායකයන් ඉන්න ආණ්ඩුවක හැටි දැන් පැහැදිලි නේද ? (බ)
විජිත් දන්නේ නෑත්නම් කියන්න එපා ඉන්දියාවේ කොලනියක් කරන්න හෑදුවේ ගිය රජය රෙල්පාරේ ඉදන්ම, දෑන් ඉන්න රජය ඒ පදේට නටන්නේ නෑහෑ අපිට ගුවන් යානා ඕනේනම් මිලදී ගනීවී රටේ දෑන් තියෙන්නේ ගුවන් යානා ප්‍රශ්නයක් නෙවෙයි ඒක මතක තියාගන්න (බ)
අපමණ අගයක් අපමණ වෙනෙසක් (ම)
අපි නිල නොවන ඉන්දියානු ප්‍රාන්තයක් වෙලා ඉවරයි. (ම)
විජේවීර සහෝදරයාගේ නව ඉන්දියා යටත් විජිත වාද නියාය යතාර්ථයක් බව පැහැදිලිය (ම)
ඉන්දියාව කොහොමද එහෙම කියන්නේ? එයාලා කවුද අපිට උපදෙස් දෙන්න? (නි)
අසාද් නම් හරිම පව්. පහු ගිය කාලේ හැංගිලා ඉඳල දැන්ද කමෙන්ට් දාන්න අවේ. අපි නම් හැමදා බය නැතුව මෙතන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. (බ)
රොෂාන්, විජිත්ට බණ කියන්නේ ඔයා 87 ඉන්දියාවට බලෙන් ඇතුළුවෙලා පරිප්පු දානකොට එක්කෝ ඉපදිලා නැහැ, නැත්නම් ඒ පරිප්පු කාලා රහ වැටිලා තව පරිප්පු ඕනෑවෙලා. (නි)
අපේ රටට කිසිම රටකින් අවසර ගන්න අපි බැඳිලා නැහැ. නිවටයා දැක්කම එලුවත් නිකට පානවා කියල පැරැන්නෝ කියනවා. (ර)
ලංකාවේ කටයුතුවලට කවර රටකවත් අනවශ්‍ය ඇගිලි ගැසීම් නොකළ යුතුයි.(හේ)
අන්තිමේදී ඉන්දියාව කියන පදේට නටන්න වෙලා...වෙනස සාපද?? (කෞ)
පාකිස්ථානයෙන් ප්‍රහාරක යානා මිලදීගෙන ඉන්දියාවට පහර දෙන්න ඕන (කෞ)
ඉන්දියාවට පුදුම අමාරුවක් තමයි තියෙන්නේ.(හේ)
ඔය ප්‍රශ්නයට ඉන්දියාවට මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ.(හේ)
ඔන්න වෙනස මාරයි නේද....? ඉන්දියාවේ කොලනියක් වෙලා කියන්නේ ඕකට තමයි.(හේ)
මේ ලිපිය හරියට කියෙවුවම තේරෙනවා මොකද ඉන්දියාව මේ ගනුදෙනුවට බලපෑම් කරන්නේ කියලා. අසල්වැසිය තරහ කරගෙන බැහැ. මේ කමෙන්ට් දාපු අයත් අහල පහල අයත් එක්ක තරහ කට්ටිය වෙන්න ඕනේ. (ර)
අපරාදේ යානා ටික ගන්න තිබ්බේ. (ර)
යුද්දය තිබෙද්දී ඉන්දියාව අපට උදව් ඕන සෑම අවස්ථාවකදීම මග හැරියා. පකිස්ථානය තමයි උදව් කළේ. දැන් ලංකාවට අවශ්‍ය දේවල් මිලදී ගැනීම පිළිබඳ බලපෑම් කිරීම සදාචාර නොවන අතර එසේ කිරීම පිලිබඳ ආත්ම ගරුත්වයක් ඇත්නම් ලජ්ජා වියයුතු කරුණකි. මහාමාර්ග වල පහරන මිනිසුන් ඇති රටකින් සදාචාරය පිළිබඳ බලාපොරොත්තු වීම එක අතකින් විහිළුවකි .කෙසේ වුවත් කාලගුණ සලකන ජාතියක් වශයෙන් මේ අවස්ථාවේදී පකිස්ථානයට උදව් වශයෙන් මෙම යානා මිලදී ගැනීම කළ යුතුව ඇත . අප රටේ නායකයන් නිබයව කොන්ද කෙලින් තබාගෙන තීරණ ගතයුතුව ඇත (බ)
කුමර්ලට දිලන්ලට ඉතින් හැම දේටම වෙනස තමයි. නිදහසේ අදහස් ප්‍රකාස කිරීමට හරි ලැබුනේ ඇති කල වෙනස නිසා කියල නොතේරෙන එක තමයි දුක. (ර)
අපට ඔය තරම් ප්‍රහාරක යානා මොකටද දැන්?. පයිලට් ලට පුරුදු වෙන්න 2 ක් තිබුනානම් ඇති. (හේ)
අපේ ජනාධිපතිතුමා කියනවා අයෙත් යුද්ධයක් නැහැ කියලා. එහෙනම් මෙතරම් වියදම් කරලා යුද ගුවන්යානා ගන්නේ කාට ගහන්නද?(හේ)
ඉන්දියාව අනිසි ලෙස රටට අත දැමීම එතරම් නුවනට හුරු නැත. (ර)
ගන්න එපා කියනවා නම් ඉතින් මම නොගෙන ඉන්නම් ඔන්න අපේ හැටි. (ර)
අපෝ ඉන්දියාවේ බඩු නම් ගන්න එපා. අන්තිම දහජරාව.(කෞ)
යුද්ධය ඉවර වුනාම අපිට තවත් ගුවන් යානා මොකටද?(හේ)
දැන් අපි වැඩ කරන්න අවශ්‍ය ඉන්දියානු නියෝගයන් අනුවද?(හේ)
මේ ලිපිය හරියට කියවූවිට තේරෙනවා මොකද ඉන්දියාව මේ ගනුදෙනුවට බලපෑම් කරන්නේ කියලා. (නි)
ප්‍රහාරක යානා මොකටද දැන්? (නි)
යුද්ධයක් නැතුව මොකට ප්‍රහාරක යානා ගන්නවද කියලා අහනවට නම් මම විරුද්ධයි. අපේ ගුවන් හමුදාව නමට විතරක් ඉඳලා වැඩක් නැහැ. හදිසි ගුවන් තර්ජනයකට මුහුණ දෙන්න අපේ හමුදාව ලෑස්ති පිට ඉන්න ඕනෑ. ලංකා ගුවන් සීමාව ආරක්ෂා කරන්න මේ වගේ යානා ඕනෑවෙනවා. (නි)
යුද්ධය අවසන් වුණාම අපිට තවත් ගුවන් යානා මොකටද? (නි)
අසල්වැසියා තරහ කරගෙන බැහැ තමයි. හැබැයි නැමෙන්න යන්න ඕනෑත් නැහැ (නි)
ඉන්දියාවට මොකටද එහෙනම් ඔච්චර ප්‍රහාරක යානා.(හේ)
මෙයාලා ටික රටේ සෑම වැඩක්ම පාලනය කරන්න වගෙයි යන්නේ. එයාලා ඔය දීලා තියෙන නාවික මුර යාත්‍රා වල වුණත් තිබෙන ඔත්තු බලන උපකරණ පාලන උපකරණ සහ පණිවුඩ උපකරණ ආදිය ඉන්දියානු චන්ද්‍රිකා සමඟ සම්බන්ධතා පවත්වනවා ඇති අපිට නොදැනී. අන්තිමට ඉන්දියාවේ උපකාරය ගත්තොත් අපිට වෙන්නේ ඇඳුම් උනාදමා පාරේ හිටියා වගේ වැඩක්. ඔක්කොම අපේ රහස් දැනගෙන අපිව පාලනය කරනවා. (නි)
තිලක් ඩුබායි, කොහොමද වෙනස සැපයිද? දැන් තේරෙනවා නේද ඇත්ත? (නි)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
අනිවාර්යයෙන් අපිට ඕනෑ ඕනෑ වෙලාවට අපි සූදානම්වෙලා ඉන්න ඕනෑ ගුටිකන්නේ නැතුව. කියමනක් තියනවනේ පොඩි වුණාට ලොකු වැඩ කියලා. ඒ වගේ ඉන්න ඕනෑ (නි)
අසාද්, මටත් අහන්න තියන්නේ වෙනස සැපද කියලා. මොකද දැන් තරම් බරපතල දේවල් කලින් තිබුනේ නැහැ. කොළ පාට කණ්ණාඩි දැම්මහම ඔහොම වෙනවා. (නි)