ශ්‍රී ලංකා පකිස්තාන් ගිවිසුම් අනුව ජේ එෆ් 17 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා මිලදී ගැනීමට තීන්දුවක් ගෙන නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී යැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.
මෙවැනි ප්‍රහාරක ගුවන් යානා වල අවශ්‍යතාවයක් තිබේ නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව විනිවිදභාවයකින් යුතුව එම ගනුදෙනු සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක ද එම පුවත්පතට කියා ඇත.
එහෙත් හින්දු පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දියා ආණ්ඩුවෙන් දැඩි බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බවයි.
පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මෙම ගනුදෙනුව ස්ථිර බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපි නම් ආරාධනා කළේ නැහැ පකිස්ථාන අගමැතිට. එතුමාම තමයි ගිය සතියේ බලෙන් වගේ අපේ රටට ඇතුළුවුණේ. (නි)
මේ රටේ කෙනෙක් නැද්ද කෑගහලා කියන්න ඉන්දියාවට, අපේ රටේ වැඩ සිද්ධවෙන්නේ අපිට ඕනෑ විදියට මිසක් ඉන්දියාවට ඕනෑ ආකාරයට නෙමේ කියලා. අනික අපි ඉන්දියාවට කිසිම දෙයකට බලපෑම් කළ අවස්ථා තිබෙනවද? කොහෙත්ම නැහැ (නි)
ඉන්දියාව අපිට ලණු ගොඩක් ගිල්වා තිබෙනවා. ඒ නිසා ඉන්දියාව සමඟ කටයුතු කරද්දී හොඳින් සොයා බලා, හොඳින් හිතා මතා අපි කටයුතු කළයුතුයි. (නි)
ඉන්දියාව අතේ දුරින් තියාගන්න තරමට අපිට හොඳයි (නි)
අපේ රටට යානා මිලදී ගන්න ඉන්දියාවෙන් අහන්න ඕනෑද? (නි)
ඇයි ඉන්දියාවට ඕනෑ විදියට කඩේ යන්නේ? මෙහෙම වුණාම අපි කොන්දක් නැති රාජ්‍යක් වෙන එක වළක්වන්න බැහැ. අපේ තීරණ වලට ඉන්දියාව කොහොමද ඇඟිලි ගහන්නේ? කාටවත් හරියට නොතේරන කාරණය ඒකයි. (නි)
පකිස්තානයෙන් නෙමෙයි ඇමරිකාවෙන් වුණත් අවශ්‍ය නම් ගන්නවා. ඉන්දියාවට තිබෙන අමාරුව මොකක්ද? (නි)
අපේ ආරක්ෂාවට ඕනෑ කෙනෙක්ගෙන් උදවු ගන්න ඕනෑ කියලා ඒ කාලේ සිටිය එක්කෙනෙක් කිව්වා වගේ මතකයි. සල්ලි තියනවා නම් ඕනෑ කඩේකින් බඩු ගත්තට මොකද? අපේ දේවල් ගන්න අයගෙන් අපි ගත්තට කමක් නැහැනේ. (නි)
අපේ සමහරු නිතරම ඉන්දියා යන්නේ මොකද කියලා දැන් තමා තේරුනේ (නි)
බොරු කියලා අපිව රවට්ටන්න ඒපා අායුෙබාවන්ඩ. අපි පවු.(අ)
පකිස්තානය අපිට යුද්ධයේදි මල්ටි බැරල් යුධ ගුවන් පුහුණුව දෙනකොට ඉන්දියාව අපිට බාධා කළා. පකිස්තානය අපිට කොහොමත් මිතුරු රටක්. අපි මොකටද අමාරුවේ සිටියදී උදව්කළ අය වෙනුවට කෙනෙහිලිකම් කළ අයගේ අදහස් අහන්නේ? (නි)
මොකටද ඉන්දියාවට අපි උත්තර දෙන්නේ? අපිට ඕනෑ නම් අපි ගන්නවා. මොකද ඉන්දියාවෙන් සල්ලි ගෙවන්නේ නැහැනේ. ඉන්දියාව ආයුධ ගන්නේ අපෙන් අහලද? අනෙක කොටි අපේ කඳවුරු වටකරගන ගහන වෙලාවෙත් ඉන්දියාව ගත්තේ කොටින්ගේ පැත්ත. ඉන්දියාව කිවුවා ඕනෑනම් නැව් දෙන්නම් අපේ සෙබළු යාපනයෙන් ඉවත් කරගන්න කියලා. අපිට ඒවා අමතක නැහැ. ඉන්දියාවට ඕනෑ විදිහට අපි නටන්න යන්න ඕනෑ නැහැ. (නි)
කොහොමත් පාකිස්තානය තමයි ටිකක්හරි උදවු කළෙත්, කරන්නෙත් (නි)
සුමනපාල මහතා හරි. (නි)
කවුරු ඇත්ත කියනවද මන්දා? (නි)
ඇයි ඉන්දියාවට ඔච්චර බය? අපිට ඕනෑ දේ ඕනෑ තැනකින් රටක් හැටියට ගැනීමේ හැකියාව තියෙන්න ඕනෑ. මේක ඉන්දියාවේ කොලනියක් වෙන්න යනවා කියන්නේ ඕකයි අපි. (නි)
යුද්ධය ජයටම යන විට අපිට මල්ට් බැරල් ඉස්සල්ලාම දුන්නේ පකිස්ථානය. ඉන්දියාව කීවා ඕනේනම් නැව් දෙන්නම් අපේ සෙබළු යාපනයෙන් ඉවත් කරගන්න කියලා.(හේ)
ඒක අපිට අදාල නැහැ.ඉන්දියාවටයි කියල තියෙන්න. (අ)