
(සුජිත් හේවාජුලිගේ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස දෙන ලෙස ඉල්ලමින් පාගමනේ පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බිම අසුන්ගෙන තවදුරටත් එහි විරෝධතාවයේ නියෙලී සිටිති.
මහා සංඝරත්නයේ ඉල්ලීම් සම්බන්ධයෙන් මාසයක පමණ කාලයකින් පිළිතුරක් දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු විසින් පාගමනේ පැමිණි භික්ෂූන්ට පවසන ලදී. එවැනි කාලයක් පිළිගත නොහැකි බව පවසා පිළිතුරැ දීමට නිශ්චිත දිනයක් දෙන ලෙස ඉල්ලීම් කරමින් භික්ෂූන් වහන්සේලා මෙසේ බිම වාඩි වී උද්ඝෝෂණයේ යෙදී සිටින බව වාර්තාවේ.
මේ අවස්ථාවේදී එම ස්ථානයේ තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට උත්සාහ දැරීමේදී පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර නොසන්සුන්තාවයක්ද ඇතිවිය.
පසුව පොලිසියේ නියෝගයෙන් කුඩාරම මාර්ගයේ පසෙකට ගෙන යෑමට පියවර ගැනිණ.
නිදහසේ පාද යාත්රාවේ පැමිණි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ සිය ඉල්ලීම ජනාධිපති ලේකම්වරයා ප්රමුඛ නිලධාරීන්ට ඉදිරිපත් කළහ.
අනතුරුව භික්ෂූන් වහන්සේලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සෙත් පිරිත් සජ්ඣායනයක්ද කළේය.
භික්ෂූන් වහන්සේලා තවදුරටත් එහි රැදී සිටින හෙයින් විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් ප්රදේශයේ රදවනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගම වැටිච්ච තැනක්
වහන්සේලා වෙන්නේ කොහොමද සමහරෙකුට (බොහෝමයක් දෙනාට) බිරිඳවරු, දරු පවුල් ඉන්නවා, බලපත්ර චෝදනා තියෙනවා. මොවුන් සසුනෙන් පන්නා දැමිය යුතුය. විහාර දේවාලගම් පනත අහෝසි කළොත් ඔවුන් උපයන හැටි හෙළිදරව් වේවි.
සාමාන්යයෙන් ඉන්න තැන හිටියත් වැදගත් වැඩක් කරන එකක්යැ. ඔහෙ හිටපුදෙන්. හැබැයි පාර බ්ලොක් කෙරුවොත් ඉතින් අවුලක් හරිද ...
නිකන් කන්න හම්බවෙන එකේ වැරැද්ද.
කහ රෙද්ද ඇඳගෙන හැම දුසරිතේම යෙදෙනව, ගහල එලවන්න