ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාගමන් ගිය මන්ත්‍රීවරුන්ට විරුද්ධව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (2) පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.
පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවද කී ඔහු පක්ෂ මූලස්ථානය ළඟදී හූ තැබීම නින්දිත ක්‍රියාවක් බවද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරවීර මහත්තයෝ, මොකද හොඳට හිටිය ඔයාලට මේ වුණේ? (නි)
බලමුකෝ තීරණ ගන්නා හැටි (නි)
ශ්‍රී ලංකා එකේ ඡන්දයෙන් විත් යූඑන්පීය එක්ක දීග කන අයටයි පළමුව දඬුවම් කළයුත්තේ (නි)
දැන් ඔය පක්ෂ ඉන්නේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නද? අනේ මෝඩ මිනිසුනේ, දැන්වත් ටිකක් හිතන්න. (නි)
දැන් කී පාරක් ක්‍රියාමාර්ග ගත්තද? තව ටිකක් දවස් ගියාම මෙයාලා ඔක්කොම අනිත් පැත්තට පනින්නත් පුලුවන් (නි)
කෝ හැමදාම කටමැත දොඩවනවා විතරනේ. මොකුත් කරන්නේ නැහැනේ. මේ අය ඒකාබද්ධ විපක්ෂයට හොඳටම බයයි. පුලුවන්නම් පන්නන්න කියන්නකෝ පක්ෂයෙන්. බොරු කයිවාරු. (නි)
ඔබතුමා මේ කීවෙනි වරටද දඬුවම් ගැන කතාකරන්නේ? කරලාම පෙන්වන්න. (නි)
ඔයාලත් අර සතාගේ රූපය තියන පක්ෂයටම ගිහින් අපිට වද නොදී ඉන්නවද? (නි)
මධ්‍යම කාරක සභාව විනය පරීක්ෂණ ගැන කවදා සිට කියන කතාද මේ? බාලගිරි දෝෂය තමයි (නි)
ඔක්කොම මහින්දට හා පිරිසට පුදුම බයයිනේ (නි)
යුඇන්පියත් හොය හොයා හිටියේ මේ වගේ කට්ටියනේ. දැන් ඉතින් හිනාවෙමුකෝ! (නි)
මේ වෙලාවේ ශ්රීලනිපය මහින්ද නැතුව නැගිටින්න හදනවා නම් එ්ක තමා කරන ලොකුම මෝඩකම. මතකනේ ගිය අවුරුද්දේ මේ කාලේ මහින්දගේ කකුලෙන් ඇදපු හැටි. ඒ වෙලාවේ මහින්දගේ පිහිටෙන් නේද ඔයගොල්ලන් ඔතනට ආවේ. (නි)
අම්මෝ! බයහිතෙනවා මේගොල්ලන්ගේ මුහුණු දැක්කහම (නි)
හොඳ තීරණයක් මේ පාරවත් ගන්න. එහෙට මෙහෙට අබෙරෙන්නේ නැතුව. (ර)
පක්ෂේ කඩාගෙන ගියපු චන්ද්‍රිකාගේ පදේට නටල, මෙයාලත් පක්ෂේ කඩාගෙන ගිහිල්ල, රටත් ආපස්සට හරවල මඩගොහොරුවක හිරවෙලා ඉන්න ගමනුත් කියන්නේ විනය ක්‍රියාමාර්ග ගන්නවා කියල. අපිටනම් ඕනේ වුනේ ගිය චන්දෙදීම මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලවන්න. එක කෙරුනනම් මේ පාවදෙන්නෝ නැතුව අලුත් ආණ්ඩුවක් හදන්න තිබුන. (බ)
බොරු ! ඔය කිසිවෙක් පක්ෂෙන් ඉවත් කරන්නේ නැහැ. හූ කියනවා නෙවේ ගල් ගැහුවත් . රට වගේද බන් පක්ෂය. හම්බ කරන් කන තැන. පවුල් පිටින් හැදෙන්නේ පක්ෂය නිසා නේ, රට බල්ලට ගිය දෙන්. (බ)
ලංකාවේ දේශපාලය අජූත කරපු වමනේ යන තරමට දේශපාලකයන්ව අප්පිරිය කරපු කිසිම ප්‍රතිපත්තියක් නැති උන්නැහේල තමා මේ ඉන්නේ... (බ)
මහින්ද නැති පක්ෂය බෝර්ඩ් ලෑල්ලක් පමණි .... (ම)
ජනතාව ප්‍රතික්ෂේප කරපු තුන් කට්ටුවක් , එහෙම අය කොහොමද විනය ක්‍රියාමාර්ග ගන්නේ (ම)
කට්ටියම පක්ෂෙන් අයින් කරලම දාන්න එතකොට දිනන්න පුළුවන් මහජන මතය කාටද කියලා බලන්න පුළුවන් (බ)
සල්ලි දීලත්, ප්‍රවාහන පහසුකම් දීලත්, කන්න බොන්න දීලත්, මෙකී නොකී දේ දීලත් සෙනඟ කෝ ..කෝ ...කෝ ...??? (නි)
සම්පත් පතිරණ, මහින්ද ඇති තැන හැමදාම පරිප්පු කන හෝටලයක් වගේ බව ඔබට තවමත් තේරුනේ නැද්ද? (නි)
වදුරෝ ගෙවල් හදන්නෙත් ඔහොමයිලු (බ)
දැන් ඡන්දයක් තිබ්බොත් මෙතුමලාට වෙන දෙයක් නැතුව යාවි.... දැන් ඒ.ජ.පෙ. දිනුවොත්.... ශ්‍රී ලංකා නිදහස් කියන නමත් නැතුව අනාත වේවි. පව්. (බ)
මෙවැනි තීරණ ගන්නා බව මීට කලින් කීපාරක් පක්ෂ නායකයන් කියා තිබේද ? එහෙත් මෙතෙක් මොනාද කරලා තියෙන්නේ ? (බ)
අනේ හොදටම බය වෙලා නේද මේ ගොයියෝ (අ)
සාමාජිකයන් නැති පක්ෂයක් ඔබලාට ඉතිරි වෙයි ලබන සැරේ චන්දෙදි දේසපාලනේ ඉවරවේවි නේද?(අ)
දිලාන් වලස්මූණ නම් හොඳටම බය වෙලා (අ)
මොන තීරණද මේ කට්ටියත් ආණ්ඩුව ගෙනියන පක්ෂේටම බැදුනම ඉවරයි. පව් අප්පා දැන් ඉන්නේ කොටි වලිගෙ අල්ල ගත්ත මිනිහ වගේ. අත ඇරියොත් වැඩේ වරදින බව තේරෙනවා මුහුණු වලින්ම. (අ)
අනේ එකට නම් මුකුත් කරන්න හදන්න එපා අපේ යාළුවන්ට අනුන්ගෙන් කාල බීලා මහපාරේ නටලා නොමිලේ ෆන් එකක් ගන්න තියන අවස්තාව අහිමි කරන්න නම් එපා. (අ)
විනය නැතිව වැඩ කරන කට්ටිය. (අ)
නළව නළව ඉදලා හරියන්නේ නැහැ (බ)
ඔය වගේ දේවල් මීට පෙරත් කීප වතාවක් කීවා. නමුත් පක්ෂයේ මධ්‍යම කාරක සබාව තීරය කරාවි කිසිම දෙයක් නොකර ඉන්න. වෙනද වගේම මේ පාරත් ඒකම වේවි. (බ)
මුහුණු වලින් පේනවා මෙයාලගේ තැති ගැන්ම..(බ)
ජනතාව ගැන අදහස් නොතේරෙන මේ මෝඩයන්ට අනුකම්පා කරන්න ඕනේ. (බ)
"හු " කියන අයත් "හු " ලබන අයත් එක වගේ ලැජ්ජාවට පත්විය යුතු වුනත් අද ඔවුන් ගැන ලැජ්ජාව දැනෙන්නේ ජනතාවටය. කකුල්වල දිය පට්ටා එනතෙක් ඇවිදින හිටපු ජනාධිපතිතුමෙක් අද බොහෝ දෙනාගේ නින්දා අපහස වලටත්, ජනතාවගේ බහුතරයකගේ බද්ධ වෛරයටත් ලක්වී ඇත. (බ)
මේ අයගේ කතාව විතරයි. මොකද ඔච්චර භය. කෙලින් ඉන්නකෝ. වරදට දඬුවම දෙන්නකෝ. (බ)
ඔයට වැඩිය හොඳ නැද්ද ඇයි පාද යාත්තරා යන්නේ කියල හොයල බැලුවොත්. ඒ ගිය අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. ඒ අයට දඩුවම් කරනවානම් එජාප යට එකතු වෙලා ඉන්න අයට ඉස්සර වෙලා දඩුවම් කලයුතුයි නේද? (අ)
හූ කියපු එකනම් හොද දෙයක් නෙමෙයි මහත්තයෝ දන්න අය දන්නවා .....ඔහේල හූ කීවා (අ)
පක්සෙ නමයි යුඑන්පී ටෙයියො 100ක් විතරයි ඔහෙලට ඉතුරු . පාවාදිමේ කප්පිත්තො නං ඔන්න උඩ ෆොටෝ ටික රාමු කරලා බිත්තිවල ගහගන්නවලා (අ)
සල්ලි වලට ගන්න පුලුවන් මන්ත්‍රීවරු තියාගෙන ඕකට පක්ෂෙයක් කියලා කියනවාට වඩා මඩමක් කියලා ලියාගන්න. ඕකුන් හෙට මහින්ද දින්නොත් මහින්දගේ සාක්කුවෙ. (අ)
දඬුවම් කරනවානම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ සිරිසේනටයි දුමින්දටයි රාජිතටයි. මේ තුන්දෙනා තමයි පළමුව නිදහස් පක්ෂය පාවාදීලා අලියා පිටේ නැගලා හංසයාගෙන් ඉගිලුනේ (රේ)
මිනිස්සු එකතු වෙන්නේ රටට යමක් කරපු මිනිහෙක් වටේ. අපිට පක්ෂ වැඩක් නැහැ. ඔය පක්ෂ කැඩුනත්, හැදුනත් අපිට වැඩක් නැහැ. රටට වැඩක් කරන කෙළින් මිනිහෙක් අපිට ඕනෑ (නි)