ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මාවනැල්ල නගර සීමාවේ ප්‍රධාන හා අතුරු මාර්ගවලට ඇතුළුවීම වලක්වමින් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දස දෙනකුට තහනම් නියෝගයක් නිකුත් කෙළ්ය.
එක්සත් ජාතික පක්ෂය මාවනැල්ලේ සංවිධානය කර තිබූ පක්ෂ ප්‍රවර්ධන රැස්වීම් ද මාවනැල්ල නගර සීමාව තුළ තහනම් කරමින් එම පක්ෂයේ නව දෙනකුට ද තහනම් නියෝග නිකුත් කැරිණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සහ විනය හා කල්කිරිය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කළ කරුණු දැක්වීමක් අනුව අධිකරණය එම නියෝග නිකුත් කළේය.
එජාපය පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් මාවනැල්ලේ පවත්වන බවත්, පොදු විපක්ෂය ද මාවනැල්ල හරහා බාගමනක් යන බවත් මේ නිසා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී මහජන සාමායට බාධා විය හැකි බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
මාවනැල්ලේ පටු මාර්ග ඔස්සේ පාගමන් යද්දි මහජනතාවට පීඩාවක් ඇති විය හැකි බව ද, ජනපති හා අගමැති එදිනම සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට මාවනැල්ලට ඒමට නියමිත බව ද පොලිසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල, කොහොමත් ළඟදීම එහෙම කරන්න වෙයි (නි)
අපේ සටනට ජයවේවා! (නි)
මොන තහනම දැම්මත් ජනතාවගේ හිත් වලට තහංචි දාන්න බැහැ (නි)
පාද යාත්‍රා නොවේ අහස් යාත්‍රා තිබුනත් මේ ගොල්ල ආයෙත් දිනනවා බොරු. (ර)
කවුරු ආවත් වැඩක් නැහැ දැන් (නි)
මහින්ද මහත්තයා සදාකල් වැජඹේවා! (නි)
ඔක්කොම සෝබන විතරයි. ජනතාව රවටන දේවල් (නි)
මොන බාධක ආවත් අපි ඉදිරියට! (නි)
අරගලයන්ට වැට බැඳීමෙන් වන්නේ, එම අරගලයන්ට සාමාන්‍ය ජනතාවගේ අවධානය යොමුවීමයි. (නි)
සත්‍යපාල, ගුණමකු වෙන්න එපා (නි)
ඉන්දුගේ කතාව නම් ඇත්තමයි. ආදරය වාගේ තමයි. කොහොම කළත් හදවතට තහංචි දාන්න බැහැනේ නේද? (නි)
මහින්ද ඇතුළු දසදෙනා වාහනයකින් නගරය පසු කලානම් ඉවරනේ (ම)
තහනම් නීති දමා ගම් ප්‍රදේශ වලට ඇතුළුවීම වැළක්විය හැකියි. එහෙත් මිනිසුන්ගේ හදවතට ඇතුළුවීම වැළැක්විය නොහැකියි. (නි)
සත්‍යපාල, බොරුවට කෑගහන්න එපා. තමන්ගේ ඇත්ත තත්ත්වය පේනවා. (නි)
යහ පාලනය මරු (බ)
ඔක්කොම එකම දවසේ දාගත්ත එකනේ වැඩේ. කල්ඇතුව කතාකර ගත්තා නම් කාටත් හොඳයිනේ. මොකද ඔය පාගමන මාස ගානක ඉඳන් දාගත්ත එකක්නේ. ඒ අයට හිරිහැර කරන්න එපා. දැන් මාස ගානක් වෙනවා අරණායක ජනතාව අසරණ වෙලා. ගියාද බලන්න. මොනවද කළේ ඒ අයට? ඔය විදිහටද අසරණ ජනතාවට සළසන්නේ. අර අය පාගමන යනවා කියනකොට ඔයගොල්ලොත් එහෙ යන්න දඟලනවා (නි)
සත්‍යපාල, මේ යන විදිහට ගියොත් තව ටික දවසකින් ඔබටත් නාසයට ලණුවක් දාලා අැදගෙන යාවි (නි)
අපි අහසින් එනවා. හැකිනම් නවත්වන්න. ඊළඟ තහනම් නියෝගය අද ගන්නවද? මොකද නෙලුම්දෙනිය, නිට්ටඹුව , කිරිබත්ගොඩ ඒවාත් අදම ගත්තොත් හොඳයි. එතකොට කුරුණෑගල පැත්තෙන් එන්න පුළුවන්. හොරගොල්ලෙන් එන්න බයයි. පොඩි අඩුපාඩු නම් තියනවා වගෙයි. මොකද ඕක කල් ඇතුවම දැනගෙන හිටියනේ. (නි)
මහින්දට කොහොමත් නැවත දිනන්න බැහැ (නි)
මොන බාධක ආවත් අපි ඉදිරියටම යනවා (නි)
අනේ මෙහෙමත් බියගුළු ආණ්ඩුවක්? (නි)
සත්‍යපාල, මහින්ද මැතිතුමා නොහිටින්න තමුන්ට විතරක් නොවේ, තමුන්ගෙ දරු පවුලටත් ඒ ටික තමා වෙන්නෙ (නි)
ඔන්න වැඩේ. රනිල්ලා පා ගමනක් ගියොත් හරි ප්‍රවර්ධන වැඩසටහනක් තිබ්බොත් හරි අනික් කට්ටියටත් ඕකම තමයි කරන්න තියෙන්නේ. (නි)
ගැමුණු ඊට වැඩිය හොද නැද්ද කඹයක් දාලා ඇදගෙන ගියා නම් ! (බ)
ඇයි පුදුම බයක්. (අ)
පාගමන තහනම් කාර් එකකින් මේපැත්තට ඇවිත් නැවත පාගමනේ යමු. නැතිනම් ඔබ තුමාව ඔසවාගෙන එන්නම්. නැතිනම් දෝලාවකින් ගෙන එන්නම්. ක්‍රම සහ විධිද නැත්තේ. (බ)
ආණ්ඩුව හොඳටම බය වෙලා වගේ (අ)