පාසල් කාමරයට පිඟන් ගඩොල් 75ක් ගැනීම සඳහා සිසුවකුගේ මවකගෙන් රුපියල් 53250ක් ගත්තැයි මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති සරත් විජේතිලක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඔහුට නියම විය.
පිඟන් ගඩොල් 75ක් සැපයීමේ පොරොන්දුව මත දරුවා පාසලට ඇතුළු කර ගත් නමුත් පිඟන් ගඩොන් නොසැපයීම නිසා පිඟන් ගඩොල් මිලට ගත් රිසිට් පත නැතිව දරුවාට පාසල් නොඑන ලෙස විදුහල්පති දන්වා ඇතැයි ද දරුවාගේ මව ඒ බව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි ද උසාවියේ දී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිකම්ත් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වාගේ රක්ෂාවක්(දී)
දරුවාව දාගන්ට මොනවා හරි දීල පස්සේ අල්ලස් කොමිසමට කියනවා.මම කියන්නේ මේ දෙනවා කියපු කාන්තාවත් අල්ලලා උසාවි දාන්ට ඕනේ.මොකටද දුන්නේ.එකත් අල්ලස් එකයි (අ)
ඔහුට නායකත්ව පුහුණුව දීලා නැද්ද? සියලුම විදුහල් වලට විදුහල්පතිවරු හැටියට හමුදා ලොක්කන් දමනවා නම් මේ වගේ පැමිණිලි නොඑන්න පුළුවනි. (දී)
තමන් ලබා ගත් උගත්කමෙන් ඇති තේරුම මොකක්ද? (දී)
වැඩේ කර ගත්තට පස්සේ ගැණු ඔහොම තමා .... පව් විදුහල්පති (දී)
විදුහල්පති තුමන්ලාටත් දැන් වෙනම පන්ති පැවැත්විය යුතුයි (දී)
ළමයත් පාසලේ නම් පාසලට උදව් කලාට කමක් නෑ නේද. විදුහල් පතිට නෙවේ නේ . මාර ගැනියෙක් තමයි. දෙනවා කියල ළමයව දාගෙන.(අ)
විදුහල්පතිට පිගන් ගඩොල් ඉල්ලිමට කිසිදු අතියක් නැත (අ)
ඔය විදුහල්පති තුමා මුදල් වලින් පාසල හදපු ලස්සන බලන්න ඔය විදුහලට යන්න ඒතුමාට දෙවි පිහිටයි (අ)
ඒ කාන්තාව හරි හැබැයි ඒ ළමයාට පාසල තුලදී අසාධාරණයක් වෙයිද දන්නේ නැහැ (දී)
විදුහල්පති කොහොම කලත් කරලා තියෙන්නේ අල්ලස් ගැනීමක් (දී)
ඔබතුමා පාසල සංවර්ධනය කල හැටි අපි දන්නවා (දී)
විදුහල්පති තුමනි, ඔබෙන් පාසලට සිදු වූ සේවාව සදා අමරණීයයි. අප ඔබට සදා ණයගැතියි. (දී)
පිගන් ගඩොල් ඉල්ලුවේ ගෙදරට නොවෙයි පාසලටයි පාසල සංවර්ධනය කරන්න (දී)