IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පුංචි ආණ්ඩුවේ නිලධාරීන්ට චෝදනා

(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ හඬට කන් නොදීම ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු බාර ප්‍රධානීන්ට එරෙහිව මහජන පැමිණිලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වේ.

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල නිල කාලය අහෝසිවී ඇති හෙයින් ඒවායේ පරිපාලන කටයුතු දැනට සිදුවන්නේ නිලධාරීන් ( ආණ්ඩුකාරවරුන් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන්) අතිනි.

පළාත් සභා හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට( නිලධාරීන්ට) එරෙහිව පැමිණිලි ඉදිරිපත්වීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පැමිණිලි ගණනාවක් තමාටද ලැබී ඇති බවයි.

සමහර නිලධාරීන් ජනතාවගෙන් ඈත්වී ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවට ජනතාව දැනුම් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නැයි ඒ අනුව තමා නිලධාරීන්ට වහා උපදෙස් දුන් බවද ප්‍රකාශ කළේය.

නිලධාරීන් ඒ ආකාරයට ජනතා සේවය පැහැර හරිමින් කටයුතු කරන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බවද ඔහු කීවේය.

 



අදහස් (1)

පුංචි ආණ්ඩුවේ නිලධාරීන්ට චෝදනා

විජේතුංග Saturday, 06 May 2023 09:33 PM

දේශපාලුවන් හැමවිටම නිලධාරින් කොපමණ නිවැරැදි ලෙසට වැඩ කළත් කියන්නේ වැරැදි පමණයි... බලයේ සිට ඉවත්වෙලා ගියාට තමුන්ලා තවමත් පාලකයින් ලෙසට හිතන දේශපාලුවන් අනීතික ක්‍රියාවන් කරන්න කිව්වාම තමයි මෙහෙම චෝදනා එන්නේ... පළාත් පාලන ආයතනයක හිටපු විධායක නිලධාරියෙක් ලෙසට මම දේශපාලුවන් කරන අනීතික ක්‍රියාවන් හොඳින්ම දැකලා තියෙනවා... මම නම් මේ කියන දේවල් සම්පූර්ණයෙන්ම අසත්‍ය කියලා කියන්න කැමැතියි.. එනිසා දෙපිරිසටම පිළිගත හැකි අයවලුන් ලවා පරීක්ෂා කළොත් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැහැදිලි වේවි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 83 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 13 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 67 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 452 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 1018 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා
2025 අප්‍රේල් මස 21 668 3

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 417 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site