IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක්

(රංජන් කටුගම්පල සහ රෝෂන් තුෂාර)

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි  නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ   සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි  තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය  පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය.

ඉකුත් වසරේ මාර්තු 9 වැනි දින පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.



අදහස් (9)

පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක්

රංබොඩ Thursday, 22 August 2024 01:06 PM

ඒක ඇත්ත. පළාත් සභාවට පත්වුණාම එයාලට කන්න පුලුවන්. කෑම කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් නේ. රටට නම් ඉතින් හෙන ගැහිලා ගියත් මොකද.

:       34       120

ධර්මසේන Thursday, 22 August 2024 01:14 PM

යුක්තිය ඉටුවීම ප්‍රමාදයද අයුක්තියකි

:       103       67

J R Randeniya Thursday, 22 August 2024 01:28 PM

දිගින් දිගටම අධිකරණ තීන්දු නොසළකන, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන සිලින්ඩරයාට ඡන්දය දීමෙන් වළකිමු.

:       119       99

ජගත් ලියනගේ Thursday, 22 August 2024 01:53 PM

එක්කෙනෙක් කිව්වා වගේ මතකයි "පළාත් පාලන පාලන මැතිවරණයක් තියන්නේ පළාත් පාලනයක් නැහැ" කියලා . එයා ජනාධිපති වෙන්නටත් දඟලන එක්කෙනෙක් .

:       25       41

පිටරැටියා Thursday, 22 August 2024 02:04 PM

ගරු අධිකරණය දුන් තීන්දුවට අපගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා .පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරලා,ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය වෙමින් තිබුණේ. රජයේ මුද්‍රනාලයට,මැතිවරණ කොමිෂමට නොයෙකුත් බලපෑම් කරමින් එය නතර කිරීමට රජය කටයුතු කරපු බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       129       64

P.d goonawardene Thursday, 22 August 2024 02:09 PM

අයිඑම්එෆ් එකෙන් ලෝන් ගහනවා....ඡන්ද වලට කාබාසිනියා කරල දානවා....ආයිත් රට වලපල්ලේ...

:       29       111

ජනරළ Thursday, 22 August 2024 04:00 PM

රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වැනි අංක එකට වගේ තියෙන මූලික අයිතිවාසිකමකට එරෙහිව කටයුතු කල අයෙකුට වසර 10 ක පමණ බරපතල වැඩ සහිතව සිර දඬුවම් ප්‍රජා අයිතිය අහෝසිවීම වැනි දඬුවම් නියම වෙනවා. ඒ වගේ වරදක් කරපු කෙනෙක් කොහේ හරි ඉන්නවා නම් ඡන්දෙ ඉවර වුණු ගමන්ම ඒ කටයුතුත් ඉක්මණින් වගේ කෙරෙනවා නම් රටට ලොකු යහපතක් වෙනවා. අප්‍රමාදව ඒ කටයුතු කිරීම රටට ආදරය කරන කාගේත් යුතුකම් වගේම වගකීම. නැද්ද මන් අහන්නේ?

:       23       10

Keshika Thursday, 22 August 2024 07:38 PM

පළාත් සභා හොර තක්කඩි සෙට් එකක්ද කොහේද? මේකෙ කොමෙන්ට් කරලා තියෙන්නේ... රටට කෝටි සිය ගානකට වඩා ඉතුරුයි මේ නල්ලමලේ පළාත්සභා සෙට් එක ගෙදර හිටපු නිසා. ආන්ඩුකාරවරු ලස්සනට උන් නැතුව වැඩ ටික කරගෙන ගියා. ලංකාව වගේ පොඩි රටකට කොහොමත් ඔය විකාරේ ගැලපෙන්නේ නෑ. ඉන්දියාව සතු‍ටු කරන්නනේ ඔය ඔක්කොම ඉතින්....

:       4       30

වාසලThursday, 22 August 2024 08:15 PM

මෝඩයෝ මේ පළාත් සබා ගැන නෙමෙයි කියන්නේ ..ප්‍රාදේශීය සබා ඡන්දෙ ගැන..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 376 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2708 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 211 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1217 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26958 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site