IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පුංචි තිරයට ආවෙ වසර දහයකට පස්සෙ

2016-08-18-ent-132

වේදිකාව, ටෙලිනාට්‍ය ඔස්සේ ජීවින රඟමඬලේ මේ දක්වා වසර 40 ක පමණ කාලයක් සිය පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් අපූර්ව රංගවේදියා සරත් කුලාංග අද අපේ සැඳැල්ල කතාබහට එකතු කරගන්න හිතුවා. මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විනාශය වන ”සල්සපුනා” ටෙලි නාට්‍යයේ වෙද ගුරුගේ චරිතයට පණ පොවන කවිකාරයා අපේ කතා බහට එකතු වුණේ මෙලෙසින්.

 

කොහොමද? මේ දවස් වල ගෙවෙන ජීවිතේ?

2016-08-18-ent-134ජීවිතේ ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා. මුලින්ම කියන්න ඕන විජය නන්දසිරි කියන වේදිකාවේ යෝධ වෘක්ෂය, හදිසියේම අපෙන් වෙන් වෙලා යෑම හරියට අපේ ජීවිතේ අතරමඟ නතර වුණා වගේ දැනෙනවා. ඔහු අප අතර සිටිය නම් ජීවිතේ සතුටුයි, සුන්දරයි.

 

මේ දවස්වල විරිඳුකරුවෙක් වෙලා කියන්නේ ඇත්තද?

වසර ගණනාවකට පස්සේ තමයි මට ටෙලිනාට්‍යයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුනේ. ඒ සල්සපුනා ටෙලි නාට්‍යයේ වෙදගුරු කියන චරිතය.

 

චරිතය ගැනත් ටිකක් කතා කරමු?

අහිංසක චරිතයක්. කවි කියනවා වෙදකම් කරනවා. කතාව වටා ගෙතුණු හරිම සුන්දර චරිතයක්. මට කොහොමත් ගොඩාක් වෙලාවට ලැබෙන්නේ අහිංසක චරිත තමයි. වෙනස් චරිතයක් කරන්න ආසයි. ඒත් ඉතින් මගේ පෙනුමත් අහිංසකයි වගේද දන්නේ නෑනේ. (සිනාසමින්)

 

වසර ගණනාවක්ම පේ‍්‍රක්ෂකයා ඔබව දුටුවේ වේදිකාවෙන් පමණයි. වේදිකාවට පමණක් සීමාවෙන්න හේතුවක් තිබුණද?

මගේ ටෙලිනාට්‍ය ජීවිතේ ආරම්භ වුනේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ දරුවෝ ටෙලි නාට්‍යයෙන්. පේ‍්‍රක්ෂකයා සරත් කුලාංග කියන චරිතය ආදරයෙන් වැළද ගත්තා නම් ඒ ” දරුවෝ” හරහා. ඔතනින් පස්සේ කිසියම් දේශපාලනික හේතුන් සමුදායක් එක්ක සියලූම නාලිකා වලින් මාව කාලයක් අයින් වෙලා තිබුණා. නැවතත් වසර ගණනාවකට පස්සේ සල්සපුනා හරහා වෙදගුරුගේ චරිතයෙන් පේ‍්‍රක්ෂකයා වෙත එන්න ලැබීම ගොඩක් සතුටුයි.

 

සල්සපුනා ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ වසර කීයකට පසුවද?

වසර දහයකට විතර පස්සේ.

 

කාලයක් ඔබට නාලිකාවලින් ඈත්වෙන්න සිදුවුණා කියන දේශපාලනික බලපෑම් මොනවද?

ඇත්තටම ඒ ගැන කතා කරන්න මම දැන් කැමැති නැහැ.

 

ඔබගේ මූලාරම්භය සනිටුහන් වෙන්නේ වේදිකාවෙන්. වසර 40 ආපසු හැරුණොත් ඔබේ මතකය?

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් වේදිකාවෙන් රංගන ජීවිතය ඇරඹූ මම 1976 වර්ෂයේ ඉඳලා මේ දක්වා වසර 40 අඛණ්ඩව සංගීත අධ්‍යක්ෂවරයෙක්, වේදිකා නළුවෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් වේදිකාව අතනොහැර රැුඳී සිටින්නට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. රූපවාහිනිය, චිත‍්‍රපට, ටෙලිනාට්‍ය මාව අතහැර දැමූ හැම අවස්ථාවකම මාව පේ‍්‍රක්ෂකයා අතරට ගෙනාවේ වේදිකා නාට්‍ය. වේදිකාවට මම මැරෙන තුරාවට ආදරෙයි.

 

මේ දවස්වල වේදිකා නාට්‍ය එක්ක රට වටේම යනවා කියන්නේ ඇත්තද?

දෙයියොත් දන්නේ නෑ.” මගේ නාට්‍යය මේ වෙනකොට දර්ශන වාර 250 ඉක්මවලා රඟ දක්වලා තියෙනවා. ඒ එක්කම රූකඩ රාජ්ජේ, මල්වඩම් අනවශ්‍යයි, රාජකපුරු, ජසයා සහ ලෙන්චිනා මේ නාට්‍ය එක්ක මේ වසර අවසානය වනතෙක්ම සෑම සති අන්තයේම කොහේ හෝ ඈත ප‍්‍රදේශයක අපි මේ වේදිකා නාට්‍ය රඟ දක්වනවා.

 

මේ දවස් වල මොනවද අලූත් කලා කටයුතු?

දැනට නාට්‍ය දෙකක සංගීත නිර්මාණ කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. මේ වසරේ නම් ටිකක් කාර්යබහුලයි. ඒ එක්කම ලබන වසරේ මුල අපේ රටේ ඉතිහාසයේ සැඟවුණු ස්ථාන අරගෙන නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ දිනවල ඊට සම්බන්ධ කරුණු සොයමින් ඉන්නවා. තව මම වසර 40 කාලයක් තුළ කරපු නාට්‍ය තෝරාගෙන මගේම ගීත 20 ක ගීත එකතුවක් එළිදැක්වූවා. නාට්‍ය හා රංග කලාව විෂය හදාරණ දරුවන් වෙනුවෙන් තමයි ”කන් කළු නළු ගී” කියලා විෂය නිිර්දේශයට අයත් ගීත සමඟින් සංයුක්ත තැටිය නිර්මාණය කළේ. දැනට මගේ වේදිකා නාට්‍ය නරඹන්න එන දුවා දරුවන්ට ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. මේ කිසිම දෙයක් කළේ වෙළෙඳ අරමුණක් ඇතිව නම් නෙමෙයි.

 

මේ දවස්වල රඟපාන නාට්‍ය මොනවද?

”සුරදූතියෝ” ටෙලි නාට්‍යයේ සහ සරත් ධර්මසිරිගේ ”හතරේ කණුව” නාට්‍යයේ රඟපානවා. මට කියන්න බැරි වුණානේ තව අලූත් වැඩක් තියෙනවා ඉදිරියට...

 

මොකක්ද ඒ...?

හිරු ටී.වී. එකෙන් කලාකරුවන් එකතු කරලා අලූත් රියලිටි වැඩසටහනක් කරන්න සූදානම් වෙනවා. මමත් ඒකට සූදානම් වෙනවා. මල් වඩම් අනවශ්‍යයි” වේදිකා නාට්‍යයේ කුමාර තිරිමාදුර, සුරංගි කෝසලා, සරත් කුලාංග සමඟ වේදිකාවට ආලෝකය දුන් විජය නන්දසිරි නම් වූ පහන නොසිතූ මොහොතක නිවී ගියා. පහන් ආලෝක නැති වේදිකාව ගැනත් කතා කරමු. අවසන් වශයෙනුත් විජය නන්දසිරි මහතා අපිත් එක්ක එකට විහිළු තහළුවෙන් විනෝදයෙන් ඉඳලා වේදිකාවෙන් බැස්සේ අපි හැමෝම දාලා යන්න කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ.

අලූත් හොරෙක් ඕනෑ, මල්වඩම් අනවශ්‍යයි. ඔහු ඉතා ආදරයෙන් දායක වුණ නාට්‍ය. කොයිතරම් අසනීප ගති තිබුණත් ඔහු වේදිකාව කියන සුන්දර තැනදි හැම විටම අලූත් වූවා. අලූතින් කලා ක්ෂේත‍්‍රයට එන නළු නිළියන්ට හොඳ පරමාදර්ශි නිහතමානී චරිතයක් වුණා. ඔහු නැති වේදිකාව පාළු සොහොන් පිටියක් වගේ.

 

වේදිකාවේ ඒ හිදැස පුරවන්න පුළුවන් කාටද?

කාටවත් බැහැ. නළුවෝ ඕන තරම් ඉන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විජය නන්දසිරි වැනි අග‍්‍රගණයේ දැවැන්තයෙක් ඉන්නවද කියන එක ප‍්‍රශ්නයක්. නාට්‍ය ඉදිරියට ගෙනියන්න ඒ හිඩැස පුරවන්න වේවි. නමුත් චරිතයට සාධාරණය, වේදිකාවේ ඒ පාළුව අපේ ජීවිතවලට පුරවන්න අමාරු වේවි. මට මතකයි විජය අයියාගේ සමුගැනීමට අවසාන මොහොතේ දර්ශන මැද්දේ අපට කිව්වා එයාගේ දුවගේ උපන් දිනය තියෙනවා ලබන මාසේ හැමෝම එන්න කියලා. එහෙම හිටපු විජය අයියගේ වෙන්වීම අදහගන්න බැහැ.

 

නදීශා අතුකෝරළ

 

2016-08-18-ent-133



අදහස් (0)

පුංචි තිරයට ආවෙ වසර දහයකට පස්සෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1355 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 267 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2238 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1238 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 665 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 446 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39234 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site