IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පුංචි රියදුරාගේ අම්මත් අත්අඩංගුවට

දෙමටගොඩ  කහ ඉරේ දී මවක හා දියණියක මිය ගිය සිද්ධියේ රිය පැද වූ බව කියන පහළොස් හැවිරිදි ළමයාගේ මවද සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. රියේ යතුර ඇය තම පුතාට දී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.

රිය පැදවූයේ තමා යැයි ළමයාගේ මාමා කෙනෙකු අනතුර සිදුවූ අවස්තාවේ ඉදිරිපත් වූ විට ප්‍රදේශවාසීහු ඊට විරෝධය පාමින් කෑකෝ ගසමින් කලබල කළහ.

මිය ගිය මව සහ දැරිය රාත්‍රී ආහාරය සොයා යමින් සිටියදී මේ අනතුරට පත් වූ බවත් රිය පැද වූ බව කියන ළමයාගේ පියා පෙර දින රට ගිය බවත්, ඔහු මව සමග බොරැල්ලට යමින් සිටියදී අනතුර සිදු වූ බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

පුංචි රියදුරාගේ අම්මත් අත්අඩංගුවට

දුල්මි Sunday, 17 January 2016 08:19 AM

අර මීටපෙර ජීවිතයක් නැතිකළ ප්‍රභූ පුත්‍රයාගේ දෙමාපියන්ට මේ නීතිය නෙමෙයිද අදාළ වුණේ එතකොට? (නි)

:       0       0

සහන් Sunday, 17 January 2016 08:28 AM

වැරදි කලොත් දඬුවම් දෙන්න ඕන. අපේ රටේ හැම වැරද්දක් කලාමම එකේ මානුෂීය පැත්ත බලන්න යනවා. (අ)

:       0       0

සත්‍යා Sunday, 17 January 2016 08:53 AM

අපේ රටේ පිට රට වගේ වාහන තනි අතට පමණක් යන්න පාර හදනවනම් මෙහෙම වෙන්නේ නෑ (බ)

:       0       0

චාරු Sunday, 17 January 2016 09:00 AM

ආසියා රටවල අම්මලා බහුතරයක් පුතාලව ඉල්ලන ඉල්ලන දේවල් දීලා නරක් කරනවා. පුතාලාට වරදකට දඬුවම් දෙන්නෙත් නැහැ. කොල්ලෝ ඔහොමයි කියලා. සල්ලිකාර පවුල්වල අම්මලා ඔක්කොටම අන්තයි. ඇත්තටම ළමයාට රියේ යතුර දීලා නම් මතක හිටින පාඩමක් දෙන්න ඕන. එතකොට අඩු ගානේ අනිත් අම්මලාවත් තරුණ පුතාල ගැන සැළකිලිමත් වේවි. (බ)

:       0       0

පිරිස් ඉතාලි Sunday, 17 January 2016 09:17 AM

අනිවාර්යෙන්ම සදහටම හිරේට දාන්න ඕනේ. හෙට දවසට නැවත ඔය වාගේ දෙයක් නොවෙන්න අනේ අපේ රටේ නීතිය සල්ලිවලට සේරම යටයි. ටික දවසකින් නිදහස් වෙලා එයි මොකද එ්තරමටම නිති හොදයි මොකද ලෝකේම උතුම්ම රට ලංකාවනේ? අර අහිංසක දෙන්නටම දෙවිපිටයි. අනේ ඒකට මේ රටවල නිති! අපේ රටට දෙයියන්ගේම පිහිටයි? (බ)

:       0       0

කමනි Sunday, 17 January 2016 09:13 AM

මෙහෙම අඥාන දෙමාපියන්ගේ බාලවයස්කාර ළමයි රිය පදවනවා මමත් දැක තිබෙනවා. සමහර දෙමාපියන් හරිම වගකීම් විරහිත ලෙසයි හැසිරෙන්නේ. ඔවුන් හිතන්නේ දරුවාගේ කරදඬු යන්තම් උස්වූ පමණින් වැඩිහිටියකු මෙන් වාහන පදවන එක හරි ලොකු වැඩක් කියලා. (බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 17 January 2016 09:50 AM

අනාගතයේදී මෙවැනි වැඩට පෙලඹෙන අයටත් පාඩමක් වන සේ අම්මටයි, පුතාටයි දෙන්නවම උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

අජිත් Sunday, 17 January 2016 10:09 AM

අර හයිවේ එකෙත් ළමයෙක් ඩිමෝ බට්ටෙක් පදවන පොටෝ එකක් දාල තිබුනේ. ඒවාට නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් නැවත නැවත වෙන්නේ නෑ. (බ)

:       0       0

දුල්මි Sunday, 17 January 2016 10:11 AM

මිට කලින් මේ වගේ වරදක් කළ දේශපාලු තරුණ පුතාව ඔලුව අත ගාලා හිටපු රටටම යැව්වා . බලමු මේපාර මොකද වෙන්නේ කියලා (බ)

:       0       0

ශාන සෞදි Sunday, 17 January 2016 07:06 AM

දරුවන්ට දෙයක් දී යම් කාර්යක් කිරීමට පැවරීමට පෙර වැඩිහිටියන් එය ගැන කල්පනා කළයුතුය. වැඩිහිටියන් තමන්ගේ ලේසියට කාගෙන් හෝ තමන් කළයුතු කටයුත්තක් කරවා ගැනීමට යාමෙන් අද පාසල් යන වයසේ දරුවෙකුට හිරබත් කෑමට සිදුව තිබේ. මෙහිදී දරුවාට නොව දෙමාපියන්ට දඬුවම් කළයුතුය. මන්ද මේ නිසාවෙන් දරුවාගේ ජීවිත ගමනම අඳුරු වන නිසාවෙනි (නි)

:       0       0

වරුණ Sunday, 17 January 2016 07:23 AM

අනේ දෙවියනේ කාට වරද පටවන්නද? (නි)

:       0       0

සංජීව Sunday, 17 January 2016 07:26 AM

රිය පැදවීමට පෙර කෙනෙකුට කරදරයක් නොවෙන විදිහට පදවන්න වගබලා ගන්න කියාදෙන්න ඕනෑ .මිනිස්සු තම තමන්ට ඕනෑ විදිහටයි රිය ධාවනය කරන්නේ . කවුරුත් අනෙකුත් ජීවිත ගැන බලන්නේ නැහැ. (නි)

:       0       0

ඉමේෂ් Monday, 18 January 2016 10:12 AM

ජාතියේ වැරැද්ද. නීතිය ක්‍රියාත්මක කරන්න වෙන්න නැහැ.(ම)

:       0       0

ඉමාම් Sunday, 17 January 2016 07:40 AM

දැන් ඒ පොඩි දරුවාගේ අනාගතයම ඉවරනේ! (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 17 January 2016 07:42 AM

මේ මව ජීවිත දෙකක් නෙමෙයි, තම පුතුගේ ජීවිතයත් එක්කම ජීවිත තුනක් විනාශ කළා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 10 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 310 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 379 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2150 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12723 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36637 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24241 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site