(බී.ජි. චතුරංග)
පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කළ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල පදිංචි 26 හැවිරිදි එම ගුරුවරිය , කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගේ සැමියා වන, අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සූපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවත්, එම සැකකරු සහ සැකකාරිය අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිටි බව පොලිසිය සඳහන් කළේය.
සැකකාර මෙම යුවළ මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර මේ වන විට වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් , එහි වර්ෂ පූර්ණය සැමරීම සඳහා විශේෂ දීමනාවක් ලෙස මේ දිනවල මත්කුඩු පැකට්ටුවක් සඳහා රුපියල් 500 සිට 1000 දක්වා වට්ටමක් ලබා දී ඇති බව පොලිසිය කියයි.
ලැබුන තොරතුරකට අනුව මෙම යුවළ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සහ ඇගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් මතුකුඩු ග්‍රෑම් 80ක ප්‍රමාණයක ද සොයාගෙන ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ලබා ගන්නා මත්කුඩු සැකකාර යුවළ විසින් තොග හා සිල්ලර ගැනුම්කරුවන් හට අනුරාධපුර නගරය හා පූජා නගරයේ මාර්ග අසල විවිධ ස්ථානවල සඟවා තබන බව පොලිසිය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු
මැක්ස් Monday, 24 June 2024 10:41 PM
මේ ගුරු කත ජෝසප් ස්ටාලින්ගේ සංගමේ ද නැත්තන් මහින්ද ජයසිංහගේ සංගමේ ද? දැන් මෙයත් බදාදා ලෙඩ නිවාඩු දානවද?
Chaminda Tuesday, 25 June 2024 06:03 AM
බිරිඳ වාරියපොලත් සැමියා කෑගල්ලෙත් පදිංචිලු කොහොම වුණත් බිරිඳ මහින්ද නැත්නම් ජෝශප්ගේ සංගමේ කෙනෙක් වෙන්න පුළුවන් කොතරම් කොහොම අත්අඩංගුවට ගත්තා වුණත් නීති පොතේ හැටියට මෙතෙක් කලකට දඩුවමක් නියම කලා කියලා අහල නම් නැහැ
Aruna Manipura Tuesday, 25 June 2024 06:42 AM
ගුරු හොරු...... ගුරු සේවයට ගිය කලක්.