වෙසක් සමයේ අලෙවි කිරීම සඳහා පිටකොටුවේ වෙළෙඳසල්වල තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි හැට දහසක් පමණ සොයාගත් බව නිලධරයෝ කියති.
ප්‍රභාෂ්වර කොටස ඇතුළු බෞද්ධ කොඩියේ වර්ණ ගැලපීම වැරදි ලෙස යොදා තිබූ බව ඔවුහු පවසති.
වෙසක් සමයේ අලෙවි කිරීම සඳහා පිටකොටුවේ වෙළෙඳසල්වල තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි හැට දහසක් පමණ සොයාගත් බව නිලධරයෝ කියති.
ප්‍රභාෂ්වර කොටස ඇතුළු බෞද්ධ කොඩියේ වර්ණ ගැලපීම වැරදි ලෙස යොදා තිබූ බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හරිම අපරාධයක් (නි)
බෞද්ධ කොඩියේ වැරද්ද මමයි රටට පෙන්වා දුන්නේ ලංකාදීප කාර්යාලයටත් දෙපාරක් ආවා මම විස්තර දෙන්න (බ)
බුද්ධාගමට සිදුකරන්නේ විශාල නිගරුවක්. (ස)
ලුම්බිණි සහ රොශාන් ඔබලා ඉතාමත් ප්‍රායෝගිකයි. (ස)
කෝ අපේ සේනාව? (නි)
ලුම්බිණි, ඔයා කොඩි මහන කෙනෙක්ද? නැත්නම් මොළය හොඳ නැද්ද? බෞද්ධ කොඩිය බෞද්ධ ආගමේ සංකේතයයි. එයට අගෞරව කිරීම හොඳ නැත (නි)
මේ රටේ බහුතරය බෞද්ධයෝනේ. බෞද්ධ කොඩි ගන්නේ බොදුනුවෝ විතරනේ. තමන්ගේ ආගමට තිබෙන කොඩියේ හරි ප්‍රමිතිය එයාලා දන්නවා නම් ඔය කොඩි විකුණන්නේ නැහැනේ . තමන් දන්නේ නැහැ තමන්ගේ කොඩියේ නියම පාට. අනුන්ට දෝෂාරෝපණය කර කර ඉන්නවා (නි)
දැන් සමහර අය කරන වැඩ නිසා බෞද්ධයන්ගේ සායම යන එක කාටවත් නොපෙනෙන එක තමා පුදුමේ. මේවා අනවශ්‍ය වැඩ. (නි)
වැරදි කොඩිය අනිත් පැත්ත හැරෙවුවොත් හරි වගේ! (නි)
මට පෙනෙන්නේ එකක් හොඳ පිට, අනෙක කණපිට වගෙයි (නි)
ප්‍රභාෂ්වර කියන්නේ අනෙක් පාට 5 එකතු වී හැදෙන වර්ණයයි. ඒ නිසා එහි පිළිවෙල මාරු වුණත් අවසානයේ හැදෙන වර්ණය 'ප්‍රභාෂ්වර' මයි නේද? (නි)
අල්ලනවා නම් මීටත් වැඩිය හොර වෙළඳාම් කොච්චර තිබෙනවද? (නි)
ලංකාවෙ ඕනෙම ජාතියේ පුද්ගලයෙකුට බිස්නස් කරන්න පුලුවන්. මුස්ලිම් හෝ දෙමල මිනිස්සු බෞද්ද කොඩි හරි වෙසක් කාඩ් විකුනන එකේ වැරැද්දක් කියලා මම නම් දකින්නෙ නැහැ. මේ වගේ දේවල් පාලනය කරන්න නීති රෙගුලාසි ගේන්න ඕනේ. සාමාන්‍ය ජනයා මේ ගැන කතා කරන්න ගියොත් කියන්නෙ "ආගමික අන්තවාදය" අවුස්සනවා කියා.(නදී)
සමහර අය නම් රතු කොඩිත් දානවා නේද? (නි)
පිටකොටුවේ වෙළදාම් කරන්නේ බොහෝවිට බෞද්ධ අය නෙමෙයි නේද? ඒ අය හිතන්න ඇති කොඩිය කෙළවරට කොහොම හරි පාට හය මුට්‌ටු කළ විට හරි කියලා. (නි)
කොඩි කියන්නේ රෙදි වලින් නිම කළ තවත් සංකේතයක් පමණි. (ස)
මේවා නැවැත්විය යුතුයි. මේවා කාන්තිලතාලා, සාමිලා වගේ මිනිස්සුන්ගේ වැඩ. සූදුවට දිරි දෙන රටේ මේවා පස්සේ එළවන්නේ අපි හොඳ බුද්ධාගමේ කියලා පෙන්නන්න වෙන්න ඇති. අනේ අපි ඕවට අහුවෙන්නේ නැහැ. ජනතාවගේ හිත දිනා ගන්න ඕනෑ නම් ඉස්සෙල්ලම පැකර්ගේ සුදු පොළ ආරම්භ කරන එක නවත්තන්න්න. ඔය මනුස්සයට ලංකාවට එන්න දෙන්නවත් එපා. (නි)
මේ අපේ රටේ පිටකොටුවේ? (නි)
බෞද්ධ කොඩියත් වෙන ආගමක කොටසක් කියාවිද දන්නෙ නැහැ අනාගතයේදී? (නි)
තව දින 02කින් ඇරඹෙන පෝය දින, උතුම් වූ බුදුරදුන්ගේ වෙසක් දින, සැමරීමට හැමදෙනම ගන්නා කොඩිය, ප්‍රමිතියකින් තොර ඒවා වීම හිතට දුකයි. (නි)
මේක සිංහල බෞද්ධ රටක් කියා කියාගන්න රටේ හරියට බෞද්ධ කොඩියක්වත් ගහගන්න බැහැනේ. (නි)
ජයේ,බෞද්ධ කොඩි විතරක් නෙමෙයි, මොන කොඩි වුණත් සකස් කරලා වෙළඳ පොළට දාන එක ව්‍යාපාරයක්.කොඩිය ගැන දැනුමක් නැති බිස්නස්කාරයෙකුගේ මෝඩ වැඩක් වෙන්න ඇති මේක. ඔහු බෞද්ධයෙක් නොවෙන්නත් පුළුවන්. (නි)
හරි දැන් කියන්න මේවා ගෙන්වලා තියෙන්නේ අන්‍යාගමික ව්‍යාපාරිකයෙක් කියලා (නි)
පිටකොටුවේ තියෙන දොඩම්,නාරං.. වගේ වෙලා දැන් කොඩිත් (නි)
ඔව් කාන්තිලතා, මේවා ඔයාලගේ ගෙදරින් ගෙනාවේ. (නි)
පිටකොටුවේ තද අවුව නිසා පාට මැකුණාද දන්නෙ නැහැ (නි)
අා අකිල, ඔයත් ඒකට සම්බන්ධයිද? (නි)
රොකී කියලා අපේ ගෙදර බලු පැටියෙකුත් ඉන්නවා (නි)
සාමි, ඔයාගේ ගෙදර ඉන්න රොකි, ඔයාගේ ලැප්ටොප් එක පාවිච්චි කරනවද කියලා පොඩ්ඩක් හොයා බලන්න (නි)
රෙදි බාල නිසා සායම් යනවා.පිච්චෙනවා.කොඩිය මහලා ඉවර වෙනකොට සායම ගිහිල්ලා (නි)
මේවා සැලසුම් කරලා කරන ජරා වැඩ. වෙසක් කාර්ඩ් වල ප්‍රේම ගීත ලියනවා වගේ වැඩක්. බෞද්ධයන් මේවා ගැන සැළකිලිමත් විය යුතුයි. (ස)
අද කොල්ලුපිටියෙ ප්‍රධාන ඇදුම් සාප්පුවක ඩමි වල පසුබිමට දාල තියෙන්නෙත් බෞදධ කොඩියෙ පාට 7. කරුණාකර මේ ගැනත් සොයා බලන්න. (ස)
බෞද්ධ කොඩි රෙදි තොග ගන්න පුලුවන් තැනක් කියන්න පිටකොටුවෙ.