මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම 17සහ 18 දෙදින පුරා රාජකිය පණ්ඩිත ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරවාසි පුජාපිටියේ සන්තුසිත හිමියන්ගේ සහායෙන් උත්සවාකාරයෙන් පැවත් වීමට නියමිතය.
අටවිසි බුද්ධපුජාව, පටාචාරා කථාවස්තුව රැගත් අඩි විස්සක වෙසක් තොරණ ,ආහාර සල්පිල හා බත්දන්සල ආදී වීශේෂ වැඩසටහන් අතර වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු! සාදු!! සාදු!!! ලේ කිරි කර හැදු වැඩු තම දු දරුවන් ලංකාවේ නෑයින් සමඟ තනිකර දමා මෙහි පැමිණ යුරෝ දඩයමේ යෙදෙන 'පටාචාරාවන්ට' මෙම පටාචාරා කතා වස්තුව රැගත් තොරණ සත්‍යම පහදා දේවා! (නි)
බුදුන් වහන්සේගේ තෙමඟුල් උත්සවය වෙනුවෙන් මිලානෝ නගරය ප්‍රමුඛව මේ පින්කම් සඳහා සහභාගිවන සියලු බෞද්ධයන්ට ආයුෂ, වර්ණ, සැප , බල ,ප්‍රඥා තව තවත් ලැබීමට මේ කුසල් මහිමය හේතු වේවා! වාසනා වේවා!! (නි)
දරුවන් හදා මහ මග දුම්රියේ දමා ගියානම් මේ රටවල එවැනි දරුවන් හදා ගන්නා ගුණවත් පුද්ගලයන් ඉන්නවා. මෙය සෑඹ ලාංකිකයකුට ම පාඩමක් වේවා !!! තෙරුවන් සරණයි ! (ස)
පසුගියදා ඉතාලියේ බුද්ධා බාර් නැමති අවන්හල වසා දමන ලෙස ඉතාලියේ වෙසෙන සිංහල-බෞද්ධයන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බවට පුවතක් කියවීමෙන් පසු මට සිනාසීමට තැනක් සොයා ගැනීමට අපහසු විය. ඉතාලියේ සිටින මගේ මිතුරා ඉහතින් කියූ ලෙසම එය එතරම්ම විකාර සහගතය.(දී)
පටාචාර දරුවන් නැති උන සෝකයට දුවනවා බලන්න , ඉතාලි ජාතිකනුත් පෝලිමේ එන්න පුළුවන් .තොරණ වෙනුවට වියදම් කරපු මුදල් කන්න නැති යාචකයන්ට කන්න ආරන් දුන්නා නම් බොහෝ වටිනවා . (දී)
ශා මරු පටන් ගැන්මක්. මේකට පස්සේ අසූ හාරදාහේ මහා මල් පූජාව, සර්ව රාත්‍රික මහා පිරිත් පිංකම, වගේ දේවලුත් කරන්න ඕනේ හොදේ. (ස)
තොටළඟ පාලම යට පාසල් දරුවන් කලන්තය හැදිලා වැටෙනවා. ලක්ෂ ගණන් පුච්චාගෙන තොටළඟ තොරණ විරාජමාන වෙනවා! (නි)
නැනී, අරක වෙනුවට මේක කළා නම් හොඳා කියන්නේ නැතිව අපි දෙකම කරමු. මේ දෙකම කලයුතු දේවල්. ඔය වගේ කතා කියන්නේ මොකවත් නොකරන අය. (නදී)
මිනිස්සුන් හැඩහුරු කමින් මෙන්ම අදහස් වලින්ද කර්මයෙන්ද වෙනස්වීම් ගැන බුදු රජුගේ දෙසුමයි ...ඒ අන් කවරක් නිසා නොව .තමන් කරණ කියනා දේ අනුව හා අන්යන් කරනා දේ දකින ආකාරයට අනුවය . බොහෝ විට මෙවැන්නක් ලංකාවේ කිරීමත් අපහසුයි වෙනත් රටක එවැන්නක් කිරීම බොහෝ අමාරුයි .ඒවගේම විදේශ ගතව ඉන්න බොහෝ අය මෙවැන්නක් දැක නැතිව ඇති. අනික ඕවා කරන්නනේ වැඩකරන අය ලැබෙන විවේකයෙන් ශ්‍රමය දායක කරන් එවැන්නක් අගය කරන්න පුරුදු වෙමු .(නදී)
ප්‍රතිපත්ති පුජාව උතුම් ආමිස පුජාවට වඩා. අනෙක් කරුණ ඔය 550 ජාතකය බෞද්ධ දර්ශනයේ සාහිත්‍යයයි. බුද දහම ලොව පැතිරවීමට මෙයට වඩා වෙනස් මඟක් ගත යුතුය (නි)
කුසුම් මම ඔබේ ප්‍රතිචාරයට ඉතා ගරු කරනවා , මෙවෙන්නන් දිරි ගැන්වීම මිස විවේචනය කිරීම හොඳ නැහැ. එහෙත් ලබන වාරයේ තොරණ වෙනුවට වෙසක් එකට ඔය වියදම් කරන මුදලින් ලොකු දන් සැලක් කරනවා නම් ඉතා අගය කරමි. මොකද ඉතාලියේ ආර්ථික පරිහානියත් සමග පාරේ නිදියන කන්න බොන්න නැති ප්‍රමාණය ඉතා ඉහල ගොස්. මොවුන්ට කන්න බොන්න දීලා ඇඳුමක් දීලා , ඒ සමගම ඔවුන්ට අපේ බෞද්ධ දර්ශනයත් ඒ සමගම පැහැදිලි කිරීමක් කරා නම් ලොකු සේවයක් වෙසක් එකට.(නදී)
මේ තොරණ නිර්මාණය කිරීමට මහන්සි නොබලා ක්‍රියා කරන ගැමුණු මහතා ඇතුළු සියලු තරුණ පිරිසට ප්‍රණාමය පුදකරමු. මෙහි විදුලි කාර්මික ලෙස ක්‍රියාකරන උපාලි,පාලිත යන මහතුන්ගේ කැප වීම මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික ජනයාගේ ආගමික එකමුතුව පිළිබද නියම උදාහරණයක් සේම එය ලංකාවේ මේදිනවල නිතර කියවෙන අන්තවාදී ආගමික කොටස්වලටද හොඳ පාඩමක්.(දිල්)
ධම්ම , සංකල්පය වටහා ගත්තාට ස්තුතියි. (නි)