
යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමෙන් පසු, පළමු වරට රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරැණු අතර ජනාධිපති පුටින්ගේ‘ එක්සත් රුසියා’ පක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවිය.
රුසියන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘ඩූමා’ සභාව යනුවෙනි. ‘ඩූමා’ සභාවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මහ මැතිවරණය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා (18) ය.
සති අන්තය පුරා මැතිවරණය පැවැත්වුණු අතර, ඡද්න ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වූයේ ඊයේ (20) දිනයේය. මෙය රුසියන් ජනාධිපති පුටින්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ ඡන්ද විමසුමක් ලෙස ද සැලකෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100% දිනල නැත්තම් පුදුමයක්. ජනතාව පුදුම කැමැත්තක්නේ තියෙන්නේ.
ඒක පාක්ෂික රටක් වන, ඒකාධිපති මිනීමරු පූටින්ට එරෙහිව චන්දය පාවිච්චි කරනවා කියන්නේ වසර ගණනාවක් තිස්සේ අධි ශීතකරණයකටත් වඩා ශීතල සයිබීරියාවේ බඩගින්නෙ ගත කිරීම හෝ කෙලින්ම පරලොව යාමට සිදුවන බව පැහැදිලිවම දන්නා අසරණ රුසියානුවන් පූටින්ට යලිත් බලය දීම පුදුමයක්ද? චන්දය ලැබුනත් නැතත් පූටින් හො උගෙ හෙංචයියන් උඩින්ම "ජයග්‍රහණය" කරන බව චන්දය ප්‍රකාශ කිරීමටත් පෙර සිටම දන්නා කරුණකි ...