IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පිටබැද්දරත් හෙණ ගහන අපරාධයක්

දෙනියායේ පිටබැද්දර 13 හැවිරිදි දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක්කළැයි කියන 30 දෙනකුට වැඩි පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ අනිකුත් පිරිස් විසින් ඇය අපයෝජනයට ලක් කර ඇති බව පෙනේයැයි  පොලිසිය පවසයි.

ඇය කෙළෙසීයැයි කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.



අදහස් (0)

පිටබැද්දරත් හෙණ ගහන අපරාධයක්

ටෙශාන් Tuesday, 26 July 2016 06:21 AM

හරි හැටි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා මේ අපයෝජන, දූෂණ වල අඩුවකුත් නැහැ. අනික් පැත්තෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්නේ නැති හින්දා, දවසින් දවස මේ වගේ අපයෝජන, දූෂණ වලට යොමුවන අසහනකාරයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීම විතරයි වෙන්නේ. (නි)

:       0       0

රත්න Tuesday, 26 July 2016 06:42 AM

මෙවැනි අපරාධ වලට උපරිම දඬුවම් දිය යුතුයි. ස්ත්‍රීන්ටත්, බාලවයස්කාර දරු දැරියන්ටත් අපේ නිදහස් රටේ නිදහස ලබාදිය යුතුයි (නි)

:       0       0

ජයන්ත Tuesday, 26 July 2016 07:10 AM

හිරේ දැම්මත් වැඩක් නැහැ. ටික දවසක් සනීපෙට ඉඳලා ආයෙත් ඇවිත් ඒ වැඩේම කරයි. (නි)

:       0       0

කපිල Tuesday, 26 July 2016 07:36 AM

චන්ද්‍ර වීරසිංහ ඔය කියපු කතාව හරි ... මාත් බැලුවේ අපේ පිටබැද්දර ජයා මහත්තයා කෝ කියලා.. (බ)

:       0       0

රොහාන් Tuesday, 26 July 2016 08:07 AM

අපේ පිටබැද්දර ජයා තවම මේ ආරංචිය දන්නේ නැහැ වගේ මොක කෙරුවත් කොහේ කෙරුවත් මේවා සහගහන අපරාධ නිතිය වහාම ඉතාම තදින් ක්‍රියාත්මක වෙන්නේ ඕනේ (බ)

:       0       0

නිරූ Tuesday, 26 July 2016 08:28 AM

ඇත්තටම කෝ මේ පිටබැද්දර ජයා මහත්තය? (බ)

:       0       0

ලසන්ත Tuesday, 26 July 2016 08:54 AM

මෙන්න බෞද්ධයන්ගේ වැඩ, අපි කරන්න ඕනේ අනුන්ගේ ආගම්වලට බැන බැන ඉන්න එක නොවෙයි. අපි අතර තියෙන අඩුපාඩු හදා ගන්න එක.සිවුරු කරේ තියාගෙන නගර මැදට ඇවිත් කෑගහනවට වැඩ හොදයි අපේ උදවිය ගම මට්ටමින් පන්සලට ළංකරගන්න වැඩ පිළිවෙළක් හැදුවනම්. (බ)

:       0       0

නවරත්න Monday, 25 July 2016 03:39 PM

මේවාට නැති මරණ දඬුවම කුමටද? මොනවටද ඔය නීතිය? (නි)

:       0       0

කලන Tuesday, 26 July 2016 09:12 AM

නිරු,පිටබැද්දර ජයා අන්න දෙයියෝ සාක්කී තීරයේ ඉන්නවා ගිහින් බලන්න.එයා කොහේ යන්නද? (බ)

:       0       0

අශිකා Tuesday, 26 July 2016 12:28 AM

ලාංකීය සමාජය දැන් ගෝත්‍රික සමාජයක් වෙලා. මේ අහිංසක දරුවාට කළ අපරාධයට මොවුන්ට මරණීය දණ්ඩනය දුන්නත් මදි (නි)

:       0       0

ආරියපාල හේවගේ Tuesday, 26 July 2016 12:56 AM

මරණ දඬුවම නැති රටක මේ වැනි දේ වළක්වාලිය නොහැක. නීතියේ එක මූලික පදනමක් වන්නේ දඬුවම් මඟින් මිනිසුන්ගේ පොදු සමාජවිරෝධී ක්‍රියාකාරකම් වළක්වාලීමයි. (නි)

:       0       0

බුද්ධික Tuesday, 26 July 2016 01:40 AM

මම නම් කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියායි. එවිට අසහනකාරින්ගෙන් වන මෙවන් අපරාධ නැවතේවි (නි)

:       0       0

ඉන්දු Tuesday, 26 July 2016 01:41 AM

කෝ මේ දරුවා මේ ලෝකයට බිහිකළ අය? දරුවන් කියන්නේ රටේ අනාගතය. දරුවා කාගේ වුණත් ඒ අනාගත සම්පත සුරැකීම හැමදෙනාගේම යුතුකමයි (නි)

:       0       0

උදයන්ත Tuesday, 26 July 2016 02:00 AM

කෝ මේ දරුවාගේ දෙමාපියෝ? (නි)

:       0       0

වසන්ත Tuesday, 26 July 2016 01:55 AM

කෝ මේ රටේ නීතිය? කිසිම ආණ්ඩුවකට මේ රට හදන්න උවමනාවක් නැහැ (නි)

:       0       0

සංජීව - හොරණ Tuesday, 26 July 2016 02:01 AM

අපේ පිටබැද්දර ජයා මහත්තයාගේ අදහසක් දැක්කෙත් නැහැ දවස් කීපයකින්ම (නි)

:       0       0

නිම්මි Wednesday, 27 July 2016 02:58 PM

මේක අනුමත කරන්න බැරි අපරාධයක්. නමුත් අපේ රටේ ලිංගික අධ්‍යාපනයක් නැති නිසා දරුවෝ මේවා දන්නැහැ. තවත් දෙයක් මේවා නවත්වන්නනම් පිට රට වල වගේ නිසි වයස ආ විට ලිංගික නිදහස මිනිසුන්ට ලබා දිය යුතුයි. හංගන්න හංගන්න අසහනය වැඩි වෙනවා. මෙවන් අපරාධ වැඩි වෙනවා. (බ)

:       0       0

ඉමේෂ් Tuesday, 26 July 2016 02:14 AM

බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාද්වීපය. දහම් සඟුන් සෙවණේ දරුවෝ හැදුන දේශය... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 26 July 2016 02:30 AM

මෙම සියලු දෙනාටම ඉහළම සිර දඬුවම් දියයුතුයි මෙවැනි අපරාධ කළාට. (නි)

:       0       0

අකිල Tuesday, 26 July 2016 02:56 AM

කෝ මේ පිටබැද්දර ජයා? මහා ලොකුවට හැම එකටම කට නම් දානවා (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 26 July 2016 03:10 AM

මේ දරුවා මේ තත්වයට පත්වුණේ මොන සමාජ පසුබිමක් යටතේද යන්නත් සොයා බැලීම වටිනවා. දෙමාපියන් සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ මේ දේට. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 July 2016 03:13 AM

පිටබැද්දර ජයා මේ ගැන මොකුත් තවම දන්නේ නැද්ද? (නි)

:       0       0

රංග Tuesday, 26 July 2016 03:31 AM

කෝ මේ රටේ නීතිය? හැම ආණ්ඩුවකටම ඕනේ බලය තියාගන්න මිස රට හදන්න නෙවෙයි , මොකද රට හදන්න ගියොත් තමාට ගෙදර යන්න වෙනබව දන්නවා (බ)

:       0       0

ආනන්ද Tuesday, 26 July 2016 03:57 AM

අනේ මේක කරපු අයට මොනවත් කරන්න එපා. මේක ලෝකෙන් උතුම්ම රට. යහ පාලනය ඇති ලිච්චවී රජ දරුවන්ගේ සහෝදරයින් ඉන්න රට. ඉතින් කොහොමද මෙහෙම වෙන්නේ. මේක මේ උතුම් රටට මඩ ගහන්න කරපු එන්.ජී.ඕ. කුමන්ත්‍රනයක්. මේ අය ඊළඟ සැරේ දිනන පක්ෂයකින් පාර්ලිමේන්තු තරඟයට යොමු කරන්න. (බ)

:       0       0

දිලිප් Tuesday, 26 July 2016 04:02 AM

බස් රියදුරු කොන්දොස්තර හා ත්‍රි වීල් රියදුරුවන්ට වෙන වැඩ නැත. හන්දියක් හන්දියක් ගානේ වල්පල් දොඩ දොඩ කාලය නාස්ති කරනවා විනා වෙන වැඩ නැත. ප්‍රතිපල මේවාය. (බ)

:       0       0

සම්පත් Tuesday, 26 July 2016 04:00 AM

වැරදිවලට තියන දඩුවම් හරියට ක්‍රියාත්මක වෙනවනම් ඕව වෙන්නෑ (බ)

:       0       0

නිරුල් Thursday, 28 July 2016 05:51 AM

දෙයියෝ සාක්කි.....! (නි)

:       0       0

නන්ද Tuesday, 26 July 2016 04:11 AM

කෝ අහන බණවල ප්‍රතිඵල? බණ වැහි වැහැල. දේශකයෝ කෙළවරක් නැහැ. දහම් නාලිකා කීයක්ද ? අනේ ධර්මද්වීපයට වෙච්ච දේ ? (බ)

:       0       0

අනුරුද්ධිකා Tuesday, 26 July 2016 04:12 AM

මොකක්ද පිරිමින්ට තියන මේ ගාය අහිංසක දරුවෙකුට වයසක අම්මා කෙනෙකුට ඉන්න දෙන්න බැරි මෙහෙම බලන කොට හැමෝම මරන්න වෙයි වෙනත් පිළියමක් මෙයට අවශ්‍යයි මම හිතන්නේ මනෝ වෛද්‍යවරුන් උපදේශකවරුන් හා ආගමික නායකයින් මේ සදහා පෙරමුණ ගත යුතුයි (බ)

:       0       0

නිශාර්ඩ් Tuesday, 26 July 2016 04:15 AM

කළු කෝට් කාරයින් දෙපැත්තකට බෙදී, දැරියට අවුරුදු විස්සක් වෙනකන්වත්, නඩුව කල් දම දමා මුදල් හම්බ කරන්ට වාද කරත්වා. අවසානයේදී නාඹර වියට පැමිණුනාට පසුව සමාජයට මුහුණ දෙන්ට බැරි ලැජ්ජාව නිසා ඇය විසින්ම නඩුව ඉවත් කර ගැනීමට මග සැලසෙත්වා !!!!! (බ)

:       0       0

සහන් Tuesday, 26 July 2016 04:20 AM

සංජීව, අකිල, ඔයාලට හිතාගන්න බැරිද පිටබැද්දර ජයාට වෙලා තියෙන දේ , එයත් මේ තිස්දෙනා අතර එක සාමාජිකයෙක් ,ඔය පැත්තේ ඉන්නේ සාරුව සුනිල්ගේ ගෝලයනෝ, දැන් ලොක්කට පවර්ස් නැති නිසා වැලේ වැල් නැතිව ඉන්නේ (බ)

:       0       0

බන්දුල. Tuesday, 26 July 2016 04:31 AM

මේක තනිකරම දෙමාපියන්ගේ වැරදි, ළමුන් පිළිබදව සොයා නොබලන එක. ඒ වගේම මෙවන් අපරාධ කරන උන් නීතියට ගෙනාවට නිසි දඩුවමක් නැති නිසා මෙවන් වැරදි දිගටම සිද්ධ වෙනවා. ගරු ජනාධිපති තුමනි කරුණාකර මොවුන්ට නිසි දඩුවම් දෙන්න මගක් සාදා දෙන්න. (බ)

:       0       0

සහන් Tuesday, 26 July 2016 04:26 AM

මේ රටේ සිදුවෙන අපරාධ වලින් 70% කට වඩා ත්‍රී වීලර් කාරයෝ සම්බන්ධයි (බ)

:       0       0

අතුල Tuesday, 26 July 2016 04:33 AM

ආනන්ද මේකට යහපාලනය ගාවගෙන වැඩක් නැහැ නේද?මේක ඊට එහා ගිය දෙයක් මේකට මේ ආණ්ඩුවට බැනල වැඩක් නැහැනේ.මේකට තිබුන හැම ආණ්ඩුවක් වගේම ධර්මය රකින උදවිය වගේම දෙමව්පියනුත් වග කියන්න ඕන. (බ)

:       0       0

සුමනපාල Tuesday, 26 July 2016 04:34 AM

"බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ අනිකුත් පිරිස් " - මෙය අපේ රටේ සමාජයේ සත්‍ය තත්වය පෙන්නුම් කිරීමක් සහ එහි සැබැ ස්වරුපය එලියට ආ දුර්ලභ අවස්තාවක්. (බ)

:       0       0

අානන්ද Tuesday, 26 July 2016 05:10 AM

අතුල මහත්මයා, මම නම් කියන්නේ අපි බොරු වස්ත්‍ර වලින් වහගෙන ඉන්නේ නැතුව දැන්වත් මේ රටේ තියෙන ම්ලේච්ඡත්වය හා ගෝත්‍රික සමාජ ලක්ෂණ තොරුම් ගනිමු කියලයි. (නි)

:       0       0

පද්මිණී Tuesday, 26 July 2016 05:15 AM

ලෝක යුද්ධ දෙකකින් පාඩම් ඉගෙනගත් යුරෝපය අද සීග්‍ර දියුණුවක් ලබාඇත්තේ භෞතිකව පමණක් නොවෙයි. ඒ සමඟ බැඳුනු අව්‍යාජ මානුෂිය වර්ධනයකුත් එක්ක. එකිනෙකට ගරුකිරීම ගැන කියන්න වචන නැහැ. ලංකාවට වඳුරාට දැලිපිහිය අසුවුණා වගේ අන්තර්ජාලය අහුවුණා කිසිම විනයක්, පාලනයක් නැතුව. මේ පුංචි දැරියට ළමා ආරක්ෂණය යටතේ හව්හරණය සැළසිය යුතුයි. (නි)

:       0       0

සොපි Tuesday, 26 July 2016 05:17 AM

මේවා අහලම දැන් ඔළුව කැරකෙනවා (නි)

:       0       0

මරික්කාර් Tuesday, 26 July 2016 05:35 AM

දැන්නම් ඉතින් හැමෝම දඬුවම් ගැන කතාකරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 50 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 205 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 46 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 214 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1116 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site