නීතිපති, ජනාධිපති නීතීඥ යුවන්ජන් ජයතිලක මහතා ලබන ජනවාරි 10 වැනිදා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු වන එම ධූරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම තියුණු මුහුණුවරක් ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
නව නීතපතිවරයා ලෙස නීතීපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ හා මෙරට සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ නම් දැනටමත් යෝජනා වීමත් සමඟ මෙය තියුණු මුහුණවරක් ගෙන ඇතැයිද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීළඟ නීතිපතිවරයා ලෙස නම් යෝජනා වී ඇති නම් අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් , අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන ජයන්ත ජයසූරිය,කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලින් ලද්¥වහෙට්ටි යන මහත්වරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට,රනිල්ට සහ මෛත්‍රීට කඩේ නොයන්නෙකු මේ පදවියට පත් නොකරණ තාක් කල් අප රටේ නීතියෙන් සධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය (කෞ).
මහින්දට,රනිල්ට සහ මෛත්‍රීට කඩේ නොයන්නෙකු මේ පදවියට පත් නොකරන තාක් කල් අප රටේ නීතියෙන් සධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය (බ)
මොකෙක් හරි කමක් නැහැ මහින්දගේ ඔක්කොම ඇතුලට දාන කෙනෙක්. (බ)
මමනම් හිතුවෙම යන්න කලින් ගන්නවයි කියල , අනේ ඔව් ස්වාධීනව වැඩ කරන කෙනෙක් තමයි දැන් ඕන (බ)
මෙයාලගේ නම් අපක්ෂපාතී නැති බවක් තමයි අපිට පෙනෙන්නේ. (නි)
මහින්ද හිරේට දැමීමට ඔය කාටවත් නම් ලැබෙන්නේ නැහැ. ජනතාවගේ අවශ්‍යතාවය රට හොඳින් පාලනය කර දියුණු කිරීම මිස පුද්ගලයෙක් පස්සේ හඹා යාම නොවෙයි. දැන් මුළු අවුරුද්දක් ම හොරු අල්ල අල්ල හිටියා ඇති. අඩුගානේ දැන්වත් සුදුසු කෙනෙක් නීතිපති ලෙස පත් කරන්න. ආණ්ඩුවේ ලොක්කන්ගේ අදහස් අධිකරණ තීන්දු ලෙස ප්‍රකාශ කිරීමට විනිසුරුවන්ට බල නොකරන නීතිපති කෙනෙක් තමා රටට අවශ්‍ය. එහෙම කෙනෙක් කවදා පත්වෙවිද මන්දා. (අ)
දහම් මල්ලි , මහින්දගේ විතරක් නොවෙයි..මේ දැන් රට කරන අයගෙත් හොරෙක්,දුෂකයෙක්,යකෙක්,පෙරේතයෙක් ,කුම්භාණ්ඩයෙක් ..ඉන්නවානම් .වුණ්ඔක්කොම අනිවාර්යෙන්ම කුඩුවට යවන්නට තරම් කොන්දක් හයියක් තියෙන, කිසිම දෙස්පාලුවෙකුගෙන් ජරාව නොකාපු අවංක " මහත්මයෙක් " නීතිපති ලෙස පත්වේවා කියලා ප්‍රර්ථනා කරමු.අ
ලොකු දෙයක් යන එක (අ)
කවුරුහරි හොඳ කෙනෙක් ආවේ නැත්නම් මෙතනින් පසු ලංකාව ගොඩගන්නවා බොරු (නි)
දැනට නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉන්න අය ගැන නම් අපිට විශ්වාස නැහැ. (නි)
සුහද ගම්ලත් හැර වෙන අයෙකු හොඳයි. (ස)
මේකටත් කවුරු හරි පැරෂුට්ටුවෙන් බහින්නද හදන්නේ ? (ර)
බලමුකෝ ජය කාටද කියලා (නි)