ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල්කැර ඕස්ට්‍රේලියා ගුවන් හමුදා යානයකින් එරට ආගමන, විගමන හා පොලිස් ආරක්ෂාව මැද කටුනායකට ගෙන ආ ශ්‍රී ලංකිකයන් සිව්දෙනාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීම ඇරැඹීය. එරටින් එකවර පිටුවහල් කැරුණු වැඩිම කණ්ඩායම මෙම කන්ඩායමයි. ඔවුහු සියලුදෙනාම මීගමුව, හලාවත, වෙන්නප්පුව, කලුතර, වාද්දූව, මග්ගොන, මාතර, තිස්සමහාරාමය, තංගල්ල, හම්බන්තොට ප්‍රදේශවල පදිංචි සිංහල පිරිමි වෙති. මීගමුව, හලාවත, මාතර, බේරුවල හා මිරිස්ස මුහුදුදෙන් ඕස්ට්‍රේලියාවට සංකමණය වී සිටියදී අත්අඩංගුවට පත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
මොනවා ප්‍රශ්න කරන්නද ? මිනිස්සු රට පනින්නේ කීයක් හරි හම්බකරගෙන දෙයියනේ කියලා ජීවත්වෙන්න නේද ?(ස)
ආපසු එන්න වෙන බව දැන දැනත් මොනවට යනවද මන්දා? (නි)
ජීවිතය පරදුවට තියලා රට යන්නේ දරු පවුල රැකගන්න මිසක් සැප විදින්න නෙමෙයිනේ. (නි)
සිංහල අය විතරද එවන්නේ (ස)
මේ විදියට රට වලට යන්නන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ඔක්කොමල සිංහල නිසා නිදහස්කරලා දාවි (ස)
දැන් ඕස්‍ට්‍රේලියාවට නීතිවිරෝධීව එනවට වැඩිය හොදයි දේශපාලකයෙකුට පහර දීලා හිරේ වන එක. (නි)
කොහොමත් හිල්මි එගොල්ලන්ට එන්න වුනෙත් සිංහල නිසාම තමයි. දෙමළ අයව එහෙ ඉන්න දෙමළ ව්‍යාපාරිකයන් නිදහස් කරගන්නව. දෙමළ අයත් එක්ක දෙමළ වගේ ගිය අය පැනගෙන තියෙනව. ඒ අයට ඩයස්පෝරාවෙ සපෝට් එක ලැබෙනව. එවන්නෙ අපේ අය විතරයි !(ස)
මේනක ඒ ගොල්ලන්ට එන්න උනේ සිංහල නිසා නෙමෙයි ..ඒ ගොල්ලන් සරණාගතයන් නොවන නිසා.. අපෙ රටේ යුද්දයක් නැත්නම් කටවත් බෑ වීසා වලට දාන්න.. එහෙම දෙමළ අගේ සහයෝගය කියලා ඒ රට ඇතුලට යන්න බැහැ.. දෙමළ සිංහල කවුරු ඕස්ට්‍රේලියාවට ගියත් ඒ ගොල්ල ශ්‍රී ලාංකික ලංකාවෙ වගේ පගාව දීලා එහෙම කට්ටිය ඇතුලට ගන්න බැහැ.. මාත් මෙහෙ පදිංචි නිසා මාත් හොදට දන්නවා..!(නු)
ලංකාවේ යුදධය ඉවර වෙලත් එදා වගේම අදත් හැම අතින්ම අසාධාරණකම් වෙන්නේ සිංහලයින්ටමයි (ස)