පිටසක්වල ජීවීන් හඳුනාගෙන ඔවුනට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාව පෘථිවී ලෝකයේ ජීවත්වන අයට වැඩිකල් නොගොස් උදාවිය හැකිබව ප්‍රකට තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් උත්සවයේදී කතාවක් කරමිනි.
සුප්‍රකට ගණිතඥයකු සහ තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ දැනට එංගලන්තයේ බකින්හැම් තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කරයි.
බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ වදාළ දේශනාවන්හි විශ්ව සම්භවය පිළිබඳව විවරණය කර ඇති බොහෝ කරුණු සහ පසුගිය වසර පනහක කාලපරාසයක දී බටහිර තාරකා විද්‍යාඥයින් විසින් නවීන විද්‍යාව යොදා ගනිමින් සොයා ගන්නා ලද සිද්ධාන්ත අතර විශාල සමානකමක් දැකිය හැකි බව ද මාහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
"බටහිර ජන සමාජය කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය පෘතුවිය වටා භ්‍රමණය වන බවයි. පෘතුවිය සුර්යයා වටා භ්‍රමණය වන බවට කල සොයා ගැනීම් අවලාද ලෙස ප්‍රතික්ෂේප කළා. අද මෙම සිද්ධාන්තය කුඩා දරුවකු පවා දන්නා සත්‍යයක් බවට පත්වී තිබෙනවා.
අද වනවිට විද්‍යාඥයින් චන්ද්‍ර ග්‍රහයා මතුපිටට කිහිප වතාවක්ම මිනිසුන් ගොඩ බැස්සවීමටත් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් සියලුම ග්‍රහලෝක වෙත පරීක්ෂණ යාන යැවීමට සමත්වී සිටිනවා. මේ එකම තැනකවත් අද දවසේ පෘතුවියේ වැනි ජීවීන් ඇතිබවක් පෙනෙන්නට නැහැ. අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත්වන ක්ෂීරපථහි අනන්ත අප්‍රමාණ සුර්යයන් ගෙන් ආලෝකමත් වන වෙනත් ග්‍රහලෝක ඇතිබවත් ඉන් බැහැරව විශ්වය පුරා එවැනි හෝ ඊටත් වඩා පුළුල් මන්දාකිනි විශාල ප්‍රමාණයක් ඇති බවත් දැන් සාක්කි සහිතව සොයාගෙන තිබෙනවා. මේ අතර පෘතුවියට සමානකම් පෙන්වන එවැනි වායුගෝල,ජලය සහ ගුරුත්වාකර්ෂණයක් සහිත ග්‍රහ තාරකා බොහෝ ගණනක් ඇති බවත් ඒවායේ පෘතුවියට සමාන හෝ ඊට වඩා දියුණු ජීවීන් සිටිය හැකිබවත් අනුමාන කරනවා.
පෘතුවියත් අනෙකුත් ග්‍රහලෝකත් අතර ඇති සිතන්නට බැරි තරම් විශාල දුරප්‍රමාණය මෙම නිරීක්ෂණ පැවැත්වීමේදී මිනිසා මුහුණ දෙන ප්‍රබලම ගැටලුව බවට පත්වී තිබෙනවා. මතු යම් දවසක මෙම ගැටලුවට නිසි විසදුම් සොයාගන්නට හැකිවේවි.
බුදුදහම අද ආගමක් ලෙසට පත්ව ඇතත් බුදුරජානන් වහන්සේ පෙන්වා දුන් කරුණු අදාළ වන්නේ බෞද්ධයන්හට පමණක් නොවන බව පෙන්වාදීම වැදගත්. උන්වහන්සේ පෙන්වාදුන්නේ විශ්වයේ පවත්නා සත්‍යතාවය මිස අලුතින් සොයාගත් ධර්මයක් නොවේ.
බුදුන් වහන්සේ පවසා ඇති කරුණු විශ්ලේෂණය කරනවිට ලෝකධාතු, චුලනිකා ලෝකධාතු, මජ්ජමී ලෝකධාතු සහ මහා සහශ්‍රී ලෝකධාතු වැනි දේ තුලින් අප්‍රමාණ සුර්යයන් සහ ඒවායින් ජීවය ලබන අප්‍රමාන ආකාශ වස්තු ඇති බවත් ඒ අතර අප්‍රමාන පෘතුවි ලෝක ඇති බවත් පැවසෙන බව පෙනියනවා. සිත ඇති කය නැති කය ඇති සිත නැති වැනි සත්ව විශේෂයන් පිළිබඳවත් සමහර සුත්‍ර දේශනා වන්හි සඳහන්වී තිබෙනවා.වර්තමානයේ බටහිර විද්‍යාඥයින් පවත්වන පරීක්ෂණ වලින් පෙනියන්නෙත් මේ සත්‍ය තාවයමයි."
මේ සියලු දේශනා එළිදැක්වුණේ මීට වසර 2600 කටත් වඩා පෙර කාලයකදී බුද්ධිය ඉහළ මට්ටමකට දියුණුකර ගැනීමෙන් බවත් මෙම අදහස් වර්තමානයේ නවීන විද්‍යාව තුලින් සොයාගෙන ඇති තොරතුරුවලින් සත්‍ය බවට සනාථ කළ හැකියි.
විශ්වයේ වෙනත් අභිඤ්ඤා සම්පන්න ජීවීන් සිටිනවාද කියා සොයා බැලීම සඳහා අද බටහිර තාරකාවිද්‍යාඥන් ප්‍රමුඛත්වය දෙන බව පෙනෙන්නට ඇති නිසා වැඩිකල් නොගොස් මේ සම්බන්ධ නිශ්චිත තොරතුරු සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කල හැකියි. ඉදිරි කාලයකදී පිට සක්වල ජීවීන්හට තෙරුවන් සරණ පැතීමේ අවස්ථාවක්ද උදාවනු නොඅනුමානයි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම පසුගිය සති අන්තයේදී පවත්වනු ලැබීය. සෙනසුරාදා දහම් පාසල් සිසුහු සීල සමාදාන වූහ. වැඩිහිටියෝ 200ක් පමණ ද පෙහෙවස් සමාදන් වූහ. පිංකම ආරම්භ වූයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් විසින් බෞද්ධ කොඩිය එසවීමෙන් පසුවය. දවස පුරාම බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් ද, භක්තිගීත ගායනයක්ද පැවැත්විණි.
මෙවර පින්කමේ වැඩකටයුතු සඳහා දායකවුනු උදව් උපකාර කල සියලුම දෙනාහට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල හිමියෝ පුන්යානුමොදන කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහන එක කට්ටිය තාම අත ඇරලා නැහැ වගේ...(නදී)
මෙතුමා ගැන බොහෝ විස්තර දැනගන්නට ඉන්ටෙර්නෙට් එකෙන් විකිපෙඩියා, ද එන්සයික්ලොපේඩියා එක තුළින් කියවන්න. අහිංසා ඒ ගැන දන්නවා. (නදී)
ඕව කට කහනවට කියන කතා. කාලෙන් කාලෙට එක එක්කෙනා ඔහොම දේවල් කියනවා. කලබල වෙන්න එපා. (ස)
බෞද්ධ අප කීදෙනාද මේ ධර්මය යම් තාක් දුරට හෝ ඉගෙන ගන්නේ . ලෝක සත්‍ය පෙන්වා දී තිබෙන බුදු දහම කිසිම ආගමකට සමාන කල නොහැක . එයට විද්‍යාවෙන් මුක්කු ගැසීමක් අවශ්‍ය නැත . මෙය කාලීන ධර්මයකි . කාලයත් සමග වෙනස් වෙන්නේ නැහැ . නමුත් විද්‍යාව කාලයත් සමග වෙනස් වෙනවා . උදාහරණයකට . ඉස්සර විද්‍යාවෙන් කිව්වේ ලෝකයේ වේගයෙන්ම ගමන් කරන්නේ ආලෝකය කියල. දැන් කියනවා නැහැ ආලෝකය නෙමෙයි පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කියල. නමුත් ධර්මයේ ( චතුරාර්ය සත්‍යය , පට්ටිච්ච්චා සම්මුප්පාධය , කර්මය ආදී ) කිසිදා වෙනස් නොවේ . එම නිසා විද්‍යාව මත රඳා පැවත ධර්මය විශ්වාස කරන්න එපා . ඕපනෛයක වූ දහම තමා තුළින් දකින්න . තෙරුවන් සරණයි. (ස)
පිටසක්වලට තෙරුවන් සරණයි! (නි)
මුලින් අපේ රටේ ඉන්න බෞද්ධයන් සහ සමහර හාමුදුරුවරු හදාගන්න බලමු. ඉන්පසු ලෝකය ගැන කතා කරමු. (නි)
ප්‍රසිද්ධ වෙන්න නම පතළ කර ගන්න ඕන දෙයක් කියයි, අපි බුද්ධිමත්ව හිතමු පතමු. (ස)
මේය සත්‍යයකි, නමුත් අපට මේ සොයා ගැනීම් සොයලා නිම කරන්න්න බැහැ,බුදුදහම අනුව මෙම විශ්වය අනන්තය නිමක් නැත,අනන්ත ජීවයෙන් ඇති.තව වසර 1000ක් ගීයත් මේ විශ්වය අලුත් දේවල් සොයල ඉවරකරන්න බැ...එයයි සත්‍ය .නමුත් අප ගැනවත් අප සොයා බලා බුදුදහම අනුව හැසිරෙන්න (දිල්)
අනේ මන්දා සරත්. (ස)
ලෝකය දිහා වියසිදුරෙන් බලන්නන්ට පියවි ලෝකය පෙනෙන්නේ නැහැ.. (ස)
ජිවක, තමන්ගේ නොදන්නා කම පෙන්නන එපා. රොකට් හදපු අය විවිධ ජාතීන් සහ ආගම් වලට අයත්. අනෙක් දේ කිසිම දෙයක් හොයාගත් කෙනෙක් සහ අාගම අතර සම්බන්ධයක් නැත. (ස) .
බුදු දහමේ සත්‍යතාවය විද්‍යාවෙන් ඔප්පු වෙමින් පවතිනවා. මේවට විරුද්ධව අද ඇන කොට ගන්න දේවවාදී ආගම දෙක මතු දිනකදී එකතු වී බුදුදහමට ප්‍රහාර එල්ල කරනවා. එහි ආරම්භය තමයි ටයිම්ස් සඟරාව මියන්මාරයේ හාමුදුරුවන්ට ත්‍රස්තවාදියෙක් කියල කිවුවේ. (ස)
පිට සක්වලත් විකුනං කනවද මන්දා.(නදී)
රොකට් හැදුවෙත් හඳට ගියෙත් ක්‍රිස්තියානි ආගම අතහැරපු අය. බොරු වල එල්බ ගෙන හිටියා නම් කවදාවත් සත්‍යය තේරුම් ගන්න බැහැ. අනික අර මනුස්සයා කොහාමද කියන්නේ ක්‍රිස්තියානි කට්ටිය කියලා. හැමෝගෙම දැනුම තමයි. විශේෂයෙන් චීන ජාතිකයන්ගේ. (ස)
ජීවක මහත්තයෝ , රොකට් හැදුවට බුදුන් වහන්සේ ගේ ඥානය ඒ අයට තිබුනේ නැහැනේ , බුදුන් වහන්සේ අාධ්‍යාත්මය ගවේශනය කරපු කෙනෙක්. භෞතික දේවල් අධ්‍යාත්මයට අදාල නැහැ. (ස)
ආමිස දානයට වැඩියෙන් ප්‍රති පත්තී දානය උතුම් බව මතකයි. අහලා ඇති නොපෙනෙන ලොවට පෙර අප, මේ අපට ඇති ලෝකය හදා ගත්තා නම් අපට ඇති.(නදී)
අල්විස්ට නම් පිස්සු. (නදී)
එංගලන්තේ තරු ගනන් කරලා අපේ රටට ඇති සෙතක් නැහැ.(නදී)
බුදු දහම තියෙන්නේ බුද්ධිමත් මිනිසුන්ට....මේකේ වැඩි හරියක් අදහස් දාපු අයට බුදු දහම තේරෙන්නේ නැත.අඩුම තරමේ මේ ලිපියවත් තේරුම් අරන් නැත .මේ අලිපියේ තියෙන්නේ බුදුදහම හා නවීන විද්‍යාව අතර තියෙන සම්බන්දය..(ස)
සරත් බණ්ඩාර සහ ජෙය බුදු දහම විශ්ව දහමක් හැටියටයි මා නම් දකින්නේ ඉතින් චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා කියන දේට මා එකඟයි. (අ)
මම ඇමෙරිකාවේ ජීවත්වෙන්නේ. මේක ටිකක් ප්‍රසිද්ධ කතාවක්. නසා ආයතනයේ වැදගත් තොරතුරු සහිත ස්වයංක්‍රීය කොම්පියුටර් එකක් මොකක් හෝ හේතුවකට අක්‍රීය උනා. කරගන්න දෙයක් නැති තැන ඒ අය මේක යලිත් පන ගන්වන්න පුළුවන් ක්‍රම කීපයක්ම කරලා බැරිඋනු තැන එක තායි විද්‍යාඥයෙක් කියලා තියෙනවා අපි මේකට දක්ෂ හාමුදුරු කෙනෙක්ගේ සහාය ගත්තොත් මොකද කියලා. කතාවේ හැටියට ඊට තෝරාගෙන තියෙන්නේ පාඔක් සයාදෝ හාමුදුරුවෝ. උන්වහන්සේ ටික වෙලාවක් ධ්‍යානයට සම වැදිලා ඉන්න කොට එ්ක පනගැන්විල තියෙනවා. ඇමෙරිකානු රජයෙන් උන්වහන්සේට දැන් අති විශේෂ ගුවන් ගමන් බලපත්‍රයක් හා ඕනෑම ගුවන් යානාවක් හරහා ඕනෑම ගමනක් යාමට අවසරයත් දී ඇති බවයි ආරංචිය. (ස)
එහෙම පිටින් ජීවය එන විදියක් මම නම් දන්නේ නෑ . විශ්වය හදල තියෙන්නේ ( දෙවි) කෙනෙක් කියලත් සමහර ය කියනවා අහල තියනවා. ඒ කේ නවීන විද්‍යාත්මක සත්‍ය තාවක් තියෙන්න පුලුවන්ද දන්නේ නෑ (අ)
මනසින් ලොව දකින්න. මනස පිරිසිදු කරගෙන එය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ පිරිසිදු බුදු දහමින් පමණයි. එවිට මේ විශ්වයම දකින්න පුළුවන්. චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ කරුණු දැක්වීම හරි. (නදී)
ඉතාමත්ම හොඳ දේශනයක් (නි)
ඒක ඉතා හොඳ දෙයක්. (නි)
විද්‍යා ජෝති නලින් චන්ද්‍රා වික්‍රමසිංහ මැතිඳුන් 75 වැනි වියේදීත් බුදුදහම සහ විශ්වය අලලා කළ සම්පුර්ණ දේශනය ඇත්තෙන්ම අද අපේ රටට අසන්නට සළස්වන්නට සුදුසුයි කියලා මට හිතෙනවා. (නි)
මෙය වර්තමන ලෝකයේ තාක්ෂණය සමඟ 200%ක් එකඟයි. (නි)
පිටසක්වල ඉන්න අය බුද්ධාගමට ගන්න පෙර මේකේ ඉන්න අය ගත්තා නම් මොකද වෙන්නේ? හරියට ලංකාවේ ධර්මයට අනුව ඉන්න මිනිස්සු කීයෙන් කීයද ඉන්නේ? (නි)
එහෙම තමයි,දියුණුවෙන ලෝකය දිනෙන් දින ඉදිරියට යනවා (නි)
මගේ නමින් කවුදෝ මගේ සිතුවිලි විකෘති වන සේ කොමෙන්ට් එකක් පල කර ඇත. ඒ ගැන මාගේ කලකිරීම ප්‍රකාශ කරමි.(නදී)
වටිනා අදහස් මාලාවක්...කොහොමටත් කරණීය මෙත්ත සූත්‍රයට අනුව අපි පෙනෙන නොපෙනෙන සියලු ජීවීන්ට දැනටමත් සෙත් පතනවානේ. (නදී)
මේ කියන ඒවා තාම ඔප්පු කළේ නැහැ නේද ? (නදී) .
බුදුහාමුදුරුවොම තමයි දේශනා කරලා තියෙන්නේ අවුරුදු 5000 කින් පස්සේ බුදු දහම නැති වෙනවා කියල. දැන් ඉන්දියාව ගැන බලන්න. බුද්ධගයාව අවට බෞද්ධයෝ අැත්තේම නෑ. ලංකාවෙත් සිංහල ජනගහනය අඩුවෙනවා. එතකොට බුදුන්ගේ දේශනාව හරි.
බුද්ධිමත් අයට සහ ඉගෙන ගන්න අයට මෙය ඉතා වැදගත් දේශනයකි. අපේ බුදු රදුන්ගේ මහිමය තේරුම් ගන්න.(ස)
අපි දිනෙන් දින දියුණු වෙනවා.... (නි)
අනේ මන්දා ඉතින්, මෙහෙම කළා කියලා ප්‍රථිවිවාසීන්ට මොකක්ද ඇති වැඩේ? (නි)
නිකන් මෝඩ අදහස් දමන්න එපා. එතුමා ගොඩක් ගෞරවයක් ලංකාවට. රටට වාසනාවක්. ඔබට බුදු සරණයි! (නි)
චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මයා දැනට ජිවත්ව ඉන්න විශිෂ්ටතම තාරකා විද්‍යා විශාරදයෙක්. මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ ' ජීවයේ උපත ' පිළිබද අදහස අභියෝගයට ලක්කළ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කිවේ අපේ මේ පෘථිවියට මුල්ම ජිවය පැමිණියේ පිට සක්වල සිට බවයි.අභ්‍යවකාශයෙන් එන වල්ගාතරු ,උල්කාපාත වැනිදේවල් වලින් මුල්ම ජිවය පැමිණිබවට මෙතුමා සහ මහාචාර්ය ප්‍රෙඩ් හොඉල් ( ජිවතුන් අතර නැත ) තම මතය ඉදිරිපත් කළා.වැදගත් සාක්ෂි රාශියක් සමග.අපේ රටේ අපේම කෙනෙක් නිසා මෙතුමා ගැන අපි අවංකවම ආඩම්බර විය යුතුයි. (ස)
අනිත් ආගම් වලත් කියල තියන දේවල් ගැන අවධානය යොමු කරන්න ඕන,(ස)
රෝකට් හැදුවෙත්, හඳට ගියෙත් ක්‍රිස්තියානි අය නේද ? (ස)
පිටසක්වල නොදන්නා අයට තෙරුවන් සරණ කියන්න ප්‍රථම අපේ අයට මෛත්‍රී කරන්න පුරුදුකරන්න.මේ යන ක්‍රමයට තව ටික කාලෙකින් ගෙවල් වලට පැනල මිනීමරන කාලේ අත ලග ඒ රට පිරිහෙන නිසා මේවා ගැන පිට සක්වලට පෙර සිතන්න. (ස)
නමුත් බුදු දේශනාවේ නම් සදහන් වෙන්නේ මහාචාර්ය තුමා, යමෙකු මේ ලෝකය විශ්ව ගැන කරුණු සොයන්නට යනවා නම් , එය හරියටම, ඊතලයක් වැදී මරණාසන්න වුන කෙනෙක් එම ඊතලය හැදුවේ කවුද, මොන ලෝහයෙන් සාදා ඇති ද වැනි දේ සෙවීමක් ලෙසයි. ඒ නිසා බුදු දහමට අනුව බැලුවොත් අපේ පර්යේෂණ යනු ආර්ය සත්‍ය නොසොයා, නිකරුනේ කාලය මිඩංගු කිරීමක්. ඔබ තුමා ශ්‍රේෂ්ටතම විද්‍යාඥයෙක්, එහි විවාදයක් නැහැ. නමුත් විද්‍යාව මගින් බුදු දහමේ, සත්‍යතාව සනාථ කිරීම ගැන අදහසට (කනිෂ්ට විද්‍යඥයෙක් ලෙස) අපට එකග විය නොහැකියි. විද්‍යා පර්යේෂණ යනු අපේ රැකියාව, බුදු දහම යනු අපේ ආගම. මේ දෙක එකක් නොවෙයි. (ස)
පිටසක්වල ජීවින් සමඟ සම්බන්ධ වෙනකොට මේ ලෝකයේ තෙරුවන් තිබේද? දැනටමත් ධර්මද්වීපයේ ධර්මය නැහැ. සැමට තෙරුවන් සරණයි! (නි)
පිටසක්වල ජීවින්ටත් අපල කාලයක් උදාවෙයිද කියලා බයයි (නි)
බුදුදහම බුද්ධිමතුන්ට ගෝචර වන, ලෝකයේ තිබෙන යථා ස්වභාවය පෙන්වන ධර්මයකි. (නි)
මේ චන්ද්‍රා මහත්තයා එප්පාවල පැත්තේ ගොවියෙක්ගේ කුඹුරකට පොලිසිය දෑම්මෙවුවා නේද? (නදී)