ලක්ෂ 15ක් පමණවන රාජ්‍ය සේවකයන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් දිනකට තම සේවා කාලයෙන් පැය දෙකකට වැඩි කාලයක් ෆේස්බුක් හා අන්තර්ජාල ඇතුළු වෙනත් විනෝදාත්මක සේවාවන් භාවිත කරන බවත් ඒ හේතුවෙන් මාසයකට පැය 40ක රාජකාරී කාලයක් වැය වන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා ජනපතිට, අගමැතිට හා රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.
වෘත්තීය සමිති සම්මේලනයේ අදහසක් අනුව රහසිගතව තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක් ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කරයි. විශේෂයෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන ආදිය රාජකාරී වේලාවේ නිරන්තරව භාවිත කරන රාජ්‍ය සේවකයන් එසේ දෛනිකව වැය කරන කාලය ගණන් බැලූ විට මාසයකට පැය 40ක් පමණ වන බවද තිලකරත්න මහතා කියයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලකරත්න මහතා පවසන්නේ මහජන මුදලින් වැටුප් ලබන සේවකයන් තම රාජකාරී වේලාවෙන් විශාල පැය ගණනක් මෙසේ විනාශ කිරීම රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමටත්, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මහජනතාවගේ ඇති විශ්වාසය බිඳ වැටීමටත් හේතුවී ඇති බවයි. නමුත් මේවා තහනම් කිරීම සඳහා නීති පැනවීමට යෝජනා නොකරන බවත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදු කිරීමට රජය මැදිහත්විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. රජයේ සේවකයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකර පුහුණ සැසි පැවැත්වුවද මෙවැනි දේ පිළිබඳව අවධානයක් නැති බවත් වෘත්තීය සමිති වශයෙන් රාජ්‍ය සේවය ජනතාවගෙන් ඈත්වීමට මෙවැනි දෑ හේතුවිය හැකි බැවින් එසේ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් තිලකරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම ගන්න කිට්ටු අයත් නෙට් එකෙන් මල් කඩනවා.(ම)
ළඟදි වැටුප් වැඩිකළේ මේවා කරන්න තමයි. වළක්වන්න උත්සාහ කරන්න එපා. ස්ට්‍රයික් කරයි ඊළඟට. (නි)
රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකුගේ ඊළඟ ආත්මය තිරිසන් අපාය. (බ)
අනේ සමන් රජයේ සේවකයෝ බබ්බුද? බහුතරයක් උපාධිදාරීන්. ආණ්ඩුව විසින් අතින් අල්ල අල්ල වැඩ කරවා ගන්න ඕනද ? පැවරුන රාජකාරි හරියට නොකර , අපෙන් වැඩ ගන්න දන්නේ නැතිලු. (ර)
එක කාලයක් මට රජයේ සමාගමක කොම්පියුටර් 150 දැම්මා. එක දවසක් මම උදේ 11 විතර ගියා එම සමාගමේ එක අංශයකට. එතන කිසි කෙනෙක් හිටියේ නැහැ. වෙනින් කෙනෙක් කිව්වා ගිහිල්ල බලන්න සුභ සාදක කාමරේ ඉන්නවා කට්ටිය කියලා. දැන් වෙලාව 11.10 විතර.. කිව්වා වගේමයි.. කට්ටිය කැරම් ගහනවා. දාම් අදිනවා, කාඩ් ගහනවා, පත්තර බලනවා, රේඩියෝ අහනවා. මම ඇහුව කීයටද HR එකට යන්නේ කියලා.. මට කියාපි දවල් 2 වෙනකොට එන්න කියලා. මේක 100% ඇත්ත සිදුවීමක්. (ර)
අපිනොදන්න රාජ්‍ය සේවය.නිකන් ඉදල පඩි ගන්නනේ අඩු පඩියට වුනත් ඕකෙම එල්ලෙන්නේ. ආර්ථිකයට වැඩිම සේවයක් කරන පෞද්ගලික අංශයේ සේවකයන් ගැන කිසිම තැකීමක් නැහැ. (ම)
කරන්න රාජකාරියක් පැවරිලා නැතිකොට, , සේවකයින්ගෙන් නිසි සේවාවක් ලබාගන්න තරම් දක්ෂ නිලධාරීන් නැතිකොට, පගාව දීලා වැඩේ ඉක්මණින් කරගන්න ජනතාව පෙළඹෙන්නේ නැතිකොට, නිලධාරීන්ටත් වඩා සේවකයින්ට දේශපාලන හයියක් ඇතිවිට, ෆේස්බුක් යන්නේ නැතිව වෙන මක් කරන්නද? (ම)
සහතික ඇත්ත (ම)
වෘත්තීය සමිති මගින් පළමු වරට තම සාමාජිකයින් ගේ අඩුපාඩුවක් ගැන කතා කිරීම සැක සහිතයි. වැටුප් වැඩි නොකර සිටීමට හේතුවක් හොයල දුන්නද මන්දා. (ම)
මේ රාජ්‍ය සේවයේ සේවක ඵලදායිතාවය කියලා එකක් මනින්නේ නැද්ද ? තව තව පත්වීම් දෙන්න . ඉන්න මිනිස්සු ටිකවත් හරිහමන් වැඩක් කරන්නේ නැහැ. සමහර දේශපාලක පත්වීම් තිබෙනවා සා.පෙළ ගණිතය පාස් නැති උදවිය බැංකු වල කැෂියර් වැඩට යොදවලා. ඉතින් මේ වගේ මිනිස්සුන්ට අන්තර්ජාලය මිසක් වෙන කෙහෙද හරියන්නේ ? (බ)
රාජ්‍ය සේවකයාගෙන් හරියට වැඩක් ගන්න ආණ්ඩුව දන්නේ නැහැ. අලුත් ක්‍රමයට රාජ්‍ය ආයතන අවුලෙන් අවුලට පත් කරලා. දේශපාලුවන්ට ඕනේ විදිහට රාජ්‍ය ආයතන කඩලා. සම්බන්ධයක් නැහැ වියදම වැඩි කරලා. රාජ්‍ය සේවකයෝ මොකක්ද කරන්නේ කියල වැටහීමක් හරියට නැහැ. රාජ්‍ය තන්ත්‍රයම අවුල් කරලා මේ යන්නේ පුද්ගලීකරණය කරන වැඩ සටහනාටක උපක්‍රමශීලීව. ගිය ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයාගෙන් වැඩ ගත්ත. රාජ්‍ය සේවකයා රටේ සංවර්ධනයට දායක වුණා (බ)
මම ලංකාවට නිවාඩුවක් සදහා පැමිණි විටමගේ බිරිඳගේ අතේ ස්නායු අමාරුවකට බෙහෙත් ගැනීමට මාලබේ පෞද්ගලික රෝහලට ගියා වෛද්‍යවරයා රෝගියා පරික්ෂාකර බෙහෙත් පැහැදිලිව ලියදීල ෆාමසියෙන් ගන්න උපදෙස් දුන්න. මම බෙහෙත් තුණ්ඩුව දී, එහිසිටි ෆාර්මසිස්ට් නැවත මටදීපු තුණ්ඩුව ට මුදල් ගෙවන ලෙස උපදෙස් දුන්නා. එකම බෙහෙත් වර්ගයක් දෙවරක් නිකුත් කරලා, මේ බෙහෙත් නිකුත් කල එහිසිටි ෆර්මසිස්ට් ස්මාර්ට් ෆෝන් එකක් කනේ තියාගෙන බෙහෙත් නිකුත් කළේ මගෙන් මුදල් ගත්තු අයකැමිවරිය ස්කයිප් කෝල් එකක හිටියෙත්, (බ)
ඊට කලින් උපරිම කාර්යක්ෂමතාවක් එක්ක හරියට රාජාකාරිය ඉටු කරමින රටේම බර අදින්න, බදු ගෙවන පුද්ගලික අංශය ගැන සොයලා බලන්න. (කෞ)
මේගොල්ලන් තමයි සරසවියෙන් පිටවෙන උපාධිදාරින්ටත් ලංකාවේ රජයේ සේවය තරම් නිකන් ඉඳලා පඩි ගන්න පුළුවන් තැනක් ලෝකේ කොහෙවත් නැහැ කියලා වැරදි පුර්වාදර්ශ සපයන්නේ . පුද්ගලික අංශයේ මිනිස්සු හොඳ පන යනකන් වැඩ කරලා බදුත් ගෙවනවා. (කෞ)
සමහර රටවල රාජ කාරී කරන වෙලාවට ජංගම දුරකථන පරිහරණය තහනම් කරලයි තියෙන්නේ. අපේ අය ඒ 40% අතිකාල වැඩ කරලා ආයෙත් මහජන මුදල් ගසා කනවා. (බ)
වෘත්තීය සමිතියට බැනලා රාජ්‍ය සේවාවේ අකාර්යක්ෂභාව්‍ය වහන්න හදන අයත් ඉන්නවානේ. මොකද මේ කියපු දේවල් වැරදිද බොරුද ? (ම)
මම එක දවසක් උපාධිධාරී රජයේ රැකියා පත්වීම ගැන අදහස් ලිව්වේ අත්‍යාවශ්‍ය කුසලතා මදි කම සහ අඩු පලදායිතාව ගැන සඳහන් කරලා. කීප දෙනෙක් මට දෙහි කැපුවේ පුද්ගලික අංශයේ මානව සම්පත් අංශයේ උදවිය උපාධියක් නැති මෝඩයන් කියමින්. මෙන්න තිබෙනවා රජයේ උගතුන්ගේ වැඩ. දැන් තේරෙනවානේ උපාධිධාරීන් පුද්ගලික අංශයේ රැකියාවලට කැමති නැත්තේ මොකද කියලා. මේ ලිපිය පල කළාට ලංකාදීපයට අනෙක වාරයක් ස්තුතියි. ඔබේ මාධ්‍ය මෙහෙවර විශිෂ්ටයි ! (බ)
සංජීවගේ කටේ සීනි දමන්න ඕනි (බ)
මේක සිරි ලංකාව හොදේ..කියවනවා විතරයි..කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නැහැ..(බ)
මාසෙකට 30000ක පඩියක් අරගෙන අවුරුදු 55න් පෙන්ෂන් යන මිනිහ ගැන හොයන්න කලින් මාසෙකට 80000ක් විතර පඩියක් අරගෙන අවුරුදු 5න් පෙන්ෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන්නේ මොනවාද කියල හොයල බලන්න (බ)
එකම විසඳුම ආරක්ෂක, රේගුව ආදී වැදගත් ආයතන හැර අනෙක් සියලු ආයතන ක්‍රම ක්‍රමයෙන් පුද්ගලීක කරණය කිරීමයි. එතකොට ඇමති මණ්ඩලයත් නිකම්ම අඩුවේවි. එත් හැම ආණ්ඩුවක්ම කරන්නේ ඡන්ද ගොඩ බලාගෙන රාජ්‍ය සේවකයා හුරතල් කරන එක තමයි. (බ)
ලසිත් හරියටම හරි. මගේ වැඩකට මස කීපයකට ඉස්සර එක්තරා කාර්යාලයකට ගියා. මට හුගක් වෙලා ගියා ඒ අයගේ කතා ඉවර වෙනකන් .(බ)
පෙර සියලු අදහස් වලට මම එකඟයි. ඊට අමතරව පොඩ්ඩක් බලන්න දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ගන්න ගියාම මාරු සල්ලි නොතිබුනොත් කතා කරන හැටි විශේෂයෙන් කොටුව සහ මාතර දුම්රිය ස්ථාන වල ඉන්න අය. (බ)
සංජීව ඔයා හරියටම හරි. මමත් ඔය වගේ වෘත්තීය සමිති කරලා විශ්‍රාම ගිය කෙනෙක්. මගෙන් සමිතියට ගෙව්ව විශ්‍රාම පරිතෝසිකයට ගෙව්ව මුදල ආපසු මට ගෙවන්නේ නැහැ .ඔය අය දන්නේ කට අරින්න විතරයි. 80 වැඩ වර්ජනයෙන් පස්සේ කරපු කෙහෙල් මලක් නැහැ. ඔය වාර්තා එවන අයම තමයි ඕව කරන්නේ. ඕක තරහට ලියපු එකක් ලොක්කොත් එක්ක. මම හිතන්නේ. (ස)
කතාව සම්පුර්ණ ඇත්ත නමුත් ඕක අද ඊයෙ ඇති වෙච්ච දෙයක් නොවේ , ඔය ෆේස්බුක් ඉන්ටෙර්නෙට් එන්න කලිනුත් නිලධාරීන් කළේ , රේස් කොල , පුවත් පත් බලමින් , සමහර නිලධාරිනියන් මැහුම් ගෙතුම් කරමින් කාලය ගත කරන එක , බලන්න ලංකාවේ රියදුරු බලපත්‍රයක් , ගමන් බලපත්‍රයක් , හැදුනුම් පතක් සාමාන්‍ය ක්‍රමයට ගන්න කොපමණ කාලයක් ගතවෙනවද ? මේවා එක දවසින් කරන්න පුළුවන් වැඩනේ? (බ)
මේ වගේ උදවියට පඩි ගෙවන්න බදු සල්ලි දෙන්නේ පුද්ගලික අංශයේ අපි. අර මඩු වලිගයෙන් තලන්න ඕන අපිට. සමහර විට අපිට ආයතනයේ වැඩ වැඩි වුනාම කෑම කන්න වැසිකිලි යන්න වෙලාවක් නැහැ. එකට මෙන්න මේගොල්ලන්. දැන් කියන්න එපා පුද්ගලික අංශයේ ඉන්නේ උපාධි නැති මෝඩයෝ කියලා. රැකියාවේ වැඩක් හරියට කරන්න බැරි උගත්කමෙන් රටට වැඩක් නැහැ . (හේ)
රජයේ කන්තෝරුවකින් වැඩක් කර ගන්න ගියාම හිතෙන්නේ අපි කරපු පව් පල දෙනවාද කියලා. එක්කෝ උදේ වැඩට ඇවිල්ල නැහැ. එහෙම නැති නම් කෑමට එලියට ගිය ගමන්. හවස වේලාසනින් ගිහින්. නැති නම් නිවාඩු. ඔක්කොමත් හරි මිනිස්සුන්ට කතා කරන හැටි. ඉතින් මේ ගොල්ලන්ගේ පඩි වලට ගෙවනවාලකෝ බදු ! (බ)
හැබැයි ඉල්ලීම් නම් කෙළවරක් නැහැ.. ඔය වෘත්තීය සමිති කියන්නේ අයිස් ගහන කිසිම වැඩක් නැති රැලක්.. මට හොද හොද අත්දැකීම් තියෙනවා ඔය කට්ටිය එක්ක වැඩ කරලා. (බ)
ජාතික අපරාධයක් (ම)
සහතික ඇත්ත, වැඩක් කරගන්න ගිහාම, නිලධාරින් ඉන්නේ ෆොනේ එකේ (ම)
කතාව 100% ඇත්ත වුනත් මේ ලංකාවේ මේවගේ ප්‍රශ්න වලට විසදුම් හොයන එක නම් බොහොම අමාරු වැඩක්. නීතියක් ගෙනල්ල මේව නතර කරන්න ගියොත් වැඩ වර්ජන, මානව හිමිකම්. (බ)
හරියටම හරි. මිනිස්සු හිතන්න ඕන තමන් ඉටු කළ යුතු වැඩ ගැන (බ)