IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


‘පොඩි ලැසී’ට ඇප

(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය. බුස්ස බන්ධනාගාරයේ දී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා, අත්අඩංගුවට ගෙන තිබිණ.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත පොඩි ලැසී අද මුදා හැරිණි. එසේ වුවත් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දින 90ක් රඳවා තබාගෙන විමර්ශනය සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (15) නියෝගයක් නිකුත් කර තිබිණ. එම නියෝගය අනුව සැකකාර පොඩි ලැසී රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටී. ‍

සැකකරු එම රැඳවුම් නියෝග කාල සීමාව අවසන් කිරීමෙන් පසු  සෑම ඉරුදිනකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් එය අධිකරණයට  බාරදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

නඩුව අද (16) කැඳවනු ලැබූ අවස්ථාවේ රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින  සැකකාර පොඩි ලැසී අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව බී.වාර්තාවක් මගින් අධිකරණයට වාර්තා කර ඇතත් එම වාර්තාවේ කිසිම තැනක ජනාධිපතිවරයා මරණ බවට ප්‍රකාශ කර ඇතැයි සඳහන් කර නැති බවයි.

තර්ජනය කිරිම සහ බන්ධනාගාර නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම යන චෝදනා සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති බවත් ඒවා ඇප දිය හැකි වැරදි නිසා තම සේවා දායකයාට ඇප නියම කරන ලෙසත් නිතිඥවරු ඉල්ලා සිටියහ.

සැකකරුගේ නිතිඥවරයා කියා සිටියේ මෙම නඩුවේ ඇති චෝදනා දෙකට ඇපදිය හැකි බවයි. සැකකරුට අද දිනයේ ඇප ලැබෙන නිසා ඊයේ(15) මෝසමක් ඉදිරිපත් කර ඔහු දින 90 ක රැඳවුම් බාරයට ගෙන ඇති බවත් මෙය අපරාධයක් බවත් ඒ නිසා සේවා දායකයාට ඇප නියම කරන ලෙසත් නිතිඥවරු ඉල්ලා සිටියහ. දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්  අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා පොලිස් පරික්ෂක පොල්වත්ත යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරු වෙනුවෙන් නිමල් රණවක, පුෂ්ප කුමාර අමුගොඩ, අකලංක උක්වත්ත, හර්ෂිකා සමරනායක, හරින්දි කොරයා, ජිනාලි පාගොඩ ආරච්චි, අමා ජයවර්ධන, ඉනිකා හෙන්ද්‍රිවිතාන සහ නිෆ්රාස් නසිර් යන නිතිඥ මහත්ම මහත්මීහු සමඟ ජනාධිපති නිතිඥ ටිරන්ත වලලියද්ද මහතා පෙනී සිටියේය.



අදහස් (9)

‘පොඩි ලැසී’ට ඇප

Nuwan Friday, 16 October 2020 01:14 PM

අපි තරම් විහිළු සපයන රටක් ලොවෙත් නැහැ... ලොවි ගහෙත් නැහැ..

:       1       61

PraviSunday, 18 October 2020 04:29 AM

එසේ වුවත් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දින 90ක් රඳවා තබාගෙන විමර්ශනය සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට (15) නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගය අනුව සැකකාර පොඩි ලැසී රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටී... ‍

:       0       0

සල්ලි කෑදර Friday, 16 October 2020 03:40 PM

කීයක් ලැබුණා දෝ...!!!

:       1       30

sam Friday, 16 October 2020 09:42 PM

ලංකාවේ ඉන්න හැම පාතාලයෙක්ම ආරක්ෂා කරන්නේ දේශපාලුවෝ. හේතුව ඒ අය බලයට එන්නේ පාතාලයින්ගේ උදව්වෙන්... අනේ රටකට ගිය කලක්. බලපල්ලා පාතාලයකු වෙනුවෙන් පෙනී ඉන්න සර්ව සාධාරණය ඉෂ්ඨ කරනවා යැයි කියලා පොරොන්දු වෙලා නීතීඥ වෘත්තියට බැඳෙන නීතීඥයින් ගණන. ලැජ්ජයි නේද? සල්ලි වලට බොලව්... සල්ලිවලට.

:       1       6

Nuwan Saturday, 17 October 2020 12:33 AM

නීතිය එහෙමනම් නීතිය එහෙමයි. මේ වගේ කුඩු රජාලා නොහිටපු කාලයක හදපු නීති, ඇඟතලාගන්න බය පොලිසිය සාක්ෂි අවුල් කරන එක, කුඩු සල්ලි වලින් ගන්න පුලුවන් හොඳම ලෝයර්ස්ලා අල්ලන එක නතර වෙනකම් මේ නාඩගම එහෙමමයි.

:       0       4

Citizen Silva Saturday, 17 October 2020 01:15 AM

අනේ වාසනාවන්. පාර්ලිමේන්තුවට ගේන්න වගෙයි කල්පනාව. කැබිනට් ඇමති පදවියකට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම සම්පූර්ණ කර ඇත.

:       0       6

oscar Saturday, 17 October 2020 05:25 AM

පොඩි ලැසීව, ඇරෙස්ට් කරලා ඇක්ෂන් ගත්ත පොලිස් නිලධාරීන්ව කොහේහරි දුර පළාත්වලට ට්‍රාන්ස්ෆර් කරයි නේද? නියමයි..

:       0       7

මුණසිංහ Saturday, 17 October 2020 09:05 AM

හැබැයි දැන් අය නම් ට්‍රයි කරන්නේ ඇතුළෙම ඉන්න. ඒක ආරක්ෂා සහිත නිසා...

:       0       3

Shanaka Sunday, 18 October 2020 08:02 AM

එක රටක්... එක නීතියක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1133 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 306 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1466 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 580 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 738 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 1099 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site