IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට , හල්තොට ,පෙතිගමුව  පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි දරුවායි.

මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ මව්පියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.

පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර , එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.

අනතුරුව මව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන්  එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන්  පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින් බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

 



අදහස් (6)

පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්

sathyapala Tuesday, 24 December 2024 02:09 AM

ඕනෑම රටක කොතරම් දියුණු ක්‍රම තිබුණත් සැත්කමකදී මිනිසුන් මියයන්නට පුළුවන්. එය රෝහල්වල තිබෙන පහසුකම් මත වෛද්‍ය හෙදි සහ සහායක කාර්යමණ්ඩලේ දක්ෂතාව පළපුරුද්ද මත ලබාදෙන ඖෂධවල තත්වය වැනි කරුණු මත වෙනස් වෙනවා. එහෙත් මේ රෝහලේ මේ විදිහේ සිදුවීම් ප්‍රමාණය ඉහළ අගයක්. වහා මේ පිළිබඳව සොයා බැලිය යුතුයි...

:       0       0

Perera Tuesday, 24 December 2024 07:41 AM

සෞඛ්‍ය ඇමැතිතුමාටත් මේ බව අනිවාර්යයෙන් දන්වන්න.

:       0       0

රුචිර Tuesday, 24 December 2024 07:43 AM

ධනුජ වික්‍රමාරච්චි පුතා මින් මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා...!!! නිවන් සුව අත්වේවා...!!!

:       0       0

Kalindu Tuesday, 24 December 2024 11:47 AM

ලංකාවෙ දොස්තරලගෙ වැරදින් සිදුවන කිසිම මරනයකට නිසි දඩුවමක් නෑ. වගකිය යුත්තෙක් නෑ. මෑතකදි කුඩා දරුවෙක්ගෙ වකුගඩුව ගලවල වික්ක. ලමය මිය ගියා. දිස්තරල දෙන්නම රට පැන්න. අදවෙනකන් කිසිම දඩුවමක් නෑ.නීති සිසුවියකගෙ වැරදි අතක් කැපුව. කිසිම දඩුවමක් නෑ. අලුත් ආන්ඩුවෙන්ව ත් මේකට පිලියමක් යෙදිය යුතුයි . දොස්තරලව Rate Review කරන්න පද්ධතියක් යෙදිය යුතුයි. නමුත් අලුත් ආණ්ඩුවෙත් ඉන්නෙ දොස්තරලම නිසා එයාලත් ඒ පැත්තම ගනී GMOA නඩයත් එලියට එන්නෙ පඩි වැඩි කරගන්නයි, දොස්තර කෙනෙක කවුරු හරි බැන්නොත් ස්ට්‍රීක් කරන්නයි විතරයි.

:       1       25

Chandawimala himi Tuesday, 24 December 2024 02:12 PM

අනේ මන්දා මේ රට .බෙහෙතුයි දොස්තරල්යි ඔක්කොම එකයි . කිසි වගකීමක් නැහැ ජීවිත වලට .නරක බෙහෙත් නම් ඒවා පාවිච්චි නොකර ඉන්න ඕන

:       0       16

Hsp fonseka Friday, 27 December 2024 10:21 PM

පව් දරුවා ළමයින්ට සුදුසු රෝහල්... රජිව් ළමා රෝහල් බේත් නෑ රෝහල්වල කිසිම වගකීමක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 444 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 98 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 249 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 292 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 367 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 663 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 406 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site