IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පඩව්ගම දෙදරු පියකු වෙඩි තබා මරයි

(අමිල සම්පත් ශ්‍රී)

ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ නිවසක සිය දරුවන් සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි  34 හැවිරිදි දෙදරු පියකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එ. ඩී. තිළිණ ප්‍රසාද් නැමැති ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බහුකාර්ය සේවයේ නියුතු පුද්ගලයෙකි.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සොරකම් සහ ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු මෙම වැඩ තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද ඝාතකයා සමග ඔහුගේ පියා සහ සහෝදරයකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේය.

ලුණුගම්වෙහෙර කුඹුරු යායේ සිටියදී මියගිය පුද්ගලයාට අයත් ගවයින් රංචුවක් වෙඩි තැබීමට සම්බන්ධ බව කියන සැකකරු විසින් දක්කාගෙන යන අවස්ථාවේ ඊට විරුද්ධ වූ මියගිය පුද්ගලයා සහ බිරිඳට ගිනි අවියක් පෙන්වා පැය දෙකක පමණ කාලයක් දනගස්වා තබා  මරා දමන බවට තර්ජනය කළ බව මිය ගිය පුද්ගලයා ගේ බිරිද පොලිසියට කියා ඇත.

ඒ පිළිබඳව ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් පොලිස් නිලධාරින් පැමිණ මී ගවයින් ටික නිදහස් කළ දුන් බවත් එම බිරිඳ සඳහන් කළේය.

විදුලිය විසන්ධි වී ඇති අවස්ථාව මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම අවස්ථාවේ මියගිය පුද්ගලයා දරුවන් දෙදෙනා සහ බිරිඳ සමග ආහාර ගනිමින් සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය. නිවසේ සීසීටීවී සවි කර තිබුණද විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවේ එම කැමරා ක්‍රියාවිරහිතව ඇති බවද පොලිසිය සඳහන් කළේය. බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි සැක පළ කරන බවත් මියගිය පුද්ගලයාගේ පපුව ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සඳහා පැමිණි තිදෙනාගෙන් ප්‍රධාන සැකකරුගේ පියා මේ වන විට ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 



අදහස් (5)

පඩව්ගම දෙදරු පියකු වෙඩි තබා මරයි

කිරි පුතා Friday, 05 August 2022 10:41 AM

විදුලිය විසංධි කිරීමේ තවත් අනිටු ප්‍රතිඵලයක් සහ රටේ හරි හමන් නීතියක් නැති කමේ විපාකයක්. ඔය මිනීමරුවත් පොලීසිය අල්ලලා උසාවි දමාවි. ඊට පස්සෙ නීතිය දන්න මහත්වරු සල්ලි කුට්ටි කුට්ටි සාක්කු වලට දමාගෙන හිස් තර්ක විතර්ක රාශියක් දමලා මිනීමරුව ව නිදොස්කොට නිදහස් කරයි. ඔච්චරයි. මිනිහා තව තව වැරදි කරන්න පන්නරයක් ගනී

:       0       98

පුරවැසියා.... Friday, 05 August 2022 10:42 AM

ජනපති තුමන්, සාමාන්‍ය මිනිසුන් අතර ගිනි අවි භාවිතාවක් පැවතීම සහ විශාල වශයෙන් මිනිස් ඝාතන සිදුවන තත්ත්වයක් පවතින බැවින් මේ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ගයකට යොමු විය යුතු නොවේද ? සාමාන්‍ය මිනිසුන් අත ගිනි අවි පවතින තත්ත්වය පෙනෙන්නට ඇත.

:       1       59

SenakaFriday, 05 August 2022 12:45 PM

එහෙම කරාම මානව හිමිකම් ප්‍රශ්න එනවනේ. මානව හිමිකම් සෙට් එක ගෙවල් ගිනි තියපුවට වගේම මේවටත් නිහඬයි. හැබැයි අපරාධකාරයොන්ට දඬුවම් දෙනකොට අන්න හිමිකම මතක් වෙනව. රටේ මිනිස්සුත් මේවට වග කියන්න ඕන රටේ ආරක්ශක අංශ වලට රාජකාරී කරන්න දෙන්නෙ නැතුව නීතිය අතට අරන් ඩෙඟා නැ‍ටුවට.

:       7       41

ලුම්බිණි Friday, 05 August 2022 01:17 PM

දේශපාලකයෝ ගිනි අවි තියාගෙන සාමාන්‍ය මිනිසුන්ට එපා කියන්නේ කොහොමද?

:       36       5

සුරංග Friday, 05 August 2022 02:00 PM

අතීතයේ මිනිස්සු සතෙකුවත් ආහාරයක් ගනිද්දී මරණයට පත්කලේ නැහැ ඉතින් මෙම වෙඩිතැබූ එකා මිනිසෙක් කියන්න බැහැ ඇරත් තමන්ගෙ සතුන් පැහැරගෙන යනවිට විරුද්ධ වීම වරදක් නම් මේ රට කොහොම හදන්නද.මිනීමරුවන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය

:       0       43

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 111 0


මන්නාර් ආසනය සජබට
2024 නොවැම්බර් මස 15 132 0


හාරිස්පත්තුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 68 0


කළුතරම ජාජබට
2024 නොවැම්බර් මස 15 243 0


දොම්පේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 129 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site