පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් පහක් පහක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
තොරතුරු කිහිපයක් දැනටම සොයාගෙන ඇතැයි ද ඔහු කියයි.
කොන්ත්‍රාත්තුවක් මත මේ ඝාතනය සිදු වන්නට ඇතැයි ද ඝාතකයා රටින් පළා යන්නට ඇතැයි පැවැති කතාව ගැන විමසු විට මාධ්‍ය ප්‍රකාශක පැවසුයේ එවැන්නක් ගැන නොදන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට දැන්වත් එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි. මෙවන් සිදුවීම් වලින් මියයන අයටත් ,ඔවුන්ගේ පවුල් වල අයටත් සාධාරණය ඉටුවිය යුතුයි. (නදී)
පැති පහකින් මොනවා බලන්නද? (නි)
අනේ මන්ද පාතාලයෙ සිය ගානක් පොලිස් වෙඩි පහරින් පහු ගිය ටිකේ මිය ගියා. පාතාලයන් මර්දනය කරද්දිත් මෙච්චර මෙහෙම මහ දවල් මිනී මරන්න තරම් එඩිතර මිනිස්සු තාම ඉන්නවද. (අ)
එයා කොහොමත් මේ දේවල් ගැන දන්නේ නැහැ තමයි (දී)
අර හැප්පුණු සුපිරි කාර් එක ගැන මොකුත් කිව්වේ නැද්ද ? (නදී)
අවි ගත්තෝ අවියෙන්ම නසිති.(නදී)
චතුර,මේවා එඩිතර වැඩද ඔබගේ වචනයෙන්. මේවට කියන්නේ නිවට වැඩ කකුල් හතරේ සතෙක් වත් නොකරන.එඩිතර මිනිසුන් හිටපු රටක් තමා හැබැයි දැන් නෙමේ මිට ගොඩක් ඉස්සර.(නදී)
අනේ මම දන්නේ නැහැ මේවා. (නදී)
අනේ රකට ගිය කලක් ඔක්කොටම හෙනේ මේ දේශපාලනය (ස)
මේ මිනී මැරුම් මැඩ පැවැත්විය යුතුයි. (ස)
මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන් මහජනතාව නොමඟ යවනවා නම් මහජන මුදල් වලින් යැපෙන ඔවුන්ගේ දරු පවුල් වලටත් දවසක මේ රටේ ජනතාව ශාප කරාවි. මට කියන්න තියෙන්නේ එච්චරයි (නි)
අර අගනුවර ප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳ ආයතනයේ වූ සිද්ධිය වාගේ මේකත් කවදාවත් විසඳන්න බැරි අභිරහසක් වගේ (නි)
තල වැපිරූ අයගේ අස්වැන්න තලම මිසක් අඹ නොවේ! (නි)
ඔය මැරුණ කෙනාගේ දකුණු අත වගේ හිටිය කෙනා නම් මට එච්චර ෂුවර් නැහැ (නි)
අනේ මන්දා! ඔය කිවුවට හැමදාමත් කියන්නේ ඔහොම තමා (නි)