කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දොරටු විවෘත කරන්නටත් පෙර සිටම පොත් ගැනීමට එන අයගේ පෝළිම් දක්නට ඇත.
පොත් ප්‍රදර්ශනය ලබන 22 දා අවසන් වේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මණ්‌ඩලයේ සහයෝගයෙන් මේ ප්‍රදර්ශනය 15 වරටත් සංවිධානය කරයි.
අලුත් පොත් නිකුත්වීම මෙන්ම අඩු මුදලකට පොත් ගන්නට ලැබීම නිසා බොහෝ පාඨකයෝ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය සඳහා පැමිණෙති. පාසල් සිසූහු ද බොහෝ පිරිසක් ඒ අතර වෙති.
සාහිත්‍ය දේශන, වැඩමුළු, විවිධ ප්‍රසංග, පොත් එළිදැක්වීම්,ආදී ක්‍රියාකාරකම් රැසක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොත් කියවා ඉවර උනහම ඒවා පරණ පත්තරකාරයාට නොදී පුස්තකාලයකට පරිත්‍යාග කරන්න.(නදී)
ඒක නම් අගය කල යුතු ප්‍රදර්ශනයක්,මම අවුරුදු දහයක් තිස්සේ යනවා. (අ)
අකලංක, ඔයා රුපියල් දහය ලොකු කරගෙන දඟලලා වැඩක් නෑ. අද ඔය රු. දහයෙන් මොනවද කරන්න පුළුවන් ඔයාට. ඔයා සිගරට් බොනවද මම දන්නේ නෑ. ඒකත් රුපියල් 25 ක් නේ. ඔයා දන්නවද ඔය එකතු කරන රුපියල් දහයේ ඒවායෙන් ඔය සංවිධායක මහත්වරු මොනවද කරන්නේ කියලා. ඒ අය දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවා. කොච්චර හොඳ වැඩක්ද? මොනවා හරි කියන කොට ඒ ගැන දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න එක වටිනවා. (ස)
මම දන්නා විදියට නම් ලෝකය විනාශ කෙරුවේ පොත් කියවපු මිනිස්සු සහ පොත් කියවන මිනිස්සු ඒ හැම කෙනාම නූගත්තු. පොත පෙරලුව එදා ඉදන් මෝඩයෝ පොත් කියවන උන්ගේ බහට රැවටිලා ලෝකය විනාශ කරනවා ? (ස)
4 වෙනි රූපයේ ඉන්නා ආච්චි ශර්ලොක් හෝම්ස් පොත් ගන්නයි සූදානම (නි)
පෙර කලකදී මේ වගේ පෝලිම් තිබුනේ සුදු ලුණු, බ් ලුණු ටික්කක් ගන්න. (අ)
මෙතන ඉන්න සමහර පොත්කඩකාරයෝ මිනිස්සුන්ට සළකන්නේ පහත් විදියට. අපි යන්නේ පොත් ගන්න,ඒත් මොකටද රුපියල් දහයේ ටිකට් කඩන්නේ? නිකන් පොත් දෙන්නේ නැහැනේ. (නි)
හද්ද පිටිසර ඉන්න අධ්‍යාපනය ලබන දුප්පත්, අහිංසක, අසරණ දුවා දරුවන්ගේත් බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය විය යුතුය. ඒ දරුවන්ටත් පුළු පුළුවන් විදියට පොතක් පතක් මිලදී ගන්න හැකි වෙන්න කරුණාකර හද්ද පිටිසරටත් යන්න. කිරි ටිකක් ගමටත් බෙදන්න. (නි)
ලංකාවේ බත් කන කකුල් දෙකේ මෝඩයෝ පොත් නෙමෙයි මොනවා කියෙව්වත් වැඩක් නැහැ. (නි)
අහන්න ලැබුන සතුටු දායක ආරංචියක්. තව තව වැඩියෙන් පොත් කියවල තමාගේ දැනුම වැඩි කර ගන්න ලැබේවා. මට නම් ගොඩක් සන්තෝෂ ප්‍රවෘත්තියක්. මීට පෙර මම ඔය ප්‍රදර්ශනයට ගිහින් තියෙනවා, අතුරු සිදුරු නැතුව බී.එම්.අයි.සී.එච් එක පිරෙන ප්‍රදර්ශනයක්.(නදී)
ජයසුරිය වැරදීමක්. මතු රැකෙන ශිල්පය මයි උගත මනා. 21 වෙනි ශත වර්ෂයට.(නදී)
මෙවර යන්න තවමත් නොහැකිවුණා. හෙටවත් යන්න ඕනෑ (නි)
ඉස්සර නම් සතිය, මාසය කියලා ලොකු ගැම්මක් තිබුණා. දැන් ඒකත් වෙනස් වෙලා (නි)
උගතමනා සිල්පය මයි මතු රැකෙනා. ලංකාව පුරාම මෙම වැඩසටහන දියත් කරන්න.(නදී)
මිනිසුන් පොත පත කියවන එක ඉතාම හොඳ දෙයක්. මම හිතනවා මෙයට වඩා ඉඩ කඩ වැඩි තැනක ඊළඟ වතාවේ මේක සංවිධානය කල යුතුයි. (නදී)
පිට පළාත් වලත් තිබ්බ නම් තමයි හොද. ඈත ඉන්න අයට කොළඹ එන්න අමාරුයි.(නදී)
පොතට ලැදී ජනතාවට සුබ පැතුම් මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුය.(නදී)
මෙය නං ඉතා හොඳ ප්‍රවනතාවයක්. ඒත් ඡන්දය පාවිච්චි කරද්දී වුනත් මොලය පාවිච්චි කරලා කුඩු කාරයන් හා දුෂකයන් තෝරලා බේරලා ඡන්දය පාවිච්චි කරනවා නං වටිනවා. ලංකාවේ මිනිස්සුන්ට අකුරු කියවන්න ලියන්න පුළුවන් වුනාට හරියට හොරුන්ට තක්කඩින්ට අහුවෙනවා. ඒකනේ ලංකාවේ ඡන්දෙන් පත්වෙලා එන දේශපාලකයන් බහුතරයක් දුෂකයන් වෙන්නේ. එම නිසා පොත් කියෙව්වට කමක් නැහැ තමන්ගේ සාමාන්‍ය දැනීම පාවිච්චි කලොත් හොදයි.(නදී) .