IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පුතාගේ පැමිණිල්ලට පියාගේ සිරුර ගොඩගනී

(මනෝප්‍රිය ගුණසේකර)

සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටියදී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිගත් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර ඔහුගේ දේහය යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.

ස්වභාවික හේතූන් මත තම සේවාදායිකාවගේ පියා මියගොස් ඇති බව ඉන්දියාණු බලධාරීන් දැනුම් දී ඇතත් පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල මෙන්ම පියා මියගිය බවට පවසන ස්ථානය පරස්පර බව පවසමින් නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙලෙස යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියම කරන ලද්දේ මයිකල් ඩැනියල් ජයරාජ් මහතාගේය.

නීතීඥ අස්විද රවීන් බෙනඩික් මහතා මඟින් පෙත්සම ඉදිරිපත් කළ වත්තල කල්‍යාණී මාවතේ පදිංචි ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය තමන් සමඟ ජීවත් වු තම පියා 2023 සැප්තැම්බර් 20 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි මයිකල් වික්ටෝරියා නමැති තම සහෝදරිය බැලීමට ගියේ යැයි සඳහන් කළාය.

පියා එහි සිටියදී 2023 ඔක්තෝම්බර් 30 වැනිදා නංගිගේ සැමියා ‘වට්ස්ඇප්” පණීවුඩයක් එවමින් බඩේ අමාරූවක් සෑදී රෝහල් ගත කළ පසු මියගිය බව දැනුම් දුන් අතර පසුව යළිත් පණීවුඩයක් එවමින් ඇවිදීම සඳහා උයනට ගොස් සිටියදී රෝගීව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව දැනුම් දුන්නේ යැයිද ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය ඉන්දියානු රුපියල් ලක්‍ෂ 1 1/2ක මුදලක් ගෙවු පසු මෙරට ගෙන්නු පියාගේ දේහයේ නළලේ” උරහිසේ සහ අතේ තුවාල දකිත්නට තිබු බවද සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඉදිරියේ පැවැති මහෙස්ත්‍රාත් පරික්‍ෂණයේදී නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බළධාරීන් විසින් නිකුත් කළ වාර්තාවක ‘කාඩියක් ඇරස්ට්’ වශයෙන්ද එම ‘ස්වභාවික හේතූවක් මත වී ඇති වශයෙන්ද සඳහන් කර ඇතැයිද කීවාය.

පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බළධාරීන් විසින් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් නොපැවැත්වීම සහ පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල සම්බන්ධයෙන් සැක උපදවන්නේ යැයි කී රූත් ක්‍රිස්ටිනා මහත්මිය කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර පියාුගේ දේහය යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

 



අදහස් (0)

පුතාගේ පැමිණිල්ලට පියාගේ සිරුර ගොඩගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 8 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 685 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 882 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1945 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1066 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2638 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site