ක්‍රිකට් ක්‍රීඩකයකු වන තම පුත් රමිත් රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයකින් ගමන් කරද්දී මුහුණ පෑවේ සුළු සිද්ධියකට බව එම ගුවන්සේවයම පවසා ඇතත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඩේලි මේල් පත්‍රයේ පළ වූ පුවතට වැඩි බරක් දී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීප එසැණ සමග පැවසීය.
‘පුතා ලංකාවට ආ ගමන් මේ ගැන මට කීවා. යානයේ සිටි අයගෙන් සමාව ගත් බවත් කීවා. යානයේ පසුපස දොරත්, වැසිකිළි දොරත් අතර දුර මීටර් දෙකක්වත් නෑ. ඕනෑ කෙනකුට මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්. මීට පෙරත් සිදුවෙලා තියනවා. ඉදිරියටත් විය හැකි බව බ්‍රිතාන්‍ය ගුවන් සේවය කියනවා.‘
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන පරීක්ෂණයකට තම සහාය දෙන බව ද ඇමැතිවරයා කීවේය.
‘මේක සුළු සිද්ධියක්. කනගාටුවට කරුණ තමයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයෙන් වාර්තාවක් නිකුත් කර තියෙද්දී හැම මාධ්‍යයකම වගේ ගියේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ තිබුණු දේ විතරයි. ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ තියෙන්නේ අවුරුදු 23ක කෙනෙකු බියවී කෑ ගැසුවා කියලා. ඒක තමයි මාධ්‍ය වල අරගෙන තිබුණේ.
බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ වාර්තාව මා ළඟ තිබෙනවා. ඒකේ තියෙන්නේ මේක සුළු සිද්ධියක් කියලා. මීට පෙරත් මේවගේ සිදුවීම් වෙලා තිබෙනවා සහ ඉදිරියටත් මේවගේ දේවල් වෙන්න පුළුවන් කියා තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් නිසා වෙන්න ඇති එයාගේ පුතාගේ සිද්ධියට මෙච්චර ප්‍රචාරයක් ලැබුණේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම උනත් මේක ලෝක වාර්තාවක් වේවි මොකද වැසිකිලියේ දොර කියල ගුවන් යානයේ දොර අරින්න හදපු ප්‍රථම වතාව මේක වෙන්න පුළුවන්.(අ)
ඇමතිතුමාගේ පුතා නිසා සිද්දිය සුළු දෙයක්.වැරදිලා හරි විපක්ෂයේ කගේ හරි පුතෙක් උනා නම් ඉතා බරපතල දෙයක්.මේ නිර්වචන ගැන කියන්න දෙයක් නැහැ,පර්ලිමෙන්ට් ජෝක් කියන්නේ මේවට.(අ)
.ලංකාවේ තආ ලෝකෙන් මෝඩම මිනිස්සු වැඩි පුරම ඉන්න රට. මෝඩ මිනිස්සු ඉහලට යවල දැන් ඉතින් හුල්ලනවා.(අ)
අපි බබාලා (ත)
තාත්තත් සුළු සිද්දියක් නිසා ද හෝටලේකින් වැටුණේ? (ත)
අනේ මගේ කට.....(ත)
ජයවේවා! පුතත් කැත කෙරුවේ අපේ රටේ නම තමා (නි)
සිද්ධිය සුළු වුනාට වරදක් කලානම් දඩුවම් කරන්න ඕනෑ. මොකද ඇමති පුතාට වෙනම නීති රටේ නැහැ නේ. කවුරු කලත් වරද වරදමයි. මෙයාලට සමාව දුන්නොත් අනෙක් අය මීට වැඩිය රටට අවමන් වන වැඩ කරනවා. මොකද මෙයාලා බබාලා නෙමෙයිනේ. හරිනම් ඇමතිතුමා මෙයට දඩුවම් කරන්න ඕනෑ එයාගේ නම කැත කලාට. මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවට වුන දේම තමා ක්‍රීඩාවටත් වෙන්නේ (නි)
දොර ඇරැනත් නොඇරුනත් මෙයාලට මේවා සුළු සිද්ධි තමයි. (නි)
අපිත් ගුවන් යානාවල ගිහින් තියනවා. හැබැයි වැසිකිළියයි, පිටවන දොරයි එකලග තියන ගුවන් යානා අපි දැකලා නැහැ. (නි)
සුළු දෙයක්නම් තමා සිතුවිල්ල නම්. මොකද වැසිකිලියේ දොර කියානේ අරින්න උත්සාහ දැරුවෙ. ඒත් යානයේ දොර විවෘත වුනා නම් ඒත් සුළු දෙයක් තමා වෙන්නේ. එහෙනම් ඉතින් පුතා ජෝබෝන් තමා. (නි)
ඕගොල්ලෝ කරන්නේ රටේ නම කැත කරන එකනේ. ඉතින් බොහොම සුළු දෙයක්. (ත)
මෙජර්ල ගුටි කන .ගුරුවරු දන ගහන .නිලදරින්ව ගස් බදින රටක මේ දෙය සුළු සිද්දියක් .බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත් පත අපේ රටේ ඉහත සිදුවීම් ටික දන්නවනම් .මේ සිදුවීම පළකරන්නේ මේ ආකාරයටය ශි ලංකාවේ කුඩා කොලු ගැටයෙකු කොලු කමට ගුවන් යානයේ දොර විවුර්ත කිරීමට යාමේදී ගුවන් සේවිකාවක් සිනාසී එය වලකන ලදී යානයේ සිටි සියලුම මගීන්ට මේ දරුවාගේ දගකාර කමට හිනා ගියේය .(අ)
මන් මේ නිකමට කියන්නේ. තාත්තා කරපු දේම නොකළොත් කවුද කියලා කතාවක් තියනවා නේද? (ත)
මගේ පුතා කළා නම් මගේ පුතාට ලන්ඩන් ගුවන් තොටුපළෙන් කෙලින්ම යන්න වෙන්නේ පොලිසියට.මේ වගේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආවා නම් මීගමුවේ උසාවියේ තමය් ලගින්න වෙන්නේ. මම නිතර ගුවන් ගමන් යන නිසා මට පේනවා මැද පෙරදිග ඉඳන් අපට විදේශ විනිමය හොයාගන රටට පැමිණෙන රටවැසියන්ට ගුවන් සේවා වල කුඩම්මාගේ සැලකිලි. (නි)
මෙතුමාගේ ක්‍රියා කලාපය,වචන කළ සේවාවල් සියල්ල සලකා බලා ඔබගේ සංවේදී ඡන්දය දෙන්න. හොද පුතෙක්. හොඳයි. සුබ අනාගතයක්. (නි)
ප්‍රභාෂ් හරි (නි)
ලංකාවේ ඇමතිලා මිනිස්සුද නැත්නම් කකුල් හතරේ කට්ටියද???(අ)
මේවට කෙමෙන්ට් දල කාලේ කන්නේ අපරාදේ. (අ)
ඔව් ඉතින් තාත්තට නම් ඕක සුලුදෙයක් තමා (අ)
මේ සිද්දිය ක්‍රිසින්ෆෝ වෙබ් අඩවියේ හොදින් විස්තර කරලා තියනවා.ඇමති පුත්තු නාගන්න එකේ ඉවරයක් නැහැ (නි)
අයියෝ සල්ලි
එයාලා කළත් පුත්තු කළත් ඔක්කොම සුළු වැරදීම් (නි)
ෂා! ලංකාවේ ඇමති කෙනෙකුට උපරිම සුදුසුකම් තියෙනවා මේ පුංචි පුතාට (නි)
බලාගෙන ගිහාම දැන් කාලේ මිනියක් මැරුවත් සුළු දෙයක්. අනේ අපේ රටට ගිය කල. (නි)
දැන් බලනකොට මේක ප්‍රසිද්ධ කරපු මාධ්‍ය තමා ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ. (නි)
මේක සුළුදෙයක් නම් මෙයාලට ගහන්න ඕන හොද විදියකට. (ත)
ක්‍රිකට් ක්‍රීඩාකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හදමු! (නි)
ඇත්ත මේක ඉතා සුළුදෙයක් මීට වඩා සුළුදේවල් අපේ රටේ සිදුවුනා(අ)
පුතාගේ බීමත් කම අඩු කළානම් හොඳයි. (ත)
විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක් වැරදිලා ශ්‍රී ලංකන් ගුවන් යානයක දොර අරින්න හැදුවා නම් ඒකත් සුලු දෙයක්ද? (නි)
ඔබතුමාට ජයවේවා, හැමෝම බනිනවා මම වත් හිත හදන්න (දී)
මේක වැඩි කලක් බලයේ හිටපුහම ඇතිවෙන ලෙඩක්. නුවර ජනතාව තීන්දුවක් ගත යුතුයි... (නි)
ඕවා ඇමතිතුමාට සුළු සිද්ධි, රටේ අපේ මිනිස්සුන්ට ඇමතිවරු කරන දේවල් විදියට (නි)
ටෝයිලට් දොරි හදිසි දොර තෝරාගන්න බැරිනම්....??? අනේ අපේ ක්‍රිකට් වලට ගිය කල (නි)
පාසලේදී සිද්ධියක් වුණාද? (ත)
වැසිකිළී දොරයි, ගුවන් යානයක ප්‍රධාන දොරයි අදුනගන්න බැරි තරම් මෙයා පොඩි එකෙක්ද? (නි)
රජිත් ඉතාලි කියපු දේ තමා හරි ,මොනවා කියන්නද? කියන්න දෙයක් නැහැ (නි)
අල්මාරියට මුත්‍රා කරපු කෙනෙකුත් කිව්වේ ඔය කතාවම තමයි (නි)
ඇමතිතුමෝ, වැරදිලාවත් දොර ඇරුනා නම් සුළු සිද්ධියක්ද? එහෙම වුනා නම් සුළුදිය යන්නවත් කොළුව බේරේවිද? (නි)
අනේ ඇමතිතුමනි, ඔය කතා වැඩක් නැහැ. කරුණාකරලා ලංකාවේ මහජනයාගෙන් සමාව ගන්න. ලජ්ජා වෙන්න ඕනෑ ඔය වගේ දරුවන් හැදුවටත්. දොරවල් තෝර ගන්න බැරිකම නෙමෙයි, විනය පිරිහීම සහ පියාගේ ඇමැතිකමින් ඔලුව උදුමවාගත් එකයි වැරැද්ද (නි)
මෙයාලට හැමදෙයක්ම සුලුදෙයක් (නි)
උපරිමෙන් පස් වෙනි සිල් පදය කඩලා නේද? (නි)
දවසකට ඕවගේ දේවල් කොච්චර වෙනවා ඇද්ද ප්ලානේ වල? මේක මේ ඇමති කෙනෙකුගේ පුතෙක් කළ නිසාද කොහෙද මෙච්චර කියවන්නේ. මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා,ගුවන් සමාගමත් සුළු සිද්ධියක් කියලා කියන එකේ අපේ මිනිස්සුන්ට බැහැනේ මේක අමතක කරන්න (නි)
පුතා පළමුවෙනි පාර වෙන්න ඇති ගුවන් යානයක ගියේ, දොරවල් මාරුවෙන්න. යානයට නගින කොටත් වෙරි වෙලා හිටිය එකත් සුලුදෙයක්. බලාගෙන හොදේ, පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන. (නි)
අර බල සේනාවට බැරිද මෙයාලට මොකවත් කියන්න? (නි)
අපි ඉන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. මෙහෙ රේඩියෝ චැනල් වල පැය 1/2 න් 1/2 ට විස්තරේ කිවුවා. ලංකාවේ අපට හරි ලැජ්ජයි (නි)
මේ සිද්දිය අපේ පුතා කළා නම් කොහොම වෙයිද (දී)
පිටවෙන දොරටුව පැත්තේම වැසිකිලි දොර තියෙන එකම ගුවන් යානය මේක වෙන්න ඇති නේද? හදිසියෙවත් දොර ඇරුනා නම් මුළු ලෝකෙම තෙමෙන්න මුත්‍ර කරන්න තිබුනා. (නි)
රෝහණ ,ඔයා හරි. හුඟක් ඇමති පුතාලට මේ ලෙඩේ තියෙනවා. (නි)
අයියෝ එයට බනින්න එපා. එය ගෙදර පුරුද්දටයි එහෙම ටොයිලට් එකේ දොර හොයලා ඇත්තේ.මොකද එයාලගේ ගෙදර ඇතුල්වෙන දොරයි ටොයිලට් දොරයි එක ලග වෙන්න ඇති තියෙන්නේ (නි)
මෙයාලට හැම දෙයක්ම සුළු සිද්ධී... (නි)
පුතා කළේ යානයේ යන අනෙක් මගීන්වත් අපහසුතාවයට පත් වෙන කාර්යක් (නි)
පුතා පළමුවෙනි පාර වෙන්න ඇති ගුවන් යානයක ගියේ, දොරවල් මාරුවෙන්න. බලාගෙන හොදේ, පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන. (නි)
මොනවා වුනත් ලංකාවේ නම තමා කැත වෙන්නේ...... (නි)
මම හිතන්නේ මෙම සිදුවීම ගුවන් යානයේ පිටවීමේ දොරට වැසිකිලිය හදුනාගැනීමේ සංකේතය අලවා හෝ වෙනත් අයුරකින් මෙම තරුණයා මුලා කොට එමගින් සිය පියාගේ දේශපාලනය සහ පුතාගේ ක්‍රිකට් දිවිය අදුරු කිරීමේ අරමුණ ඇති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි (නි)
මේක ඇමති පුතෙක් නිසා වත් සාමානිය නොවන කෙනෙක් කල නිසාවත් වැඩි වටිනාකමක් දෙනවා නොව... මෙය අපේ සල්ලි වලින් සවාරි ගොස් කළ වැඩක් නිසයි වැඩි ප්‍රචාරයක් යන්නේ. මෙවැනි අය ක්‍රීඩාවට එන්නේ නියවම විදියට නොවෙයිද? (ත)
මෙයා මෙ රටේ ඉපදීම ගැන මම ලජ්ජා වෙනවා (දී)
ඇමති පුතෙක් හින්ද හොදා දුප්පත් කෙනෙක් පොල් ගෙඩියක් ඇහින්දත් උසාවි යන රටක් මේක (ත)
කුමාර් ඔයා කොහිද ඉන්නේ....නිකන් බොරුවට හැම දෙයකටම බලසේනාව ඇදල ගන්න එපා. ඔයාට ලොකු අමාරුවක් තියනවා වගේ සේනාවත් එක්ක. නිකන් මෝඩ දේවල් දන්නා එපා.(ත)
ආණ්ඩු අයගේ මොනවා කළත් සුළු සිද්ධියක් .බලන්න තිබුන කරුමෙකටවත් දොර අරුණ නම් (ත)
මෙයා ගෙදරදී උනත් මුත්‍රා කරන්න යන්නේ එළියේ . ඒ පුරුද්දට තමයි එලියට යන්න හදල තියෙන්නේ (දී)
රත්නසිරි ඔබ කිව්වා වගේ එහෙම උනාද දන්නෙත් නැහැ (දී)
පුතාගේ වරද තාත්තා පිටින් ගිහිල්ලා (දී)
සුළු දෙයක්නේ (දී)
මෙය යුඑන්පි එකෙන් ඇවිල්ල ආණ්ඩුවට, දැන් කියනවා ඒක සුළු දෙයක් ලු. (ත)
තාත්තා ඔස්ට්‍රලියාවේ ගිහින් හෝටලේ කාමරේ දොර ඇරගන්න බැරුව බිමට වැටිලා අපේ රටේ බදු මුදලින් කෝටි ගණන් ගෙව්වා රෝහල් පහසුකම් වලට. පුතා ගුවන් යානයේ වැසිකිලියේ දොර ඇරගන්න බැරුව තවපොඩ්ඩෙන් අහසෙන් බිමට වැටෙනවා. මට පෙන්නේ දොරවල් වලින් අපලයි. අනෙක කෙහෙළියගේ පුතා දොරක් තියෙන වැසිකිලියකට ගිහින් නැහැ වගේ. (දී)
ඔබ තුමා එදා හොටලයන් වැටුනෙත් වැසිකිලිය දොර කියලා වෙන මොක්කක් හරි අරින්න ගිහිල්ලද .ඔබ තුමා එදා බිලද හිටිය? අපි දන්නා තරමට වැසිකිලිය ලග දොරවල් නැත .ලංකාව ඇමති පුත්තු මාර වැඩ කරන්න .පුතාගේ රෙදි සෝදන්න එපා (දී)
ඔබ නියම වීරයෙක් . බය නැතුව පනින්න හදපු හැටි (දී)
අනේ මේ කොලුවට මොකුත් කියන්න එපා. එයා මේ ගුවන් යානය මහනුවර උඩින් පියාඹනවා කියලා හිතාගෙන දොර ඇරලා මම්ම පප්පට ටටා පෙන්වන්න හදලා තියෙනවා...ඉතිං පව්නේ පුංචි එකා !!!! (නි)
මම නම් හිතන්නේ ඇත්තටම මේ සිද්දිය සුළු දෙයක් මොකද මේ වගේ දේවල් ඕනෑම තරම් ප්ලේන් එකේ වෙනවා (දී)
අපිටනේ ලොකු දෙයක් වෙලා තියෙන්නේ (දී)
ගුවන් යානයේ දොර අරින්න උත්සාහ කිරීම ලොකු දෙයක් නොවෙයි තමයි. අපි මේ කතා කරන්නෙක්‍රීඩකයකු ගේ බීමත් කම සඑ ඒවට වග කියන්නෙ කව්ද කියන එකයි.(නදී)
ලංකාවේ සමහරක් ඇමතිලගේ නෝනාලාටයි, දරුවන්ටයි පුදුම මොලේ අමාරුවක් තියෙන්නේ. ජෙනරල් පොන්සේනා වගේ කෙනෙක් ජනාදිපති කරවන්න තිබුනානම් ඔය මොලේ අමාරුව බස්සන්න තිබුනා.(නදී)
වචන නැහැ අදහස් දක්වන්න.(නදී)
ඇමති තුමෝ, සිද්දියේ ප්‍රමාණය කොහොම වෙතත් පුතා හිටියේ අව සිහියෙන් කියලා නම් කාටත් පැහැදිලියි. එනිසා පුතාට සුදුහුණු ගානවට වඩා හොද නැද්ද කාටත් දැනෙන විදියේ දඩුවමක් දීලා මින් ඉදිරියටවත් පියාගේ හා පවුලේ හා රටේ නම්බුව කැත නොවන විදියට විදයට හැසිරෙන්න ඉගැන්නුවොත්.(නදී)
වෙල්කම් ටු ශ්‍රී ලංකා !(නදී)
දොර ඇරියානම් සුළු දේ බලාගන්න තිබුනා. තාත්ති අර මොනවාද ඒක පුතේ සුලු දෙයක්නේ.(නදී)
තාත්ත පනින්න හැදුවේ හෝටලේ බැල්කනියෙන් පුතා පනින්න හැදුව ගුවන් යානයෙන්. හ හා ටිකිරි මොලේ. (දී)
අපි ගුවන් සමාගමට කියමු වැසිකිලිය පයිලට් ඉන්න කැබින් එකේ හදන්න කියලා (නි)
මම වගේ කට්ටියට නම් ඕව සුළු දේවල් ... ඒ උනාට පිටරටවල් වල ඉන්න මිනිස්සුන්ට තමා ඇඳුම් ඇදල පාරේ යන්න බැරි වෙන්නේ ...සුද්දෝ ඕව ගෙන අහනකොට..
මම එහෙම කලාද මට මතක නැහැ. මේවා මගේ චරිත ගාතනයට කියන බොරු කතා. කණ්ඩායමේ ඕනේ කෙනෙක් ගෙන් අහල බලන්න. කවුරුත් ඇත්ත කියන්නේ නැහැ.(නදී)
තාත්තා තට්ටු 3යි පුතා අඩි 35000 (දී)
මට දුක අපි ගැන (දී)
පුතා රට යවන්න කලින් පොඩි පුහුණුවක් දෙන්න තිබුන වැසිකිලි වල දොරවල් ඇරීම පිළිබද...කාට කියන්නද මේවා.(නදී)
ගුවන් යානයක දොරටුව සහ වැසිකිලිය අදුරන්නේ නැති අය කොහොමද ක්‍රිකට් හරියට ගහන්නේ? පොඩි දරුවෙක්ගෙන් ඇහුවත් ගුවන් යානයේ වැසිකිලිය පෙන්නාවි. (නි)
පුතා නිසා තාත්ත මඩ කනවා
තරහා ගන්න එපා ....ඇමතිතුමා ගෙදර රෙදි ටික හෝදන්නත් ඕනනෙ.හැමදාම අනුන්ගෙම රෙදි හෝදන එකේ (දී)
මේ තියෙන්නේ බෝයිං 777 ගුවන්යාන්යක සැලැස්ම. බෝයිං 777 නොගිය අය බොරු කයිවාරු ගහන්න එපා. මෙන්න මේ ප්ලැන් එක බලන්න ඔයාලා හැමෝටම තේරෙයි වෙලා තියෙන අත් වැරැද්ද? බොරුවට නහින්න එපා.(නදී) http://www.aa.com/i18n/aboutUs/ourPlanes/boeing777AtlanticSeating.jsp
ඇමතිවරුන් සහ ඔවුන්ගේ පුතුන් කරන ඕනෙම ජරා වැඩක් ඔවුන්ට සුළු දෙයක්ය. මේවා අද ඊයේ දේවල් නොවේ අවුරුදු ගණනාවකට පෙර තවත් මෙවන් පුතුන් දෙදෙනෛක් සුපිරි හොටල් ක්ලබ් එකක කලබගෑනියක් කර ගත් වෙලේ ඔවුන් කීවෙත් ඔය ටිකමය. අපේ ගස් බැඳ ගන්නා ඇමතිගේ පුතා කරන ඕනෙම වැඩක් සුළු දෙයක් කියා ඔහුගේ අචාර්ය පිය තුමා කියනවා. මේවා අහිංසක දුප්පත් කෙනෙක් කරොත් මාස ගානක් හිරේ තමා.(නදී)
නරක කාලෙට රට ගියාම ඔහොම දේවල් වෙනවා...
හා පුතේ ඔයාට හොඳ ප්‍රසිද්දියක් ලැබුනා. ඉල්ලමු එහෙනම් ඡන්දෙ...ෂුවර් උඩින්ම දිනයි.(නදී)
දඹානේ අපේ ඇත්තන්ගෙන් මේ වගේ වැඩක් නම් සිද්ද වෙන්නේ නැහැ. මේකා පොඩි එකානේ ඕක සුලු දෙයක්.(නදී)
ඔව් සුළු සිද්ධියක්නේ මේක. ප්ලේන් එක කඩන් වැටුනත් , ඒකත් සුළු සිද්ධියක් කියලා කියයි (නි)
කුමාර් කියන පුද්ගලයා බෞද්ධ නොවන අන්‍ය ආගමක මූලධර්මවාදී වෘෂභ රාජයෙක්. ඒක නිසා තමයි හැමදේකටම උම්බෑ කියලා සේනාව හොයන්නේ. (නි)
මේ ඔක්කොම එකතුවෙලා ලංකාව විනාශ කලා මදිවද ක්‍රිකට් කණ්ඩායම ඉවර කරන්න හදන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිදිද? මෙයාට වඩා දක්ෂ කොල්ලෝ ලංකාවේ දාලා ඇයි මෙයාව අරන් ගියේ.(නදී)
දේශපාලකයන්ට නම් මේවා සුළු දේවල් තමයි.(නදී)
මෙයාට ඡන්දෙ දුන්නේ කව්ද? (නි)
ආරේ ගුණ නෑරේ කිවුවලු නේද? (නි)
මෙතන ප්‍රශ්නය අරින්නගියේ මොන දොරදකියනඑක (දී)
යානය වැටුනත් එයා වැරදි නැහැ.ජීවිත කාලයටම ගුවන් ගමන් තහනම් කරන්න ඕනෑ (නි)
පුතාත් තාත්තට දෙවැනි වෙන්න කැමති නැහැ වගේ.. (නි)
අපිට පිස්සු. රටේ වෙන ප්‍රශ්න නැද්ද ?කොල්ලෝ ඔහොම නේද ? ඒ කොල්ලගේ කොලු කාලේ ඕවා කරන්නේ නැතුව කවදා කරන්නද ? (නි)
ලැජ්ජයි ඇමතිතුමනි. ඔයාට සුළු දෙයක් වුනාට දැන් ලෝකෙම දන්නවා ඔයාගේ පුතා ටොයිලට් දොර අදුරන්නේ නැහැ කියලා (නි)
ෂුවර් එකටම පුතා මානසික පිස්සෙක්. ඔය වගේ පිස්සො ඉපදෙන්නෙ. (අ)
අව සිහියෙන් කලත් මෙරට නියෝජනය කර රට සවාරි ගියා නම්, තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙවන් අදබාලයන්ගෙන්. එනමුත් පියා පලි නැත.(නදී)
පුතා කළේ යානයේ යන අනෙක් මගීන්වත් අපහසුතාවයට පත් වෙන කාර්යයක් (නි)
ඇමතිට මේක සුළු සුද්ධියක් වුනාට අපිට නම් ලන්ඩන් වල පාරක බැහැලා යන්න බැහැ. හැම පත්තරේකම ලොකුවට දාලා. කාගේ වුනත් හොද පුතෙක් (නි)
ආ මේ ඇමති කෙනෙක් ගේ පුතෙක්ද එහෙනම් කමක් නැහැ ,
සිද්ධිය නම් සුළු එකක් වෙන්න ඇති. හැබැයි තාත්තේ , පුතාගේ බීමත්කම නම් සුළු එකක් නෙමෙයි. ඔහොම ගියොත් මතට තිත නෙවේ, ජීවිතයටයි තිත තියන්න වෙන්නේ. (නි)
ඕස්ට්‍රෙලියාවේදීත් ලංකාවේ ලොක්කෙකු හෝටලයකදී ඔහොම දෙයක් වෙලා වැටුනා කියලා කතාවක් තියනවා.(නදී)
දැන් අලුත්ම විලාසිතාව මාධ්‍යයට බනින එක. අතඅරින්න එපා. වචනයක් නෑර ලියන්න (නි)
ඇමතිතුමාගේ කතවට මාත් එකඟයි ,මේක ඉතාමත්ම සුළු සිද්ධියක්. ඒ වෙලාවේ යානයේ කාර්ය මණ්ඩලය පුතාට දොර ඇරලා එලියට මුත්‍රා කරන්න දුන්නා නම් මේ කිසිම ප්‍රශ්නයක් අද නැහැ (නි)
ඇමති පුතුන් තාත්තාගේ බලය අරගෙන (දී)
ඔව් ඉතින්. එයාලට සුලුදෙයක්. ඕක තමා ආශ්චර්ය කියන්නේ. හි හි හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ (නි)
කොහොමටත් මැති ඇමතිවරුන්ගේ පුත්තු කරන දේවල් ඉතාම සුළු වැරදිනේ. ඇමැතිතුමාත් ගුවන් යානා වල ගිහින් නැහැ වගේ. වැසිකිලි දොර සහ යානාවේ දොර අතර වෙනස හඳුනාගන්න බැරි පුතෙක් කියලද තාත්තා මේ කියන්නේ? සිහි බුද්ධියෙන් යානාවක යන ඕනෑ කෙනෙකුට මේ වෙනස හඳුනාගන්න පුළුවන්. (නි)
මාධ්‍ය සදාචාරය හදන්න කලින් ඇමතිතුමනි, මේ දේවල් සම්බන්ධ සදාචාරේ හදලා හිටියා නම් හොදා නේද? (නි)
දෙයියෝ සාක්කි
ඇමතිතුමනි, ඔබට තව පුතාලා ඉන්නවද? මම සුබ පතනවා (නි)
අදහස් දාන අය ඇමතිත් එක්ක තියෙන තරහ පුතාගෙන් පිරිමහන්න හදන්නේ. නැතුව මේ සිද්ධියට අදාලව දාන අදහස් නෙමෙයි වැඩි හරියක් තියෙන්නේ. මේක වෙනත් අයෙක් අතින් වුනා නම් මේ අදහස් වැටෙන්නේ නැහැ.මොනවා කරන්නද? ඔහොමවත් හිතේ අමාරු පිට කර ගෙන හීන දකිමු. (නි)
තාත්තත් කැන්ගරු දේශයට ඇවිත් කලේ ඔය වගේම දෙයක්. ඒකෙන් තමයි එයාගේ කකුල කැඩුනේ. ඒකත් සුළු දෙයක් කියල තමයි එයා කිවේ. (දී)
නෑ ඇමතිතුමා ,මේක සුළුදිය පිළිබද සිද්ධියක් (නි)
මොලේ ඇලේ දාල හෝදන්න ඕනි මහත්තයෝ.(අ)
අනේ ඉතින් එයාලට නම් මේ හැම දෙයක්ම සුළු දේවල් තමා. එතකොට බීලා කරන හැම දෙයක්මත් සුළු දේවල් වෙනවද? (නි)
සුළු සිද්ධියක් වෙන්න තිබ්බා, දොර ඇරුනා නම්. එහෙනම් අපේ පරම්පරා ගනනක් යනකන් වන්දි ගෙවන්න වෙයි. ඒ විතරක් නෙමෙයි ආයේ ලංකාවේ කාටවත් යන්නවත් බැරුව යනවා ඔය ගුවන් සේවයේ (නි)
අනේ ගිය පාර අපේ ඡන්දේ දෙන්නම් මේ පාර (අ)
ලකුණු ගත්තෙත් නැහැ ජොලියක් කරලා ආවා. ලංකාවේ නම නරක් කරලා ආපු එකට කණ්ඩායමෙන් වහාම ඉවත් කරන්න. (නි)
ඔව් අසංග, වැඩිකල් නොගොහින් බලසේනාව, ලංකාව මියන්මාරයක් කරාවි, ඇෆ්ගනිස්තානේ තලබාන් කළා වගේ.(නදී)
රට යවන්න කලින් ටොයිලට් එකට යන්න පුරුදු කරන්න එපැයි (නි)
රුස්සියන් ගෑනියෙක්ගේ හෝටලේට ගියෙත් වරදීමකින් වෙන්න ඇති (අ)
ලැජ්ජා නැතිව කියන කතා, ඔස්ට්‍රේලියාවල ගිහින් වැටුනෙත් සුළු දියක් නිසාද? කොහෙද පුතාගේ වැරැද්ද පිළිගන්නේ, ඊට කලින් අනිත් කෙනත් වලේ වැටුනනේ. (අ)
දීර්ග ගුවන් ගමන් වල නිදිමත සහ විවිධ හේතු මත මෙවන් සිද්ධි සුලබව සිදු වනවා. මෙයාලත් එක්ක හිටිය කෙනෙක් වෙන්න ඇති මෙය සිදුවුන කෙනා ගැන ඩේලි මේල් එකට ටෙක්ස්ට් කරලා තියෙන්නේ අහවලාගේ පුතා කියලා. මෙම සාමාන්‍ය සිද්ධිය 'පුවතක්' වුනේ ඒ විදියට වෙන්න ඇති. (නි)
. මජ්ජපමා දත්ටනා වේරමණී සික්කාපදං කිවලු (අ)
පුතාගේ බීමත්කම ටිකක් අඩු කලා නම් හොදයි නේද? (නි)
මේ ළමයා කසාද බැන්ඳ දවසට තමයි මාර ප්‍රශ්නය වෙන්නේ! (නි)
ඔබේ මවට ඕක සුළු දෙයක් කියලා තාත්තා කීවලු.(නදී)
අසංග, කුමාර් කියන්නේ සිංහල කෙනෙක් නොවෙයි. එම නිසා ඔබ කලබල වෙන්න එපා (නි)
පුතා පළමුවෙනි පාර වෙන්න ඇති ගුවන් යානයක ගියේ, දොරවල් මාරුවෙන්න. බලාගෙන හොදේ, පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන. (නි)
මත්පැන් බීපු අය ගුවන්යානාවල ගෙනියන එක තහනම් කරන්න ඕනෑ. මේ වගේ අය අනික් මගීන්ගේ ආරක්ෂාවට තර්ජනයක්. මේ ගොල්ලන්ටත් මත්පැන් බීපු රියදුරන්ට වගේ සලකන්න ඕනෑ. (නි)
ලක්ෂ ගණනක් කිසිත් නොදන්නා අපේ ගෘහසේවිකාවන් ලස්සනට ගුවනේ ගිහිල්ල එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ දොරවල්ගැන. මෙයා කරපු වැඩේ නිසා නියම රබුක්වැල්ලලත් සොවුත්තු වෙනවා.(අ)
"පුතා රෑට නිදා ගත්තම අල්මාරියේ දොර ඇරලා මුත්‍රා කරයි වැසිකිලිය කියලා හිතාගෙන." අල්මාරියට කලත් කමක් නැත තාත්තා බත් කන තැනට කලොත් තමයි වැඩේ. එහෙමට බැරි පුතෙක් නොවෙයි මෙයා. (නදී)
ඕවා ගණන් ගන්න එපා මෙයාට දඬුවම් කලොත් අර අහිංසක මර්වින් සිල්වටටත් දඬුවම් කරන්න වෙනවා (අ)
අපිත් ගුවන් යානාවල ගිහින් තියනවා. හැබැයි වැසිකිළියයි, පිටවන දොරයි එකලග තියන ගුවන් යානා අපි දැකලා නැහැ(අ)
"මත්පැන් බීපු අය ගුවන්යානාවල ගෙනියන එක තහනම් කරන්න ඕනෑ" ඒඋනාට මත්පැන් ගුවන් යානාවල දෙනවනේ. නිකන් නොවෙයි බයිට් සමග (අ)
'අනේ මගේ කට....."(අ)
බැරි වෙලාවත් මෙයා මුස්ලිම් උනානම් මල කෙලියෛ. බී.බී.සී, සී.එන.එන්.ඇතුළු ලෝකේ ප්‍රවෘර්ති ආයතන වලට මේක හොදපුවතක් (අ)
කුමාර් බලසේනාව කරන්නේ ආණ්ඩුවට කඩේයන එක නිසා මේවට මොකුත් කරන්න එයාලට මේවා පෙන්නේ නෑ(අ)
පුතාට ඉන්ගිරිස් ටිකක් උගන්නන්න ඇමතිතුමෝ, අඩු තරමේ ටොයිලට් කියන වචනයෙවත් කියවන්න. මොකද මීට පස්සෙවත් කියවලා බලලා යන්න, මොකද සමහර අය පිහිනුම් තටාක වලට එහෙමත් යනවනේ වැරදිලා. (නි)
පොඩි තැන පස්වන ශික්ෂා පදය කඩන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් ජීවිත 229 කටම වගකියනවා......ජයවේවා නුවර ජනතාවට ජයවේවා! මේවගේ වැදගත් පවුලක් ජනතාවට සේවය කරන්න ඡන්දය දී පත්කළාට ශ්‍රී ලංකාවාසී අප සැම නුවර ජනතාවට සදා ණයගැතියි (නි)
ලෝකෙට සුලුදෙයක් ලංකාවට ලොකු දෙයක්
ඕනෑම තාත්ත කෙනෙක් ඔහොම තමයි
අපිට ලොකු දෙයක් තමයි
පව්. ක්‍රීඩකයා හොදටම වතුර බීලා ඉදලා තියෙන්නේ. (නි)
අර ගුරුවරිය දන ගැස්සුවට දඩුවන් කරපුනිසා අනුරාධපුරේ එක්කෙනා සමාව ගත්ත.මේකටත් දඩුවන් කරොත් විතරක් ආයේ මේවගේ දේවල් නොවෙයි . (අ)
වැසිකිලි ලග දොරක් තියන ගුවන් යානා තිබෙනවා.අනේ ඕක ඔය තරුණ කොල්ලෙක් ගේ වැරදීමක්.අපි එයාට සමාවක් දෙමු.අපි අපේ අතීතයත් දිහා බලමු.අපිත් ඔය හා සමාන වැරදිම කොචචර කරලා ඇද්ද..(අ)
ඒක නිසා වෙන්න ඇති වත්තට වැටුනු බෝලය ගන්න ආ තමන් උගත් පාසැලේම දරුවකුගේ ඇගිලි කපලා අමානුෂිකව පහරදුන්නේ. යමක් කියන්ට පෙර හොදට බලන්න තමුන් ඇදුම් ඇදලද කියලා.(නදී)