IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පුතත් එක්ක ළඟදීම වේදිකාවට...

2016-11-06-ent-14

සුවහසක් ලෝකවාසී ශ්‍රී ලාංකික හදවත් සිනා සයුරක ගිල් වූ සිංහල වේදිකාව දික් විජය කළ සහෘද කලාවේදියා විජය නන්දසිරි මහතා ජීවන රඟමඩලෙන් නික්ම ගොස් තෙමසක් ගත වී හමාරයි. නොසිතූ මොහොතක ඔහු අපෙන් වෙන්ව ගියත් පේ‍්‍රක්ෂක හදවත් තුළ ඔහු සැමදාමත් සදා අමරණීය රංගවේදියාමය.

ඉතින් ඔහු නික්ම ගොස් තෙමසක් ගෙවී යන මොහොතේ ඔහුගේ දයාබර බිරිඳ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි අමතා ඇගේ සුවදුක් විමසන්නට සඳැල්ල අප අමතක කළේ නැහැ.

 

විජය වෙනුවෙන් තෙමස් පූර්ණ පිංකමට සූදානම්ද?

2016-11-06-ent-16නොවැම්බර් මාසේ 7 වැනිදා සවස 7.00 දොඩම්පහළ රාහුල හාමුදුරුවෝ අපේ නිවසේ ධර්ම දේශනාවකට වැඩම කරවනවා. එදිනට පසුදින 8 වැනිදා ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් නිවසට වැඩම කරවලා දානය පිරිනමනවා. ඒ විදියට තමයි විජය වෙනුවෙන් නිවසේ පිංකමට සූදානම් වෙන්නේ.

 

විජය නන්දසිරි කියන කලාකරුවාගේ අඩුව ඔහු නැති වේදිකාවේ පාළුව ලෝකවාසි සැමටම දැනුණා. ඔහුගේ ප‍්‍රිය බිරිඳ විදියට ඒ දැනෙන අඩුව ගැන අමුතුවෙන් අහන්නේ නැහැ. ඒත් ඔහු නැති ජීවිතේ ගෙවෙන්නේ මොන විදිහටද?

සුපුරුදු විදිහට ගෙවී යනවා. මට දැනෙන්නේ එයා තවමත් ජීවත් වෙලා ඉන්නවා කියලා. මට නිතරම හිතෙන්නේ විජය තවම ෂූටිං ගිහින් ගෙදර ආවේ නැහැ කියලා. විජය දැන් එයි. දැන් එයි කියලා මඟ බලා ඉන්නවා වගේ හැඟීමක් තවමත් දැනෙනවා. දැනෙන පාළුව මට වචනයෙන් කියලා නිම කරන්න බැහැ. එයා ඉන්න ලෝකෙක හොඳින් ඉන්න කියලා හැමදාම උදේ සවස මම ප‍්‍රාර්ථනා කරනවා. මතක් වෙන හැම වාරෙක ඇස් වලට කඳුළු එනවා. ඒත් මම ඇස්වල කඳුළු පුරවගෙන අඬන්නේ නැහැ. මම ඇඬුවොත් ඒක මම විජයට කරන ලොකු අසාධාරණයක්. මොකද එයා ජීවත්ව සිටි කාලයේ පවුලේ යහපත වෙනුවෙන් හැම තත්පරයක්ම මහන්සි වුණ ස්වාමිපුරුෂයෙක්.

විජය හැමදාම උපයන මුදලින් 1/4 වෙන් කළේ පිනට දහමට, මිනිසුන්ට විතරක් නෙමෙයි. සතුන්ටත් අතිශය ආදරය කළා. උපයන මුදලින් විජය සතුන්ට වෙනම මුදලක් වෙන් කළා. එයා ජීවත්ව සිටි කාලයේ කරපු පිං කන්දරාවම ඔහු වෙනුවෙන් මම අද කරනවා. එයා දාඩිය මහන්සියෙන් උගුර ලේ රහ වෙනකම් කෑ ගහලා ? තිස්සේ නිදි මරලා ඇෙඟ් අමාරුකම් තියෙද්දී, වෙහෙසිලා හම්බ කරපු සල්ලි කවදාවත් අට්ටි ගැහුව්වෙ නෑ. පුදුම විදියට පිනට දහමට දුන්නා.

විජය කරපු ලොකුම පිං කන්දරාව තමයි මුළු ලෝකයක්ම සතුටු කළා. මුළු ලෝකයක්ම අඬවලා විජය ගියාට. මගේ ලෝකේ මගේ ගෙදර විජය තවමත් ජීවමානයි. අපි කවදාහරි මැරෙනවා. ඒක ලෝක ධර්මතාවය කියලා මම දන්නවා. ඒත් මේතරම් ඉක්මණට විජය අපිව දාලා යයි කියලා හිතුවේ නැහැ. නිතරම උත්සාහ කරනවා එයාගේ සතුට වෙනුවෙන් අපි අඬන්නෙත් නැතුව සතුටින් ඉන්න. හැමදාම මම එයා වෙනුවෙන් දාන පාරමිතාව පුරනවා. පින් අනුමෝදන් කරනවා. විජය කොහේ හරි සක්විති රජෙක් වෙලා අපි දිහා බලාගෙන ඇති කියලා හිතෙනවා.

 

විජයගේ මරණයෙන් පස්සේ තවම දුව විදේශ ගත වුණේ නැද්ද?

නැහැ. මගේ දුව මං වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. විජය නැති වුණ දවසේ ඉඳලම මගේ පුතා, දුව, මගේ තාත්තා නෑදෑ හිතවතුන් මට තනිකමක් දැනෙන්න දුන්නේ නැහැ. ඒත් හැමදාම එයාලට මගේ ළඟ ඉන්න බැහැනේ. ඒත් මගේ දුව එයාගේ ස්වාමියාව පමණක් රට යවලා එයාලගේ සතුට ගැන හිතන්නේ නැතුව මගේ සතුට වෙනුවෙන් ලංකාවේ නතර වුණා. තාත්තා නැති වුණා කියලා අම්මව තනි කළේ නැහැ. ඇත්තටම මම මගේ දුවට ණය ගැතියි.

 

ජීවිතේ තනිකම දැනෙනවා වැඩි නිසා ටික කාලයකට හෝ දුව සමග විදේශ ගත වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

දුව නවංජනා ඕස්ටේ‍්‍රලියාවට යන්න මට කථා කරනවා. ඒත් මම කැමති නැහැ. මට හිතනවා විජේ වෙනුවෙන් මම ලංකාවේ කලාවට යම් සේවයක් කළ යුතුයි කියලා.

සමහර විට ටික දවසකට දුව ළඟට මම යාවි. ඒත් මගේ මිනිපිරියි, දුවයි පුතයි මගේ ළඟ ඉන්න නිසා මට දැනෙන පාළුව දුක අඩු වෙනවා. මගේ කාලය ගොඩක් වැය වෙන්නේ මගේ මිනිපිරිගේ වැඩ කටයුතුවලට මිනිපිරිගේ හුරතල් හිනාව දකින කොට හිතේ දුක තුනී වෙලා යනවා. ඒත් ඒ වෙලාවට විජය හිටියනම් කොච්චර සතුටු වෙනවද කියලා මතක් වෙනකොට ඇස් දෙකට ඉබේටම කඳුළු එනවා.

 

විජය නන්දසිරි මහත්මා නැති වුණාට පස්සේ ඔහුගේ ඉල්ලීමකට ඇස් දෙකම දන් දුන්නා. ඇස් බද්ධ කරපු අය කථා කළාද?

එතුමාගේ ඇස් දන් දුන්නු අය මට තවම මුණ ගැහුණෙු නැහැ. ඒත් ආරංචි වුණා විජයගේ එක ඇහැක් බද්ද කරපු එක ගෑණු දරුවෙක් ලෝකය දකිනවා කියලා. අනෙක් කෙනා මට තවම සොයා ගන්න බැරි වුණා. එයාවත් තව නොබෝ දිනකින් සොයා ගන්න උත්සාහ කරනවා.

 

විජය මහත්මයා ජීවත්ව සිටි කාලයේ කවදාවත් ඔබත් එක්ක මරණය ගැන කතා කරලා නැද්ද?

විජයගේ අම්මා තාත්තා අවුරුදු අසූ ගණන් ජීවත් වුණා. මම හිතුවා විජයත් පරම ආයුෂ විඳිවි කියලා. හදිසියේවත් එක් කෙනකුට කරදයක් වුණොත් අනෙක් කෙනා මොකද කරන්නේ කියලා කවදාවත් හිතිලා තිබුණේ නැහැ. ඇත්තටම අපි දෙන්නා ඒ මාතෘකාව කවදාවත් කතා කරලා නැහැ.

 

එතුමා ජීවිතේ අවසන් කාලයේ රූපවාහිනී වැඩ සටහනක ඔබ වෙනුවෙන් ගීතයක් ගැයුවා. එය පේ‍්‍රක්ෂකයන්ට අතිශය සංවේදී වුණා. එය ඔබට දැනුණේ කොහොමද?

මගේ පුතා විජයගේ අවසන් කටයුතු දවසෙත් ඒ ගීතයේ කොටසක් ගායනා කළා. ඒතරම් ඒ ගීතය මට වේදනා බර ගීතයක් වුණා. එදා රූපවාහිනී වැඩ සටහනේදී විජය මගේ අතින් අල්ලා ගෙන පිටට තට්ටු කර කර ගායනා කරන කොට වෙනදා නොදැනුනු රසයක් මිහිරක් හැඟීම්බර බවක් මට දැනුණා. එදා කවදාවත් නැතුව මට දැනුනා. ඒ වෙලාවේ මම ඇඬුවේ නැහැ. මට ඉබේටම ඇඬුණා.

 

කොහොම වුණත් විජය නන්දසිරි මහත්මයා අවසන් කාලයේ ගත කළේ අවිවේකි කාලයක් නේද?

විජය කොහොමත් අවිවේකී චරිතයක්. විජය නැති වෙන කොට එයාගේ දින පොතේ ලබන වසර වන තෙක් භාර ගත්ත නාට්‍ය තිබුණා. විජය හැමදාම ඔහුගේ ඒ අවිවේකී බවට ආදරය කළා. ගෙදරට වෙලා උඩ බලාගෙන ඉන්නවාට වඩා විජයට ඕන වුණේ නිතරම වැඩ කරන්න. විජය කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කෙනෙක්. වේදිකාවේ නටද්දි මහන්සි ගතියක් දැනුණ නිසා විජය දිගටම ප‍්‍රතිකාර ලබා ගත්තා. ඒත් එයා මොන අසනීප තත්ත්ව තිබුණත් වේදිකාවට රඟපෑමට ගොඩක් ආදරය කළා වගේම ජීවිතයම කැප කළා.

 

ඔහුගේ අවසන් හුස්ම යද්දීත් ඔබ ඔහු ළඟ නේද හිටියේ?

ඔව්. අවසාන මොහොතේ දේවිකා කියලා මට කථා කළා. අදටත් ඒ අවසන් වතාවට කතා කරපු වචන ටික දෝංකාර දෙනවා. තත්පර ගාණක් මගේ මූණ දිහා බලාගෙන ඉඳලා ඇස් දෙක පියා ගත්තා.

 

හැම මාසෙම අට වැනිදා දවස ඔබේ ජීවිතේ ගෙවී යන්නේ කොහොමද?

හැම මාසෙකම අට වැනිදා විජේ වෙනුවෙන් පන්සලට දානේ පිළියෙළ කරනවා. පුළුවන් විදියට පිං දහම් කරනවා. පසුගිය මාසේ ඔහු වෙනුවෙන් ලේ දන්දීමේ පිං කමක් කළා. කවි බණක් තියලා බෝධි පූජා තිබ්බා. පිංකම් රාශියක් කළා. මේ මාසේ 14 වැනිදාත් වික්ටෝරියා ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් දානමය කටයුත්තක් සහ සංගීත ප‍්‍රසංගයක් ලෑස්ති කරලා තියෙනවා.

 

රසිකයන් වෙනුවෙන් ඔබ මොකද කරන්න හිතාගෙන ඉන්නේ.

එයා වෙනුවෙන් මම අලූත් නාට්‍ය නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ දවස් වල විජය නන්දසිරි නාට්‍ය නිර්මාණ හතරක් කරනවා. පබාවතී, වෘෂභරාජ, ශ්‍රී ගජබා, හාරත රැුජින මුලින්ම විජයගේ නමින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කුස පබාපතී ෙවිදිකා නාට්‍යය. විජය ජීවත් වෙලා සිටි කාලයේ රඟපාපු ජයම්පති කුමාරයාගේ චරිතය විජය නන්දසිරිගේ එකම පුතා රසාංජන සුමිත‍්‍ර නන්දසිරි රඟපානවා. එයත් එක්ක පබාවතීට මම රංගනයෙන් දායක වෙනවා. රොජර් සෙනෙවිරත්න. තිලක් කුමාර රත්නායක ප‍්‍රධාන චරිත රඟපානවා. පිටරටවල, අපේ ඉන්න නාට්‍ය සංවිධායකවරුන්ට ආරාධනා කරනවා. විජේගේ නාට්‍යය පෙන්වන්න කැමති නම් මාව අමතන්න. ඒක විජේට කරන ලොකු ගෞරවයක්.

 

ඒ කියන්නේ ඉදිරියේදී අම්මයි පුතයි දෙන්නම එකම වේදිකාවේ දකින්න ලැබේවි?

ඔව්. විජයගේ චරිත වලට මම පුතාව යොදා ගෙන කරන්න තමයි ඉන්නේ. විජේ වගේ දැවැන්තයෙක් මට වේදිකාවේ නිර්මාණ කරන්න බැහැ. පුතාව යොදාගෙන විජේගේ නාට්‍ය ලෝකේ පුරා පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

නදීශා අතුකෝරළ / ඡායාරූප සඳුන් ගමගේ

 

2016-11-06-ent-15
2016-11-06-ent-13
2016-11-06-ent-12



අදහස් (0)

පුතත් එක්ක ළඟදීම වේදිකාවට...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 12 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1354 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2518 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1240 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 409 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1774 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39798 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25854 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site