අද පස් වැනි දිනටත් හෙදියන්ගේ වර්ජනය පවතිද්දී වාට්ටුවල හෙදියෝ දක්නට ලැබුණේම නැත.
දොස්තරවරු ට්‍රොලි තල්ලු කළහ,සේලයින් හා බෙහෙත් ද දුන්හ.
අද පස් වැනි දිනටත් හෙදියන්ගේ වර්ජනය පවතිද්දී වාට්ටුවල හෙදියෝ දක්නට ලැබුණේම නැත.
දොස්තරවරු ට්‍රොලි තල්ලු කළහ,සේලයින් හා බෙහෙත් ද දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා මහත්තයෝ,මම දන්නා තරමින් දොස්තරල වෛද්‍ය විද්‍යාලයේ ඉගනගන්නේ අවුරුදු 5, එතකොට පඩිය 40000 ,හෙදියෝ අවුරුදු 3ක් ඉගනගෙන පඩිය 15620,අටෙන්ඩන්ට් මස 6 ක් ට්‍රෛනින්ග් වෙලා පඩිය 15400, සාදාරන කොතනද කියල හොයල බලන්න.හැමවෙලාවෙම වාට්ටුවට වෙලා රෝගීන් ගැන හොයල බලන්නේ කව්ද මේ පිරිස අතරින් හොදට හිතල බලන්න. (දී)
වෛද්‍යවරුන්ගේ සේවය අගය කරමි. (ස)
නියමයි අපේ පැත්තෙ දොස්තරවරු. (ස)
ඔව් ජයසිංහ, ඔබ නිවැරදි. මමත් කියන්නේ වර්ජනය කරන එක නිවැරදි කියන එක නෙමයි. ඇත්තෙන්ම මෙතන වර්ජනයක් කරන්න හේතුවක් නැ, හෙදියන් ඉල්ලුවේ වැටුප වැඩි කරන්න කියල නෙමෙයි. ඔවුන් ඉල්ලුවේ තමන්ගේ පුහුණුව වැඩි කරන්න කියල. ඒ පුහුණුව අරගෙන පුද්ගලිකව වැඩ කරන්න නෙමෙයි. පුහුණුව වැඩි කරන්නත් නෙමෙයි, තියෙන එක ඉවත් කරන්න එපා කියලා. වෛද්‍යවරු ආත්මාර්ථකාමී කමට එයට විරුද්ධ වුණේ.ඔවුන්ගේ ආධිපත්‍ය රෝහල් වල පතුරවන්නයි ඕන. (ස)
ජගත්, ලෝකේ කොයි රටේ මොන රැකියාව කළත් කරන්නේ සේවයක් තමා, නමුත් කෙනෙක්ගේ ජීවිතේ අන්තිමම අසරණ වෙන අවස්ථාවක් තමා රෝගී වෙන එක. ඒ අසරණ රෝගීන් ඇපයට අරගෙන රෝගියෙක් මැරුණම වර්ජනයේ සාර්ථකත්වය මනින එක ද සේවය. මේ වර්ජන කරන අය පඩි ගන්නේ, පුහුණු වෙන්නේ, පිටරටවල් වල යන්නේ මේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් නෙවේද?? එහෙනම් සේවය කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට නේද?? මේ මිනිස්සුන්ට ලෙඩක් හැදුනම වෙන යන්න තැනක් නෑ රජයේ රෝහල් හැරෙන්න. මේ මිනිස්සුන්ට පිටරටවල ගිහින් ප්‍රතිකාර ගන්න බෑ, පෞද්ගලික රෝහල්වලට ගිහින් ලක්ෂ ගණන් ගෙවන්න සල්ලින් නෑ, ගොවිතැන් කරලා හේන් වගාකරලා කුලී වැඩ කරලා ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු මේ අය. වෘත්තීය ගැටළු කාටත් තියෙනවා. ජගත් මෙතන තියෙන්නේ සල්ලි සහ මනුස්සකම අතර ප්‍රශ්නයක්. (ස)
ජයසිංහ,ඔව්, ඔබ හරි. අතිකාල ගෙවනවා. නොගෙන ඉන්නෙත් නැහැ. ඔබ කියන විදිහට රණවිරුවෝ යුද්ධයට ගියෙත් පඩි ගන්න නේද? එහෙම කියන්න එපා. ඒ මිනිස්සු වැටුපක් ගත්තට අතිකාල ගත්තට කරන්නේ ලොකු සේවයක්. හැමෝම නැති වුණත් බහුතරයක් අය තමුන් ගන්න වැටුපට උපරිම සේවයක් කරනවා. හෙදියන් විතරක් නෙමෙයි වෛද්‍යවරුත් අනිකුත් අයත් එහෙමයි. (නි)
ජගත්, ඔයාගේ බිරිය හෙදියක්ද? එයා ගෙදර එන්නේ නැතුව රෝහලට වෙලා වැඩ කරනවා ඇති නේද? අපරාදේ අතිකාලත් නැතුව මොනවට මෙතරම් වැඩ කරනවද දන්නේ නැහැ. මොනතරම් සේවයක්ද අහිංසක රෝගීන් වෙනුවෙන් කරන්නේ? (නි)
කොහොමත් මේ දෙගොල්ලම වර්ජනයටම උපන් අයනේ. වෛද්‍යවරු වර්ජනය කරනකොට රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. මේ රටේ එපා කරපු සේවාවන් දෙක වන්නේ සෞඛ්‍ය සහ දුම්රිය සේවවායි.(නදී)
බණ්ඩාර, රෝහලකට ගිය වෙලාවක හොඳට බලන්න හෙදියන් වැඩ කරන්නේ පැය 4ක්ද කියලා. කාන්තාවන් වැඩ කරන වෙන කිසිම රැකියාවක මම හිතන්නෙ නැහැ ඒ තරම් වැඩ තියෙනවා කියලා. (නි)
නිමන්ත මෙතන කුහක වෙලා තියෙන්නේ වෛද්‍යවරු නේද? තමුන්ට අඩුයි කියල අනිත් අයට ලැබෙන එක නවත්තන්න නෙමයි නේද ඕනේ.(නදී)
නිමන්ත , ඔයා හරි වෛද්‍යවරුනට 30000 ට වැඩ වැඩි වෙන්න ඕනේ තමයි. ඒත් ඇයි හෙදියන්ට තව දෙයක් ඉගෙන ගන්නවට අකමැති. ඔව් හෙදියන්ගේ වැටුප ටිකක් වැඩිවෙයි ඒකෙන්. එක වෛද්‍යවරුනට ගැටළුවක් වෙන්නේ කොහොමද? (නදී)
මෙහෙම ගියොත් මහජනතාව මේ අය ගැන ගැන තිරණයක් ගන්න දවස වැඩි ඇතක නොවේ. (ස)
නිදහස් අධ්‍යාපනය ලංකාවේ හැමෝම ලබනව. ඒකෙන් නියම ප්‍රෙයා්ජනය අරගෙන තියෙන්නේ වෛද්‍යවරු. අනිත් අයට නේ කරල නාස්ති කරපු මුදල ඔවුන් ගෙවනව ද ? විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිදහස් නෑ, පොත් උපකරණ නවාතැන් මේ හැම දෙයක් ම අධික වියදම්. සීමාවසික ඩොක්ටර්ස් ලා පැය 24 අවුරුද්දක් පුරාවට නිවාඩු නැතිව කරන සේවාව ( වහල් මෙහෙයක් වගෙ ) කරන කොට ඔවුන් මේ රටේ කාටවත් ණය නැහැ. අනික පුද්ගලික සේවාව කරන්නේ ඉතා සුලු පිරිසක්. කුහක වෙන්න එපා. (ස)
භක්ති- වෛද්‍යවරු මේ වගේ මෝඩ වැඩ වලට වර්ජනය කරන්නේ නෑ. වෛද්‍ය වැඩ වර්ජනයකදී කවදාවත් වාට්ටුවල වැඩ නතර කරන්නේ නැහැ. බාහිර රෝගි ප්‍රතිකාර හා සායනික කටයුතු නවත්වනවා පමණයි. අනෙක ඔය කියන තරම් වෛද්‍යවරු වැඩ වර්ජනය කරලා නැහැ. පරිපූරක වෘත්තිකයන් වැඩ වර්ජනය කරනකොටත් කියන්නේ පරිපූරක වෛද්‍යවරු කියලා. එතකොටත් මිනිස්සු හිතනවා වෛද්‍යවරු වැඩ වර්ජනයේ කියලා. සුනෙත්- ලන්කාවෙ ඉතාම තරගකාරි ඒ ලෙවල් ඉහළින්ම සමත්වලො අවුරුදු හයක් කැම්පස් ඉදලා රස්සාවක් ලැබෙනකම් තවත් අවුරුද්දක් ඉදලා තව අවුරුද්දක් පැය 24ම වැඩ කරලා ඊටත් පස්සේ ඒ කියන්නේ ඒ ලෙවල් වලින් අවුරුදු අටකට පස්සේ 30,0000 ක පඉඩියක් ඇතිද ? එහෙම කැප කිරිමක් කරල මෙ රටේ වැඩ කරනවට ඩොක්ටර්ස්ලට මොනවද ලැබෙන්නෙ??? අපහාස විතරද ? (ස)
ඔය දොස්තරලයි නර්ස්ලයි දෙගොල්ලොම එකයි.ජනාධිපතිතුමාට බැරිද මේ වැඩ වර්ජන නතර කරවන්න ,කරන අයව අයින් කරලා දාන්න.එහෙම කරනවා නම් එ්ක රටට ලොකු සේවයක් වෙයි.පඩිය ගැන කතා කරන දොස්තරලා වෙන දීමනා කොතරම් බුක්ති විදිනවද?අතීකාල දීමනා කොතරම් ගන්නවද? කැම්පස් වල නිකන් නේ ඉගෙන ගත්තේ ඉතින් රටට සේවය කරන්න බැරිද? දොස්තරලා ඕන තරම් හම්බ කරගන්නවනේ ඉතින් ඒ ඇතිනේ පරම්පරා ගානකට.එනිසා ඔය වැඩ වර්ජන වලට රජය මුකුත් නොදී ඉන්න ඕන.ජනධිපතිතුමට තියෙන්නේ යුද්දේ දිනුව වගේ ත්‍රිවිධ හමුදාව වැඩ වර්ජන කරන තැන් වලට දාන්න.එත කොට නිකන්ම වැඩට ඒවි. එන්නැති අයත්. (ස)
දැන් බාගෙට වැඩ නැතිව ඇති එහෙමනම්, ඔය හෙදියෝ පැය 6 වැඩට ආවම පැය 4 ක්ම නිකන් ඉන්නේ (දී)
ඔය සිද්ධිය පසුපස ඉන්නෙත් ඒ පාර්ශවය නේද? තව දීමනාවක් ගන්න පොටක් පාද ගන්නද දන්නෙ නැහැ. (ස)
පෙරේරා දොස්තරලා අවුරුදු 5 ක් පුරුදු වෙලා 30000-40000 ක් ගන්නවා ,එතකොට ඕ.ටී ,දුරකථන දීමනා , අනතුරු දීමනා ,තව එකී මෙකි දීමන ආපුවම ගැන කීයද?, (දී)
වෙනදාට වඩා හොඳට වාට්ටු වල වැඩ ටික සිද්ධ වුණා (නි)
වැඩේ නම් බොහොම අගය කරනවා. ඒත් ඔයාලා වර්ජනය කරද්දී ඒ වැඩේ කරන්න වෙන කවුරුත්ම නැහැනේ (නි)
සියළුම රජයේ සේවකයින් හට වැඩ වර්ජන තහනම් කළ යුතුයි. (නි)
අපෝ මෙයාලගේ කරුණාව මිනිස්සුන්ට තිබෙන? මෙයාලා වර්ජන කරනකොට බලන්න ඕනෑ... (නි)
දොස්තරවරු යනු සැබවින්ම දෙවියන්ය. (නි)
පුත්තලම පමණක් නොව රාගම ඇතුළු රෝහල් ගණනාවක මෙලෙස වෛද්‍යවරු සේවයේ යෙදී සිටි බව දැනගන්නට ලැබුණා. වෛද්‍යවරුනි, ඔබට ස්තූතියි! (නි)
නිශාන්ත, නොදන්නා දේවල් ගැන කියවන්නේ නැතුව ඉන්න. (නි)
රජයේ හැමෝම පඩිගන්නේ ජනතාවගේ බදු වලින් තමයි.කාර්යාල වල කී දාහක් වැඩ නොකර පඩි ගන්නවද? (නි)
හෙදියන්ට ඕනෑ නමට වින්නඹු තනතුරත් තමුන්ගේ වැඩ ලැයිස්තුවට දාලා තවත් පඩි වැඩිකරගන්න. අවුරුදු 6 ක් පුහුණු වෙලා දොස්තර කෙනෙකුට ගෙවන වැටුප රු 30,000 - 40,000 බව දන්නවද? (නි)
වෙදැදුරු... දෙවිවරු! නමස්කාර වේවා ! ඔබ සැමටම!!.(දිල්)
හෙදියන්ට ගෙවන වැටුප කරන්නේ අහිංසක මහජනතාවගේ බදු මුදලින්. නව නීතියක් ගෙන ආ යුතුයි. අධ්‍යාපන සහ සියලුම රෝහල් සේවාව, පොලිසිය, යුද්ධ හමුදාව වගේ ඉල්ලීම් වලින් තොරව වැඩ කළ යුතු බවට. එදාට සමිති සංගම් අවශ්‍යත් නැහැ.වැඩ වෙරුම් වෙන්නෙත්, අහිංසක ලෙඩ්ඩු මැරෙන්නෙත් නැහැ. ඒ ටික කරන්න බැරි නම් සේරම පුද්ගලික ආයතන වලට දුන්නනම් හරි. (ස)
උදාර මිනිසුන්ට අපගේ ගොරවය. (ස)
දෙගොල්ලොම ඉතින්, වැඩ වර්ජන වලට දක්ෂ අයනේ.පංගු පේරුව බලන් නැතුව එකිනෙකාට උදව් කර ගත්තට නරකක් වෙනවයි? (දී)