IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ මෙහෙයුමෙන් අලි 60 විල්පත්තුවට

පුත්තලමේ ගම් දනව් රැසකට අලාභ හානි කළ වල් අලින් තබ්බෝව හරහා විල්පත්තුවට එලවීමේ මෙහෙයුමේ සිව්වන දිනයට අද (20) වනවිට අඩුම ගණනේ අලි 60 දෙනකු පමණ විල්පත්තුවට පන්නා දැමූ බව වනජිවි නිලධරයෝ කියති. දින 20 මේ මෙහෙයුමට සිවිල් ආරක්ෂක බලකාය, යුද හමුදාව, වනජිවි නිලධරයන්ට සහාය වෙති.  එහෙත් ගැමියන්ගේ සහාය ඉතා අල්ප බව වනජිවි නිලධරයෝ පවසති.  අලින් විල්පත්තුවට යවා අලිවැට අළුත්වැඩියා කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.



අදහස් (0)

පුත්තලමේ මෙහෙයුමෙන් අලි 60 විල්පත්තුවට

නිමල් Saturday, 20 July 2013 06:36 PM

කොටි මදිවට අලිත්...දෙයිනේ..(අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 20 July 2013 06:48 PM

අලි වැටවල් කඩන හැටි අලි හොඳට දන්නවා මහත්තයෝ ! (අ)

:       0       0

සමන්ත Sunday, 21 July 2013 09:20 AM

ලෝකේ සමහර මහා ලොකු රටවල් තියෙනවා, නමුත් අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් එයාලට නැහැ. අපි අපිට තියෙන ටික කොහොම හරි පරිස්සම් කර ගන්න බලමු (නි)

:       0       0

මොහමඩ් Sunday, 21 July 2013 09:23 AM

එකපාරකුත් ලක්ෂ ගානක් වියදම් කරලා අලි පැන්නුවා. වැඩක් වුනේ නැහැ. දේශපාලුවෝ රක්ෂිත පාලු කරනකොට අලි ගම්මානයට එන එක වළක්වන්න බැහැ. තව ටික කාලෙකින් අලි දකින්න බැරිවේවි, ඔක්කොම මරලා තියේවි (නි)

:       0       0

සුජීව Saturday, 20 July 2013 07:15 PM

අලියෙක් ගහලා මිනිහෙක් මැරුනම උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට අලි වැට හදලා දෙන්න හදනකොට ඇයි ඇවිත් පොඩි උදවුවක් කරන්න බැරි. මේ උද්ඝෝෂණ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කරන ඒවා කියලා ඒකෙන් පැහැදිළි වෙනවා..(අ).

:       0       0

හාරූන් අන්සාර් Saturday, 20 July 2013 08:25 PM

මීටත් වැඩිය ලොකු මෙහෙයුමක් දියත් කරලා අනෙක් මහා අලි ටිකත් පන්නලා දාමුකෝ (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Monday, 22 July 2013 01:31 PM

සතුන්ට අයිති ඉඩකඩම් අපේ මිනිස්සු අයිති කරගෙන, දැන් සතුන්ව එලවනවා. (ස)

:       0       0

ගාමිණී-සිරි Saturday, 20 July 2013 09:14 PM

අලියෙක් මැරුණත් ,මුවෙක්,ගෝනෙක් මැරුණත්,දඩයක්කාරයෙක් දඩයමක් කලත්,රක්ෂිතවල දැව ජාවාරම් කලත්,ගංජා හේන් ඇල්ලුවත් නිකරුනේ බැනුම් අහන්නේ හැම දාම වනජීවී නිලධාරීන් , ලංකාවේ හෙක්ටයාර් ගණනාවක් සුළු පිරිසකට රැකීමට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීමේදී රජයකටත් ඔලුව උස්සන්න බැරි තරම්.රක්ෂිත ,අභයභුමී ,මායිම් ගම්මාන වල ජනතාවද සහයෝගයක් දීම වටිනවා.අලියෙක් ගහලා මිනිසෙක් මැරුවත්,හක්ක පටස් කාල අලියෙක් මිය ගියත්,දෙපාර්ශවයේම ජීවිත...ශෝචනීය පුවත් හා පින්තුර ,දකින අපේ දෙනෙත් කඳුලින් පිරෙනවා සත්තකින්ම.අකල් මරණ වලට ගොදුරුවන ,කෑම සොයා ගම් වදින අලින් , අභය භූමිවලට යවා හෝ ජාතික සම්පත් ආරක්ෂා කිරීමට උත්සාහ ගත් සිලුම නිලධාරීන්ට පින්සිදු ...වෙවා! (අ)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 08:12 AM

අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා (නි)

:       0       0

හේමන්ත Saturday, 20 July 2013 09:41 PM

ගාමිණි ඔබගේ අදහස් මගේ ද අදහස් වේ ඔබට ස්තුතියි. (අ)

:       0       0

මනුක Saturday, 20 July 2013 09:58 PM

වැටවල් කඩන අලි ඉන්නේ පිට බැද්දර වෙන්න ඇති රජා මහත්තයෝ (අ)

:       0       0

ගාමිණී-සිරි Saturday, 20 July 2013 10:56 PM

පිටබැද්දර මල්ලී කියන කතාවත් ඇත්ත.විදුලි සැර වදිනවාට අලි කරන්නේ වේලිච්ච කඳක් කම්බිය මත තබා කඩා දමා එහා පැත්තට යන එකයි.ඔය සතුන්ට ඉව තියෙනවා.පලවා හැරිය සතුන් ආපසු එනවා තමුන්ගේ සුපුරුදු පරිසරයට..එය වලක්වන්න අමාරුවෙයි.සුනාමි වෙලාවේ යාල සතුන් මරුනේ නැත්තේ වේලා සනින් ආරක්‍ෂිත ස්ථාන වලට ගිය නිසා...(අ)

:       0       0

රන්ජිත් Sunday, 21 July 2013 12:03 AM

ඔය පන්නනේ අපේ රටේ ඉතිරිවෙලා තියෙන සම්පතක් හිංසා නොකර ආරක්ෂා කරන්න (අ)

:       0       0

ධම්ම Sunday, 21 July 2013 12:43 AM

හීලෑ කරගන්න බැරි අලි ඔක්කෝම විල්පත්තුවට පන්නා දාමු. (නදී)

:       0       0

රූපා Monday, 22 July 2013 10:15 PM

සතුන්ට අයිති ඉඩකඩම් අපේ මිනිස්සු අයිති කරගෙන දැන් සතුන්ව එලවන්න සිවිල් ආරක්ෂක බලකාය, යුද හමුදාව, වනජිවි නිලධරයන්.මෙය හරිද. (අ)

:       0       0

උපාලි Sunday, 21 July 2013 03:32 AM

සුජීව කියන දේ මටත් හිතෙනවා. පාරට බැහැල උද්ඝෝෂණය කරන, නිලධාරීන්ට පහරදෙන මේ මිනිස්සු දැන් මොකද අහක බලාගෙන ඉන්නේ. දන්නවනේ අර ප්‍රාදේශීය ලේකම්ට ගහපු සිද්ධිය. පිටිපස්සේ හිටියේ වැලි බිස්නස් කරන දේශපාලන නගුටෙක්. (නදී)

:       0       0

චන්දි Sunday, 21 July 2013 04:31 AM

ස්වභාවධර්මයට එරෙහි නොවන්න , අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න , ස්වභාව ධර්මයා විසින් සර්ව සාධාරණ විසදුමක් ලගදීම ලැබෙනු ඇත. එදාට එය හොද උනත් නරක උනත් අපට පිළිගැනීමට සිදුවෙනු ඇත. මෙත් සිත් වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2305 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1511 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2299 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3201 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site