පුත්තලමේ ගම් දනව් රැසකට අලාභ හානි කළ වල් අලින් තබ්බෝව හරහා විල්පත්තුවට එලවීමේ මෙහෙයුමේ සිව්වන දිනයට අද (20) වනවිට අඩුම ගණනේ අලි 60 දෙනකු පමණ විල්පත්තුවට පන්නා දැමූ බව වනජිවි නිලධරයෝ කියති. දින 20 මේ මෙහෙයුමට සිවිල් ආරක්ෂක බලකාය, යුද හමුදාව, වනජිවි නිලධරයන්ට සහාය වෙති. එහෙත් ගැමියන්ගේ සහාය ඉතා අල්ප බව වනජිවි නිලධරයෝ පවසති. අලින් විල්පත්තුවට යවා අලිවැට අළුත්වැඩියා කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පන්නනේ අපේ රටේ ඉතිරිවෙලා තියෙන සම්පතක් හිංසා නොකර ආරක්ෂා කරන්න (අ)
අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා (නි)
සතුන්ට අයිති ඉඩකඩම් අපේ මිනිස්සු අයිති කරගෙන දැන් සතුන්ව එලවන්න සිවිල් ආරක්ෂක බලකාය, යුද හමුදාව, වනජිවි නිලධරයන්.මෙය හරිද. (අ)
සතුන්ට අයිති ඉඩකඩම් අපේ මිනිස්සු අයිති කරගෙන, දැන් සතුන්ව එලවනවා. (ස)
එකපාරකුත් ලක්ෂ ගානක් වියදම් කරලා අලි පැන්නුවා. වැඩක් වුනේ නැහැ. දේශපාලුවෝ රක්ෂිත පාලු කරනකොට අලි ගම්මානයට එන එක වළක්වන්න බැහැ. තව ටික කාලෙකින් අලි දකින්න බැරිවේවි, ඔක්කොම මරලා තියේවි (නි)
ලෝකේ සමහර මහා ලොකු රටවල් තියෙනවා, නමුත් අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් එයාලට නැහැ. අපි අපිට තියෙන ටික කොහොම හරි පරිස්සම් කර ගන්න බලමු (නි)
ස්වභාවධර්මයට එරෙහි නොවන්න , අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න , ස්වභාව ධර්මයා විසින් සර්ව සාධාරණ විසදුමක් ලගදීම ලැබෙනු ඇත. එදාට එය හොද උනත් නරක උනත් අපට පිළිගැනීමට සිදුවෙනු ඇත. මෙත් සිත් වේවා!(නදී)
සුජීව කියන දේ මටත් හිතෙනවා. පාරට බැහැල උද්ඝෝෂණය කරන, නිලධාරීන්ට පහරදෙන මේ මිනිස්සු දැන් මොකද අහක බලාගෙන ඉන්නේ. දන්නවනේ අර ප්‍රාදේශීය ලේකම්ට ගහපු සිද්ධිය. පිටිපස්සේ හිටියේ වැලි බිස්නස් කරන දේශපාලන නගුටෙක්. (නදී)
හීලෑ කරගන්න බැරි අලි ඔක්කෝම විල්පත්තුවට පන්නා දාමු. (නදී)
කොටි මදිවට අලිත්...දෙයිනේ..(අ)
පිටබැද්දර මල්ලී කියන කතාවත් ඇත්ත.විදුලි සැර වදිනවාට අලි කරන්නේ වේලිච්ච කඳක් කම්බිය මත තබා කඩා දමා එහා පැත්තට යන එකයි.ඔය සතුන්ට ඉව තියෙනවා.පලවා හැරිය සතුන් ආපසු එනවා තමුන්ගේ සුපුරුදු පරිසරයට..එය වලක්වන්න අමාරුවෙයි.සුනාමි වෙලාවේ යාල සතුන් මරුනේ නැත්තේ වේලා සනින් ආරක්‍ෂිත ස්ථාන වලට ගිය නිසා...(අ)
වැටවල් කඩන අලි ඉන්නේ පිට බැද්දර වෙන්න ඇති රජා මහත්තයෝ (අ)
ගාමිණි ඔබගේ අදහස් මගේ ද අදහස් වේ ඔබට ස්තුතියි. (අ)
අලියෙක් මැරුණත් ,මුවෙක්,ගෝනෙක් මැරුණත්,දඩයක්කාරයෙක් දඩයමක් කලත්,රක්ෂිතවල දැව ජාවාරම් කලත්,ගංජා හේන් ඇල්ලුවත් නිකරුනේ බැනුම් අහන්නේ හැම දාම වනජීවී නිලධාරීන් , ලංකාවේ හෙක්ටයාර් ගණනාවක් සුළු පිරිසකට රැකීමට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීමේදී රජයකටත් ඔලුව උස්සන්න බැරි තරම්.රක්ෂිත ,අභයභුමී ,මායිම් ගම්මාන වල ජනතාවද සහයෝගයක් දීම වටිනවා.අලියෙක් ගහලා මිනිසෙක් මැරුවත්,හක්ක පටස් කාල අලියෙක් මිය ගියත්,දෙපාර්ශවයේම ජීවිත...ශෝචනීය පුවත් හා පින්තුර ,දකින අපේ දෙනෙත් කඳුලින් පිරෙනවා සත්තකින්ම.අකල් මරණ වලට ගොදුරුවන ,කෑම සොයා ගම් වදින අලින් , අභය භූමිවලට යවා හෝ ජාතික සම්පත් ආරක්ෂා කිරීමට උත්සාහ ගත් සිලුම නිලධාරීන්ට පින්සිදු ...වෙවා! (අ)
මීටත් වැඩිය ලොකු මෙහෙයුමක් දියත් කරලා අනෙක් මහා අලි ටිකත් පන්නලා දාමුකෝ (නි)
අලියෙක් ගහලා මිනිහෙක් මැරුනම උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට අලි වැට හදලා දෙන්න හදනකොට ඇයි ඇවිත් පොඩි උදවුවක් කරන්න බැරි. මේ උද්ඝෝෂණ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කරන ඒවා කියලා ඒකෙන් පැහැදිළි වෙනවා..(අ).
අලි වැටවල් කඩන හැටි අලි හොඳට දන්නවා මහත්තයෝ ! (අ)