පුත්තලම පරණ මන්නාරම පාරේ පෞද්ගලික ලුණු ලේවායන්හි නිෂ්පාදනය මේ දිනවල ලුණු එකතු කෙරේ.
පුත්තලම අවට හා ඒ ප්‍රදේශවලට පවතින දැඩි හිරු රැස් මහජනයාට හිරිහැරයක් වුවත් ලුණු නිෂ්පාදනයට එය බෙහෙවින් හිතරක බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාන්‍යාධිකාරී බී එම් හයිසාමි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුනු රස තමයි නැතුවම බැරි රස.(නදී)
අපේ රටේ කොටසක් සුපර් ස්ටාර්ලා වෙද්දි තව කොටසක් ජීවත් වෙන්න කොච්චර දුකක් විදිනවද? (නි)
අපේ රට තව තවත් දියුණු වේවා ! (නි)
සිංහල මිනිස්සු කොච්චර දුක් විදිනවද? (නි)
පිටරටින් ලංකාවට ලුණු ආනයනය කරනවා නේද ?? (ස)
සෙන්තිල්, ඔයා ඇයි තමිල්නාඩුවටම යන්නේ නැත්තේ ? (ස)
හෙට අනිද්දට ලුණු විතරයි කන්න වෙන්නේ. (දී)
හිතවත් ලංකාදීප, අප කාගේත් දැනගැනීම පිණිස ඔය ලුණු සාදන හැටි අපට විස්තර කරලා දෙන්න කෝ. විශේෂයෙන්ම පාසල් ළමුන්ට වැදගත්. හම්බන්තොට ලේවාය සමහර දින වලට රෝස පාටට පේනවා.අමතර නිෂ්පාදනයක් ලෙස සුරතල් මසුන් ට කන්න දෙන "ඇටි " කියන දෙයත් විකුණන තියෙනවා (දී)
මීට වැඩිය ටිකක් පිරිසිදුව මේක කරන්න බැරිද? (දී)
මෙච්චර ලුණු කන්ඩද?(දී)
ජය වේවා අපේ ලුණු කර්මාන්තයට! (නි)
ලුනුවල ඝනත්වය ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් 2.16යි. එහෙම බලනකොට මේ අහිංසකයෝ උස්සාගෙන යන කොට්ට වල බර කිලෝ කීයක් වෙනවා ඇද්ද? (නි)
ඉස්සර අපි භුගෝලේ ඉගෙනගන්නකොට ටීචර් කිව්වේ ළමයිනේ හම්බන්තොටයි, පුත්තලමෙයි තමයි ලුණු හදන්නේ කියලා. දැන් හම්බන්තොට දියුණු හින්දා පුත්තලමේ ලුණු ටිකවත් රැකගන්න වෙයි. නැත්නම් පුත්තලම හැමදාම අර සත්තු ජාතිය ගැන විතරක් ප්‍රසිද්ධ වෙවී තියෙයි. (නි)
ඔව් ඉතින් ලංකාවේ වෙන මොන නිෂ්පාදනයක්ද හරියට තියෙන්නේ? ලුණු කියන ජාතිය කාටත් නිපදවිය හැකියි.පුලුවන්නම් මේකත් අපේ අය පිටරටකින් ආනයනය කරයි (නි)
මේ රටට අවශ්‍ය ලුණු වලින් සියයට කියකද අපේ රටේ නිපදවන්නේ? මම දන්නා හැටියට 25% වැනි ප්‍රමාණයක් (නි)
ප්‍රශ්නයක් තියෙන්නේ ඔය තැන්වල ලුණු තොග මිල ඉතා අඩුයි. නමුත් වෙලදපොලේ මිල ඒ වගේ 5 ගුණයක් වෙනවා. මේ අහිංසක මිනිසුන් නොව අතර මැදියන් තමයි ලබා ගන්නේ (අ)
කට්ට අව්වේ මහන්සියෙන් වැඩකරන මේ අහිංසක ජනතාවට හොඳ පාවහන් සැපයීම පිනක්. ලුණු වලට කකුල් තැම්බෙනවා. ඒත් ජීවත් වෙන්න වෙන මහන්සියක්.(නදී)
හිරු රශ්මියෙන් දැවී ලුණු මුට්ට කරගහගෙන ජීවිතය ජයගන්න වෙහෙසෙන සහෝදර ජනතාවගේ වැටෙන දහදිය ඔවුන්ට ආශිර්වාදයක් වේවා! (නි)
ලුණු අස්වැන්නත් හොදවෙලා තිබෙන එකේ , ලුණුයි , බතුයි කාලා ඉදිමුද ලෝකෙට ණය නොවී. (නි)
බඩ පැලෙන්න ලුණු කන්න පුළුවන් (අ)