පුත්තලම පෞද්ගලික මුල්‍ය ආයතනයේ සේප්පුවෙන් සොරා ගන්නා ලැදැයි කියන රුපියල් ලක්ෂ 23 න් 18 ක් ම සොයාගත් බව පොලීසිය කියයි.
සමාගමේ සියළු සේවකයන්ගෙන් ප්‍රශ්න කළ පොලීසිය සමාගමේ සේප්පුවේ යතුරු බාරව සිටි දෙදෙනාගෙන් කෙනෙකු වන අයකැමිද පොලීසියට කැඳවා ප්‍රශ්න කර ඇත.එම ආයතනයේ සිසිටිවී ආරක්ෂක කැමරා ක්‍රියා විරහිත කැර සේප්පුව විවෘත කැර ඇති බව පොලීසිය කියයි.
ඉතිරි රුපියල් පන් ලක්ෂය සෙවීමට පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟහිඟකම් තමා ඉතින් කාට කාටත් තියෙන්නේ. (ස)
ඔන්න බලන්න මේ මිනිස්සුන්ගේ වැඩ අයකැමි ඔහොම නම් අනෙක් අය ගැන කවර කතාද ?(දිල්)
අලි බබා සහ හොරු හතලිහ. (ස)
රැකියාවට ගිහින් සොරකම් කිරීමේ අලුත් සොයාගැනීමක් , සුබ පැතුම්, (ස)
අපේ පොලිසියෙ ඉන්නේ විශේඥයෝ. (ස)
කුඩු බොන්න අරක්කු බොන්න දරුවන්ට කන්න බොන්න දෙන්න ඔය අරම්භය වගේ (අ)
සංජීව හොරා අයකැමි ද කියලා හරියටම කියන්න බැහැ. ඒ මොකද සේප්පුවේ මුදල් වලට වගකීම කෙලින්ම එයා අත නිසා. දැන දැන අහුවෙන්න හොරකම් කරනවා කියලා හිතන්න අමාරුයි. මේක දෙතුන් දෙනෙකුගේ හවුලකින් කරපු දෙයක් කියලා මට හිතෙන්නේ.(නදී)
සාමාන්‍යයෙන් බැංකු වල නම් ප්‍රධාන මුදල් සේප්පුවට ටයිම් ලොක් දානවා. ඒ වෙලාවට ඇරෙන්න කාටවත් එ්ක අරින්න බැහැ. යතුරු දාලා අරින්න හැදුවත්. ටයිම් ලොක් වෙලාව රහසිගතව තමා යොදන්නේ. සාමාන්‍යයෙන් මෙය මුදල් භාර ප්‍රධාන නිලධාරියා සහ කළමනාකරු මිසක් සෙසු අයට දැන ගන්න කියන්නේ නැහැ. ඒ නිසා මේ වගේ හොරකමක් සාමුහික ප්‍රයත්නයකින් ඇරෙන්න තනි කෙනෙකුට කරන්න අමාරුයි.(නදී)
අපි හිතුවේ නැහැ ඔහොම කරයි කියලා.(නදී)
එ්ක තමා මම ඊයේ කිව්වේ සිසි කෝ කියලා.(නදී)
අනේ මන්දා අද වෙන දේවල්! (නි)
දැන් මිනිස්සු දන්නවා සීසීටීවී කැමරා ගැන (නි)
වැඩි හරියක් සොරකම් මංකොල්ල කෑම් වලට ඇතුලේ සම්බන්ධ කම් කෙලින්ම හෝ වක්‍රව තියෙනවා. අඳුරේ අත පත නොගා කෙලින්ම පරීක්ෂණ පටන් ගන්න ඕන ඇතුලෙන්. සොයන්නාට තිබුනොත් සම්භ වේ.(ස)