(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් "පෙතියාගොඩ සංඛ" නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය
එම සැකකරුවන් සමඟ ටි 54 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සහ ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත
පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව පෙතියාගොඩ සංඛ නමැත්තා මුල්ලේරියාව නවනගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අපරාධ සඳහා යොදා ගත් ගිනි අවිය පරකඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට ලබාදී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
එම ගිනි අවියත් රැගෙන ත්‍රීරෝද රථයකින් සැකකරුවන් දෙදෙනා ඇහැලියගොඩ රත්නපුර මාර්ගයේ ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී ගල් පුස්සැල්ල වතුයාය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 40 අතර පසුවන්නේය
සැකකරුවන් තිදෙනා ම වැඩිදුර විමර්ශන සඳහා ඇහැලියගොඩ පොලිසියට භාර දී ඇත
විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී පොජ්ජ පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ එස් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙතියාගොඩ සංක ගිනි අවියක් සමඟ අත්අඩංගුවට